මෝදි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දකුණු ආසියා සංවර්ධනයේ ඇංජින් දෙක ඉන්දියාව සහ ලංකාව විය යුතුයි - ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කියයි

ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් බවත් ඉන්දියාවේ උත්සාහ කරනුයේ එහි ප්‍රථම සහකරු ලෙස ශ්‍රී ලංකාව පත්කර ගැනීම බවත් දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව විය යුතු බවත් අද ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති මෝදි මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතමින් ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය. මෝදි අගමැතිවරයා මෙසේද කීය..
‘‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම දෙරටේ සමානම් බොහෝය. අප දෙරට නිදහස් ලැබුවේ ද එකවිටම වාගේය.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ දියුණුව යනු ඉන්දියාවේ ප්‍රබෝධයට හේතුවකි.
ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙනි. ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීමයි. දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුයි.

න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.
මගේ උපන් බිම බුදු සමයේ වැදගත් ස්ථානයකි. අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ.
දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි.
අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි. ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, ඇතුළු රටවල ආරක්ෂාව අප තහවුරු කර ගත යුතුයි.

එය අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අප සතු වගකීමයි.‘‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසීය.
‘‘ප්‍රජාතන්ත්‍රවාදී සමාගමය ග්‍රීක ශිෂ්ඨාචාරයට පෙර භාරතයේ ඇති විය. ගෞතම බුදුන් වහන්සේගේ සමය ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය වැනි දේ නිදසුන් කොට දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගය මේ කලාපයේ ඉපැරණි ශිෂ්ටාචාරය ද නිදසුන්ය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා අනාදිමත් කාලයක සිට පවතී. චෝල හා පාණ්ඩව යුග විජය කුමරුගේ ශ්‍රී ලංකා ආගමනය නිදසුන් කිහිපයකි.
ඉන්දියා සාගර කලාපයේ ප්‍රධාන කාර්යභාරය ඉන්දියාව සතුය. ශ්‍රී ලංකාවට ද කාර්යභාරයක් හිමිය. ‘‘
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කතා කළේය.
සේයාරූ වලින් දැක්වෙන්නේ අද උදෑසන ජනාධිපති මන්දිරයේදී වසර 25 කට පසුව ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි මහතා අති උත්කර්ෂවත් අන්දමින් පිලිගත් අවස්ථාවයි.




1Modi_SL_Visit.jpg


2Modi_SL_Visit.jpg


3Modi_SL_Visit.jpg


4Modi_SL_Visit.jpg


5Modi_SL_Visit.jpg


6Modi_SL_Visit.jpg


7Modi_SL_Visit.jpg


8Modi_SL_Visit.jpg


13Modi_SL_Visit.jpg


14Modi_SL_Visit.jpg


15Modi_SL_Visit.jpg
 

Sheen10

Member
Mar 9, 2015
601
28
0
ඇංජින් eka kese wethath indiyawe prantayak nam kora ganeewi
Denatamath oya ඇංජින් start wenne oya hire inna koti tika eliyata dalama patan ganne
Moda harak wage kiyana okkoma ahagrna hitahalla kata eragena :angry:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇංජින් eka kese wethath indiyawe prantayak nam kora ganeewi
    Denatamath oya ඇංජින් start wenne oya hire inna koti tika eliyata dalama patan ganne
    Moda harak wage kiyana okkoma ahagrna hitahalla kata eragena :angry:

    චිනේ ප්‍රාන්තයක් වෙනවට වඩානම් හොදයි ....
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    චිනේ ප්‍රාන්තයක් වෙනවට වඩානම් හොදයි ....

    China ewunta ape ratath ekka irisiyawak kuhaka kamak ne
    Indiyawe ewun ta eda idalama ape ratat ekka tiyenne tarahak wairayak
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    1,999
    113
    ඈන්ජින් බෑරිනම් ඔන මගුලක් හෑබඊ ඉන්දියන්කාරයොන්ට ලන්කාවෙ ඔන් අරඊවල් වීසා දෙන්නනම් හදන්න එපා!
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඈන්ජින් බෑරිනම් ඔන මගුලක් හෑබඊ ඉන්දියන්කාරයොන්ට ලන්කාවෙ ඔන් අරඊවල් වීසා දෙන්නනම් හදන්න එපා!


    ලෝකේ සියලුම රටවල ජනතාවට ලංකාවට ඔන් ඇරයිවල් විසා තමයි දෙන්නේ. ඕනේ එකෙක්ට වෙල්කම් ටු ශ්‍රී ලංකා