මෝටර් රථයක් කතා කරයි.......
මතකද අපි පොඩි කාලේ බලපු බෘම් (Brum) ?
කතා කරන කාර් එකක වීරක්‍රියා වටා ගොඩනැගුන ඒ අපූරු ළමා රූපවාහිනී කතා මාලාව බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ළමා වැඩසටහන් නිශ්පාදන ආයතනයක් වන Ragdoll Productions මගින් මුල්වරට 1991දී නිපදවූවක්.
කථාංග 78කින් සමන්විත වුන මේ කතා මාලාවට එක් එක් කාල වකවානු වලදී අධ්යක්ෂවරුන් හා රචකයන් කිහිප පොළක්ම එකතු උනත් එහි මුල් අධ්‍යක්ෂනය හා රචනය Tom Poole සතුයි. නිෂ්පාදනය කලේ Anne Wood.
ඒ වගේම මේ වැඩසටහනේ පොතේ ගුරා එහෙමත් නැත්නම් හඩ කවමින් කතාව විස්තර කලේ පළමුව Toyah Willcox නුත් ඉන් පසුව Tom Wrightනුත් විසින්.
පසු කලෙක එය ඇමරිකා එක්සත්ජනපදයේ Discovery Kids නැමති ළමයින් සදහා වෙන්වූ වෙබ් අඩවිය හරහාත් ප්‍රදර්ශනය කරා.
1920 අග භාගයේ දී නිශ්පාදනය කල Austin 7 "Chummy" වර්ගයට අයත් මෝටර් රථයක අනුපූරකයක් විදිහට නිර්මානය කරපු අපේ ආදරණීය බෘම් සතුව ඔහුටම ඔහුගේ මෝටර් රථය පණ ගන්වමින් පැදවීමේ හැකියාවත්, මෝටර් රථයේ දොරවල් හා බොනෙට්ටුව ඉබේ ඇරීමේ හා වැසීමේ හැකියාවත් තවත් එකී මෙකී නොකී හැකියාවන් සමූහයක් තිබුනා.
බෘම් නිහඩ චරිතයක්. පොතේ ගුරා හෙවත් කතාව විස්තර කරන්නා විසින් තිරයේ පිටුපස සිට කතාවට ජීවය දුන්නා. කතාවේ තිබුන සුන්දර බවත් ළමා සිත් ඇද ගැනීමට තිබුන හැකියාවත් නිසාම ලොව වටා රටවල් බහුතරයක විවිධ භාෂා වලින් මේ ළමා කතාව ප්‍රදර්ශනය කරා.
උදේ පාන්දරම කාටත් හොරා කෞතුකාගාරයෙන් පිටවෙන බෘම් නගරයට ගොස් කාටහෝ උදව් කරමින් වීර ක්‍රියාවක නිරත වෙලා හවස කෞතුකාගාරය වහන වෙලාවට ආපහු කාටත් හොරාම එනවා.
1991 සැප්තැම්බර් 26 වෙනිදා ඉදලා 2002 නොවැම්බර් 4 වෙනිදා වෙනකන් බ්‍රිතාන්‍ය තුල විකාශනය වුන බෘම් පුංචි අපි අතරටත් ආවා රූපවාහිනී මහගෙදර හරහා. ජාතිකරූපවාහිනියේ මාමා කෙනෙක් හඩ කවලා අපි අතරට ආපු බෘම්ට මම වගේම ඔයාලත් ගොඩාක් ආදරේ කරන්න ඇති.
බලන්න බෘම් ආස හිතෙයි ආයෙත්
බලලා නිකංම යන්න එපා. අපිටත් සලකලා යන්න....