මෝටර් සයිකල් අනතුර...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෝටර් සයිකල් අනතුර...

    3dd83ffebb.jpg



    උඩුබද්දාව පන්සල් හන්දියේ පිහිටි දේවාලයක මංගල්‍යයකට සහභාගි වී පෙරේදා (24දා) රාත්‍රි 12ට පමණ නිවෙස් බලා යමින් සිටි යහළුවන් තිදෙනකු ගමන් ගත් යතුරුපැදියක වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ගමන්ගත් තවත් යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හා දුරකතන කණුවක වැදීමෙන් ඔවුන් තිදෙනාම බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව දුම්මලසූරිය පොලිසිය පවසයි.
    අවුරුදු 18, 19 වයස්හි පසු වූ මෙම තරුණයන් තිදෙනාම උඩුබද්දාව ධම්මානන්ද විද්‍යාලයෙන් පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල එනතුරු බලාසිටි මිතුරන් තිදෙනකු බවද පොලිසිය කියයි.
    මරණයට පත් බුද්ධිමාල් සඳකැලුම් නරසිංහ දරුවාගේ මව වන ලාලනි ජයසූරිය මහත්මිය අප සමඟ මෙසේ පැවැසුවාය.
    "මගේ දෙවැනි දරුවා බුද්ධිමාල් සඳකැලුම් නරසිංහ මේ නැති වෙලා තියෙන්නේ. පුතාට අවුරුදු 19යි. පුතා ක්‍රීඩාවට හරි දක්ෂයි. ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකන් උන්නේ. පුතාට බයික් එක අරන් දුන්නෙත් එයාගේ කිරි අම්මා. පුතා යාළුවෝ එක්ක දේවාලේ මංගල්‍යයට යනවා කියලා ගියේ. බයික් එක ටිකක් වේගෙන් ගිහින් තියෙනවා. බයික් එකේ වේගේ පාලනය කරගන්න බැරුව බයික් එක ගහක වැදිලා තමයි පුතා නැතිවෙලා තියෙන්නේ. පුතා ජිම් එකක් දාන්නත් බඩු ලෑස්ති කරන් උන්නේ. ඒ ඔක්කොම ඉවරයි දැන්."

    දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි. ada mawbima.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    kala kanni thun dena vithrak merunu eka honday,para giyapu ekek yata unan nam aparade,3 denekuth dahena 120 ta vithra gihin tiyenne
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kala kanni thun dena vithrak merunu eka honday,para giyapu ekek yata unan nam aparade,3 denekuth dahena 120 ta vithra gihin tiyenne


    Bike එකක් ඉස්සර කරන්න ගිහින් ඒ බයික් එකේ පිටිපස්සේ හිටපු කෙල්ලගේ අතේ වැදිලා සයිඩ් කන්නාඩිය ඊට පස්සේ විසි වෙලා ගහේ වැදිලා තියෙන්නේ. 100ට විතර ගිහින් තියෙන්නේ.:angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    Bike එකක් ඉස්සර කරන්න ගිහින් ඒ බයික් එකේ පිටිපස්සේ හිටපු කෙල්ලගේ අතේ වැදිලා සයිඩ් කන්නාඩිය ඊට පස්සේ විසි වෙලා ගහේ වැදිලා තියෙන්නේ. 100ට විතර ගිහින් තියෙන්නේ.:angry:

    Dennekuta yanna tiyena byk eke 3k gihin,e madiwata 100 gihin,