යක්ෂයාගේ හෝරාව

intox1234

Member
Apr 26, 2009
342
43
0
යක්ෂයාගේ හෝරාව

නුඹට පෙම් කලෙමි
ලොවම දෙවෙනි කොට
සියල්ල පසෙකලා
නැඟ එන්නෙමැය්
සිතුවෙමි
පතුවෙමි
නුඹ සමඟ
විකසිත කඩුපුලක් මෙන් නොවුවද
තිමිර පට වසා ලූ අඳුරු කළ දිවිය අසින්
දිවාකර නොවූවද
මෙත් කාන්ති සුසැදි
සොමි දහර මෙන්

එනමුදු
නොපතූ ලෙසින් උදාවිය
යක්ෂයාගේ හෝරාව
ලෙයින් නොවූවද
ලෙයින් සැදි
හුනු කඳුලින් සෝදා හල
මා දිවිය
පඬ‍රැලක් පමණක්ම විය
සැඩ පහරට හසුවූ
ඒ සැඩ රළින්ම තුරන්වන්නට සපථ කළ
පෙර පිනක්
අවාසනාවක්ව,
ලැබුවෙමි නවතත් දිවිය
දිය පෙරූ මැට පිඬක් මෙන්

විකෘති මා මනැස
ප්‍රකෘති නොවන්නට
ගලක් මෙන්..
සිනහවෙන්..
ඇතුලතින්
ලෝදිය උල්පතක් මෙන්
බලා හිඳිමි ළොව දෙස
මට මමත් අමතකව

තත්පරයක් පාසා
ගෙවෙනා මේ ශාපලත් දිවිය...
කවදා මා මරණයේ සුව අත්විඳින්නද

තවත් පිළියුරු නොමති පැණක් වෙයි..
ඇය කොහිද
කෙලෙස දිවි ගෙවයිද..
මගෙන්ම අසමි මා
කලක්
හදවත නම් ස්පන්දනය වූ
වස්තුව තිබූ තැනට අත තබා
"මා කවුද?"

නිරුත්තරයි මා..
මගේම පැණයට
හදක් නැති සිතක්
පණක් නැති ගතක්

එපමනයි මට උරුම....