Ehenam ai budu dahama follow karana eka jiwithe main goal eka karagaththau hamuduruwaru V8, money, sex passe duwanne pissu hadila wage. darshanye awulak hindada ?
එතන විවිධ හේතු තියෙන්න පුලුවන්. අවුල තියෙන්නෙ දර්ශනයේද නැත්ද කියන එක පැහැදිලි වෙන්න මේ උදාහරණය බලන්න.
දැන් ගන්නකො STEM ශිෂ්‍යයන්ව. ඇයි ඒ හැමෝම විභාග පාස්වෙලා විශ්වවිද්‍යාල නොයන්නෙ? බොහොම සීමිත පිරිසකට තමා ඒ හැකියාව ලැබෙන්නෙ. ඒ කැපකිරීම කරන්න මානසික ශක්තිය සහ ධාරිතාවය තියෙන පිරිස පමණයි සාර්ථක වෙන්නෙ. එහෙම නැති අය එක්කො සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා නැතිනම් වෙන වෙන ක්ෂේත්‍ර වලට යනවා.
ඒ හා සමාන දෙයක් තමා මෙතනත් වෙන්නෙ. කෙස් බාලා සිවුර වැටුනු පමණින් හිත සිවුරට නතු වෙන්නෑ. අපි හැමෝගෙම හදවතේ නලියන හෙලුවක් තියනවා. මේ ශාසනයේ පෘතග්ජන හාමුදුරුවො කෙනෙක්ගෙ හදවතේ ජීවත්වෙනවා පිටස්තරයෙක්. ආන්න ඒ පිටස්තරයා මට්ටු කරන්නයි බුදුහාමුදුරුවො ධම්ම-විනය දේශනා කලේ. ඒ ධම්ම-විනයට අනුකූලව හිත තනාගන්න බැරි වුනාම ඒ අයත් ඉහත කිව්වා වගේ වෙනත් ක්ෂේත්‍ර වලට යනවා වෙන්න පුලුවන්.
ඔය "V8" හාමුදුරුවරුත් සමහරවිට මහන වීමෙදි ඇත්තටම ධර්මාවබෝධය පිණිස මහණ වෙන්න ඇති. නමුත් ධර්ම මාර්ගය පහසු නැහැ. අනාගාමී වෙන තෙක් කාමරාගය පහ වෙන්නෙ නැහැ කියනවා. කාම-රාගය, ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා (මමත්වය) හමුවේ පසුබැසීමට ලක්වෙන අය විය හැකියි ඔය අය. එහෙමත් නැතිනම් පහසුවට මහණ වුන අය විය හැකියි. නැතිනම් දැනුවත්වම මිනිසුන් රවටන අය විය හැකියි. තව හේතු ඕනෙ තරම් ඇති. නමුත් ප්‍රශ්නය බුදුදහමේද නැත්ද කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා...
බුදු දහම දහම parama සත්‍ය k , නොවන බව ta විචිකිච්චාව k kawuru hari athi kalada හිත ට
පරම සත්‍ය පහදන්න පුලුවන්ද ?
------
Post added on Dec 13, 2022 at 3:36 PM