යක්ෂයෝ-එලවමු

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
දැන් එතකොට අපේ ගෙදර 4 වටේට මල් හදපුවහම එහා පැත්තේ ගෙවල් වලට පෙරේතයෝ රින්ගනවද?
 

Never Ever

Member
May 26, 2014
32
3
0
suniyam dewiyan ekka sellam karanna yanna epa.
balagathu dewi kenek.hithana dewal oyata laba ganna puluwan piliwelata araksha wela puuja kaloth hebei.nawatthuwoth eka.oyata hodin inna hamba wenne ne .hodn klese wethatah jeewath wenna be. e hinda danna budunta pahanak tiyagena inna.

Me kathawa nam mamath shala tiyenawa
Suniyam dewiyanta puuja karanakam hondai ewwa natarakalot athak payak kadala netnam jeewithe hari nathi karanawalu :yes:
 

Never Ever

Member
May 26, 2014
32
3
0
නැකැත් රාල;17082416 said:
ඔව් මම දන්නවා. සූනියම් දැහැනෙන් විතරම් නෙමෙයි. සූනියම් බන්ධන කරගෙන ඉන්න අයත් මම අඳුනනවා එයාලටත් ඉඳ හිට පහන තියන්න බැරි වෙනවා. ඕනෙ කමින් මගාරින්නේ නැත්තන් කලාතුරකින් දවසක් දෙකක් මගෑරුනට අවුලක් නෑ..

එලියේ පහන් තියන වෙලාවක් තියනවා හවස 06 ඉඳලා රෑ 10 වෙනකම් එලියේ තියන්න හොඳනෑ ප්‍රේතයෝ බැල්ම හෙලනවා. සූනියම් දෙවියන්ට රෑ 10න් පස්සේ පහන තියන්න ඕන..

Dan oyath suniyam dewiyonta pahan thiyenawada
 

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ‘දරන තෙද බල-සුරිඳු වඳිනෙමි
    දෙපද සර ගම්භාර සූනියම්
    සැණින හල මැන-මෙමගෙ යක්භය
    පිසස් උවදුරු නියම් අනියම්

    අතීතයේ සිට තොවිල් ක්‍රමය සමාජයේ පැවතිණි. තොවිලය යනු ශාන්තිකර්ම විශේෂයකි. එය මිනිසාගේ විවිධ උවදුරු රෝග උපද්‍රවයන් පිටුදැකීම උදෙසා භාවිත විය. මිනිසාගේ රෝග පීඩා සෘජුවම අමනුෂ්‍ය බලපෑම් මත සහ අමනුෂ්‍ය බලපෑම් යකැදුරකු විසින් යොමුකිරීම මත ඇතිවන බවට විශ්වාස කෙරෙයි. එම විශ්වාසය මත විවිධ රෝගාබාධ පිටුදැකීමට සහ බන්ධන කැපීමට තොවිලය භාවිත විය. මෙම තොවිල් ක්‍රමයට ආවේණික වූ අඩක් යක්ෂයකුද අඩක් දෙවියකුද වූ සූනියම් දේවතාවාගේ පිහිට ප්‍රධාන වෙයි. තොවිලයේදී ඔහු හූනියම් යකා ලෙස හැඳින්වෙයි.

    මෙම හූනියම් ක්‍රම පස් ආකාරයකි.

    1. ජීවම් 2. කොඩිවින 3. බන්ධන 4. අංගම 5. පිල්ලි යනු මෙම හූනියම් ක්‍රමයි. යම් ආතුරයෙක් මෙම පස් ආකාරයේ කවර හෝ හූනියම් ක්‍රමයක් නිසා උපද්‍රවයට පත්වී නම් එම වින කැපීම මූලික කොට තොවිලය පැවැත්වෙයි. දෙවියකු සහ යක්ෂයකු ලෙස හැඳින්වෙන මෙම දේවතාවාට නිවෙස ඉදිරිපිට පහන් දැල්වීමෙන් බැතිමත්තු සූනියම් දේවතා රැකවරණයත් ශක්තියත් බලාපොරොත්තු වෙති.

    සූනියම් දෙවියන්ගේ උපත

    අසුර සටනින් ජයගත් රාම කුමරු මහාමේරු පර්වතය මත රඟද්දී මහමෙර දරණලා සිටි නා රජුන් වෙත ගිය හිරුදෙවි අසුරයන් නැසීමට නා රජුගෙන් වරයක් ඉල්ලීය. නා රජු එම ඉල්ලීම ඉටුකළේ විෂ ධූමයක් පිට කිරීමෙනි. නා රජුගේ වම් නාසා පුටයෙන් විෂ ධූමයත් දකුණු නාසා පුටයෙන් සූනියම් දේවතාවාත් පිට වී යැයි හැඳින්වෙයි. ඔහු විෂ්ණු දෙවියන්ගේ පුතකු යැයිද මතයකි.

    ‘නමෝ සුර අසුර ගුරුළු - ගරුඬ වාහන සලිත කරවා හිර බන්ධන පුපුරුවා - අහස පොළොව වෙව්ලුවා, දේව මණ්ඩල උණු කරවා වින යකුන් සලිත කරවා සර්ව අණ දුරු කරවා, යක්ෂ - රාක්ෂ - පිසාච භය දුරු කරවා හමන සුළං සැම නවතා විස කටු උගුලුවා එරං කෝට්ටේ එරං ‍ෙදාර අරවා වින දැල් පුපුරුවා වින කැපූ ඔඩ්ඩිය රුසියා නම් මමය. සර්ව සූනියන් කැපි කැපී එලෙන්දේරිය සුං සූනියන් කැපීම සූනියම කළ අයට නොදැනෙන ලෙස කළ යුත්තකි. එය කළ යකැදුරාට සූනියම නොකැපෙන ලෙස කළ හැකි පිළියම්ද ඇත. සූනියම් කැපීමේ මූලික අපේක්ෂාව අණ වින දුරු වී ශාන්තිය උදාවීම වුවත් සූනියම් කැපීමේදී සූනියන් කළ යකැදුරාටද දුර්විපාක අත්වෙයි.

    සූනියම් දෙවියන් හඳුනාගන්න

    සූනියන් දෙවියන් සහ ගම්බාර දෙවියන් එක් අයකු නොවේ. දෙදෙනෙකි. බැතිමතුන් මෙම නොදන්නාකම නිසා ඔවුන් දෙදෙනා තාම එක් අයකු ලෙස සිතයි. පුද පූජා පවත්වයි. එය ඉතා නොගැළපෙන ක්‍රියාවකි.

    තුන්මංසලකදී හෝ පාළු පිටියකදී සුදු පැහැති උස් අයෙක් හිසෙහි සුදු ජටාවක් බැඳ නිල් පැහැගත් අසෙකු පිට නැඟී සිටියි. හදිසියේම දර්ශනය වී අතුරුදන් වන මෙම රුව සූනියන් දේවතාවාගේ බව යකැදුරෝ දනිති.

    සූනියන් - සිද්ධ සූනියන් - ගම්බාර සිද්ධ සූනියන් - වඩිග සූනියන් - ඔඩ්ඩි වඩිග සූනියන් - ඔඩ්ඩි දේවතාවා යනු සූනියන් දෙවියන් හඳුන්වන නම්ය.
    හිසෙහි ජටාව මෙන්ම ලේ පොළඟුන් දහතුන් දෙනකු සූනියන් දෙවියන්ගේ සිරුරේ සිටියි. උදරයේ රකුසු මුහුණකි. බඳෙහි වෙළුණු නාගයෙකි. උරහිසක කරවලුන් හතර දෙනෙකි. වඩිග කඩුවක් දකුණතෙහි ඇත. ගිනිකඳක් වම් අතෙහි ඇත. නාගයන් දෙදෙනකු හිස සිට දෙපතුලට සිටිති. සළුව දිවිසම් හැඩයකි. සූනියන් දෙවියන් රාක්ෂ සේනාධිපතිවරයෙකි. සිරුර නීලවර්ණයි. දස අවතාරවලින් පෙනී සිටියි.

    පහන් පැල

    සූනියන් දෙවියන් සඳහා පහන් දැල්වීමට පහන් පැල සැකසීම සෙනසුරාදා හෝ බදාදා දිනය සුදුසුයි. එම පහන් පැල නිවසේ සිට අඩි පහළොවත් - විස්සත් අතර දුරකින් සෑදීම ප්‍රමාණවත්ය. එය තැනීමේදී නිවෙස දෙස සිට ඉදිරිය බලා පළමු පස් පිඩැල්ල කැපිය යුතුය. පහන්පැල වටා මිදුල අඩි දෙකක් පමණ සුදු වැලි යොදා සැකසීම ප්‍රමාණවත්ය. පහන්පැලේ උස තීරණය වන්නේ පහන් දල්වන බැතිමතාගේ පපු පෙදෙසේ සීමාව මතය. බැතිමතාගේ පපු පෙදෙසට සමාන්තරව දල්වන ලද පහන තිබිය යුතුය.

    පහන් දැල්ල හොඳින් දර්ශනය වන ආකාරයට පහන් තැබීම යහපත්ය. දැඩි විශ්වාසය හා භක්තිය මත ඉතා පිරිසුදුව සුදු වස්ත්‍රයෙන් සැරසී පහන් දැල්වීම කළ යුතුය. තිසරණ සහිත පන්සිල් සමාදන්ව පහන්පැල අවට සහ තම සිරුරටද සාම්බ්‍රාණි දුම් අල්ලා ගැනීම තුළින් සූනියන් දෙවියන් ආකර්ෂණය වීමට සුදුසුකම් ලැබෙයි. පහන් පැලේ පහන් - හඳුන්කූරු දල්වා සුදු පැහැති මල් පිදීම ඉන් පසුව කළ යුතුය. පහන බැතිමතාගේ පපු පෙදෙසට සමාන්තරව දැල්වීමත් වඳින විට දෑත පපුව මත තබා ගැනීමත් දේව
    ආකර්ෂණය ලැබීමට හේතුවකි.

    පහන් දැල්වීමට සුදුසු වේලාවන්

    පහන් දැල්වීම නොකඩවා කළ යුතුය. එහෙත් එය දිනපතා කළ නොහැකි නම් පහන් දැල්වීම සෙනසුරාදා - බදාදා විශේෂ දිනයන්ය. පහන් දැල්විය යුතු නියමිත වේලාවන්
    ඉරිදා රාත්‍රි 9.00 - 9.45 අතර
    සඳුදා රාත්‍රි 9.00 - 9{45 අතර
    අඟහරුවාදා රාත්‍රි 8.15 - 9.00 අතර
    බදාදා රාත්‍රි 9.00 - 9.45 අතර
    බ්‍රහස්පතින්දා රාත්‍රි 8.15 - 9.00 අතර
    සිකුරාදා රාත්‍රි 9.00 - 9.45 අතර
    සෙනසුරාදා රාත්‍රි 9.45 - 10.45 අතර

    බදාදා - සෙනසුරාදා දෙදින පහන් දැල්වීම විශේෂයෙන් කළ යුතුය. පූජා පැවැත්වීමේදී පහන් දැල්වීමට එළඟිතෙල් යෙදූ පහනක් ඉතා සුදුසුය. සුදුමල් - රිදී පඬුරක් - කහදියර - සාම්බ්‍රාණි යොදා ගැනීම හිතකරය. පහන් දල්වන්නා නිර්මාංශී අයෙක් විය යුතුය. හිංසාකාරී - පාපී සිතුවිලි පෙරදැරිව කටයුතු කිරීමෙන් අවැඩක් සිදුවීමට හේතුයි.

    දෙවියන් වර්ණනා නොකිරීමත් - සිහිනෙන් දර්ශනය වන දෙවියන් ගැන කිසිවකුට නොපැවසීමත් නිතර මෛත්‍රි සහගත සිතුවලිවලින් යුක්ත වීම දෙවියන්ගේ ප්‍රසාදයටත් හේතුයි. ඉතා සුළු අතපසුවීමකදී පවා කෝපවන සූනියම් දෙවියන් ඇදහීමට පෙර නැවත වරක් සිතා බැලි යුතුය. අදහන්නේ නම් භක්තිවන්තව කැපවීමෙන් කළ යුතුය. එය නතර කර ගැනීම බාධක කරදර ළඟා කරගැනීමකි.

    බුදු ගුණය

    අණ වින ‍ෙදාස් දුරුකොට සෙත ශාන්තිය ලබාගැනීමට දේව ශාන්තිය මෙන්ම බුදු ගුණයද උපයෝගී කරගත හැකිය.
    කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා ‍ෙදාස් දුරුකර යහපත ළඟාකර දිය හැකි ඇදුරු උතුමෝ අප අතරද සිටිති. සූනියන් දෙවියන් අදහන බැතිමතුන් කායිකව සහ මානසිකව පිරිසුදු, මනා කැපකිරීමක් කළ හැකි බැතිමතුන් විය යුතුය. කෙසේ වුවද සූනියම් දෙවියන් ඇදහීමට පෙර නැවත වරක් සිතා බැලිය යුතුමය.

    මව්බිමෙන් ඉස්සුවේ මේ දැන්:D

    එලකිරි සහො.. කොහෙන් ඉස්සුවත් වැදගත් දෙයක් දැන ගත්තා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    311xvyq.jpg