මෝඩකමට බෙහෙත් නැත

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මෝඩකමට බෙහෙත් නැත

    මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්‍ෂණ, (සමහර එව්වා නම් පශ්චාත් නෙවෙයි පශ්චාද්) පූර්ව නිගමන සහිත නඩු තීන්දු, සම්මතයට ව්‍යතිරේක වූ දණ්ඩන ක්‍රම, කරළියට එනවා.

    මා දුටුවා, දෙරණ රූපවාහිනී නාලිකාව, සේයා සදෙව්මිගේ ගෙදර හා පරිසරය ඇසුරෙන් විස්තරයක් ඉදිරිපත් කරනවා, එම නිවසේ සහ පරිසරයේ ආරක්‍ෂාව ඉතා දුර්වල බව පෙන්වා දෙමින්. ඒ ඔස්සේ සිතා, පහුගිය කාලයේ මා ඇසූ දුටු සමහර කරුණු සලකා බලා මේ ලිපිය ලියන්නට සිතුණා. අදත් මෙවැනි සිද්ධි තුනක් රූපවාහිනියේ වාර්තා වුණා.

    නොච්චියාගම පැත්තේ අම්මා කෙනෙක්, ළදරු පාසල් යන තම දියණිය, එම ළදරු පාසල අසලින් බස්සවන ලෙස, බසයේ රියැදුරු (තමන් දන්නා හඳුනන නිසා) ගෙන් ඉල්ලා, බසයට ගොඩ කරලා. රියැදුරුට එම දැරිය බසයෙන් බස්සවන්නට අමතකවී, ඇය ගමනාන්තයටම ගිහිල්ලා. ඇය කලබලවී හඬනවිටයි රියැදුරුට සිහිය ආවේ. අලි ජංජාලයක් කරගෙන, පොලීසියත් ගෙන්වා, අන්තිමට දැරිය ආපහු මවට බාරදීලා. මේ අම්මාගේ මොළය ඇත්තටම ඔලුගෙඩිය තුළ පිහිටා තිබේද?

    නිවසක නිදා සිටි දැරියක් පැහැරගෙන යන්නට හෝ ලිංගික අපරාධයක් කරන්නට මිනිහෙක් ගෙදරක ජනේලයේ යකඩ ග්‍රිල් එකක් ගලවාගෙන ගෙට ඇවිල්ලා. දැරිය අවදිවී, බියෙන් කෑගහනවිට අර මිනිහා පැනලා ගිහිල්ලා. දැන් කාලේ ගැන හිතලා, ගෙදරක බලු කුක්කෙක් හදන්න බැරිද හොඳට බුරන එකෙක්. කවුරුහරි අපේ ගෙදර ගේට්ටුවට අත තිබ්බත් අපේ බල්ලා නම් බුරනවා. ගෙය වසා යනවිට, බල්ලා ගෙදර ඉදිරිපස බලු කූඩුවක තබන්න. ගෙදර උඩ තට්ටුවක් තියනවානම්, අවට පරිසරය හොඳට පෙනෙන තැනක බල්ලා තබන්න. ගෙදර බල්ලන් හදන්න බැරිනම්, රෑට ඉතුරුවෙන කෑම ටිකක්, පාර අයිනට හලන්න. ටික කලක් ගියාම, දඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා. (පිස්සු බල්ලෝ හැදෙනවා? අනේ නිකම් යන්න. උන්ට බෙහෙත් විදින්න PHI මහත්තයා එනවා නොවරදවාම, අපේ පැත්තෙනම්) උන් රෑට පාරේ කවුරු ගියත් බුරනවා. එය හොරුන්ට විශාල අභියෝගයක්. අපිට අනතුරු ඇඟවීමක්. තමන්ගේ නිවසේ ජනෙල් දොරවල් ශක්තිමත් නැත්නම්, මොනවද කරන්න පුළුවන් විකල්ප ක්‍රියා. මම කියන්නම්. තල්ලු කිරීම, හැප්පීම, වැනි ක්‍රියා නිසා, මහා හඬක් නගා පෙරලෙන විදිහට, ටකරන් තහඩු, බෙලෙක් ටින්, බාල්දි, ආදිය, සොරුන් ඇතුළුවේයැයි සැක හිතන තැන්වල තියන්න. කකුලේ පැටලී වැටෙන්න කලුපාට ගෑ යකඩ කම්බි ඇද තබන්න. කළුවර තැන්වල බිම, අපිළිවෙලකට බෙලෙක් ටින් තබන්න, කකුලේ හැපෙන ලෙස. ඒ ශබ්දය ඇති අපිට ඇහැරෙන්න.

    භික්‍ෂුවක් හෙවත්, චීවර ධාරියෙක් හෙවත් හාමුදුරු නමක්, නව යෞවන වියේ පසුවන ගෑණු ළමයින් කීප දෙනෙකුව දූෂණය කරලා, පන්සලේදී. එයින් දෙදෙනෙකුව ඒ භික්‍ෂු/හාමුදුරු/චීවරධාරියාගේ බලපුළුවන්කාර කමින් ගබ්සා කරලා. ඊයේ පෙරේදා ඒ පැත්තේ තවත් ගෑණු ළමයකුගේ මව, එම දැරිවියගේ අසනීප තත්වයක් නිසා, බෙහෙත් ගන්න පළාතේ රජයේ රෝහලට ගියාම, වෛද්‍යවරයා විසින් කියා තිබෙනවා, එම දැරිවිය මාස තුනක පමණ ගැබිනියක් බව. අර පුඟුලා, උගේ දේශපාලන බලපුළුවන්කාර කම් පෙන්නා, පොලීසියෙන් ගැලවී යන්නට හදද්දී, ගමේ මිනිස්සු ඌව අල්ලා, හොම්බට දෙකක් ඇණ, නැවත පොලීසියට බාරදීලා. තාත්තලා දුවලව දූෂණය කරන මේ කාලේ, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඕනෙම තැනක තියන ටියුෂන් පන්ති, අර ක්ලාස්, මේ ක්ලාස්, ගානේ තම දරුවන් දක්කන, නමුත් ඔවුන් කරන්නේ මොනවාද, ඒ තැන්වල සිද්ධ වෙන්නේ මොනවාද කියා නොසොයන නොබලන, අමනකමේ ප්‍රතිඵලයක් ලෙස, මෙවැනි සිදුවීම් වෙන එක පුදුමයක්ද? මේ අබබ්බ අම්මලා තාත්තලම නේද, 'යෙල්ලුන් ගෂ ජියව් ජියව්' කියමින් පාරට බැස බෑඟිරි ගාන්නේ? මම අළුගෝසු වැඩේ කරනවා කියලා, පපුවට ගහගන්නේ? අම්මපා මුන්දලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි.
    මෙන්න තවත් මා විසින් කළ නිරීක්‍ෂණ:-

    පොලීසියෙන් ආරක්‍ෂක කමිටු මගින් ගෙවල් ගානේ ගිහින් දැනුවත් කරනවා, රෑට ගෙයින් පිටත ලයිට් එකක් දාලා තියන්න. (දුප්පත් මිනිස්සු පහන් පැලක් වත් හදලා පත්තු කරපල්ලකෝ) නිදාගන්න කලින් ගෙදර අහුමුළු පරීක්ෂා කරන්න. ගේට්ටුවක් ඇත්නම් එය හොඳින් වසන්න, නින්දට පෙර ගෙදර දොරජනෙල් හොඳින් වසා ඇද්දැයි සැක හැරගන්න. අසල්වැසියන් සමග සුහදව ඉන්න. ඔවුන්ගේ දුරකථන අංක දැනගෙන ඉන්න. ගමේ වැඩිහිටි පිරිමි අය ඉඳහිට රෑට ගමේ මුර සංචාරයක යෙදෙන්න. ගමට එන නාඳුනන පුද්ගලයන්ගෙන් අහන්න ඔවුන් කවුද කියා. සැක නම් පොලීසියට දන්වන්න. තව කොච්චර උපදෙස් දෙනවද? කරනවද එකක්වත්? මං අහන්නේ කරනවද එකක්වත්? කරන්නේ නෑ. ඇයි? වැඩ වැඩියි කියන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා. ගමේ සාමූහිකත්වයක් නැති නිසා. මගේ ගෙදර විතරක් රැකුනොත් ඇති කියන, අමන මරිමෝඩ සිතුවිල්ල නිසා. හැමදාම රෑට පොලීසිය ඇවිත් ගමේ ලගින්න ඕනේ. බළල් පැටියෙක්වත් නැතිවෙන්න බැරි විදිහට, පොලීසිය ගම රකින්න ඕනේ. අනේ අනේ නන්නානේ. පොලීසියට වෙන වැඩ නැහැනේ.

    පොලීසිය කියනවා නාඳුනන පුද්ගලයන්, ගමට එන විවිධාකාරයේ වෙළෙන්දන්, වෙළඳ නියෝජිතයන් වැනි අය, ගොඩනැගිලි ඉදිකරන්නන්, කුලී වැඩ සොයන්නන් මෙන් පෙනී සිටින අය සහ ඇත්තටම එවැනි වැඩ සඳහා යොදාගන්නන් ගැන, කල්පනාකාරීව සිටින ලෙස. ලංකාවේ ගෙවල් බිඳුම් බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ, එම ගෙදර හදන්න ආව බාස් කෙනෙක් හෝ අත්වැඩ කරුවෙක්. මොකද, ඔවුන් ගෙදර සැලැස්ම වගේම, ගෙදර අයගේ චර්යා රටාව දන්නවා. (වැඩට යන එන වෙලාව, ගෙදර කවුරුවත් නැති වෙලාව වැනි) ඔබේ ගෙදර ප්‍රධාන දොරේ සහ කුස්සියේ දොරේ අගුල, ගෙදර වැඩ ඉවර කරලා බාස්ලා ගියාට පස්සේ, ඔබටම වෙනස් කරගන්න පුළුවන්, එහි තියන සිලින්ඩරය නමැති කොටස මාරු කිරීමෙන්. බාස්ලා යතුරු පිටපතක් අරන් ගිහින් තිබුණත්, වැඩක් වෙන්නේ නැහැ එතකොට. මේ තියෙන්නේ සිලින්ඩරය සහ යතුරු. රු 600 සිට ඉහළට තියනවා.

    පාර දෙපැත්තේ මූණට මූණ තියන ගෙවල් දෙකේ නෝනලා දෙන්නම, මාළු කාරයාගෙන් මාළු ගන්න/ පාන් කාරයාගෙන් පාන් ගන්න/එළවලු කාරයාගෙන්/තව තව කාරයන්ගෙන් තව තව එව්වා ගන්න, ගෙදර ගේට්ටුව ලඟට එනවා. ඔන්න ඉතිං දෙන්න කතාකරන්නේ, අරයට මෙයාව ඇහෙන තරම් හඬින් නේ. අර 'කාරයා'ට ඔක්කොම ඇහෙනවා. මොනවද කතා කරන්නේ. 'මේ දවස්වල මහත්තයා රාජකාරි වැඩකට ඈත පළාතකට ගිහිල්ලා මම විතරයි ඉන්නේ'. 'අපේ දුව මේ දවස්වල රෑට පාඩම් කරනවා. මටනම් ඇහැරලා ඉන්න බැහැ. මම උඩ තට්ටුවට වෙලා නිදාගන්නවා'. 'අපේ චූටි දුව රෑට හිටපු ගමන් අම්මා ලඟට යනවා ආයේ එනවා'. 'අර බැංකුවේ තියපු බඩුටික ඔන්න අවුරුද්දකට පස්සේ ඊයේ තමයි බේරාගෙන ආවේ'. අනේ අනේ නන්නානේ. තව ඉතිං කියන්නේ නැත්තේ, රෑට ඇඳගෙන ඉන්නේ මොනවද කියල විතරයි. ඉවරයි නේද වැඩේ? අර 'කාරයා' හොර කල්ලියක සාමාජිකයෙක් නම්, ඌ ගිහින් ඔක්කොම විස්තරේ දෙනවා තිතට. ඔව්වට තමා කියන්නේ විහින් නහිනවා කියලා. ඔබේ ගෙදර පොල් ලෙලි ගහන උලක් තියනවද? අවශ්‍ය වෙලාවට පොළොවේ ඇනලා, පොල් ලෙලි ගහගෙන, ආපහු ගෙට ගන්නවද? එහෙම නැත්නම්, ස්ථිරව පොළොවේ ඇනලා ද තියෙන්නේ? පොල් උල ගලවා ගත්තම, දොරවල් ගලවන්න හරිම ලේසියි. පොල් උල ස්ථිරව සවි කරනවා නම්, කොන්ක්‍රීට් දමා සවිකරන්න ගලවන්න බැරි වෙන්න. යකඩ ඉනි, පොරොව, මන්නය, ලොකු පිහියා, රෑට ගෙයින් පිටත තබන්න එපා. ගෙදර වසා යනවිට, ඉතා හොඳින් හොයාබලා, එවැනි සියලු දේ ගෙට දමා යන්න. රෑට මහ හඬින් ගෙදර රේඩියෝවේ පිරිත් දැමීම, හිතට සහනයක් වුනත්, ගෙදර ඉන්න එකෙකුගේ බෙල්ල මිරිකුවත් ඇහෙන්නේ නැහැ.

    මේ ලිව්වේ ටිකයි. තව ගොඩක් ලියන්න පුළුවන්. මේ ඔස්සේ හිතන්න. ඔබේ ගෙදරට අදාළ ආරක්‍ෂක සැලැස්මක් ඔබම හදන්න. එය වෙන කාටවත් කියන්න එපා.

    source http://wicharaka.blogspot.com
    share this
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගේට්ටුවක් ඇත්නම් එය හොඳින් වසන්න,

    මේකත් හරියට මදුරුවෝ එන හින්ද ගේට්ටුව වහන්න කියනවා වගේ වැඩක්. ගොඩක් හෙවල් වල ගේට්ටු තිබුනට වත්ත වටේට තියෙන්නේ ගස් වලින් හැදිච්ච වැටක් එහෙමත් නැත්නම් කටුකම්බි වැටක්. කොච්චර ගේට්ටිව ආරක්ෂා කරත් වැඩක් නැහැ. වට පිට ආරක්ෂා නැත්නම්. ඒ එක්කම ගොඩක් කට්ටිය අල්ලපු ගෙවල් වල උදවියත් එක්ක අමනාපයි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Hoda ballek hadana eka yi harima wade.pomaneryan neme.hari
    minihata wada satha uge yuthukama akuratama itukranawa.
    balla gedara eka manussayekta dennekta witharak keekaru karawanna.
    hamogema surathala wunoth ugen athi wedak ne.

    ge wateta thappayak thiye nam ballawa reta lehala thiyanna puluwanne.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ගේට්ටුව වහන්න හැබැයි තාප්පයක් තියෙනවනං තාප්පෙන් ලේසියෙන් පනින්න පුළුවන් තැනක් හදල එතනට සෙන්සර් එකක් හරි, අඩුම ගානෙ පනිද්දි පැටලෙන්න නූල් කෑල්ලක් හරි දාන්න :dull: :dull:
    හොරු පනින එක නවත්තන්න බෑ ඒ වුනාට අපිට පුළුවන් හොරාගෙ මෝඩ කමෙන් හොරාව අපිට ඕනෙ තැනිං පන්නන්න :D :D
    පැනපු ගමං අපි දන්නව හොරෙක් පැන්න කියල හොරා ගෙදරට ඇතුල් වෙන තැන දොර ගාව ඉඳල ආපු හැටියෙ නහය මැද්දට ඔළුව දෙකට කපාගෙන මොලේට මන්නෙ බස්සන්නයි තියෙන්නෙ ආයෙ මැරිලවත් නැඟිටින්නෑ :love: :love:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Hoda ballek hadana eka yi harima wade.pomaneryan neme.hari
    minihata wada satha uge yuthukama akuratama itukranawa.
    balla gedara eka manussayekta dennekta witharak keekaru karawanna.
    hamogema surathala wunoth ugen athi wedak ne.

    ge wateta thappayak thiye nam ballawa reta lehala thiyanna puluwanne.

    lankawe hema paulakatama honda ho waltasion kenek athi karanna behe. A ekkama hema gaykama wateta thappayak hadanna puluwan kamak nathi ayath innawa.
     
    අපේ පැත්තෙ ගෙදරක ඕක කල්ල හොරු බල්ලට කොටල ගිහිං තිබ්බ :dull: :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් ගේට්ටුව වහන්න හැබැයි තාප්පයක් තියෙනවනං තාප්පෙන් ලේසියෙන් පනින්න පුළුවන් තැනක් හදල එතනට සෙන්සර් එකක් හරි, අඩුම ගානෙ පනිද්දි පැටලෙන්න නූල් කෑල්ලක් හරි දාන්න :dull: :dull:
    හොරු පනින එක නවත්තන්න බෑ ඒ වුනාට අපිට පුළුවන් හොරාගෙ මෝඩ කමෙන් හොරාව අපිට ඕනෙ තැනිං පන්නන්න :D :D
    පැනපු ගමං අපි දන්නව හොරෙක් පැන්න කියල හොරා ගෙදරට ඇතුල් වෙන තැන දොර ගාව ඉඳල ආපු හැටියෙ නහය මැද්දට ඔළුව දෙකට කපාගෙන මොලේට මන්නෙ බස්සන්නයි තියෙන්නෙ ආයෙ මැරිලවත් නැඟිටින්නෑ :love: :love:

    :lol::lol::lol::lol::lol:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඔව් ගේට්ටුව වහන්න හැබැයි තාප්පයක් තියෙනවනං තාප්පෙන් ලේසියෙන් පනින්න පුළුවන් තැනක් හදල එතනට සෙන්සර් එකක් හරි, අඩුම ගානෙ පනිද්දි පැටලෙන්න නූල් කෑල්ලක් හරි දාන්න :dull: :dull:
    හොරු පනින එක නවත්තන්න බෑ ඒ වුනාට අපිට පුළුවන් හොරාගෙ මෝඩ කමෙන් හොරාව අපිට ඕනෙ තැනිං පන්නන්න :D :D
    පැනපු ගමං අපි දන්නව හොරෙක් පැන්න කියල හොරා ගෙදරට ඇතුල් වෙන තැන දොර ගාව ඉඳල ආපු හැටියෙ නහය මැද්දට ඔළුව දෙකට කපාගෙන මොලේට මන්නෙ බස්සන්නයි තියෙන්නෙ ආයෙ මැරිලවත් නැඟිටින්නෑ :love: :love:

    poya lagada ?:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    poya lagada ?:baffled:

    ඔව්නෙ ලබන සතියෙනෙ :dull: :dull:
    පෝය ලඟයි කිව්වට බලපංකො මං සොම්බි ඇටෑක් එකකිං බේරෙන විදිහ කියද්දිත් ඕකම කිව්ව කවද හරි වෙච්චි දාක තේරෙයි :sorry: :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව්නෙ ලබන සතියෙනෙ :dull: :dull:
    පෝය ලඟයි කිව්වට බලපංකො මං සොම්බි ඇටෑක් එකකිං බේරෙන විදිහ කියද්දිත් ඕකම කිව්ව කවද හරි වෙච්චි දාක තේරෙයි :sorry: :sorry:

    කළ ගෙඩියක් විතර ඔලු ගෙඩියක් තිබුනට අල ගෙඩියක් තරම් වත් මොළ ගෙඩියක් නැ කියන්නේ ඕකට තමයි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    lankawe hema paulakatama honda ho waltasion kenek athi karanna behe. A ekkama hema gaykama wateta thappayak hadanna puluwan kamak nathi ayath innawa.

    ape gedara ganin machan.:dull:
    thappa ne.:dull:
    altasion ne.:dull:
    e wunata wal ballo 3 denek innawa ona waliyakata.:baffled:
    un reta dawalta 24X7X365 full alert eke inne.:frown:
    kanna dunnath nethath unge dutyya karanawa elata.:)

    samahara gewal thiyenawa machan gedara ithuru wena kema sathekta denne ne.aduma gane kurullektawath.okkoma kunu walata danawa.walalanawa.:frown::frown::frown::frown:
    kalakanni weda ewwanam.:dull::dull::dull:

    apata eha gedara inne doberman ekek.uu kuduwemayi.
    uu buh buh ganawa witharayi.
    ekata ape badu 3.kollek awath ballek awath aru chutha wenakan buranawa.:lol::lol::lol:
    hapanne ne.:lol::lol:
    unge kandos kiriyawa ahanna beri hinda kawuruth enneth ne lesiyen.:lol::lol:

    me lagadi adara illanna awa porak.pora deyak kiyanawa mata theren ne.ayi ballo 3 jathiya amathanawa.aru ita passe thawa monawada kiyala yanna giya.:baffled::baffled::baffled:

    ballo dennek machan kawuda ekek parata dala thiyeddi hadaganna gaththu dennek.anikath dura behera predeshayaka e wagema ekek.:(:(:(

    අපේ පැත්තෙ ගෙදරක ඕක කල්ල හොරු බල්ලට කොටල ගිහිං තිබ්බ :dull: :dull:[/QUOTE]

    pomaneriyan hadapuwama ohoma thama.ballek hadanna one arakshawata.:)
    unta wenama training ekak deela ganna one.:)
    ethakota ballo ochchara chha wenne ne.:)

    ape paththe wechcha uda... dekak.:)

    ekek horen wattaka pol kadala himeeta bahina kota balla uge puken lawata allala.aru ayi gahe.hebeyi sarama bima.:baffled::baffled:
    balla sarama aran gedara awa.
    hora kadapu pol gedi dekakin wahagena gedara gihilla.:lol:

    thawa ekek pare hitiya ballata bike eka agata kapanna gihin
    uu kanuwak asse giya.paw itin uu ballata mokooth kiwwe ne.:baffled::baffled:
     
    :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    ගෙදර ඉස්සරහ බෝඩ් එකක් ගහන්න

    "කරුණාකර හොරුන් ඇතුළුවීමෙන් වලකින්න" කියල. වැඩේ ඉවරයි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔව් ගේට්ටුව වහන්න හැබැයි තාප්පයක් තියෙනවනං තාප්පෙන් ලේසියෙන් පනින්න පුළුවන් තැනක් හදල එතනට සෙන්සර් එකක් හරි, අඩුම ගානෙ පනිද්දි පැටලෙන්න නූල් කෑල්ලක් හරි දාන්න :dull: :dull:
    හොරු පනින එක නවත්තන්න බෑ ඒ වුනාට අපිට පුළුවන් හොරාගෙ මෝඩ කමෙන් හොරාව අපිට ඕනෙ තැනිං පන්නන්න :D :D
    පැනපු ගමං අපි දන්නව හොරෙක් පැන්න කියල හොරා ගෙදරට ඇතුල් වෙන තැන දොර ගාව ඉඳල ආපු හැටියෙ නහය මැද්දට ඔළුව දෙකට කපාගෙන මොලේට මන්නෙ බස්සන්නයි තියෙන්නෙ ආයෙ මැරිලවත් නැඟිටින්නෑ :love: :love:

    badina thuwakku set karalath thiyapan :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    badina thuwakku set karalath thiyapan :baffled:

    තුවක්කුව හොඳයි ඒත් මන්නෙයක් කඩුවක් පිහියක් බස්සනව තරං දැනෙන්නෑ බං නිකංම ට්‍රිගර් එක ඔබල උණ්ඩයක් ගිහිං වදිද්දි :no: :no: