මෝඩ ගෝඨාගේ “සීනි යාලුවන්“ ගිල්ල කෝටි 1600න් සියයට 30ක් අය කර ගැනීමේ යෝජනාවක්!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සීනි ආනයන සඳහා ලබා දුන් බදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් කෝටි 1600ක් පමණ වන බවත් එම මුදලින් අවම වශයෙන් සියයට 30ක් වත් ආදායම් බදු ලෙස අය කර ගැනීමට තමන් යෝජනා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රජය විසින් මෙලෙස කැප කළ බදු මුදල ඇතැම් ආයතනවලට ලොතරැයියක් ඇදුණා වගේ අවස්ථාවක් බවත් මෙලෙස රජයට අහිමි වූ රුපියල් කෝටි 1600න් සියයට 45ක්ම එක් ප්‍රධාන සමාගමක් වෙත ඇදී ගොස් ඇති බවට රජයේ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අද ආදායම් බදු පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සකසන ලද වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 2021 වසරේ ජනවාරි දක්වා සීනි ආනයන මත අය කළ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු වීම හේතුවෙන් සීනි ආයනන බදු වාසිය ලබා ගත් සමාගම් 10ක් පවතින බව රාජළු ඇමතිවරයා සඳහන් කළ අතර එයින් සියයට 45ක් එක්තරා සමාගමක් විසින් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.

    එහිදි තවදුරටත් ඔහු පෙනවා දුන්නේ මෙම සමාගම අදාළ සහනය ලබා දීමත් සමග එම සමාගමේ සීනි ආනයන ප්‍රමාණය වෙනත් වසරවල ගෙන්වූ සීනි ප්‍රමාණයට වඩා 1200 ගුණයකින් වැඩි වී ඇති බවයි. එසේම මෙම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දක්වා ඇති ගිණුම් වාර්තාවල රුපියල් මිලියන 1068ක් අඩුවෙන් ඉදිරිපත් කළ බව විමර්ශනවලදී හෙළි වී ඇති බවඳ සඳහන් කළේය.

    විශේෂයෙන් සුදු සීනි මත මෙම බදු සහනය ලබාගෙන ආයතන වාසි ලබාගෙන ඇති අතර මෙම අඩු කළ ලාබය කිසිසේත් පාරිභෝගිකයාට නොලැබුණු බැවින් මේ සම්බන්යෙධන් යම් පියවරක් ගත යුත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද පාරිභෝගිකයාට නොගොස් මෙම සීනි ආනයනකරුවන්ට ගිය වාසිය යළි අය කර ගත යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇතත් පවතින නීතිමය තත්ත්ව යටතේ ඒවා අය කර ගැනීමේ ක්‍රමවේදයක් දැනට නැති අතර කළ හැක්කේ දැනට සියයට 24ක් වන ආදායම් බද්ද මෙම සීනි ආනයනකරුවන්ගෙන් සියයට 30ක් ලෙස වැඩිකර අය කර ගැනීම බවත් ඒ සඳහා තමන්ට සහය ලබා දෙ ලෙසත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

    මෙම ප්‍රධාන සමාගමේ නම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ නොකළද විගණන වාර්තාව අනුව එය පිරමිඩ් විල්මාර් පෞද්ගලික සමාගමයි.

    එම සමාගම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ෂැංග්‍රිලා හෝටල් සභාපති සජාන් මවුජුඩ් ට අයත් එකක් බව ප්‍රකට කරුණකි.

    ගෝඨාභයගේ “සීනි යාලුවන්“ ගිල්ල කෝටි 1600ක සීනි බදු ලාභයෙන් සියයට 30ක් අය කර ගැනීමේ යෝජනාවක්!​

    - https://lankasara.com/si/පුවත්/ගෝඨාභයගේ-සීනි-යාලුවන්/

    - https://lankasara.com/si/පුවත්/ගෝඨාභයගේ-සීනි-යාලුවන්/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට, නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    පුන්ඩේ පුන්ඩාකරන් සෙත්ත පෝචි පෙරුමාල්​


    hari hari, ubath ara indrajith , 2osama wagema kelin uththarayak denna beri kondak nethi ponnayek neda??
    mama newei kiuwe, ubamai oppu karanne uba kondak nethi ponnayek kiyala
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    කව්ද හිතුවේ මෝඩ ජෙපි ආණ්ඩුවක් ඇවිල්ලා රාජපක්ෂලාව බේරාගනී කියල :lol:


    "රුපියල් 50ක සීනි බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමේ සිද්ධි‍යේ අපරාධමය වරදක් සිදුව නැහැ" - නීතිපති අධිකරණයට දන්වයි.


    පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමේ සිද්ධියට
    අදාලව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.


    මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

    ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙන්නේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදු කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියා.

    2020 වසරේ ඔක්තෝබර් මස 13වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට පාඩුවක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

    ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල විමර්ශන පවත්වා සියලු උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා.

    ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබුණේ මෙම විමර්ශනය තුළින් අපරාධමය වරදක් උද්ගත නොවන බවයි.

    ඒ අනුව නඩු කටයුතු අවසන් කෙරුණා.

    - https://hirunews.lk/407058/no-crimi...o-25-cents-attorney-general-informs-the-court
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අප්පුවා මෝඩ ගං කබරයො අන්දල චන්දෙ ගත්ත හැටි :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: handley

    Similar threads