මෝහනය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෝහනය


    mohanaya.jpg



    මෝහනය හා මනෝ විශ්ලේෂණ ක‍්‍රමය බොහෝ මානසික හා කායික රෝග සඳහා යෝග්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට අද පත් ව තිබේ.අද මෝහනය මඟින් අප රටේ ප‍්‍රතිකාර කරන අප රටේ බොහෝ දෙනා යොදාගන්නේ යෝජනා කිරීමේ ක‍්‍රමය මිස මේ විශ්ලේෂණ ක‍්‍රමය නො වේ.මෝහන විශ්ලේෂණයකින් බලාපොරොත්තු වන්නේ උඩුසිත නිදිගන්වා යටිසිතේ සැඟව, කාලයේ වැලි තලාවෙන් වැසීගත් ජීවිතයේ කුඩාකල සිට වර්තමානය දක්වා සිදු වූ නොයෙකුත් අහිතකර මතකයන් නැවත උඩුසිතට රැගෙන විත් ඒවා ඉවත්කර, ඒ වෙනුවට ධනාත්මක හිතකර සිතිවිලි හා යෝජනා ඇතුළත් කිරීමයි.

    මේ නිසා යටිසිතේ සැඟ වී විටින් විට කයට හා මනසට වැදීම සඳහා එකතු වී ඇති සෘණාත්මක මතකවල අහිතකර බව මැඬලා ඒවා දෙස ධනාත්මකව බැලීමට ශක්තියක් සිතට ලැබීමෙන් රෝගීන්ගේ නොයෙකුත් භීතිකා උමතු රෝග, කාංසා, විශාද, ක්ලමථ වැනි මානසික රෝගත් සයිකො සොමැටික් ගනයට අයත් මනසින් ඇතිවන කායික රෝගත් ඉතා ඉක්මණින් දුරු වෙයි.සිතේ තැන්පත් ව ඇති අහිතකර මතක ඉවත් නො කර යම් කාංසා තත්ත්වයක් නිසා ඇතිවන භීතිකාවන් නැතිවනවා යැයි හුදෙක් යෝජනා කළොත්, එම භීතිකාව ඉවත් වී වෙනත් වර්ගයක භීතිකාවක් හෝ වෙනත් මානසික රෝගයක් එම තැනැත්තාට වැළඳෙනු මිස, එම රෝගය සුවපත් නො වෙයි. ඒ නිසා මෝහන විශ්ලේෂණය තුළින්්සිතේ තැන්පත් කරගත් අහිතකර මතක ඉවත් කිරීම රෝග සුවයට අනිවාර්ය පියවරක් වෙයි.

    යම් කෙනෙකු මෝහනය වී සිටින විට ලබාදෙන යෝජනාවන් වල ගැබ්වන සෑම වචනයක් වචනයක් පාසා නිවැරැදි ධනාත්මක ලෙස සකස් වූ ඒවා වීමට මෝහන වෛද්‍යවරයා ප‍්‍රවේසම් විය යුතුයි.එහෙත් මෝහනය පිළිබඳ නිසි ලෙස නොහැදෑරූ අයකු ලවා මෝහන ප‍්‍රතිකාර කර ගැනීමෙන් රෝගය තිබුණාටත් වඩා දරුණු තත්ත්ව වලට පත් වී මෝහනය මහා බොරුවකැයි කියමින් චෝදනා නගන්නේ මෙලෙස වැරැදි ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනය කරන අය නිසා ය.මේ ලොව ඉන්නා සෑම සියලු දෙනාට ම ඉපදුනු දා පටන් ඇතිවන සහ මුහුණදෙන විවිධ සිදුවීම් අපට අමතක වී ඇති ලෙස දැනුනත් ඒවා යටි සිතේ තැන්පත් වී තිබෙයි.

    මේ මතකයන් මඟින් අපගේ පෞරුෂවර්ධනය හා නොයෙකුත් මානසික කායික රෝග ලක්ෂණ පසුව ඇතිවේ. අපට ඇතිවන මේ රෝග ලක්ෂණයන්ට හේතුව මෝහනයේ මනෝ විශ්ලේෂණය තුළින් පැහැදිලිව සොයාගත හැකි ය. යටපත් වී අපට අමතක වන සියලු අහිතකර මතකයන්ගෙන් අනිවාර්යයෙන් ම ජීවිතයේ කවර කලෙක හෝ අපට යම් කායික මානසික රෝග පීඩාවන් ඇතිවෙයි. ඒ නිසා මෙලෙස මෝහන විශ්ලේෂණයක් හෝ ස්වයං මෝහනයක් හෝ තුළින් තමාගේ ජීවිතයේ සිදුවීම් සියල්ල එකින් එක මතක් කර ගනිමින් ඒ දෙස ධනාත්මකව බැලීම මඟින් කයින් මනසින් ශක්තිමත් නිරෝගී කෙනකු විය හැකිය. ස්වයං මෝහනය තුළින් මේ ක‍්‍රමය අත්හදා බැලීමට පෙර පළපුරුදු මෝහන වෛද්‍යවරයකු ලවා තමා මෝහන විශ්ලේෂණයක් කරගත යුතුයි. ඊට පසුව එය තමාට කරගන්නා සැටි ඔහුගෙන් අස දැනගෙන තමාටම එය කර ගත හැකියි.

    සිරුරේ ඇතිවන හොරි, දද, වන, පිළිකා ආතරයිටිස්, ආමාශවන, අර්ශස්, අංශභාග අපස්මාර ඇතුළු සිය දහස්ගණන් සාද්‍ය අසාද්‍ය ලෙඩ කර්ම රෝග ලෙසින් බුදුදහමේ හැඳින්වෙයි. එසේ ම නූතන මනෝ විද්‍යාවේද මේවා අහිකර සිතිවිලි යටපත් කිරීමෙන් ඇතිවන සයිකො සොමැටික් රෝග ලෙසින් හැඳින්වෙයි. බුදුදහමත් මනෝ විද්‍යාව හා මෝහනය වැනි ප‍්‍රතිකාරත් එකට එක්වෙන්නේ මෙතැන දී ය. එනම් යටි සිතට යාම සඳහා මේ සියලුම ක‍්‍රමවේදයන් භාවිත කෙරේ.මේ යටිසිතට යහපත් යෝජනා නිතර නිතර ඇතුළු කිරීමෙන් කෙනෙකු සහමුලින් ම වෙනස්ව සිතන පතන කි‍්‍රයාකරන අයෙකු බවට පත්කළ හැකියි. අද දින දාමරිකයන්, මිනීමරුවන් ලෙසින් හංවඩු ගසා සිර මැදිරිවල දමා කොන්කර තබන මිනිසුන්ට මෙවන් මෝහන විශ්ලේෂන තුළින් ඔවුන්ගේ සිත් වෙනස්කොට රටට වැඩදායක වටිනා පුරවැසියන් බවට පත්කිරීමේ හැකියාවක් ඇත.

    එවන් සිරමැදිරි වල අදදින භාවනා වැඩසටහන් අරඹා තිබීමද ඉතා යහපත් කටයුත්තකි.එසේම මෙසේ භාවනානුයෝගී වී එනම් ස්වයං මෝහනයකට පත්වී තමාගේ යටපත් වී ඇති අහිතකර මතක එකිනෙක මතක් කරගෙන උඩුසිතට ගෙන ඒවා පිළිබඳව උපේෂා සිතින් ධනාත්මක බැලීමෙන් ස්වයං මනෝ විශ්ලේෂණයක් කර ගැනීමට ද කෙනෙකුට හැකියාව ඇත. මේ සඳහා පළපුරුදු වෛද්‍යවරයකුගෙන් මුලින්ම කරුණු විමසා උපදෙස් ලබා ගැනීම. තනියම මෙය අත්හදා බැලීමට පෙර අනිවාර්යයෙන්ම ගතයුතු පියවරකි. මේ ලෙසින් මෝහනය, භාවනා ක‍්‍රම හා මනෝ විශ්ලේෂණය අප රටේ සියලු මානසික - කායික රෝග වලින් පෙළෙමින් පීඩා විඳින ජනතාවගේ ලෞකික හා අධ්‍යාත්මක ජීවිතය වඩාත් සාරවත් කර ගැනීමට යොදා ගත හැකි ය.
    ජීවනී හසන්තා වික‍්‍රමතුංග
     
    • Like
    Reactions: king_pandukabaya