මෝඩ තකතීරු රන්ජන් නිසා රැසක් විපතට;
මෝඩ තකතීරු රන්ජන් නිසා රැසක් විපතට; හඬ පට පොලිසියට අල්ලා දීම රන්ජන්ගේම කුමන්ත්‍රණයක්දැයි සැක..!
(ලංකා ඊ නිව්ස් -2020.ජන.08, පෙ.ව.8.00) රන්ජන් රාමනායක නම් මෝඩ තකතීරු දේසපාලුවා නිසා වටිනා රහස් පරීක්ෂකයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව පොලිස් කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයන් වෙත කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් පවසා ඇත.
රන්ජන් රාමනායක ශානි ඇතුලු රහස් පොලිස් නිලධාරීන් සමග ද විනිසුරුවරුන් සමග ද අගමැති රනිල් සමග ද ආදී සෑම සියළු දෙනෙක් සමගම කරන ලද පුද්ගලික දුරකථන සාකච්ඡා ලක්ෂ ගණනක් පටිගත කර ඇති අතර ඒ සියල්ල පොලිසිය අත් අඩංගුවට ගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කිහිපයක් ජනමාධ්‍ය වෙත මුදා හැර තිබේ. ලංකා ඊ නිව්ස් වෙතද 20 ක් පමණ හඬ පට ලැබී ඇති අතර රන්ජන් රාමනායක යනු කෙතරම් මෝඩ ගොබ්බ වාහේ කෙනෙක්දැයි ඉන් පැහැදීලි වී ඇත.
ඔහුගේ දුරකථන සංවාද වලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව මගින් හා ජනාධිපති විශේෂ කොමිසන් සභාවක් මගින් පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබේ.
සිද්ධිය පාදක කරගෙන ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමේ සැලැස්මක් තිබෙන බවද ඒ සන්තෑසියටම විනිසුරුවරුන් කිහිප දෙනෙකු පත් වීමට ඉඩ ඇති බවද ආරංචි මාර්ග පවසයි.
මෙම හඬ පට පොලිසිය අතට පත් කිරීම රන්ජන්ගේම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව ද එජාප නායකයත්වයට සැක පහළ වී තිබේ.
කට කමසෙයියාවක් නැතිව දොඩවනවා විනා රන්ජන් රාමනායක නායකත්වය දුන් දූෂණ විරෝධී අරගලයක් නැත. සිදුව ඇත්තේ වටිනා මිනිසුන් පාවා දීම පමණි. මෙවැනි මෝඩ තකතීරුවන් දේශපාලනයෙන් ඉවත් වී සැලුයිලොයිඩ් පටි වලම ජීවත් විය යුතුය.
---------------------------