මෝටර් රථ බැටරි
මෝටර් රථ බැටරි
(1 වන කොටස)
මෝටර් රථ සඳහා ලෙඩ් ඇසිඩ් බැටරි වසර 100 කට වැඩි කාලයක සිට වාණිජමය වශෙයන් භාවිතා කරන අතර බලශක්තිය ගබඩා කිරීම සඳහා භාවිතා කරන එකම රසායනික මූලධර්මය වන්නේ ද මෙයයි.
වර්තමානයේ බැටරි බලශක්ති අවශ්‍යතාව අති විශාලයි.අද පවතින මෝටර් රථ ගැන සලකා බැලුවොත් සියලු විදුලි සහ ඉලෙක්‍ට්‍රොක් උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා බලය අවශ්‍ය කරනවා.ඒ නිසා මෙම සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා විශ්වාසදායක මූලාශ්‍ර මගින් සැපයෙන බලයක් අවශ්‍යවන අතර දුර්වල බැටරි තත්වයක් නිසා මිල අධික ඉලෙක්ට්‍රොනික උපාංග අසාර්ථක වීම සිදුවිය හැකිය.
බැටරි වල සඳහන් කර ඇති දත්ත නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට තරමක් වෙනස් වන නිසා බැටරි තෝරාගැනීමේ දී සහ බැටරි පිලිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට මෙම කරැණු උදව් විය හැකිය.
ලෙඩ් ඇසිඩ් බැටරි ප්ලේට්,ලෙඩ්,ලෙඩ් ඔක්සයිඩ්(ඝනත්වය, තෙතමනය, සවිවරතාවය වෙනස් කිරීම සඳහා විවධ මූලද්‍රව්‍ය භාවිතා කරයි)සහ සල්ෆියුරික් ඇසිඩ්(H2sO4) 35% ප්‍රතිශතයක් සහ ආසෘත ජලය(H2o) 65% ක ප්‍රතිශතයක් අඩංගු ජලීය ද්‍රාවණයකින් සමන්විත වෙනවා.මෙම ද්‍රාවණය විද්‍යුත් විච්ඡේද්‍ය(electrolyte)ලෙසස හඳුන්වන අතර එය ඉලෙක්ට්‍රෝන නිපදවන රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරනවා.බැටරි හයිඩ්‍රෝමීටරයකින් බැටරි විශිෂ්ඨ ගුරැත්වය(Specific gravity)පරීක්ෂණය කරන විට,ඒ මගින් විද්‍යුත් විච්ඡේද්‍ය තුළ ඇති සල්ෆියුරික් අම්ලය ප්‍රමාණය මැන බැටරියේ ආරෝපණය තත්වය දැනගැනීමේ ද හැකියාව තියෙනවා.එහිදී හයිඩ්‍රෝමීටර් විශිෂ්ඨ ගුරැත්ව කියවීම අඩු නම් රසායනිකව ඉලෙක්ට්‍රෝන සෑදෙන ප්‍රමාණය අඩුවෙනවා.බැටරිය බැස යාමේදී විද්‍යුත් විච්ඡේද්‍ය තුල අඩංගු සලිෆියුරික් ඇසිඩ්,සල්ෆර් සහ ජලය බවට පත්වෙන අතර සල්ෆර් බැටරි ප්ලේට් මත තැන්පත්වීම සිදුවෙනවා.බැටරිය නැවත ආරෝපණය කරන විට බැටරි ප්ලේට් මත තැන්පත් වූ සල්ෆර් නැවත විද්‍යුත් විච්ඡේද්‍ය වෙත නැවත පැමිණීම සිදුවෙනවා.
මූලික වශයෙන් ලෙඩ් ඇසිඩ් බැටරි වර්ග දෙකක්(උප කාණ්ඩ තුනක් සහිතව)තියෙනවා.මූලික වර්ග දෙක වෙන්නේ SLI(starting lights ignition)බැටරි සහ ඩීප් සයිකල්(marine/golf cart)බැටරි කියන ඒවා.මෙම SLI බැටරි නිර්මාණය කරලා තියෙන්නේ ක්ෂණිකව එන්ජින් පණගැන්වීම සඳහා නිසා,එම බැටරි වල වැඩි තහඩු සංඛ්‍යාවක් අඩංගු වෙනවා.මේ නිසා මේ තහඩු තට්ටු තුනී ලෙස තරමක් වෙනස් ද්‍රව්‍යමය සංයුතියකින් සමන්විත වෙනවා.
ඩීප් සයිකල් බැටරි කියන ඒවා අඩු ක්ෂණික බල ශක්තියක් ලබාදෙන අතර SLI බැටරි වලට වඩා දිගු කාලයක් ඒකාකාර බලශක්තිය සැපයීමේ හැකියාව තියෙනවා.ඩීප් සයිකල් බැටරි සඳහා ඝණකම් අඩු තහඩු භාවිතා කරන නිසා විසර්ජන චක්‍ර(discharge cycles)ගණනාවකින් යුක්ත වෙනවා.ඩීප් සයිකල් බැටරි භාවිතා කරන යෙදුම්/උපාංග සඳහා SLI බැටරි භාවිතා නොකල යුතුවෙනවා.හේතුව බැටරි විසර්ජනය වන විට තුනී ප්ලේට් ඇඹරී විකෘති වීම සහ තහඩු මත කුඩා සිදුරැ ඇතිවීමයි.
වෙට් සෙල්(Wet Cell),ජෙල් සෙල්(gel cell)සහ ඇබ්සෝබ් ග්ලාස් මැට්(Absorbed Glass Mat-AGM)ලෙස ලෙඩ් ඇසිඩ් බැටරිවල විවිධ වර්ග 3 ක් තියෙනවා.මේ වෙට් සෙල් බැටරි වලත් නඩත්තු කල හැකි(serviceable)සහ නඩත්තු අනවශ්‍ය(maintenance free)බැටරි කියලා තවත් වර්ග දෙකක් තියෙනවා.
සාමාන්‍යයෙන් මෙම ජෙල් සෙල් සහ AGM කියන බැටරි සාමාන්‍ය වෙට් සෙල් බැටරියක් වගේ දෙගුණයක් තරම් අධික මිල වෙනවා.ඒ වගේම මේ බැටරි වර්ග වලට වඩාත් හොඳින් විදුලිය ගබඩා කර තබාගැනීමේ හැකියාව ඇති අතර සාමාන්‍ය වෙට් සෙල් බැටරි මෙන් පහසුවෙන් සල්ෆේට් බවට පත්වීම හෝ පිරිහීමට නැඹුරු නොවීමේ හැකියාවකින් ද යුක්තවෙනවා.
වෙට් සෙල් සහ AGM බැටරි භාවිතා කරන විට හයිඩ්‍රජන් ගෑස් පිපිරීම් ඇති වීමට හෝ විඛාදනයට ඇතිවීමට ඉතා කුඩා ඉඩකඩක් තියෙනවා.ඒ වගේම ජෙල් සෙල් සහ සමහර AGM බැටරි සඳහා විශේෂ ආරෝපණ අනුපාතයක් අවශ්‍ය විය හැකියි.
AGM බැටරි භාවිතා කරන උපකරණ දිනපතා භාවිතා කරන්නේ නැත්නම් හෝ ක්‍රියාත්මක කරවන්නේ නැත්නම් AGM බැටරි අනෙක් වර්ග වලට එ සඳහා වඩා වඩාත් සුදුසු වෙනවා.ඒ වගේම ඉහළම බැටරි කාර්‍ය්‍යය සාධනයක් අවශ්‍ය නම් අතිරේක මුදලක් මේ බැටරි සඳහා වැය කිරීම ඵලදායී වෙනවා.ජෙල් සෙල් බැටරි තවමත් විකිණීම සිදුකරන අතර බොහෝ උපකරණ/යෙදුම් සඳහා ඒ වෙනුවට AGM බැටරි යොදාගනිමින් පවතිනවා.
AGM බැටරි පිළිබඳ පොදු අවුල් සහගත තත්වයක් තියෙනවා.ඒතමයි විවිධ නිෂ්පාදකයන් විසින් ඔවුන්ගේ AGM බැටරි විවිධ නම් වලින් හැදින්වීම.මේ AGM බැටරි හැඳින්වීම සඳහා භාවිතාකරණ වඩාත් පොදු නම් ලෙස sealed regulated valve, dry cell, non spillable සහ valve-regulated lead acid හඳුන්වන්න පුලුවන්.බොහෝ අවස්ථාවලදී AGM බැටරි වෙට් සෙල් බැටරි වලට වඩා වැඩි ආයු කාලයක් සමග වඩා හොඳ චක්‍ර කාලයක් ලබාදීමේ හැකියාව තියෙනවා.
• AGM බැටරි
මෙම බැටරිවල ඇබ්සෝර්බ් ග්ලාස් මැට් ගොඩනගා ඇති ආකාරය අනුව ක්‍රියාකාරී ද්‍රව්‍ය සමඟ සමීපව විද්‍යුත් ඛණ්ඩ ඇතිවීම වලක්වනු ලබනවා.න්‍යායට අනුව මෙය විසර්ජන සහ ප්‍රතිචක්‍රීකරණ කාර්‍ය්‍යයක්ෂමතාව වැඩි දියුණු කරනවා.සාමාන්‍යයෙන් AGM බැටරි ඉහළ ක්‍රියාකාරී එන්ජින් පණගැන්වීමට,පවර් ස්පෝර්ට්ස්,ඩීප් සයිකල්,සෝර්ලා සහ සෝර්ලා විදුලිය ගබඩා කිරීම් සඳහා භාවිතා කරනවා.විශාල AGM බැටරි සාමාන්‍යයෙන් හොඳ ඩීප් සයිකල් බැටරි වන අතර ඒවායේ ආරෝපණ තත්වය 50% ක ප්‍රතිශතයට වඩා පහත වැටීමට ඉඩ හැරීමට පෙර නැවත ආරෝපණය කළ හොත් ඒවායෙහි උපරිම ආයු කාල සමග වඩා හොඳ කාර්‍ය්‍යයක්ෂමතාවයක් ලබාදෙනවා.
• ජෙල් සෙල් බැටරි
ජෙල් සෙල් බැටරි AGM බැටරි ශෛලියට සමාන කමක් දක්වන අතර තාක්ෂණිකව AGM බැටරිය තවමත් වෙට් සෙල් බැටරි ලෙස සලකනු ලබනවා.ජෙල් සෙල් බැටරි වල ඇති විද්‍යුත් විච්ඡේද්‍ය මූලද්‍රව්‍ය සිලිකන් සංකලන සවිවර වීමට හෝ දැඩි කිරීමට මගින පවත්වාගෙන යනවා.මෙම වර්ගයේ බැටරි වල ආරෝපණ වෝල්ටීයතාව අනෙකුත් ලෙඩ් ඇසිඩ් බැටරි වලට වඩා අඩු වන අතර වඩාත් සංවේදී ජෙල් සෙල් බැටරි අධි-වෝල්ටීයතා ආරෝපණය නිසා අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකිය.මෙම ජෙල් සෙල් බැටරි වඩාත් ඩීප් සයිකල් උපකරණ/යෙදීම සඳහා වඩාත් සුදුසු වන අතර උණුසුම් කාලගුණ තත්වයන් වලදී දිගු කාලයක් බැටරි බලය පැවතිය හැකිය.වැරදි බැටරි චාජර් භාවිතා කිරීමෙන් ජෙල් සෙල් බැටරි වල දුර්වල කාර්‍ය්‍යසාධනයක් ඇති විය හැකි අතර ඒ හේතුවෙන් නිසැකවම අකාලයේ බැටරිය අසමත්වීම ද සිදුවෙනවා.
• CCA, CA, AH සහ RC
බැටරියක සඳහන් වන CCA, CA, AH සහ RC කියන්නේ බොහෝ බැටරි සමාගම් බැටරියේ නිමැවුම හා ධාරිතාව අනුපාතගත කිරීමට භාවිතා කරන ප්‍රමිතීන්.
• කෝල්ඩ් ක්‍රෑන්ක් ඇම්පියර්(Cold Cranking Amps-CCA)
බාහිර උෂ්ණත්වය සෘණ 17-18 අතර අගයකදී තත්පර 30 ක කාලයක් සඳහා බැටරිය මඟින් එහි වෝල්ටීයතාවය වෝල්ට් 7.2 කට වඩා අඩු නොවී පවත්වාගනිමින් ලබාදිය හැකි ඇම්පියර් ප්‍රමාණය බැටරියක කෝල්ඩ් ක්‍රෑන්ක් ඇම්පියර් (CCA)අගය ලෙස හඳුන්වනවා.
ඒ නිසා අධික සීත කාලගුණ තත්වයන් තුල දී ක්‍රෑන්ක් කිරීමට භාවිතා කරන බැටරි සඳහා ඉහළ CCA ශ්‍රේණිගත කිරීමක් තිබීම විශේෂයෙන් වැදගත් වෙනවා.නමුත් මේ CCA කියන එක විශේෂයෙන් ඩීප් සයිකල් බැටරි වලට වැදගත් වෙන්නේ නම් නැහැ.ඒ කහොම වුණත් මේ CCA අගය සාමාන්‍යයෙන් සම්මත බැටරි මිනුමක් ලෙස සලකනවා.
• ක්‍රෑන්කිං ඇම්පියර්(Cranking Amps-CA)
උෂ්ණත්වය 0 °C දී බැටරියේ ක්‍රෑන්කිං ඇම්පියර් ගණන ශ්‍රේණිගත කිරීම ක්‍රෑන්කිං ඇම්පියර්(CA)අගය ලෙස හඳුන්වනවා.මෙම ශ්‍රේණිගත කිරීම marine cranking amps-MCA)ලෙසද හැඳුන්වනවා.ඒ වගේම Hot Cranking amps (HCA) කියන එකත් කලතුරකින් භාවිතා වන අතර එම අගය 26 °C දී මැනීම සිදුකරනවා
• රිසව් කැපෑසිට්(Reserve Capacity-RC)
බැටරියක රිසව් කැපෑසිට් කියන එක ඉතා වැදගත් ශ්‍රේණිගත කිරීමක් ලෙස හඳුන්වන්න පුලුවන්.උෂ්ණත්වය 26 °C දී සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියක්,විනාඩි කිහිපයක දී ඇම්පියර් 25 ක් දක්වා අඩු වීමේ දී බැටරිය වෝල්ටීයතාවය වෝල්ට් 10.5 දක්වා අඩු වීම,මේ මගින් ශ්‍රේණිගත කරලා තියෙනවා.
• ඇම්පියර් පැය(Amp hour-Ah)
බැටරි වල දක්නට ලැබෙන තවත් වැදගත් ශ්‍රේණිගත කිරීමක් තමයි ඇම්පියර් පැය(Ah).සම්මත ඇම්පියර් පැය ශ්‍රේණිගත කිරීම පැය 20 ක් ලෙස සැලකෙනවා.උදාහරණයක් ලෙස 100Ah බැටරියක් සලකාබැලුවොත්,පැය 20 ක් තුල දී බැටරියට ලබාදිය හැකි මුලු ඇමිපියර් ගණන100 කි.ඒ කියන්නේ ඇම්පියර් 5 ක් පැය 20 ක කාලයක් ලබාගන්න පුලුවන්(5Ax 20h = 100Ah).ඒ නිසා බැටරි බැසයාමේ සම්පූර්ණ කාලය හා බැටරියට සම්බන්ධකල හැකි ලෝඩ් එකේ ප්‍රමාණය දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා.ඒ අනුව බැටරියෙන් ලබාගන්න ලෝඩ් එක වැඩිවෙන්න වැඩිවෙන්න බැටරි ධාරිතාවය අඩු වෙනවා කියන එක පැහැදිලිවෙනවා.ඒ කියන්නේ 100Ah බැටරියකින්100Ah ලෝඩ් එකක් ලබාගතහොත් එය පැයක කාලයක් ලබාගන්න බැහැ කියන එකයි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
29/06/2017