මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    AC එකේ ගියාට AC වැඩ කරන්නෙ කොහොමද කියල වැඩිය අධායොමු නැතු ඇති නේද?:rolleyes: මෝටර් රථයක වායු සමීකරණය වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි
    විස්තරයක් තමයි මේ.:D:cool:

    aircon.jpg

    වායුසමනය කියන වචනය දැක්ක ගමන් අපිට මතක් වෙන්නෙ සිසිස කියන එක වුනත් ඇත්තටම වායු සමනය කිරීම කියන්නෙ අප අවට ඇති පරිසරය සුවදායක තත්වයට පත් කරගැනීමයි:yes:. ඒත් අපේ රට උෂ්ණාධික රටක් නිසා ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ සිසිලස තමයි:yes:.
    autoairconditioning1.jpg

    ඇත්තටම යාලුවනේ සිසිල් කිරීම කියන එක ටිකක් අමුතුයි වගේ නේද:confused:? රත් කරන එක නම් මහ ලොකු වැඩක් නෙමේනේ:dull:. බැටරියක + හා - අග්‍ර කම්බි කෑල්ලකින් එක සම්බන් කරත් කම්බි කෑල්ල රත් ගන්පුලුවන්. අනික, වාහනයේ එන්ජිම ගොඩක් රත් වෙලා තියෙන නිසා උණුසුම් වාතය ගන්න එක මහ ලොකු කජ්ජක් නෙමේ:D. ඒත් සිසිල් කරන එක??:confused:(පරිසර උෂ්ණත්වයටත් අඩුවෙන්)..........ගොඩක් අයට මේ ගැටලුව ඇති.

    ඇත්තටම මචන්ලා සිසිල් වූ පමණින්ම අපිට සුවදායක තත්වයක් ඇතිවෙන්නෙ නෑ.:yes: ඒකට හොඳම උදාහරණයක් තමයි, අපි නාන කාමරයක් තු නාල ඉවර වුන ගමන්ම අපිට දහදිය දාන්න පටන් ගන්නවා නේද? එතකොට ඇඟට අපහසුවක් දැනෙනවා. ඒත් බාත්රූම් එකෙන් එලියට ආවම,
    බාත්රූම් එකට වඩා වැඩි උෂණත්වයක් එලියෙ තිබ්බත්, වඩා සුවදායක බවක් එලියට ආවම දැනෙවා:shocked:. බාත්රූම් එ තු ආර්ද්‍රතාව කියන ගුණය වැඩි නිසා බාත්රූම් එතු තියෙන වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩියි. එතකොට තවදුරටත් ඒ වාතයට ජල වාශ්ප එකතුවෙන්න අපහසු නිසා ඇඟේ තියෙන දහදිය වාෂ්ප වෙන්නෙ නෑ. එතකොට අපිට අපහසුවක් දැනෙනවා. ඒත් එලියෙ වාතයේ ආර්ද්‍රතාව අඩු නිසා, දහදිය පට ගාල වාශ්ප වෙලා ඇඟට සුවදායක බවක් දැනෙනවා. ඒ නිසා මචන්ලා වායු සමීකරණයකින් ප්‍රධාන කාර්යයන් දෙකක් වෙන්න ඕනේ,

    • වාතයේ ආර්ද්‍රතාව අඩු කිරීම(වාතයේ ජල වාශ්ප ප්‍රමාණය අඩු කිරීම)
    • වාතය සිසිල් කිරීම

    මේ ප්‍රධාන කාර්යයන් දෙක වෙන්න වායුසමීකරණ පද්ධතිය ඩිසයින් කොරල තියෙනවා.:cool:

    මෝටර් රථ වායු සමීකරන පද්ධතියක ප්‍රධාන කොටස්,

    • බ්ලෝවරය
    • ඉවපරේටරය
    • කන්ඩෙන්සරය
    • කම්ප්‍රෙසරය
    • එක්ස්පෑන්ෂන් වෑල්වය
    • කූලින්ග් ෆෑන්
    • රිසීවර් ඩ්‍රයරය
    හරි මචන්ලා දැන් බලමු මේ කූල් කරන වැඩේ වෙන්නෙ කොහොමද කියලා:cool:. සාමාන්‍යයෙන් යම් කිසි වස්තුවක් සිසිල් කරන්න ඕනෙනම්,(උෂ්ණත්වය අඩු කරන්න ඕනෙ නම්) එම වස්තුවෙන් තාප ශක්තිය ඉවත් කරන්න ඕනේ. එතකොට තමයි කූල් වෙන්නේ. කස්ටිය O/L කරනකොට ඉගෙන ගන්න ඇති පදාර්ථයේ අවස්ථා තුන ගැන,(ඝණ, ද්‍රව, වායු;)). Chemistry කාරයෝ කියන්නෙ මේ අවස්ථා තුනෙන් වැඩිපුරම ශක්තිය ගබඩා වෙලා තියෙන්නෙ වායු අවස්ථාවෙදිලු, අඩුවෙන්ම අභ්‍යන්තර ශක්තිය ගබඩා වෙලා තියෙන්නෙ ඝණ අවස්ථාවෙදිලු:D. එතකොට ඝණයක් ද්‍රවයක් කරන්නයි ද්‍රවයක් වායුවක් කරන්නයි, වැඩිපුර ඕනෙ අභ්‍යන්තර ශක්තිය පිටින් දෙන්න වෙවා. තවත් පැහැදිලි කරොත්, සෙල්සියස් අංශක 100 තියෙන වතුර ටිකක්, සෙල්සියස් අංශක 100 තියෙන ජල වාශ්ප කරන්න අර කලින් කියපු වැඩිපුර තියෙන අභ්‍යන්තර ශක්තිය පිටින් දෙන්න ඕනේ.(Physics කොරපු අය ඕකට කි වචනෙ දන්නව ඇති....... වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය). ඔන්න ඔය මූලධර්මය තමයි වායුසමීකරණ පද්ධති වල සිසිලන ක්‍රියාවලියට යොදාගන්නේ.

    සාමන්‍යයෙන් වායුවක් ගොඩක් සම්පීඩනය කරොත්(හොඳින් තෙරපුවොත්) ඒක ද්‍රවයක් බවට පත්කරගන්න පුලුවන්ලූ. හොඳම උදාහරණය තමයි LP ගෑස් (liquid petroleum gas) සිලින්ඩරය:yes:.ගෑස් විදියට සිලින්ඩරයෙන් එලියට ආවට සිලින්ඩරය ඇතුලෙදි LP ගෑස් තියෙන්නෙ ද්‍රවයක් විදිහට.(ඉවරවෙන්න ලඟ ගෑස් සිලින්ඩරයක් හොල්ලල බලහන්, ඇතුලෙ වතුර හෙල්ලෙනව වගේ සද්දයක් ඇහෙයි:D)සිලින්ඩරය ඇතුලෙ පීඩනය ගොඩක් වැඩිකරල තියෙන නිසා තමයි LP ගෑස් සිලින්ඩරය ඇතුලෙදි ද්‍රවයක් විදිහට තියෙන්නේ. හැබැයි එළියෙ තියෙන්නෙ සාමාන්‍ය වායුගෝල පීඩනය නිසා එළියට ආපු ගමන් පටගාල වාශ්ප වෙලා ගෑස් එකක් විදිහට එලියට එනවා. ඕකට සමාන සිද්දියක් තමයි වායුසමීකරණ පද්ධතිය ඇතුලෙදිත් වෙන්නෙ:).

    මේ තියෙන්නෙ මෝටර් රථ වායු සමීකරණ පද්ධතියක නම් කරපු රූප සටහනක්
    acgraphcopy.jpg


    කලින් කිව්ව වගේ මේකෙත් වෙන්නෙ ඔය ගෑස් සිලින්ඩරයෙ වෙනව වගේ සිද්දියක්, මේකෙදි LP ගෑස් වෙනුවට තියෙන්නෙ R12 කියන ෆ්‍රියෝන වර්ගයේ වායුව. මුලින්ම ඔය තියෙන කම්ප්‍රසරයෙන් සාමාන්‍ය උෂණත්වයේ තියෙන වායුව හොදට සම්පීඩනය කරනවා.

    AC Compressor එකක් සහ ඒකෙ හරස්කඩක්
    11174875selteccaraircon.jpg

    accompressorinside.jpg


    එතකොට වායුව සම්පීඩනය වෙන අතරෙම වායුවේ උෂ්ණත්වයත් වැඩිවෙනවා ((.....හුලං පොම්පයකින් ටයර් එකකට හුලං ගහද්දි පොම්පයේ යට හරිය රත් වෙන සිද්දියත් ඕකට සමානයි , භෞතික විද්‍යාවෙදි ඕකට කියන්නෙ සමතාපී සම්පීඩනය කියලා:dull:, ඒ කියන්නෙ වායුවක් වේගයෙන් සම්පීඩනය කරොත් වායුවේ උෂ්ණත්වය ඉහළ යනවා.....)) ඒ විදිහට උෂ්ණත්වය වැඩි වුන නිසා compress කරපු පලියට වායුව ද්‍රව වෙන්නෙ නෑ:nerd:, ද්‍රව වෙන්න නම් සම්පීඩිත උණුසුම් වායුව සිසිල් කරන්න වෙනවා. ඒකට තමයි මචන්ලා කන්ඩෙන්සරය තියෙන්නේ:). ෆෑන් එකකින් සිසිල් කරන කන්ඩෙන්සරයේ තියෙන කුඩා බට වලින් රත් වෙච්ච ෆ්‍රියෝන් වායුව ගිහිල්ලා අවසානයේ දි එලියට එන්නෙ සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන සම්පීඩිත ෆ්‍රියෝන් ද්‍රවය විදිහට.

    කන්ඩෙන්සරයක් සහ කූලින්ග් ෆෑන් එකක්
    autoaccondenserformazda.jpg

    64548380780.jpg




    ඊටපස්සෙ රිසීවර් ඩ්‍රයරය හරහා මේ ද්‍රවය ගමන් කරනවා. ඒකෙන් කරන්නෙ ශීතකාරක ද්‍රවය ගබඩා කරගෙන අවශ්‍ය විටෙකදී පද්ධතියට මුදා හැරීම හා ශීතකාරක ද්‍රවයට මිශ්‍රවෙලා තියෙන්න පුළුවන් ජලවාශ්ප අයින් කරන එකයි.


    රිසීවර් ඩ්‍රයර් එකක්
    autopartsacreceiverdrie.jpg


    ඊට පස්සෙ ෆ්‍රියෝන් ද්‍රවය එක්ස්පෑෂන් වෑල් එක හරහා අඩු පීඩන පෙදෙසට(ඉවපරේටර් පෙදෙසට) ඇතුලු වෙනවා(මුල් රූපය බැලුවොත් වැඩේ පැහැදිලියි), ඔන්න එතකොට අර ගෑස් සිලින්ඩරයෙදි වුනා වගේ වැඩක් වෙනවා, සම්පීඩනය වෙලා තිබුන ෆ්‍රියෝන ද්‍රවය පීඩනය අඩු ප්‍රෙදේශයකට ඇතුලුවුනු නිසා පට ගාල වාශ්ප වෙනවා. එක්ස්පෑන්ෂන් වෑල් එකෙන් වාශ්ප වෙන්න පහසු විදිහට කුඩා සිදුරකින් අඩු පීඩන කලාපයට ෆ්‍රියෝන් ද්‍රවය මුදාහරින එක කරනවා.

    එක්ස්පෑන්ෂන් වෑල් එකක්
    autoairconditioningexpa.jpg


    මුල්ම හරියෙදි විස්තර කරපු විදිහට වාශ්ප වෙන්න වැඩිපුර අවශ්‍ය වෙන තාප ශක්තිය උරා ගන්නෙ ඉවපරේටරයෙන්, ඒක නිසා ඉවපරේටරය සිසිල් වෙනවා. (අතට තිනර් වගේ වාශ්පශීලි ද්‍රවයක් දැම්මම තිනර් වාශ්ප වෙන අතරෙ අතට සිසිලසක් දැනෙන්නෙත් ඔය විදිහට තමයි) ඉවපරේටරය කොච්චර සිසිල් වෙනවද කියනවනම් එක දිගට වැඩ කරොත් සෙල්සියස් අංශක ( - ) අගයන් දක්වා සිසිල් වෙන්න පුලුවන්:cool:.

    ඉවපරේටරයක්
    carevaporator.jpg


    සිසිල් වුනු ඉවපරේටරය හරහා බ්ලෝවරයෙන් නිකුත් කරන වාතය යවල සිසිල් වාතය නිපදවා ගන්නවා. ඉවපරේටරයේ උෂ්ණත්වය ගොඩක් අඩු නිසා ඒක හරහා යන වාතයේ තියෙන ජල වාශ්ප ඝණීභවනය වෙනවා, ඒ ඝණීභවනය වෙන ජලය කුඩා නලයකින් බැහැර කරනවා(AC එක දැම්මම වතුර එළියට එදැති
    :yes:). එතකොට ටික ටික වාතයේ තියෙන ජල වාශ්ප ප්‍රමාණයත් අඩුවෙනවා(ආර්ද්‍රතාවය අඩු වෙනවා). එතකොට වැඩ දෙකම සම්පූර්ණයි. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි;).

    බ්ලෝවර් එකක්
    airconditioningblowermo.jpg


    ඉවපරේටරයෙන් එලියට එන ෆ්‍රියෝන් වායුව ආයෙත් කම්ප්‍රෙසරය වෙත ගමන් කරනවා, ආපහු අර මුලින් කියපු ක්‍රියාවලියම නැවත නැවත වෙනවා:yes:.
    සාමාන්‍යයෙන් මෝටර් රථ වායු සමීකරණ පද්ධතියක තියෙන ඉවපරේටර්යේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට වඩා පහළ යන්න දෙන්නෙ නෑ(අයිස් සෑදෙන නිසා). සෙල්සියස් අංශක 0 වුනු ගමන් තර්මස්ටැට් ස්විච් එකක් ක්‍රියාත්මක වෙලා කම්ප්‍රසරය සහ කූලින්ග් ෆෑන් ක්‍රියා විරහිත කරනවා. AC එක දාපු වාහනයක AC එක ඕෆ් වෙවී වැඩකරන්නෙ ඒක නිසා තමයි. හැබැයි බ්ලෝවරය දිගටම වැඩ. ඒ වගේම තමයි AC කම්ප්‍රසර් එ සෑම විටදීම බෙල්ට් එකකින් එන්ජිමට සම්බන්ධ වෙලා තිබු
    එන්ජිම කරකැවෙන හැම වෙලාවෙම කම්ප්‍රසරය කරකැවෙන්නෙ නෑ. ඒකට යොදාගෙන තියෙන්න කම්ප්‍රසර් ක්ලච් කියල උපක්‍රමයක්. ඒකෙ තියෙන සොලනොයිඩ් දඟරයට විදුලිය ලබාදුන්නම තමයි ක්ලච් එක සම්බන්ද වෙලා කම්ප්‍රසරය වැඩ කරන්නෙ. විදුලිය විසන්ධි කරාම කම්ප්‍රසරය නිදහස් වෙල පුලිය විතරක් කරකැවෙනවා.:)

    කම්ප්‍රසර් ක්ලචයක්
    11111111111111lv.jpg


    ඒ වගේම තමයි AC කම්ප්‍රසරය වැඩ කරනකොට එන්ජිමට අමතර බරක් වැටෙනවා. එන්ජිම අයිඩියල් වේගයෙන් දුවන කොට (රේස් නොකර) AC එක on කරොත් එන්ජිම ටිකක් රේස් වෙනවා. ඒකට හේතුව තමයි අර මුලින් කිව්ව විදිහට එන්ජිමට අමතර බරක් වැටෙන නිසා එන්ජිම නතර වීම වැලැවීමට තමයි එහෙම රේස් වෙන්න හදල තියෙන්නේ.:)

    airconditionerforcar.jpg


    දැන් අලුතෙන් එක මෝටර් රථ වල වායු සමීකරණ පද්ධති ගොඩක් සංකීර්ණයි. ඒත් ඒ හැම එකකම මූලික ක්‍රියා පිළිවෙල මේක තමයි.:yes::yes:


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    supiri mcn...5+ මට කියන්න පුලුවන්ද A/C ON කරාම pickup අඩුවෙන්නේ ඇයි කියල ?

    AC on කරපු ගමන් AC compressor එක වැඩ කරන්න පටන් ගන්නවනෙ මචන්, එතකොට එන්ජින් එකට ඒක කරකවන්න අමතර බලයක් යොදන්න වෙනවා, එතකොට රෝද කරකවන්න එන්ජිමෙන් දෙන බලය අඩු වෙනවා, ඒක නිසා තමයි pickup එක අඩුවෙන්නෙ......:yes::yes:
    පැටියා;14001488 said:
    පොඩි කරුණු ටිකක් එකතු කරන්නම්.
    R-12 Refrigerant එක දැං දැං භාවිතයෙන් ඉවත් වෙනවා මොකද ඒක ඕසෝන් එකට අවුල් නිසා.
    ඒ වෙනුවට දැං පාවිච්චියට ගන්නෙ R-134a කියන Refrigerant එක.

    ඔව් මචන් ඒක මතක් කරපු එක හොඳයි, :yes:

    ඒ වගේම තමයි, R-134a(HFC) ශීතකාරකය බාවිතා වෙන වායු සමීකරණ පද්ධතිය, R-12 පද්ධතියට ගොඩක් සමාන වුනාට, R-134a ශීතකාරකය R-12 පද්ධතියකට යොදන්න කොහොමවත් බෑ. ඒකට හේතුව තමයි R-134a ශීතකාරකය මගින් R-12 පද්ධතියෙ කොටස් එක්ක ප්‍රතික්‍රියා කරල ඒවට හානි කරන එකයි. ඒ නිසා මේ system දෙකේ අමතර කොටස් පටලවල හයි කරන්න බෑ. R-134a පද්ධති වල කොටස් ඒ ශීතකාරකට ගැලපෙන්න නවීකරණය කරල තියෙනවා.:)
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    :)ඉතින් යාලුවනේ ත්‍රෙඩ් එක ගැන ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනව ඉතින්:)

     
    Last edited:
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    එළකිරි අමිල
    11.gif

    කලින් මම බලපු ඔයාගෙ ත්‍රෙඩ්ස් ටික වගේමයි මචං
    එළකිරි.නොදන්නා දෙයක් ඉගෙන ගත්තා
    ළඟ දි රෙප් දීල ලු බං
    :):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14000223 said:
    එළකිරි අමිල
    11.gif

    කලින් මම බලපු ඔයාගෙ ත්‍රෙඩ්ස් ටික වගේමයි මචං
    එළකිරි.නොදන්නා දෙයක් ඉගෙන ගත්තා
    ළඟ දි රෙප් දීල ලු බං
    :):):)
    එළකිරි මචන්...:):)
    මමත් රෙප් දීලලු
     
    • Like
    Reactions: tas and thilinasb

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. ගොඩක් වටින ලිපියක්.. පැහැදිලිව සරලව කියලදීල තියෙනව.. :yes: උඹට ජය!