මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් &#34

waligamaya

Well-known member
  • මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් &#34

    දිනය : 2006 ඔක්තෝබර් 18
    වෙලාව : උදේ 8.00 පමණ
    එවකට මා රුහුණ විශ්ව විද්‍යාලයේ,ඉංජිනේරු පීඨයේ 1 වන වසර සිසුවෙකි.එවක අප කණ්ඩායමේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇතුලත් වූ දමිළ සිසු සිසුවියන් 20ක් පමණ ඉගෙනුම ඉගෙනුම ලැබූහ.එවකට පිඨය ඇතුලත තිබූ නේවාසිකාගාර සියලුම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් නොවූයෙන් 1 වන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුනේ ඉංජිනේරු පීඨය පිහිටාතිබූ හපුගල(ගාල්ල) ගම්මානයෙන් කුලී පදනම මත ලබාගත් නිවාස මගිනි.
    එදා උදැසනින් මා පිඨය වෙත පැමිණෙන විට දැකගත හැකිවූයේ දැකගත හැකිවූයේ පාර දෙපස සිටින සෙනග නොසන්සුන් වී ඇති බවකි.කාන්තාවක් දරුවෙක් අතින් රැගෙන හඬා වැටෙයි.හේතුව විමසනවිට ඔවුන් පැවසුවේ ගාල්ල වරාය හරහා නගරයට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වී ඇති බවත් ඔවුන් දැන් දක්ෂිණ නාවික කඳවුරට පහරදෙමින් සිටින බවත්ය.තවත් කට කතාවකින් කියවුනේ ත්‍රස්තවාදීන්ගෙන් පිරිසක් රූමස්සල කන්ද මුදුනට නැග R.P.G. අවිවලින් හතර වටේටම පහරදෙන බවයි.සරසවියට පිවිසේද්දීද දැකගත හැකිවූයේ පිඨය තුල සිටින සහෝදර සහෝදරියන්ටද මෙය ආරන්චි වී ඇති බවත් ඔවුන් මේ පිලිබඳ කතාබහ වන බවත්ය. එහිදී අපහට සිහිපත් වුයේ අප සමග ඉගෙනුම ලබන දමිළ සිසුන්ගෙන් බොහෝ පිරිසක් තවමත් සිටින්නේ බාහිර නේවාසිකාගාර තුළ බවත් ඔවුන්ට ගම්වාසීන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්ය.ඒ හදිසි ආවේගයෙන් ක්‍රියාකරන,පටු විදියට සිතන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් සිටින බව අප අත්දැකීමෙන්ම දැනසිටි බැවිනි.වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ සිසු සිසුවියන් ප්‍රමුඛ අනෙකුත් සිසු සිසුවියන් බාහිර නේවාසිකාගාරවල සිටි දමිළ සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාර තුලට රැගෙන ඒමට කටයුතු කෙරුනි.ඒ මොහොතේ ඇඳුම් මලු කරතබාගෙන සරසවියට තුළට ඇතුළු වූ මගේ කණ්ඩායමේම දමිළ සොහොයුරෙකුගේ බිය රැඳුනු දෑස් මතක් වනවිට අදද මගේ හදවත බරවෙයි.
    මා විසින් මෙම පුර්විකාව පැවසුයේ විශ්ව විද්‍යාල සිසුවා තුළ පවතින පැවතිය යුතු ප්‍රබුද්ධ නිරවුල් මානසිකත්වය පෙන්වා දීමටයි.ඇසට ඇසක්,ලෙයට ලෙය ඉල්ලන මානසිකත්වය ඔවුන් තුල නැත.එසේනම් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදුවුයේ කුමක්ද?එම ජාතිවාදී සිදුවීම විශ්ව විද්‍යාලයකට තබා රටේ කිසිම ස්ථානයකට ගැලපෙන්නේ නැත.උවමනාද නැත. වර්තමාන ජනාධිපති වරයා අප රට තුළ සංහිඳියාව ඇති කරන්නට උත්සාහ කරන මොහොතේ, ඒ සඳහා යම් යම් සාධනීය පියවරවල්ද ගෙන ඇති මොහොතේ, සාමය නමැති කිරි කලයට මේ එක්වුයේ ගොම තලියකි.ඇත්ත වශයෙන්ම අමාරුම දේ සාමය ඇති කිරීමයි.එදා ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන් හා යුධ වැදුනේ සාමය වෙනුවෙනි.ඒ සිංහල මිනිසුන්ගේම දමිළ,මුස්ලිම් සියලුම වැසියන්ගේ උස් නිදහස වෙනුවෙනි.එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු අතර බිහිසුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.දෙවැනි පියවර වුයේ රටතුළ සාමය හිත් තුළසංහිඳියාව ඇති කීරීමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී අසමත් විය.සෑම තප්පරයකටම ,සෑම තැනකටම මුරකාවල් වට කඩුලු යොදා සාමය,සංහිඳියාව ඇතිකළ නොහැක.එය තාවකාලිකය.හරියට රබර් බෝලයක් දිය යට තබාගෙන සිටිනවා වැනිය.අත ගත් විගස එය උඩට පැමිණෙනවා ඇත.එබැවින් එය ඉතා පරිස්සමින් හා පිරිසිදු චේතනාවෙන් පුද්ගලයන්ගේ මනෝභාවයන් තේරුම්ගෙන කල යුත්තකි.වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටියේදී මේ ඇතිවූ සිදුවීම විශ්ව විද්‍යාලයකට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ.
    පහර කෑමට ලක්වූ සිසුන් පවසන පරිදි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට විරෝධය පා මෙම පහරදීම සිදුකර ඇති අතර එයට යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගම් නායකයන්ද සහභාගී වී ඇත. ශිෂ්‍ය සංගම් නායකයන් මෙසේ හැසිරේනම් කිව හැක්කේ ඔවුන් නායකත්වයට කිසිසේත්ම නොසුදුසු මෝඩ තකතීරුවන් බවයි.එබැවින් පළමුව රජය හා විශ්ව විද්‍යාලිය පාලන අධිකාරිය කල යුත්තේ පිඩිත සිසුන් ඇතුළු යාපනය විශ්ව විද්‍යාලය තුල සියළුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි,වෙනත් විශ්ව විද්‍යාලයන් තුලද මෙවැනි ගැටුම් ඇතිවූ විට එයට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා අතර එපරිද්දෙන්ම මේ සිදුවීමට අදාලව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
    තවද මේ පිළිබඳව සොයාබැලීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය වහා මැදිහත් විය යුතු අතර දෙපිරිසෙන්ම කරුණු විමසා බලා දෙපිරිස අතර සමගිය ගොඩ නැංවීමට ක්‍රියා කල යුතුය.ජවිපෙ ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ද වහාම මෙයට මැදිහත් විය යුතු අතර,මේ පිළිබඳව පුද්ගලිකවම සහභාගී වී මෙම සිසුන් ආමන්ත්‍රණය කල යුතුය.මේ විසිවෙන ජාතිවාදයේ ගිණි පුපුරු ගිණි ජාලාවක් ඇති කිරීමට කලින් නිවා දැමිය යුතුය.
    ලලිත්ලා, කුගන්ලා අතුරු දහන් කර ඇති අතර මේ කැත,ගඳ ගහන ලේ වැකුණු ජාතිවාදය පරාජය කිරීමට අලුත් ලලිත්ලා, කුගන්ලා දෙමළ ජනතාව අතරින් පත්විය යුතුය.නැතිනම් මෙපමණ කලක් සිදු වූවාක් මෙන් මේ මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් ගොස් හබන් කුකුළන් රජ මගුල් කනු ඇත.

    13775402_10210565606202800_8960743771452345329_n.jpg

    උපුටාගැනීම මගේ විශ්වවිද්‍යල සහුර්දයකුගේ FB පිටුවෙනි
     
    waligamaya

    Well-known member
  • ඔය පොල්ල උස්සල උඹලාගෙ පන්තියෙම උන්ට ගහන්න මත්තෙන් මොහොතක් කල්පනාකර බලපල්ලා...
    උඹලෑ උන්ගෙත් අපේ උන්ගෙත් ඔළුතුලට විසබීජ ඇතුළුකොට,
    විරසකයන් ඇතිකර
    උන්ලා හැමදාම කොරේ...
    උන්ගෙ පැවැත්ම වෙනුවෙන්,
    උඹල අපිව භේදබින්න කොරාපු එකම නොවෙද...???
    උන්ලා...
    දමිළ මිනිහව පෙන්නලා
    සිංහල මනුස්සයට කිව්වා...
    ආං උඹලගෙ හතුරා උඹලගෙ රට බෙදන්න හදනවා උගෙන් මේක බේරගනියව් කියලා,
    දමිල මිනිහට සිංහල එකාව පෙන්නල කිව්වා,
    ඕකා තමයි උඹලගෙ අයිතිය පිළිනොගන්නෙ දුටු තැන ගහපියව් කියලා,
    මුස්ලිම් මනුස්සයට,
    සිංහලයි, දෙමල මිනිහයි පෙන්නලා කිව්වා...
    ඕකුන් තමයි උඹලගෙ පොදු හතුරා කියලා...
    එහෙම කියාපු එව්න්ට ඒවා අදාල වුනේම නෑ,
    උන්ලා බලය වෙනුවෙන් ගිවිසුම් ගහගෙන ඇමතිකම් බෙදාගත්තා..
    උනුන් කසාද බැඳ ගත්තා,
    හවුලෙ බිස්නම් කොරා,
    එකට කෑවා බිව්වා,
    ගමන්බිමන් ගියා....
    ඒත් අපි...
    අපි මොනවද කොරේ...
    අපි ඉතිහාසයක් මුළුල්ලේම
    දුටු තැන ඇනකොටා ගත්තා...
    දැන්වත් නැඟිටපල්ලා,
    කල්පනා කරපල්ලා...
    උතුරෙ ජාතිවාදයෙන් දකුණෙ ජාතිවාදයත්,
    දකුණෙ ජාතිවාදයෙන් උතුරෙ ජාතිවාදයත්,
    ඔය දෙලොල්ලන්ගෙම ජාතිවාදයෙන් නැඟෙනහිර ජාතිවාදයත් ඉතිහාසය පුරාම පෝෂණය වුණා...
    දැන්වත්,
    උන්ලගෙ පැවැත්ම වෙනුවෙන් අපේ ඔළු තුලට ඔබාපු ජාතිවාදී මර උගුලෙන් මිදෙන්න බලාපල්ලා.
    වරෙල්ලා එක මිටකට...
    ගහපල්ලා,
    තොපේම පන්තියෙ උන්ට නොමෙයි,
    ඔය පොල්ල අතට ගන්න සලස්වපු ඒ පහර සමාජ ක්‍රමවේදය පොඩිපට්ටම් වෙන්න.
    ආං ඒකට වරෙං ඔය පොල්ලත් අරගෙනම.
    අපිත් ඉන්නව උඹලත් එක්ක.
    ජය.

    13707605_568682410005709_7660491144918578288_n.jpg
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
    “යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.
    තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.
    සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තනකේශ්වරන්ගේ face book ගිණුම් කවරයයි. (Link)
    පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.
    ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය.
    සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.”
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    සියලුම සිංහලයන් ජාතිවාදීන්ය ඔවුන් එල්ලා මැරිය යුතුය.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya lapa kumarawa ellala maruwanam kanak ahila inna puluwan ... Melo wadak karanne baluwoth kolayaka ganan liyan awilla kiyawana nathnam 10 wasare commerce book eka kiyawana nathnam mokata hari hora kiyala baninawa.. Me rata hadanna nam oya wage harak maranna one un thama mehe university kanne isssara uni ekak lagin yanna ba kathai poster gahala banners gahala thappei building walai eka nawattala hadala gatha mun ayth kanawa... Kill that dwarf:yes:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
    “යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.
    තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.
    සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තනකේශ්වරන්ගේ face book ගිණුම් කවරයයි. (Link)
    පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.
    ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය.
    සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.”

    6hmjkh.jpg
     
    waligamaya

    Well-known member
  • එදා ඉන්ගිනේරු පිඨ සිසුන් අතර සිටින මොඩය යෙක් හෝ අවට ගම වාසි මෝඩයන්ට ඉසරවීමට දුන්නනම්. දෙමල ජාතිවාදීන්ට හොද මගුලකි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
    “යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.
    තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.
    සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තනකේශ්වරන්ගේ face book ගිණුම් කවරයයි. (Link)
    පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.
    ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය.
    සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.”

    මිනී මරාගන්නට, මළමිනී දකින්නට ආසා උන් දෙපැත්තෙම ඉන්නවා.......තම්බින්ගෙත් ඉන්නවා.......... තොපි ඔක්කෝටම ඕනෑ විනාශයක් පටන්ගන්න. ඒකට තමා මේ දත කන්නේ;

    ජාතිවාදී දෙමෙල්ලු කියනවා සිංහලු අපේ නිදහස නැතිකරලා කියලා ඒනිසා සමගියෙන් ඉන්න එක වැඩක් නෑ කියලා - උන්ට ඕනෙ ප්‍රභාකරන්ගේ මළමිනිය නැගිට්ටුවන්ඩ

    ජාතිවාදී සිංහල උන් කියනවා දෙමෙල්ලු රට බෙදන්ඩ හදනවා ඒනිසා සමගියෙන් ඉන්න එක වැඩක් නෑ කියලා - උන්ට ඕනෙ මහින්දගෙ දේශපාලන මළමිනියට පණදෙන්ඩ

    තම්බි ජාතිවාදී කියනවා දෙමෙල්ලුයි සිංහලයොයි අපිට විරුද්දයි අල්ලාට විරුද්දයි උන්ව මරමු කියලා - උන්ට ඕනෙ අල්ලා හු අක්බර් කියලා අහිංසක මිනිස්සු ටිකක් මරලා දෙයියෝ ගාවට යන්ඩ ගෑනු හතක් එක්ක දිවියලෝකෙ ඉන්ඩ.

    තොපි ඔක්කොටම ඕනෙ ලේ............

    හැබැයි තොපි ඉන්නේ සුලුතරයයි 99% සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උඹලට තියෙන ලේ පිපාසෙ නෑ..... මිනිස්සුන්ට ඕන් සැනසිල්ලේ ජීවත්වෙන්ඩ.