මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    මම ලස්සන කථාවක් කියන්නම්කෝ යථාවබෝධය මතුවෙන්නත් එක්ක

    අනුරාධපුර යුගයේදී නෙළු බුදු පිළිම ශාන්ත ගතියකින් යුක්ත විය, එහෙත් නුවර යුගයට පැමිණෙත්ම අඩවන් වූ බුදුපිළිමවල දෙඇස් සම්පූර්ණයෙන්ම විවෘත විය. රෞද්‍ර පෙනුම ගත්තේය. ඉතින් යුගයෙන් යුගය නෙළු බුදු පිළිම මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව නෙළුයේ නම් ධර්මය ගැන අද මොන කතාද?

    අද ධර්මයද මිනුසුන්ගේ පෘථක්ජන අවශ්‍යතාවය මත වෙනස් කර අතු ගා තිබේ. නිර්මල ධර්මය අහන්නවත් පිනක් නැති මිනිසුනේ මේ බව අවබෝධවන්නේ කවදාද?

    අනුරපුරයේ සමාදි ප්‍රතිමාවේ ශාන්ත බව

    anuradhapura_samadhi_statue.jpg

    නුවර යුගයේ පිලිමවල රෞද්‍රබව

    images

    මෙන්න මේකයි පෘථක්ජන ස්වභාවය, යථාර්තය ඒ සැටියෙන් දක්නට නොහැකිබව හෙවත් යථාවබෝධ ඥාණය නොමැතිබව. ඥාණය නොමැතිනම් කෙසේ මෙය අවබෝධකරන්නද. පෘථක්ජන මිනිස්සුන්ගේ සිත් වල ස්වභාවයනේ. ඉතින් පෘථක්ජනයන්ගේ පැත්තෙන් සාදාරණයි එහෙම සිතන එක. ඉතින් පාරමී මඳකමින් සංසාරේ දුක් සයුරේ පීනන්නන් හට කියන්නේ පාරමීවත් පුරාගන්න කියල.

    සථ්‍ය ඒ සැටියෙන්ම අවබෝධකළ තැනැත්තාට මේ සෑම දෙයක්ම නිරවුල්ව පහදා දිය හැක. අනවබෝධය ඇති තැනැත්තා අධ්‍යාත්මය කියා දකින්නේ පරණ බමුණන්ගේ වෘත. අද බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් බමුණු දහමට යටත්ව පන්සලේ දේවාලයකුත් හදාගෙන. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනෙ අපි, එහෙත් අපි දෙවියන්ගෙන් පින් ගන්න යනවා.
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සහතික ඇත්ත, කටින් නමස්කාරය කියලා පන්සිල් ගත්තම බෞද්ධයා කියලා හිතාගෙන ක්‍රියාකරන එක මෝඩකමක්,
    බෞද්ධයෙක් වෙන්නේ ක්‍රියාවෙන් එය පිලිපැදීමෙන්.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මම ලස්සන කථාවක් කියන්නම්කෝ යථාවබෝධය මතුවෙන්නත් එක්ක

    අනුරාධපුර යුගයේදී නෙළු බුදු පිළිම ශාන්ත ගතියකින් යුක්ත විය, එහෙත් නුවර යුගයට පැමිණෙත්ම අඩවන් වූ බුදුපිළිමවල දෙඇස් සම්පූර්ණයෙන්ම විවෘත විය. රෞද්‍ර පෙනුම ගත්තේය. ඉතින් යුගයෙන් යුගය නෙළු බුදු පිළිම මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව නෙළුයේ නම් ධර්මය ගැන අද මොන කතාද?

    අද ධර්මයද මිනුසුන්ගේ පෘථක්ජන අවශ්‍යතාවය මත වෙනස් කර අතු ගා තිබේ. නිර්මල ධර්මය අහන්නවත් පිනක් නැති මිනිසුනේ මේ බව අවබෝධවන්නේ කවදාද?

    අනුරපුරයේ සමාදි ප්‍රතිමාවේ ශාන්ත බව

    anuradhapura_samadhi_statue.jpg

    නුවර යුගයේ පිලිමවල රෞද්‍රබව

    images

    මෙන්න මේකයි පෘථක්ජන ස්වභාවය, යථාර්තය ඒ සැටියෙන් දක්නට නොහැකිබව හෙවත් යථාවබෝධ ඥාණය නොමැතිබව. ඥාණය නොමැතිනම් කෙසේ මෙය අවබෝධකරන්නද. පෘථක්ජන මිනිස්සුන්ගේ සිත් වල ස්වභාවයනේ. ඉතින් පෘථක්ජනයන්ගේ පැත්තෙන් සාදාරණයි එහෙම සිතන එක. ඉතින් පාරමී මඳකමින් සංසාරේ දුක් සයුරේ පීනන්නන් හට කියන්නේ පාරමීවත් පුරාගන්න කියල.

    සථ්‍ය ඒ සැටියෙන්ම අවබෝධකළ තැනැත්තාට මේ සෑම දෙයක්ම නිරවුල්ව පහදා දිය හැක. අනවබෝධය ඇති තැනැත්තා අධ්‍යාත්මය කියා දකින්නේ පරණ බමුණන්ගේ වෘත. අද බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් බමුණු දහමට යටත්ව පන්සලේ දේවාලයකුත් හදාගෙන. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනෙ අපි, එහෙත් අපි දෙවියන්ගෙන් පින් ගන්න යනවා.

    :shocked::shocked::shocked::shocked:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පාලිය

    බුදු සසුන යනු පාලියයි. පාලිය යනු භාෂාවක් නොවේ. එය පෙළ සහ ඵලයයි. වෙනත් ආකාරයට සරලව අර්ථ කථනය කලහොත් බුදු සසුන යනු පූර්ණ අර්ථයෙන්ම මාර්ගය සහ ඵලය වේ. මෙහි මාර්ගය යනුවෙන් හඳුන්වන්නේ ප්‍රතිපත්තියයි. පිලිවෙතයි. ඵලය මාර්ගයේ හෙවත් පිලිවෙතේ අවසානයයි. ඒ අවසානය සම්පූර්ණ වන්නේ චතුරාර්‍ය සත්‍යයෙන් ප්‍රභාෂ්වර සිතින් නොහොත් ඥානයෙන් අවබෝධ කිරීමෙනි.
     
    වහරක හාමුදුරුවෝද කිව්වේ? :eek::eek::eek::eek:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අන්න හරි, බුදුන්ගේ ජීවමාන බව දැකීමට ධර්මයේ ප්‍රායෝගික වෙන්න. නැතුව පිළිම වලින් ජීවමාන බුදුන් දකින්නවත්, වඳින්නවත් බැහැ. ධර්මය දකින්න බුදුන් දකියි කියල බුදුන්ගේ බුදු මුවින්ම කිව්වනේ. ඉතින් ඒක අපේ ඇත්තෝ අමතක කරල පිළිම මගින් බුදුන් දකින්න යන්නේ.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක්

    සියම් නිකායික භික්ෂූන් වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින් බැව් කියන්නට වීම මම බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජාසහගත වෙමි. කුලපුත්‍රයා මහණ කල යුතු බැව් උන්වහන්සේලා කියති.

    * ජාති කුල පුත්‍රයා
    * ආචාර කුල පුත්‍රයා යනුවෙන් දෙවෑරුම් වෙයි.

    නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති බ්‍රහ්මණෝ
    කම්මනා වසලේ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ

    අනේ මේ බුදුන්ගේ ගාථා පාඨය පුස් කන්න දීලා බලගෙන ඉන්න නාමික බෞද්ධයා යන්නේ මොන අපායටද?

    ස්‍යාමනිකායික භික්ෂූහු මේ කුල භේදය පවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවූනන් පැවදි උපසන් නොකරති. නමුත් පහත් යැයි සිතන ඒ මිනිසුන්ගෙන් කෑම, බීම්, ඉඳුම් හිටුම් ආදී සංග්‍රහ ලබන්නටත්, ඔහුන් ගොඩ නගන ලද පන්සල් වල සැපසේ වෙසෙන්නටත්, ඔහුන්ගෙන් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතුව සතුටු වෙති.

    ලෝකයේ උගත්, ශීලාචාර, උසස්, මිනිස්සු මේ නිකායේ කුලභේදය අසා අප සිටින පහත් තත්වය ගැන අනුකම්පා කරති.
    අනේ අපේ බුදු සසුනට දෙයියන්ගේ පිහිටයි කියල බලාගෙන ඉන්න මේ අන්ධ මිනිසුන් බෞද්ධ ලේබලය ගලවා සිටින්නේනම් යහපති. මන්ද එවැන්නවුන් බුදු සසුනේ සිට තමානුන් අනුනුත් අපාගත කරති.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    වහරක හාමුදුරුවෝද කිව්වේ? :eek::eek::eek::eek:

    වරහක හාමුදුරුවන් නෙමෙයි කිව්වේ. එහෙත් උන්වහන්සේගේ අදහස් අදටත් මසුරන්
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කතාව ඇත්ත......... බුදු දහම සහ දෙව සන්කල්පය.. කාතාකරන්න තරන්වත් වටිනාකමක් නැති බෞද්ධ දර්ශණය ලහින් තියන්න හිතන්නවත් බැරි නැති තරම් පහත් මාතෘකවක්, මොකද අපි පින් දෙන්න ඕනේ අය බුදු පිලිම වටේ තියාගෙන බුදු පහන පත්තු කරල යදින නාමික බෞද්ධ රැලක් තමයි දැන් වැඩි හරියක් ඉන්නෙ.... මුකුත් ඕනේ නැ

    Natthi me saranam annam,
    Buddo me saranam varam

    No other refuge do I seek,The Buddha is my matchless Refuge.

    atta hi attano natho ko hi natho paro siya
    attana'va sudantena nathaj labhati dullabhaj

    One is indeed one's own lord. What other lord would there be?
    With oneself well restrained, one will obtain the lord that is so hard to get

    ඔය ටික කිය කියා කොහොමද දේවාල ගානේ යන්නේ අපේ අය.....? හිතලා බලන්න. අනික බෞද්දයෙක් නම් බුදු සරණ, බුදු මග හැර අන් සරණක් තමන්ට නැහැයි කියල පිලිහන්න ඕනෙ නේ යාලු, එතකොටනේ අපි සම්‍යක් දෘශ්ඨික වෙන්නේ, ඒ උනාට අපි මහ ලොකුවට අනිත් ආගම් මිත්‍යා දෘශ්ඨිකයි කියල කියනවා, නමුත් ඒ සැම ආගමකම අය පිලිගන්නේ තමන් අදහන දෙවියන් විතරයි නේද....? එතකොට සම්‍යක් දෘශ්ඨික කියාගන්න අපිම කොච්චර නම් මිත්‍යා දෘශ්ඨිකයිද කියල හිතේනවා,

    බලන්න යාලු, අපේ වාහනය කතරගම දේයියන්ට, පොඩි ඒකා පත්තිනිට, අකුරු කියවන්නේ අලියෙක් (ගණ), සල්ලි ටික ගම්භාරට, ඉන්න ගෙදර බහිරවයට, තරහකාරයින්ව කාලිට, කසාදය සීතට, සන්ගීතය සරස්වතීට, තව කොච්චරද යාලු.....
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කථාව නම් ඇත්ත..

    ඒත් පිළිම වහන්සේලාගේ වෙනස් වීමට හේතුව නම් ඒක නෙමෙයි.. ඒකට හේතුව අනිත් රටවල් වලින් ආපු කලාශිල්ප(විශේෂ්යෙන්ම පොළොන්නරු යුගයෙන් පස්සෙ ) අපේ කලාශිල්ප එක්ක අනුබද්ධ වීම.. ඔය දෙනෙත් විවර සoකල්පය තියෙන්නෙ දෙවියන්ගෙ..වඳිනකෙනාට අමුතු හැඟීමක් ඇති කරන්න දේවරුප වල ඇස් ඔවුන් දිහාවට යොමු කරපු විදියට ඒවා අඹන එක තමයි වෙන්නෙ..

    අනිත් එක කලාකරුවන් හැමදෙනාම එක විදියට දක්ෂතා තියෙන පුද්ගලයො නෙමේ..
    පිළිම වහන්සේලා ඇඹීම.. ඒක එක් එක් කලාශිල්පියාගෙ හැකියාවත් ඒවගේම පරිසරයත් අනුබද්ධව යන දෙයක්

    අපිට සෝලියස් මැන්දිස්ලා හිටියෙ එක්කෙනයි... අපි ඒක දන්න උදාහරණයක්..
    අපිට ඒවගේ චිත්‍ර වෙන කොහේවත් දකින්න නෑ.. හැබැයි එතුමාටත් ගෝලයො හිටියා..ඔවුන් එතුමා වගේ වුනානම් අද අපි කැළණියට ගිහින් බලන චිත්‍ර, වෙන පන්සලකින් බලන්න තිබුණා..

    අනික ඒකෙන් කියවෙන්නෙත් බුදුදහම දේශනා කරන් අනිත්‍යතාවයම තමයි..
     
    • Like
    Reactions: DX-

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363

    :yes::yes::yes::yes::yes::yes:
    Sahathika Aththa Yalu