Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩකමට බෙහෙත් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩකමට බෙහෙත් නැත

මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්ෂණ, (සමහර එව්වා නම් පශ්චාත් නෙවෙයි පශ්චාද්) පූර්ව නිගමන සහිත නඩු තීන්දු, සම්මතයට ව්‍යතිරේක වූ දණ්ඩන ක්‍රම, කරළියට එනවා.

මා දුටුවා, දෙරණ රූපවාහිනී නාලිකාව, සේයා සදෙව්මිගේ ගෙදර හා පරිසරය ඇසුරෙන් විස්තරයක් ඉදිරිපත් කරනවා, එම නිවසේ සහ පරිසරයේ ආරක්ෂාව ඉතා දුර්වල බව පෙන්වා දෙමින්. ඒ ඔස්සේ සිතා, පහුගිය කාලයේ මා ඇසූ දුටු සමහර කරුණු සලකා බලා මේ ලිපිය ලියන්නට සිතුණා. අදත් මෙවැනි සිද්ධි තුනක් රූපවාහිනියේ වාර්තා වුණා.

නොච්චියාගම පැත්තේ අම්මා කෙනෙක්, ළදරු පාසල් යන තම දියණිය, එම ළදරු පාසල අසලින් බස්සවන ලෙස, බසයේ රියැදුරු (තමන් දන්නා හඳුනන නිසා) ගෙන් ඉල්ලා, බසයට ගොඩ කරලා. රියැදුරුට එම දැරිය බසයෙන් බස්සවන්නට අමතකවී, ඇය ගමනාන්තයටම ගිහිල්ලා. ඇය කලබලවී හඬනවිටයි රියැදුරුට සිහිය ආවේ. අලි ජංජාලයක් කරගෙන, පොලීසියත් ගෙන්වා, අන්තිමට දැරිය ආපහු මවට බාරදීලා. මේ අම්මාගේ මොළය ඇත්තටම ඔලුගෙඩිය තුළ පිහිටා තිබේද?

නිවසක නිදා සිටි දැරියක් පැහැරගෙන යන්නට හෝ ලිංගික අපරාධයක් කරන්නට මිනිහෙක් ගෙදරක ජනේලයේ යකඩ ග්‍රිල් එකක් ගලවාගෙන ගෙට ඇවිල්ලා. දැරිය අවදිවී, බියෙන් කෑගහනවිට අර මිනිහා පැනලා ගිහිල්ලා. දැන් කාලේ ගැන හිතලා, ගෙදරක බලු කුක්කෙක් හදන්න බැරිද හොඳට බුරන එකෙක්. කවුරුහරි අපේ ගෙදර ගේට්ටුවට අත තිබ්බත් අපේ බල්ලා නම් බුරනවා. ගෙය වසා යනවිට, බල්ලා ගෙදර ඉදිරිපස බලු කූඩුවක තබන්න. ගෙදර උඩ තට්ටුවක් තියනවානම්, අවට පරිසරය හොඳට පෙනෙන තැනක බල්ලා තබන්න. ගෙදර බල්ලන් හදන්න බැරිනම්, රෑට ඉතුරුවෙන කෑම ටිකක්, පාර අයිනට හලන්න. ටික කලක් ගියාම, දඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා. (පිස්සු බල්ලෝ හැදෙනවා? අනේ නිකම් යන්න. උන්ට බෙහෙත් විදින්න PHI මහත්තයා එනවා නොවරදවාම, අපේ පැත්තෙනම්) උන් රෑට පාරේ කවුරු ගියත් බුරනවා. එය හොරුන්ට විශාල අභියෝගයක්. අපිට අනතුරු ඇඟවීමක්. තමන්ගේ නිවසේ ජනෙල් දොරවල් ශක්තිමත් නැත්නම්, මොනවද කරන්න පුළුවන් විකල්ප ක්‍රියා. මම කියන්නම්. තල්ලු කිරීම, හැප්පීම, වැනි ක්‍රියා නිසා, මහා හඬක් නගා පෙරලෙන විදිහට, ටකරන් තහඩු, බෙලෙක් ටින්, බාල්දි, ආදිය, සොරුන් ඇතුළුවේයැයි සැක හිතන තැන්වල තියන්න. කකුලේ පැටලී වැටෙන්න කලුපාට ගෑ යකඩ කම්බි ඇද තබන්න. කළුවර තැන්වල බිම, අපිළිවෙලකට බෙලෙක් ටින් තබන්න, කකුලේ හැපෙන ලෙස. ඒ ශබ්දය ඇති අපිට ඇහැරෙන්න.

භික්ෂුවක් හෙවත්, චීවර ධාරියෙක් හෙවත් හාමුදුරු නමක්, නව යෞවන වියේ පසුවන ගෑණු ළමයින් කීප දෙනෙකුව දූෂණය කරලා, පන්සලේදී. එයින් දෙදෙනෙකුව ඒ භික්ෂු/හාමුදුරු/චීවරධාරියාගේ බලපුළුවන්කාර කමින් ගබ්සා කරලා. ඊයේ පෙරේදා ඒ පැත්තේ තවත් ගෑණු ළමයකුගේ මව, එම දැරිවියගේ අසනීප තත්වයක් නිසා, බෙහෙත් ගන්න පළාතේ රජයේ රෝහලට ගියාම, වෛද්‍යවරයා විසින් කියා තිබෙනවා, එම දැරිවිය මාස තුනක පමණ ගැබිනියක් බව. අර පුඟුලා, උගේ දේශපාලන බලපුළුවන්කාර කම් පෙන්නා, පොලීසියෙන් ගැලවී යන්නට හදද්දී, ගමේ මිනිස්සු ඌව අල්ලා, හොම්බට දෙකක් ඇණ, නැවත පොලීසියට බාරදීලා. තාත්තලා දුවලව දූෂණය කරන මේ කාලේ, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඕනෙම තැනක තියන ටියුෂන් පන්ති, අර ක්ලාස්, මේ ක්ලාස්, ගානේ තම දරුවන් දක්කන, නමුත් ඔවුන් කරන්නේ මොනවාද, ඒ තැන්වල සිද්ධ වෙන්නේ මොනවාද කියා නොසොයන නොබලන, අමනකමේ ප්‍රතිඵලයක් ලෙස, මෙවැනි සිදුවීම් වෙන එක පුදුමයක්ද? මේ අබබ්බ අම්මලා තාත්තලම නේද, 'යෙල්ලුන් ගෂ ජියව් ජියව්' කියමින් පාරට බැස බෑඟිරි ගාන්නේ? මම අළුගෝසු වැඩේ කරනවා කියලා, පපුවට ගහගන්නේ? අම්මපා මුන්දලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි.

මෙන්න තවත් මා විසින් කළ නිරීක්ෂණ:-

පොලීසියෙන් ආරක්ෂක කමිටු මගින් ගෙවල් ගානේ ගිහින් දැනුවත් කරනවා, රෑට ගෙයින් පිටත ලයිට් එකක් දාලා තියන්න. (දුප්පත් මිනිස්සු පහන් පැලක් වත් හදලා පත්තු කරපල්ලකෝ) නිදාගන්න කලින් ගෙදර අහුමුළු පරීක්ෂා කරන්න. ගේට්ටුවක් ඇත්නම් එය හොඳින් වසන්න, නින්දට පෙර ගෙදර දොරජනෙල් හොඳින් වසා ඇද්දැයි සැක හැරගන්න. අසල්වැසියන් සමග සුහදව ඉන්න. ඔවුන්ගේ දුරකථන අංක දැනගෙන ඉන්න. ගමේ වැඩිහිටි පිරිමි අය ඉඳහිට රෑට ගමේ මුර සංචාරයක යෙදෙන්න. ගමට එන නාඳුනන පුද්ගලයන්ගෙන් අහන්න ඔවුන් කවුද කියා. සැක නම් පොලීසියට දන්වන්න. තව කොච්චර උපදෙස් දෙනවද? කරනවද එකක්වත්? මං අහන්නේ කරනවද එකක්වත්? කරන්නේ නෑ. ඇයි? වැඩ වැඩියි කියන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා. ගමේ සාමූහිකත්වයක් නැති නිසා. මගේ ගෙදර විතරක් රැකුනොත් ඇති කියන, අමන මරිමෝඩ සිතුවිල්ල නිසා. හැමදාම රෑට පොලීසිය ඇවිත් ගමේ ලගින්න ඕනේ. බළල් පැටියෙක්වත් නැතිවෙන්න බැරි විදිහට, පොලීසිය ගම රකින්න ඕනේ. අනේ අනේ නන්නානේ. පොලීසියට වෙන වැඩ නැහැනේ.

පොලීසිය කියනවා නාඳුනන පුද්ගලයන්, ගමට එන විවිධාකාරයේ වෙළෙන්දන්, වෙළඳ නියෝජිතයන් වැනි අය, ගොඩනැගිලි ඉදිකරන්නන්, කුලී වැඩ සොයන්නන් මෙන් පෙනී සිටින අය සහ ඇත්තටම එවැනි වැඩ සඳහා යොදාගන්නන් ගැන, කල්පනාකාරීව සිටින ලෙස. ලංකාවේ ගෙවල් බිඳුම් බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ, එම ගෙදර හදන්න ආව බාස් කෙනෙක් හෝ අත්වැඩ කරුවෙක්. මොකද, ඔවුන් ගෙදර සැලැස්ම වගේම, ගෙදර අයගේ චර්යා රටාව දන්නවා. (වැඩට යන එන වෙලාව, ගෙදර කවුරුවත් නැති වෙලාව වැනි) ඔබේ ගෙදර ප්‍රධාන දොරේ සහ කුස්සියේ දොරේ අගුල, ගෙදර වැඩ ඉවර කරලා බාස්ලා ගියාට පස්සේ, ඔබටම වෙනස් කරගන්න පුළුවන්, එහි තියන සිලින්ඩරය නමැති කොටස මාරු කිරීමෙන්. බාස්ලා යතුරු පිටපතක් අරන් ගිහින් තිබුණත්, වැඩක් වෙන්නේ නැහැ එතකොට. මේ තියෙන්නේ සිලින්ඩරය සහ යතුරු. රු 600 සිට ඉහළට තියනවා.

පාර දෙපැත්තේ මූණට මූණ තියන ගෙවල් දෙකේ නෝනලා දෙන්නම, මාළු කාරයාගෙන් මාළු ගන්න/ පාන් කාරයාගෙන් පාන් ගන්න/එළවලු කාරයාගෙන්/තව තව කාරයන්ගෙන් තව තව එව්වා ගන්න, ගෙදර ගේට්ටුව ලඟට එනවා. ඔන්න ඉතිං දෙන්න කතාකරන්නේ, අරයට මෙයාව ඇහෙන තරම් හඬින් නේ. අර 'කාරයා'ට ඔක්කොම ඇහෙනවා. මොනවද කතා කරන්නේ. 'මේ දවස්වල මහත්තයා රාජකාරි වැඩකට ඈත පළාතකට ගිහිල්ලා මම විතරයි ඉන්නේ'. 'අපේ දුව මේ දවස්වල රෑට පාඩම් කරනවා. මටනම් ඇහැරලා ඉන්න බැහැ. මම උඩ තට්ටුවට වෙලා නිදාගන්නවා'. 'අපේ චූටි දුව රෑට හිටපු ගමන් අම්මා ලඟට යනවා ආයේ එනවා'. 'අර බැංකුවේ තියපු බඩුටික ඔන්න අවුරුද්දකට පස්සේ ඊයේ තමයි බේරාගෙන ආවේ'. අනේ අනේ නන්නානේ. තව ඉතිං කියන්නේ නැත්තේ, රෑට ඇඳගෙන ඉන්නේ මොනවද කියල විතරයි. ඉවරයි නේද වැඩේ? අර 'කාරයා' හොර කල්ලියක සාමාජිකයෙක් නම්, ඌ ගිහින් ඔක්කොම විස්තරේ දෙනවා තිතට. ඔව්වට තමා කියන්නේ විහින් නහිනවා කියලා. ඔබේ ගෙදර පොල් ලෙලි ගහන උලක් තියනවද? අවශ්‍ය වෙලාවට පොළොවේ ඇනලා, පොල් ලෙලි ගහගෙන, ආපහු ගෙට ගන්නවද? එහෙම නැත්නම්, ස්ථිරව පොළොවේ ඇනලා ද තියෙන්නේ? පොල් උල ගලවා ගත්තම, දොරවල් ගලවන්න හරිම ලේසියි. පොල් උල ස්ථිරව සවි කරනවා නම්, කොන්ක්‍රීට් දමා සවිකරන්න ගලවන්න බැරි වෙන්න. යකඩ ඉනි, පොරොව, මන්නය, ලොකු පිහියා, රෑට ගෙයින් පිටත තබන්න එපා. ගෙදර වසා යනවිට, ඉතා හොඳින් හොයාබලා, එවැනි සියලු දේ ගෙට දමා යන්න. රෑට මහ හඬින් ගෙදර රේඩියෝවේ පිරිත් දැමීම, හිතට සහනයක් වුනත්, ගෙදර ඉන්න එකෙකුගේ බෙල්ල මිරිකුවත් ඇහෙන්නේ නැහැ.

මේ ලිව්වේ ටිකයි. තව ගොඩක් ලියන්න පුළුවන්. මේ ඔස්සේ හිතන්න. ඔබේ ගෙදරට අදාළ ආරක්ෂක සැලැස්මක් ඔබම හදන්න. එය වෙන කාටවත් කියන්න එපා.

source http://wicharaka.blogspot.com

share this

[QUOTE="Sams.Ryo, post: 19168615, member: 519493"] [b]මෝඩකමට බෙහෙත් නැත[/b] [COLOR="DarkRed"][SIZE="5"]මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්ෂණ, (සමහර එව්වා නම් පශ්චාත් නෙවෙයි පශ්චාද්) පූර්ව නිගමන සහිත නඩු තීන්දු, සම්මතයට ව්‍යතිරේක වූ දණ්ඩන ක්‍රම, කරළියට එනවා. මා දුටුවා, දෙරණ රූපවාහිනී නාලිකාව, සේයා සදෙව්මිගේ ගෙදර හා පරිසරය ඇසුරෙන් විස්තරයක් ඉදිරිපත් කරනවා, එම නිවසේ සහ පරිසරයේ ආරක්ෂාව ඉතා දුර්වල බව පෙන්වා දෙමින්. ඒ ඔස්සේ සිතා, පහුගිය කාලයේ මා ඇසූ දුටු සමහර කරුණු සලකා බලා මේ ලිපිය ලියන්නට සිතුණා. අදත් මෙවැනි සිද්ධි තුනක් රූපවාහිනියේ වාර්තා වුණා. නොච්චියාගම පැත්තේ අම්මා කෙනෙක්, ළදරු පාසල් යන තම දියණිය, එම ළදරු පාසල අසලින් බස්සවන ලෙස, බසයේ රියැදුරු (තමන් දන්නා හඳුනන නිසා) ගෙන් ඉල්ලා, බසයට ගොඩ කරලා. රියැදුරුට එම දැරිය බසයෙන් බස්සවන්නට අමතකවී, ඇය ගමනාන්තයටම ගිහිල්ලා. ඇය කලබලවී හඬනවිටයි රියැදුරුට සිහිය ආවේ. අලි ජංජාලයක් කරගෙන, පොලීසියත් ගෙන්වා, අන්තිමට දැරිය ආපහු මවට බාරදීලා. මේ අම්මාගේ මොළය ඇත්තටම ඔලුගෙඩිය තුළ පිහිටා තිබේද? නිවසක නිදා සිටි දැරියක් පැහැරගෙන යන්නට හෝ ලිංගික අපරාධයක් කරන්නට මිනිහෙක් ගෙදරක ජනේලයේ යකඩ ග්‍රිල් එකක් ගලවාගෙන ගෙට ඇවිල්ලා. දැරිය අවදිවී, බියෙන් කෑගහනවිට අර මිනිහා පැනලා ගිහිල්ලා. දැන් කාලේ ගැන හිතලා, ගෙදරක බලු කුක්කෙක් හදන්න බැරිද හොඳට බුරන එකෙක්. කවුරුහරි අපේ ගෙදර ගේට්ටුවට අත තිබ්බත් අපේ බල්ලා නම් බුරනවා. ගෙය වසා යනවිට, බල්ලා ගෙදර ඉදිරිපස බලු කූඩුවක තබන්න. ගෙදර උඩ තට්ටුවක් තියනවානම්, අවට පරිසරය හොඳට පෙනෙන තැනක බල්ලා තබන්න. ගෙදර බල්ලන් හදන්න බැරිනම්, රෑට ඉතුරුවෙන කෑම ටිකක්, පාර අයිනට හලන්න. ටික කලක් ගියාම, දඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා. (පිස්සු බල්ලෝ හැදෙනවා? අනේ නිකම් යන්න. උන්ට බෙහෙත් විදින්න PHI මහත්තයා එනවා නොවරදවාම, අපේ පැත්තෙනම්) උන් රෑට පාරේ කවුරු ගියත් බුරනවා. එය හොරුන්ට විශාල අභියෝගයක්. අපිට අනතුරු ඇඟවීමක්. තමන්ගේ නිවසේ ජනෙල් දොරවල් ශක්තිමත් නැත්නම්, මොනවද කරන්න පුළුවන් විකල්ප ක්‍රියා. මම කියන්නම්. තල්ලු කිරීම, හැප්පීම, වැනි ක්‍රියා නිසා, මහා හඬක් නගා පෙරලෙන විදිහට, ටකරන් තහඩු, බෙලෙක් ටින්, බාල්දි, ආදිය, සොරුන් ඇතුළුවේයැයි සැක හිතන තැන්වල තියන්න. කකුලේ පැටලී වැටෙන්න කලුපාට ගෑ යකඩ කම්බි ඇද තබන්න. කළුවර තැන්වල බිම, අපිළිවෙලකට බෙලෙක් ටින් තබන්න, කකුලේ හැපෙන ලෙස. ඒ ශබ්දය ඇති අපිට ඇහැරෙන්න. භික්ෂුවක් හෙවත්, චීවර ධාරියෙක් හෙවත් හාමුදුරු නමක්, නව යෞවන වියේ පසුවන ගෑණු ළමයින් කීප දෙනෙකුව දූෂණය කරලා, පන්සලේදී. එයින් දෙදෙනෙකුව ඒ භික්ෂු/හාමුදුරු/චීවරධාරියාගේ බලපුළුවන්කාර කමින් ගබ්සා කරලා. ඊයේ පෙරේදා ඒ පැත්තේ තවත් ගෑණු ළමයකුගේ මව, එම දැරිවියගේ අසනීප තත්වයක් නිසා, බෙහෙත් ගන්න පළාතේ රජයේ රෝහලට ගියාම, වෛද්‍යවරයා විසින් කියා තිබෙනවා, එම දැරිවිය මාස තුනක පමණ ගැබිනියක් බව. අර පුඟුලා, උගේ දේශපාලන බලපුළුවන්කාර කම් පෙන්නා, පොලීසියෙන් ගැලවී යන්නට හදද්දී, ගමේ මිනිස්සු ඌව අල්ලා, හොම්බට දෙකක් ඇණ, නැවත පොලීසියට බාරදීලා. තාත්තලා දුවලව දූෂණය කරන මේ කාලේ, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඕනෙම තැනක තියන ටියුෂන් පන්ති, අර ක්ලාස්, මේ ක්ලාස්, ගානේ තම දරුවන් දක්කන, නමුත් ඔවුන් කරන්නේ මොනවාද, ඒ තැන්වල සිද්ධ වෙන්නේ මොනවාද කියා නොසොයන නොබලන, අමනකමේ ප්‍රතිඵලයක් ලෙස, මෙවැනි සිදුවීම් වෙන එක පුදුමයක්ද? මේ අබබ්බ අම්මලා තාත්තලම නේද, 'යෙල්ලුන් ගෂ ජියව් ජියව්' කියමින් පාරට බැස බෑඟිරි ගාන්නේ? මම අළුගෝසු වැඩේ කරනවා කියලා, පපුවට ගහගන්නේ? අම්මපා මුන්දලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි. මෙන්න තවත් මා විසින් කළ නිරීක්ෂණ:- පොලීසියෙන් ආරක්ෂක කමිටු මගින් ගෙවල් ගානේ ගිහින් දැනුවත් කරනවා, රෑට ගෙයින් පිටත ලයිට් එකක් දාලා තියන්න. (දුප්පත් මිනිස්සු පහන් පැලක් වත් හදලා පත්තු කරපල්ලකෝ) නිදාගන්න කලින් ගෙදර අහුමුළු පරීක්ෂා කරන්න. ගේට්ටුවක් ඇත්නම් එය හොඳින් වසන්න, නින්දට පෙර ගෙදර දොරජනෙල් හොඳින් වසා ඇද්දැයි සැක හැරගන්න. අසල්වැසියන් සමග සුහදව ඉන්න. ඔවුන්ගේ දුරකථන අංක දැනගෙන ඉන්න. ගමේ වැඩිහිටි පිරිමි අය ඉඳහිට රෑට ගමේ මුර සංචාරයක යෙදෙන්න. ගමට එන නාඳුනන පුද්ගලයන්ගෙන් අහන්න ඔවුන් කවුද කියා. සැක නම් පොලීසියට දන්වන්න. තව කොච්චර උපදෙස් දෙනවද? කරනවද එකක්වත්? මං අහන්නේ කරනවද එකක්වත්? කරන්නේ නෑ. ඇයි? වැඩ වැඩියි කියන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා. ගමේ සාමූහිකත්වයක් නැති නිසා. මගේ ගෙදර විතරක් රැකුනොත් ඇති කියන, අමන මරිමෝඩ සිතුවිල්ල නිසා. හැමදාම රෑට පොලීසිය ඇවිත් ගමේ ලගින්න ඕනේ. බළල් පැටියෙක්වත් නැතිවෙන්න බැරි විදිහට, පොලීසිය ගම රකින්න ඕනේ. අනේ අනේ නන්නානේ. පොලීසියට වෙන වැඩ නැහැනේ. පොලීසිය කියනවා නාඳුනන පුද්ගලයන්, ගමට එන විවිධාකාරයේ වෙළෙන්දන්, වෙළඳ නියෝජිතයන් වැනි අය, ගොඩනැගිලි ඉදිකරන්නන්, කුලී වැඩ සොයන්නන් මෙන් පෙනී සිටින අය සහ ඇත්තටම එවැනි වැඩ සඳහා යොදාගන්නන් ගැන, කල්පනාකාරීව සිටින ලෙස. ලංකාවේ ගෙවල් බිඳුම් බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ, එම ගෙදර හදන්න ආව බාස් කෙනෙක් හෝ අත්වැඩ කරුවෙක්. මොකද, ඔවුන් ගෙදර සැලැස්ම වගේම, ගෙදර අයගේ චර්යා රටාව දන්නවා. (වැඩට යන එන වෙලාව, ගෙදර කවුරුවත් නැති වෙලාව වැනි) ඔබේ ගෙදර ප්‍රධාන දොරේ සහ කුස්සියේ දොරේ අගුල, ගෙදර වැඩ ඉවර කරලා බාස්ලා ගියාට පස්සේ, ඔබටම වෙනස් කරගන්න පුළුවන්, එහි තියන සිලින්ඩරය නමැති කොටස මාරු කිරීමෙන්. බාස්ලා යතුරු පිටපතක් අරන් ගිහින් තිබුණත්, වැඩක් වෙන්නේ නැහැ එතකොට. මේ තියෙන්නේ සිලින්ඩරය සහ යතුරු. රු 600 සිට ඉහළට තියනවා. පාර දෙපැත්තේ මූණට මූණ තියන ගෙවල් දෙකේ නෝනලා දෙන්නම, මාළු කාරයාගෙන් මාළු ගන්න/ පාන් කාරයාගෙන් පාන් ගන්න/එළවලු කාරයාගෙන්/තව තව කාරයන්ගෙන් තව තව එව්වා ගන්න, ගෙදර ගේට්ටුව ලඟට එනවා. ඔන්න ඉතිං දෙන්න කතාකරන්නේ, අරයට මෙයාව ඇහෙන තරම් හඬින් නේ. අර 'කාරයා'ට ඔක්කොම ඇහෙනවා. මොනවද කතා කරන්නේ. 'මේ දවස්වල මහත්තයා රාජකාරි වැඩකට ඈත පළාතකට ගිහිල්ලා මම විතරයි ඉන්නේ'. 'අපේ දුව මේ දවස්වල රෑට පාඩම් කරනවා. මටනම් ඇහැරලා ඉන්න බැහැ. මම උඩ තට්ටුවට වෙලා නිදාගන්නවා'. 'අපේ චූටි දුව රෑට හිටපු ගමන් අම්මා ලඟට යනවා ආයේ එනවා'. 'අර බැංකුවේ තියපු බඩුටික ඔන්න අවුරුද්දකට පස්සේ ඊයේ තමයි බේරාගෙන ආවේ'. අනේ අනේ නන්නානේ. තව ඉතිං කියන්නේ නැත්තේ, රෑට ඇඳගෙන ඉන්නේ මොනවද කියල විතරයි. ඉවරයි නේද වැඩේ? අර 'කාරයා' හොර කල්ලියක සාමාජිකයෙක් නම්, ඌ ගිහින් ඔක්කොම විස්තරේ දෙනවා තිතට. ඔව්වට තමා කියන්නේ විහින් නහිනවා කියලා. ඔබේ ගෙදර පොල් ලෙලි ගහන උලක් තියනවද? අවශ්‍ය වෙලාවට පොළොවේ ඇනලා, පොල් ලෙලි ගහගෙන, ආපහු ගෙට ගන්නවද? එහෙම නැත්නම්, ස්ථිරව පොළොවේ ඇනලා ද තියෙන්නේ? පොල් උල ගලවා ගත්තම, දොරවල් ගලවන්න හරිම ලේසියි. පොල් උල ස්ථිරව සවි කරනවා නම්, කොන්ක්‍රීට් දමා සවිකරන්න ගලවන්න බැරි වෙන්න. යකඩ ඉනි, පොරොව, මන්නය, ලොකු පිහියා, රෑට ගෙයින් පිටත තබන්න එපා. ගෙදර වසා යනවිට, ඉතා හොඳින් හොයාබලා, එවැනි සියලු දේ ගෙට දමා යන්න. රෑට මහ හඬින් ගෙදර රේඩියෝවේ පිරිත් දැමීම, හිතට සහනයක් වුනත්, ගෙදර ඉන්න එකෙකුගේ බෙල්ල මිරිකුවත් ඇහෙන්නේ නැහැ. මේ ලිව්වේ ටිකයි. තව ගොඩක් ලියන්න පුළුවන්. මේ ඔස්සේ හිතන්න. ඔබේ ගෙදරට අදාළ ආරක්ෂක සැලැස්මක් ඔබම හදන්න. එය වෙන කාටවත් කියන්න එපා. [/SIZE][/COLOR] source [url]http://wicharaka.blogspot.com[/url] share this [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom