මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා
මම ලස්සන කථාවක් කියන්නම්කෝ යථාවබෝධය මතුවෙන්නත් එක්ක
අනුරාධපුර යුගයේදී නෙළු බුදු පිළිම ශාන්ත ගතියකින් යුක්ත විය, එහෙත් නුවර යුගයට පැමිණෙත්ම අඩවන් වූ බුදුපිළිමවල දෙඇස් සම්පූර්ණයෙන්ම විවෘත විය. රෞද්‍ර පෙනුම ගත්තේය. ඉතින් යුගයෙන් යුගය නෙළු බුදු පිළිම මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව නෙළුයේ නම් ධර්මය ගැන අද මොන කතාද?
අද ධර්මයද මිනුසුන්ගේ පෘථක්ජන අවශ්‍යතාවය මත වෙනස් කර අතු ගා තිබේ. නිර්මල ධර්මය අහන්නවත් පිනක් නැති මිනිසුනේ මේ බව අවබෝධවන්නේ කවදාද?
නුවර යුගයේ පිලිමවල රෞද්‍රබව
මෙන්න මේකයි පෘථක්ජන ස්වභාවය, යථාර්තය ඒ සැටියෙන් දක්නට නොහැකිබව හෙවත් යථාවබෝධ ඥාණය නොමැතිබව. ඥාණය නොමැතිනම් කෙසේ මෙය අවබෝධකරන්නද. පෘථක්ජන මිනිස්සුන්ගේ සිත් වල ස්වභාවයනේ. ඉතින් පෘථක්ජනයන්ගේ පැත්තෙන් සාදාරණයි එහෙම සිතන එක. ඉතින් පාරමී මඳකමින් සංසාරේ දුක් සයුරේ පීනන්නන් හට කියන්නේ පාරමීවත් පුරාගන්න කියල.
සථ්‍ය ඒ සැටියෙන්ම අවබෝධකළ තැනැත්තාට මේ සෑම දෙයක්ම නිරවුල්ව පහදා දිය හැක. අනවබෝධය ඇති තැනැත්තා අධ්‍යාත්මය කියා දකින්නේ පරණ බමුණන්ගේ වෘත. අද බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් බමුණු දහමට යටත්ව පන්සලේ දේවාලයකුත් හදාගෙන. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනෙ අපි, එහෙත් අපි දෙවියන්ගෙන් පින් ගන්න යනවා.

අනුරපුරයේ සමාදි ප්‍රතිමාවේ ශාන්ත බව

Last edited: