මෝඩිගේ නෝර්වුඩ් කතාව
වෙලාවක් ඇරන් අනිවාර්‍යයෙන්ම මේ ලිපිය කියවන්න
නැති ලෙඩ ඇති කරන මෝඩිගේ නෝර්වුඩ් කතාව
උතුරේ ඊළාම් සිහිනය මදිවාට කඳුකරයටත් බෙදුම්වාදී සිහිනයක්...
අපේ රටේ දන්නා ඉතිහාසය අනුව ස්‌වකැමැත්තෙන් පැමිණ හෝ වෙනත් පිරිසක් විසින් රැගෙනැවිත් විදේශිකයන් පදිංචි වූ, පදිංචි කෙරවූ අවස්‌ථා ගණනාවකි. විජය කුමාරයා ඇතුළු හත්සියයක් පිරිස ස්‌වකැමැත්තෙන් පැමිණ පදිංචි විය. ගජබා රජු විසි හතර දහසක් සිරකරුවන් දකුණු ඉන්දියාවෙන් රැගෙනැවිත් පදිංචි කෙරවූ බව සඳහන්ය. ඊළඟට මහා පරිමාණයෙන් විදේශිකයන් මෙරටට රැගෙන එන්නේ ලන්දේසීන් ය. ඒ දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ තීරයේ සිටයි. යාපන අර්ධද්වීපයේ දුම්කොළ වගාව සඳහා ලන්දේසීන් මෙසේ රැගෙන ආ පිරිස මලබාර්වරු ලෙස ලන්දේසි ලියකියෑවිලිවල සඳහන් වේ. ලන්දේසීන්ට පෙර යාපනයේ බලය පතුරුවාගෙන සිටි පෘතුගීසීන් යාපනයෙන් ආදායම් ඉපද වූයේ අලිඇතුන් වෙළෙඳමෙන් සහ තොටුපොළ බදු අය කිරීමෙන්ය. එහෙත් ලන්දේසීන්ට යාපනයේ පාලන බලය හිමි වන විට අලි ඇතුන් මිලදී ගැනිම් කළ ඉන්දීය වංශවතුන්ගේ ආර්ථික බලය පිරිහීමත්, ලංකාවේ උඩරට රජු ප්‍රබල වී වෙළෙඳාමට බාධා කිරීමත් නිසා යාපනය තවදුරටත් පාලනය කරනවා නම් ඉන් ප්‍රමාණවත් ආදායමක් ඉපිද වීමට ලන්දේසීන්ට අවශ්‍ය විය. ඒ සඳහා ලන්දේසීන්ගේ තෝරා ගැනීම වූයේ දුම්කොළ වගාවයි. කෙසේ වෙතත් දුම්කොළ වගාවට ප්‍රමාණවත් ශ්‍රමිකයන් පිරිසක් යාපනයේ නොසිටි නිසා ලන්දේසීහු දකුණු ඉන්දියානු ශ්‍රමිකයන් යාපනයට ගෙන ආහ. අද යාපනයේ සිටින දෙමළ ජනතාවගෙන් බහුතරයක් මෙසේ දුම්කොළ වගාවට 1650-1750 අතර රැගෙන ආ පිරිසගෙන් පැවත එති.
ඊළඟට විදේශිකයන් මෙරටට රැගෙන ආවේ බ්‍රිතාන්‍ය පාලකයන් ය. ඔවුහු 1823 වසරේ සිට වරින් වර දකුණු ඉන්දීය, දෙමළ සහ මලයාලම් බස කතා කරන ජනතාව ශ්‍රමිකයන් ලෙස මෙරටට රැගෙන ආහ. දෙමළ කුල ධුරාවලියේ පහතින්ම සිටින දැඩි සමාජ පීඩනයට ලක් වූ පිරිස් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ තෝරා ගැනීම විය. තමිල්නාඩුවේ කොයිම්බතූර්, මදුරාව, තන්ජවූර්, චෙන්ගල්පත්තු වැනි ප්‍රදේශ මේ ජනතාවගේ මුල් ගම් බිම් විය. ඔවුන් බහුතරය දකුණු ඉන්දියාවේ සිට මන්නාරමට බෝට්‌ටු මගින් රැගෙනැවිත් එතැන් සිට පා ගමනින් කුරුණෑගල, මාතලේ, මහනුවර ඔස්‌සේ මධ්‍ය කඳුකරයට පිටත් කරන ලදි. ඒ අතරතුර බෝට්‌ටු අනතුරුවලින්, වසංගත රෝගවලින් සහ වල් අලි ප්‍රහාරවලින් සැලකිය යුතු පිරිසක් මියගිය බව ඉංග්‍රීසි පාලකයන්ගේ ලේඛනවල දැක්‌වුවද නිශ්චිත වශයෙන් ඒ කොපමණ ද යන්න සටහන්ව නැත. මෙසේ රැගෙන ආ ඇතැම් කණ්‌ඩායම්වල බහුතරය කොලරාව සහ වසූරිය රෝගවලින් මියගිය බව සඳහන්ය. බ්‍රිතාන්‍යයන් සංක්‍රමණික දෙමළ ජනතාවට සැලකුවේ අතිශය කෲර ආකාරයටය.
1823 වසරේ සිට 1900 දක්‌වා බ්‍රිතාන්‍ය පාලකයන් රැගෙන ආ මුළු ශ්‍රමිකයන් ගණන දොළොස් ලක්‌ෂයකට ආසන්න ය. එය මෙරට ඉතිහාසය තුළ සිදු වූ සංඛ්‍යාත්මකව ඉහළම විදේශීය ජන සංක්‍රමණයයි. මෙසේ ගෙන ආ දෙමළ ජනතාවගෙන් කොටසක් මහාමාර්ග ඉදිකිරීමට සහ වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය සඳහා යෙදවීය. ඔවුන් නැඟෙනහිර පළාතේ වෙරළබඩ තීරයේ පදිංචි විය. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල දෙමළ ජනතාව පැවත එන්නේ ඔවුන්ගෙනි. බ්‍රිතාන්‍යයන් රැගෙන ආ දෙමළ ජනතාවගෙන් බහුතරය මධ්‍ය කඳුකර ප්‍රදේශවල පදිංචි කරවනු ලැබීය. ඒ ආරම්භයේදී කෝපි වගාව සඳහාත් පසුව තේ වගාව සඳහාත් ය. තවත් පිරිසක් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්‌ත්‍රික්‌කවල රබර් වගාව සඳහා ද යොදවනු ලැබීය.
ඉංග්‍රීසි පාලකයන් දෙමළ ජනතාව ලක්‌ෂ ගණනින් කඳුකරයට රැගෙන ආවේ කෝපි සහ තේ වගාවට පමණක් නොවේ. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය විය. 1818 දී මධ්‍ය කඳුකරයේදීත්, ඌව වෙල්ලස්‌සේදීත් ඉංග්‍රීසීන්ට සිංහලයන්ගෙන් එල්ල වූයේ අතිශය ලැඡ්ජා සහගත ප්‍රහාරයක් බව ඉංග්‍රීසි නිලධාරීන් සහ ලේඛකයන්ම දක්‌වා ඇත. එය ලොව පුරා ව්‍යාප්ත වූ හිරු නොබසින අධිරාජ්‍යයට එක් වූ කළු පැල්ලමක්, මහා නින්දාවක් ලෙස ඉංග්‍රීසීහු සැලකූහ. මේ නිසා උඩරට සිංහලයන්ගෙන් ක්‍රමානුකූලව පළි ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසි නිලධාරීන්, උගතුන්, බුද්ධිමතුන් සකස් කළ වැඩපිළිවෙළේ එක් අංගයක් වූයේ සිංහල බලය මැඬලීමට සිංහලයන් ඉක්‌මවා යන දෙමළ ජන පිරිසක් කඳුකර ප්‍රදේශවල පදිංචි කිරීමයි. 1840 දී හඳුන්වා දුන් අංක 12 දරන අනවසර ඉඩම් ආඥා පනත අනෙක් ප්‍රධාන අංගයයි. එමගින් ඔප්පු, තිරප්පු, සන්නස් වැනි ලි�ත සාක්‍ෂිs ඉදිරිපත් කළ නොහැකි වූ සියලු ඉඩම් ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ඉඩම් ලෙස සලකන ලදී. අවුරුදු දහස් ගණනක් සශ්‍රීක ලෙස වගා කරමින් පරම්පරා ගණනකට බත සැපයූ ගොඩ-මඩ ඉඩම්, මුඩුබිම් සහ හිමිකරුවන් නොමැති ඉඩම් ලෙස ඉංගී්‍රසි ආණ්‌ඩුවට අයත් විය. පසුව ඒවා කෝපි සහ තේ වගාවට යොදා ගන්නා ලදී. තව ද සිවු දිසාවට ගලා බැසි ගංගා ඇළ දොළ පෝෂණය කළ නොඉඳුල් වැසි වනාන්තර විනාශ කරමින් එම භූමිය කෝපි සහ තේ වතු බවට පත් කළේය. ඒවායේ සිටි දහස් සංඛ්‍යාත අලි ඇතුන් ඉංග්‍රීසි සෙල්ලක්‌කාරයන්ගේ දඩයම් ගොදුරු බවට පත් විය.
1948 දී ඉංග්‍රීසීන් නාමිකව රට හැර ගිය ද ඔවුන් ජනිත කළ ප්‍රශ්න ගණනාවක් ඉතිරි විය. දකුණු ඉන්දියාවේ සිට වරින් වර මෙරටට රැගෙන ආ දොළොස් ලක්‌ෂයකට ආසන්න දෙමළ ශ්‍රමිකයන්ගේa ප්‍රශ්නය ඉන් ප්‍රධාන විය. 1911 ජන සංගණනයේදී පොන්නම්බලම් අරුණාචලම්ගේ අවශ්‍යතාව මත එතෙක් මලබාර්වරු ලෙස හඳුන්වනු ලැබූ උතුරේ දෙමළ ජනතාව ලංකා දෙමළ බවට පත් වූ අතර පසුව ගෙන ආ දෙමළ ශ්‍රමිකයන් ඉන්දියානු දෙමළ බවට පත් විය. මෙරට අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට උවමනා වූයේ සිය බලය පවත්වාගෙන යැම සඳහා ඉන්දියානු දෙමළ නමින් හැඳින්වූ ජන කොටසට පුරවැසිකම ලබාදී ගොඩ පිටින්ම තමාගේ කරගෙන ඡන්දවාසි ලබා ගැනීමටයි.
කෙසේ වෙතත් පසුගිය සියවසේ මෙරට දේශපාලනයට බිහි වූ ජාතිමාමක ප්‍රාඥාවන්ත චරිතයක් වූ සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිනියගේ රාජ්‍ය තාන්ත්‍රික දක්‌ෂතාව නිසා ඉංග්‍රීසීන් ගෙන ආ, කිසිදු රටක පුරවැසියන් නොවූ ලක්‌ෂ සංඛ්‍යාත වතු දෙමළ ජනතාවට රටක උරුමය හිමි විය. 1964 ඔක්‌තෝබර් මසදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වූ ලාල් බහදූර් ශාස්‌ත්‍රී සමඟ සිරිමාවෝ මැතිනිය අත්සන් කළ ගිවිසුම අනුව ඉන්දීය වතු දෙමළ ජනතාවගෙන් 525,000 ක් යළි භාර ගැනීමට ඉන්දියාව එකඟ වූ අතර තුන් ලෂයකට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබාදීමට යෝජනා විය. තවත් 150,000 ක් ගැන තීරණය පසුවට ගැනීමට එකග විය. පන්ලක්‌ෂ විසි පන්දහසක් යළි ඉන්දියාවට යෑවීමට එකග වූවද එසේ ඉන්දියාවට ගොස් තිබුණේ දෙලක්‌ෂ අසූ දහසක් පමණි. ඉන්දියාවට යැමට සිටි ලෂ දෙකහමාරකට ආසන්න පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක මැදිහත්වීමෙන් අතරමඟ, නතර කරවාගෙන මන්නාරම, කිලිනොච්චි, මුලතිව් ප්‍රදේශවල පදිංචි කරවන ලදී. තවත් පිරිසක් යළි කඳුකරයට රැගෙන යන ලදී. අවසානයේ 2003 දී මේ සියලු දෙනාට ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ගේ පනත යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිකම හිමි විය.
ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලැබුණු වතු දෙමළ ජනතාවගේ ඡන්ද බලය මුළුමනින්ම පාලනය කළේ පුද්ගලයන් කිහිප දෙනකු ය. එහි කැපී පෙනෙන චරිතය වූයේ සෞම්‍යමූර්ති තොණ්‌ඩමන් මහතාය. ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ දේශපාලනය කළමනාකරණය කිරීමට තොණ්‌ඩමන් මහතා යොදා ගත්තේ ය. උඩරට වතු දෙමළ ඡන්ද ප්‍රසාරණය වන විට තොණ්‌ඩමන් පවුලේ පැවති ඒකාධිකාරය බිඳහෙළීමට තවත් නායකයන් කිහිප දෙනකු ඉන්දියානු ඔත්තු සේවා මැදිහත් වීමෙන් නිර්මාණය කෙරුණි. අවසානයේ මේ සියලු දෙනා අවනත වන්නේ ඉන්දියානු බසටයි. ශ්‍රී ලංකාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට ලබා දුන් නාස් ලණුව බවට අද වන විට වතු දෙමළ ජනතාව පත් වී ඇත. අදත් උඩරට දෙමළ ජනතාවගේ ඡන්දයට ඉන්දියානු ඔත්තු සේවා සැලකිය යුතු බලපෑමක් කරයි. උඩරට දෙමළ ජනතාව මෙරට දේශපාලනයට කරන බලපෑම විදහා පෑ හොඳම උදාහරණය නම් 2015 ජනාධිපතිවරණය යි. මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු රටෙන්ම වැඩි ඡන්ද ලක්‌ෂ හතර හමාරක් ගනිද්දී ඉන් එක් ලක්‌ෂ පහළොස් දහසක් පැමිණියේ නුවරඑළිය-මස්‌කෙළිය ආසනයෙනි.
වෙසක් උත්සවය සමරන්නට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තකහනියක් දික්‌ඔයට, නෝර්වුඩ්වලට ගියේ මේ වටිනාකම දන්නා නිසාය. දික්‌ඔය රෝහල වැඩි දියුණු කිරීමට ආධාර ලබාගත්තේ පසුගිය රජය කාලයේදී බව ඇතැම්හු පැවසූහ. එම තීරණය කවුරුන් ගත්ත ද එය බුද්ධිමත් තීරණයක් නොවේ. ඉන්දියාවේ සිට පැමිණි තාත්තලා, අම්මලා, ආච්චිලා, සීයලාගෙන් පැවත ආවද දැන් මේ ජනතාව ශ්‍රී ලංකානු පුරවැසියන්ය. ඔවුන් ගැන සම්පූර්ණ වගකීම ඇත්තේ ශ්‍රී ලංකානු රජයටයි. ඒ අතර ඉන්දියාව ඔවුන්ගේ මෑත කාලීන ඉන්දීය සම්භවය යොදාගෙන අපේ රටේ දේශපාලනයට බලපෑම් කරයි. එවන් අවස්‌ථාවක කවර රජයක් වුව කළ යුත්තේ ඉන්දියාවට අත පෙවීමට ඇති ඉඩ ප්‍රස්‌ථා අවම කරලීමයි. දික්‌ඔය රෝහල, එම ශේ්‍රණියේ ඇති අනෙක් රෝහල්වල ඇති පහසුකම්ම පැවති රෝහලකි. ඉන්දියාවට ශ්‍රී ලංකාවේ රෝහලක් වැඩි දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්‌ථානයක අවස්‌ථාව ලබාදීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමයි. අනෙක් අතට දික්‌ඔය රෝහල වැඩි දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉන්දියාව පටලවා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ්හිදී වතු දෙමළ ජනතාව වෙනම ම කොටසක් ලෙස ගෙන ආමන්ත්‍රණය කළේය. එමගින් වතු දෙමළ ජනතාව තුළ ගොඩනැඟෙන නිසග මානසිකත්වය ඔවුන් ඉන්දියානු පුරවැසියන් පිරිසක් බවයි. මෝදි අග්‍රාමාත්‍යවරයා එය තවත් ස්‌ථීර කිරීමට මේ ජනතාව ඉන්දීය ඩයස්‌පෝරාවක කොටසක් ලෙස ද හැඳින්වීය. මවුපියන්, ආච්චිලා, සීයලා ඉන්දියාවේ සිට පැමිණිය ද දැන් ඔවුන් ශ්‍රී ලාංකිකයන් මිස ඉන්දීය ඩයස්‌පෝරාවක කොටසක්a නොවේ. තව ද ඉන්දීය සංස්‌කෘතිය මෙරට තුළ පවත්වාගෙන යැම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වතු දෙමළ ජනතාව ඇගයීමට ලක් කළේය. ඉන්දීය සංස්‌කෘතිය පවත්වාගෙන යන තාක් කල් මේ ජනතාව ශ්‍රී ලාංකික සමාජයේ කොටස්‌කරුවන් බවට පත් නොවේ. නීතියෙන්a හිමිකම ලැබුණ ද ඔවුන් ශ්‍රී ලාංකිකයන් වන්නේ මෙරට සංස්‌කෘතියට අවශෝෂණය වීමෙනි. ඉන්දීය අවශ්‍යතාව එය නතර කිරීමයි. තවදුරටත් ඉන්දියානු මානසිකත්වය ඇති පිරිසක් මෙරට නඩත්තු කිරීමයි. අවසානයේ ඔවුන් ඉත්තන් බවට පත් කරගෙන ශ්‍රී ලාංකීය දේශපාලනය හැසිරවීමයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ජනතාව ප්‍රසිද්ධ රැස්‌වීමකදී අමතමින් ඔවුන්ට විවිධ පොරොන්දු ලබා දෙන ලදී. ඒ නිකම්ම නොව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසල තබාගෙන ය. එක් රටක රාජ්‍ය නායකයකු අසල්වැසි රටකට ගොස් එම රටේ පුරවැසියන්ට පොරොන්දු ලබා දෙන වෙනත් අවස්‌ථාවක් සොයා ගැනීමට නැත. මෙවන් ඉන්දීය මානසිකත්වයක් වතු දෙමළ ජනතාව තුළ පවත්වාගෙන යැමට උල්පන්දම් දීමෙන් සිදු වන්නේ ඉන්දු ලංකා ක්‍රිකට් තරගයකදී ඔවුන් ඉන්දියාවට හුරේ දැමීමේ සිට කඳුකරයේ වෙනම ම පාලන කලාපයක් වෙනුවෙන් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් ගොඩනැඟීම දක්‌වා නොමනා ක්‍රියාකාරකම්ය. මන්ද බුද්ධික දේශපාලන තීරණ නිසා අවසානයේ විඳවන්නේ නූපන් පරපුරකි. මේ කතා බහේදී අසන්නට ලැබුණු තවත් දෙයක් නම් ශ්‍රී ලංකාවේ නායකයන් ඇමරිකාවට හෝ වෙනත් රටකට ගිය විට එහි සිටින ශ්‍රී ලාංකිකයන් හමුවන හෙයින් මෙම හමුවේ ඇති වැරැද්ද කුමක්‌ද යන්නයි. ඔවුන්ට අමතක වන දෙය නම් එම රටවලදී අපේ නායකයන් අමතන්නේ ශ්‍රී ලාංකිකයන් මිස එම රටේ පමණක් සාමූහික පුරවැසි බව ලැබූවන් නොවන බවයි. ඇතැමුන්ට ද්විත්ව පුරවැසිකම ඇත. එහෙත් වතු දෙමළ ජනතාව ද්විත්ව පුරවැසියන් හෝ ඉන්දියානු පුරවැසියන් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියන් ය. තව ද ශ්‍රී ලංකාවේ නායකයන්ට දේශපාලන මුහුණුවරක් ගත් ප්‍රසිද්ධ මහජන රැළි ඇමතීමට කිසිදු රටක් ඉඩ දේ යෑයි බලාපොරොත්තු විය නොහැක.
ආචාර්ය චන්න ජයසුමන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය පීඨය රජරට විශවවිද්‍යාලය
උපුටා ගැනීම: Divaina

Last edited: