මොළය වර්ධනය කරන විශ්මිත ගුණ ඇති මෝර තෙල්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    මොළය වර්ධනය කරන විශ්මිත ගුණ ඇති මෝර තෙල්

    මොළය වර්ධනය කරන ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන විශ්මිත මාළු තෙල්
     
    Last edited:

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    :confused::confused::confused:ඕනාවට වැඩිය ගන්න හොඳ නෑ කියලා තියෙනwa.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    gedara okkoma,mama ganne Seven seas Codliver oil eka.meka godak hodai,UK ekak.gedara bawwatath denawa.uge myile godak hallenna patan gaththa,meka dunnama hari giya.meka skin ekata godak hodai.



    22.jpg




    23.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :confused::confused::confused:ඕනාවට වැඩිය ගන්න හොඳ නෑ කියලා තියෙනwa.


    Seven seas cod eke ehema awulak naha.mama hamadama rata/ude ekak bonawa.Gastritis, wena leda thiyanawa num pharmacy/Doc gen ahala balala ganna ona.masyak,dekak digatama aragena nawathla apahu ganna puluwan.:yes:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    Seven seas cod eke ehema awulak naha.mama hamadama rata/ude ekak bonawa.Gastritis, wena leda thiyanawa num pharmacy/Doc gen ahala balala ganna ona.masyak,dekak digatama aragena nawathla apahu ganna puluwan.:yes:


    මගේ කොලොස්ටරෝල් අවුලක් කියලා මට බොන්න දුන්නා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    හදවතට ගුණදෙන මාළු

    මාළු යනු ඉතා ගුණදයී මාංශ ආහාරයකි. මාළු ග්‍රෑම් 100 කින් ලැබෙන මේදය සහ ප්‍රොaටීන් ප්‍රමාණය එළවළුවලින් ලබාගන්න යම් අයකු උත්සාහ ගන්නේ නම් ඒ සඳහා එක්‌ ආහාර වේලකට එළවළු කිලෝග්‍රෑම් එකක්‌වත් ආහාරයට ගත යුතුයි. එය ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තකි.

    ලෝකයේ වැඩිම මත්ස්‍ය පරිභෝජනයක්‌ ඇත්තේ ග්‍රීන්ලන්ත එස්‌කිමෝවරුන් අතරය. හිමෙන් වැසුණු එම දේශයෙහි ජනතාවගේ ප්‍රධාන ආහාරය මුහුදු මාළුය. හෘද රෝග අඩුවෙන්ම පවතින්නේ ද ඔවුනටය. ලෝක ජනතාවගේ වාර්ෂික මත්ස්‍යය පරිභෝජනය කිලෝග්‍රෑම් 21 ක්‌ ලෙස ගණනය කර තිබේ. අප රට වටේටම මුහුද ඇතත් ශ්‍රී ලාංකික ජනතාවගේ වාර්ෂික මත්ස්‍යය පරිභෝජනය පවතින්නේ කිලෝග්‍රෑම් 15 ක ප්‍රමාණයකි. කඳුකර ප්‍රදේශයේ ජනතාවගේ මත්ස්‍යය පරිභෝජනය පවතින්නේ කිලෝග්‍රෑම් 10 ක්‌ පමණ අගයකිනි.

    අපි මාළු කන්නෙ නැහැ......අපි නිර්මාංශයි. (Vegetarian) සමහරු පවසති. නමුත් මාළු පෝෂ්‍යදායී ආහාරයක්‌ පමණක්‌ නොව හෘදය වස්‌තුවට ද හිතකර ආහාරයකි.

    ගැඹුරු මුහුදේ ජීවත්වන මත්ස්‍යයන්ගේ බහුලව ඇත්තේ අසංතෘප්ත මේදය බැවින් එවැනි මාළු වර්ග දිනපතා ආහාරයට ගැනීම ශරීරයට අහිතකර නැත.

    විශේෂයෙන්ම මැකරල්, සාඩින්, හෙරිං, බල, සැමන්, හුරුල්ලා, සාලයා වැනි මාළු වර්ගවල ශරීරයට හිතකර මේදය බහුලව ඇත.

    මාළු සහ හෘද රෝග

    හෘද රෝග ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශරීරයට අහිතකර හෙවත් සංතෘප්ත මේදය රුධිර නාළ තුළ බහුලව තැන්පත් වීමය.

    බටර්, චීස්‌, ඌරු මස්‌, හරක්‌ මස්‌ ආදියෙහි මෙම සංතෘප්ත මේදය බහුලව අඩංගුය.

    ගැඹුරු මුහුදේ ජීවත් වන මසුන් ආහාරයට ගන්නේ මුහුදු පැළෑටිය.

    එම පැළෑටිවල ඔමේගා - 3 ගණයේ බහු අසංතෘප්ත මේදය නිපදවයි. මෙම පැළෑටි ආහාරයට ගන්නා මත්ස්‍යයන්ගේ ශරීරයේ මෙම ඔමේගා - 3 ගණයේ අසංතෘප්ත මේදය තැන්පත් වේ.

    අසංතෘප්ත මේදය යනු ශරීරයේ අන්තර් ජනිත කොලෙස්‌ට්‍රොaaල් අඩුකිරීම සඳහා උපකාරී වේ. මේදය ආහාරයට ගැනීමෙන් ශරීරයට අහිතකර සංතෘප්ත මේදය නිපදවීම පාලනය වේ.

    නමුත් මෙම අසංතෘප්ත මේදය සීමාව ඉක්‌මවා ආහාරය නොගත යුතුය. එය ශරීරයට අහිතකරය.

    ගැඹුරු මුහුදේ ජීවත්වන සැමන්, හෙරිං, මැකරල් සහ සාඩින් වැනි මාළු ශ්‍රී ලාංකික අප බහුලව ආහාරයට ගන්නේ ටින් මාළු ලෙසිනි.

    මෙම ටින් මාළු නිෂ්පාදනයේදී යොදන රසායන ද්‍රව්‍ය නිසා ඒවා වැඩිපුර ආහාරයට ගැනීම පිළිබඳව ගැටලුවක්‌ පවතී.

    එනිසා ශ්‍රී ලාංකික අපට වඩා හිතකර මාළු වර්ග වනුයේ සාලයා, හුරුල්ලා, බල වැනි මසුන්ය.

    මෝර මාළුවා ද ගැඹුරු මුහුදේ ජීවත්වන නිසා ඇතැම් දෙනා මෝර තෙල් සහ ගුලි නිතර ආහාරයට ගනිති. මෝර තෙල් නිපදවන්නේ මෝරාගේ අක්‌මාවෙනි. මෝර අක්‌මාවෙහි ජලයෙහි දිය නොවන විටමින් 'ඩී' සහ 'ඒ' බහුලව ඇත. එම විටමින් වර්ග ශරීරයට වැඩිපුර එක්‌වීමෙන් විෂ සහිත වේ. එනිසා හෘද රෝග නිවාරණයට මෝර තෙල් සහ ගුලි ගැනීම සුදුසු නැත.

    මුහුදු මාළු කෑම ගුණදායක වුව ද ඉස්‌සන්, පොකිරිස්‌සන්, කකුළුවන් වැඩිපුර ආහාරයට ගැනීම ගුණදායක නැත.

    මෙම මසුන්ගේ ශරීරයට හිතකර මේදය අඩුය. කොලෙස්‌ට්‍රොaල් ප්‍රමාණය අධිකය. එනිසා මාසයකට දෙවරක්‌ පමණ හැර නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත.


    p15-1.jpg
    මේ අනුව හෘදයවස්‌තුව නීරෝගීව තබාගෙන දිගුකල් ජීවත්වීම සඳහා අප වැඩිපුර ආහාරයට ගත යුත්තේ මස්‌ ද මාළු ද කියා දැන් යම් වැටහීමක්‌ අපට ලබාගත හැකිය.

    අපි කන්නේ තලපත්, තෝරා, මෝරා කියා උදම් අනන අයට වඩා සාලයා, හුරුල්ලා, බල මාළු ආහාරයට ගන්න අයගේ හදවත පමණක්‌ නොව සිය මුදල් පසුම්බිය ද ආරක්‌ෂා වන බව මේ අනුව වටහාගත හැකිය.

    උපදෙස්‌
    හෘද රෝග පිළිබඳ විශේෂඥ
    වෛද්‍ය රුවන් ඒකනායක