මොහොතක්_සිතන්න..
මචන්ලා මම අද රාජකාරි කටුත්තක් සදහා පුත්තලමට ගියා. මම බයික් එකේ තමා ගියේ. මම ගිහිල්ල එනකොට බයික් එකේ පැච් එකක් ගියා. ඒ ගමේ ගොඩක් ඉන්නේ මුස්ලිම් කට්ටිය. අද සිකුරාදා හින්ද ගොඩක් කඩ වහල. මම 4km විතර පයින් ඇවිද්ද වින්කලයක් හොයා ගන්න. පස්සේ එක මනුස්සයෙක් මට කිව්වා මල්ලි ඔය ඉස්සරහ ඉන්නවා එක මනුස්සයෙක් එයා විතරයි ඉන්නේ බයික් එක හදාගන්න කියල. කොහොමහරි මම එතනට ගියා. ඇත්තටම එතන වින්කලයක් කිව්වට. නිකන්ම මිදුලක කොට කැලි වගයක් විතරයි තිබ්බේ. ගෙදර නිකන් මඩුවක් වගේ. මම ගේ ගාවට ගිහින් කතා කළා . එතකොට බිත්තියක් අල්ලාගෙන වයසක මනුස්සයෙක් ආව. ඒ මනුස්සයාගේ ඇස් දෙකම පෙන්නේ නෑ. මොකද මහත්තයෝ කියල මගෙන් ඇහුව. මම කිව්වා බයික් එකේ පැච් එක දාගන්න පුලුවන්ද කියල. පුළුවන් මහත්තයෝ කියල ඔහු ඇතුලට ගිහින් එලියට අවේ නියන් වගයකුයි තව බඩු වගයක් අරගෙන. ඇත්තම කියනවනම් යාලුවනේ ඇස් පේන මනුස්සයෙකුට වඩා ඉක්මනට ඔහු පැච් එක දැම්ම. පැච් එක දාල මහත්තයෝ ඔය පොම්පේ අරගෙන 40 ක් හුලන් ගහන්න කිව්වා. එකේ මීටරේ හරියට පේන්නෙත් නෑ. මම දිගටම හුලන් ගැහුවා.. ඔහු ටයර් එකට තට්ටුවක් දාල කිව්වා මහත්තයෝ දැන් 30 ක් විතර වැදිලා තියෙන්නේ තව 10 ක් විතර ගහන්න කියල. මම නිකමට මීටරේ දිහා බැලුව හරියටම 30 යි. මම තව ටිකක් හුලන් ගැහුවා. දැන්නම් ඇති මහත්තයෝ කිව්වා. මම මීටරේ බලද්දී හරියටම 40 යි.
බලන්න යාලුවනේ ඇස් පේන අපිට වඩා කොච්චර සංවේදී කමක් ඔහුට තියෙනවද කියල..
බයික් එක තල්ලු කරලා හොදටම මහන්සි නිසා මම ඔහුගෙන් වතුර ටිකක් ඉල්ලුව. වතුර බොන අතරේ ඔහුත් එක්ක ඇතිඋන සංවාදයයි මේ.
මම:- බාසුඋන්නැහේ ගොඩක් කල්ද මේ වින්කලේ දාල?
ඔහු:- මේ මගේ දෑතේ රස්සාව මහත්තයෝ.
මම:- එතකොට ඇස් පෙන්නේ නැතුව ගොඩක් කල්ද ?
ඔහු:- අනේ මහත්තයෝ මම උපන්දා ඉදන්ම මගේ ඇස් පෙන්නේ නෑ.
මම:- බාසුඋන්නැහේට දරුවෝ එහෙම ඉන්නවද?
ඔහු:- දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මහත්තයෝ තුන් දෙනාම ඉස්කෝලේ යනවා ලොකු කෙලි A/L කරන්නේ. මගේ ගැනිත් නැතුව මම උන් තුන්දෙනවා හදා ගන්නේ බොහොම අමාරුවෙන් මහත්තයෝ. මේ රස්සාවෙන් දවසට රුපියල් එකසිය පනහක් දෙසීයක් විතර තමා හම්බ වෙන්නේ ඒ සොච්චමෙන් තමා මහත්තයෝ දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යවල කන්නත් ඕන. කනවා කිව්වට ගොඩක් වෙලාවට නොකා තමා ඉන්නේ...
බලන්න යාලුවනේ ජිවිත කාලයටම එළියක් නොදැකපු ඔහු තමනේ ජීවිතය ගෙනියන්න විදින දුක..
මම මේ කතාව ඔයාලට කියන්න අදහස් කලේ ඔයාල තමන්ගේ පරශ්න වලදී ගොඩක් මානසිකව වැටෙනවා. මට මේක කරන්න බෑ. මට කවදත් දියුනු වෙන්න බෑ. ඔය වගේ දුර්වල අදහස් තමා හිතේ තියන් ඉන්නේ. බලන්න මේ කතාවේ අන්ද මනුස්සය ඔහු තමන්ගේ ජීවිතය ගෙනයන්න කොපමණ උත්සහයක් දරනවද. ඒ වගේම ඔයාලටත් පුළුවන් ජීවිතය ජය ගන්න. ලෝකය දකින්න ඇස් දෙකක් තියෙනවනම්. හිතන්න මොලයක් තියෙනවනම්. වැඩ කරන්න අතපය හතර තියෙනවනම්. මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ මගේ යාලුවනේ.. ඕන තමන්ගේ අදිෂ්ටානය විතරයි. මම දැකල තියෙනවා එළකිරි එකේ ගොඩක් යාලුවෝ ආදරය පරහ්න වලදී ගොඩක් මානසිකව වැටෙනවා. මම කියන්නේ ආදරය කියන්නේ ජිවිතයට අවශ්‍ය එක දෙයක් විතරයි. තමන්ගේ ආදරය නැති උනා කියල. ආදරය කරපු කෙල්ල බෑ කිව්වා කියල තමාගේ ජීවිතය කාලකන්නි කර ගන්න ඕනේ නෑ. අපිට තව ඉලක්ක තියෙනවා අපි ඒවා ජය ගන්න ඕන. ඒ වගේම තමා සල්ලි. තමාගේ උත්සාහය තියෙනවනම් සල්ලි කියනදේ මහා ලොකු දෙයක් නෙවේ. ඔයාල අහල ඇති මිකුණක් විකුණලා දීයුනු වෙච්ච සිටුවරයෙක් ගැන. අන්න ඒ වගේ තමන්ගේ උත්සාහය සහ කැපවීම තියෙනවනම් සල්ලි කියනදේ ලබා ගන්න කිසි අමාරුවක් නෑ. හැබැයි යාලුවනේ (සල්ලි කියන්නේ ජීවිතය නෙවේ. ජීවිතය කියන්නේ සල්ලි නෙවේ )
ත්‍රෙඩ් එකේ වටිනාකමක් තියෙනවා කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...