-----------------------------------------------------------------------------------------
***
04.Graham Young
1947 සැප්තම්බර් මස 7වන දින ,එංගලන්තයේ Neasden හිදී Graham Frederick Young උපත ලැබීය..
ඉතා කුඩා කාලයේ සිටම ,වස පිලිබදව සහ එයින් සිදුවන දේ පිලිබදව දැඩි ඇල්මක් දැක්වූ Young , 1961දී සිය පවුල වෙත වස දෙන ලදී ...
එයින් පවුලේ බොහොමයක් දෙන දැඩි ලෙස රෝග තුර වුන අතර 37 වියති Molly Young(Young ගේ දෙවැනි මව )සහ ඇගේ සැමියා Fred
Young (Young ගේ පියා )
අධ්ක වමනය .පාචනය සහ අධික බඩේ වේදනාවට මුහුණ දීමට සිදු විය ..
ටික දිනකට පසු Young වෙතින්ද ඔහුගේ පාසලේ මිතුරන් කිහිපදෙනෙකුට මෙම ලක්ෂණ පහල වුනි ...
ඉන්පසු 1961 නොවැම්බර් මසදී සිය සහෝදරිය වූ Winifred Young වෙත "Atropa belladonna " නමැති වස ,තේ සමග මිශ්‍ර කර දෙනු ලැබීය..
තේ වල තිබු අමුතු සුවදත් තිත්ත බවත් නිසා උගුරකට වඩා පනය නොකල ඇය එය ඉවත දමන ලද අතර සිය රැකියාව සදහා දුම්රියෙන යාමේදී රෝගාතුර වීම නිසා රෝහල වෙත ගෙන යන ලදී...
1962 අප්‍රේල් මස 21වන දින Molly Young වස ශරිර ගත වීම නිසා මිය යන අතර Youngගේ රසායනික සහ වස පිලිබදවූ ආසාව හා දැනුම නිසා ඔහු පිළිබධව සැක සිතු ඔහුගේ ඥාතිවරියක් විසින් ඔහුව මානසික වෙදයවරයෙක් වෙත යොමු කරන ලදී .
එහිදී තොරතුරු දැන ගන්නා මානසික වෙදයවරයා විසින් පොලිසිය දැනුවත් කරන අතර එහිදී Young විසින් සිය පියා ,සහෝදරිය සහ මිතුරෙකුට වස දීම පිලිබදව පාපොච්චාරණය කරන ලදී ...
Molly Youngගේ දේහය ඒ වන විටත් ගිනි තබා පුච්චා තිබු බැවින් එය පිලිබදව පරීක්ෂණ කිරීමට නොහැකි වුනි ...
නව වසරක් සදහා Broadmoor Hospital හි රදවා තබන අතර එහිදී personality disorder හා schizophrenia යන මානසික රෝග වලින් Young පීඩා විදින බව සොයා ගන්න ලදී..
1971 පෙබරවාරි මස නිදහස ලබන මොහු John Hadland විද්‍යාගාරයේ quartermaster ලෙස රැකියාව සිදු කිරීම අරබනවා ..
මෙහිදී මොහු විසින් thallium bromide-iodide රසායනිකය ලබා ගන්නා අතර එය තේ වලට දමා , සිය වැඩ කරන තැන පුද්ගලයන් හට පානය කිරීම සදහා ලබා දෙනවා ..
මෙයින් එක පුද්ගලයෙකු (Bob Egle) මිය ගිය අතර සමහරක් රෝගා තුර විය..
ඉදිරි මාස කිහිපය තුලදී පුද්ගලයන් 70දෙනෙකුට වස දීමට Young සමත් වේ...
Egle නමැත්තා සහ Fred Biggs මෙයින් මිය යයි ...
1972 නොවැම්බර් මස Young සැකපිට අත්අඩංගුවට පත් වෙන අතර ඔහුගේ සාක්කුවේ තිබී thallium හා antimony ද
නිවසේ තිබී aconitine ද ඔහු විසින් ලියන ලද මාත්‍රා අඩංගු දින පොතක්ද සොයා ගන්න ලදී.. Young ජීවිතාන්තය දක්වා සිර ගත කරන අතර
ඔහුව "The Teacup Poisoner" කියල එංගලන්තයේ ප්‍රසිද්ද වෙනවා ..
1990 අගෝස්තු මස 1 වන දින Parkhurst බන්ධනාගාරයේදී හර්දයභාදයකින් Young මිය යන අතර එවිට ඔහු 43වන වියේ පසු විය ...
-----------------------------------------------------------------------------------------
***
05.Bryan and David Freeman
Bryan සහ David පුතුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පුතුන් දෙදෙනා වන අතර කුඩා කල සිටම දැඩි ආගමානුකුලව (Jehovah's Witnesse ) ජීවත්වීමට ඔවුන්ගේ දෙමව්පියන් විසින් හුරු කරන ලදී..
වැඩිවීයට පත්වත්ම එහි තිබු දැඩි නීති හා සීමාවන් නිසා සිය ආගම පිළිකුල් කොට උග්‍ර නාසි(Neo -Nazi ) වාදීන් බවට පත්විය ....
Bryan Freeman උසින් අඩි6 ක් වූ අතර රාත්තල් 215ක බරකින් යුතු වූ අතර සිය සොයුර වූ David (අඩි6 රාත්තල් 245)ට වඩා බුද්ධියෙන් ඉහල හා කාරුණික අයෙකු වුනි..එසේ වුවත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා පසුව ඉතා බියකරු සහ කලහකාරී චරිතයක් බවට පත් වුනා ....
Bryan සහ David තම cousin කෙනෙකු වූ Ben Birdwell III සමග එක්වී නව nazi සන්විදනයක් සෑදීමට සැලසුම් සකස් කර තිබුණි... සිය දෙමාපියන් සහ 11 හැවැරිදි සිය බාල සොහොයුරා භීතියෙන් මුසපත් කොටගෙන , Bryan සහ David විසින් තම අනසක, නිවස තුල ක්‍රියාත්මක කොට ගෙන තිබුණි..
1995 පෙබරවාරි මාසයේදී සිය දෙමාපියන් සහ සොහොයුරා මරා දමන Bryan , David සහ Ben Birdwell පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලබනවා..
මරණ දඩුවමෙන් බේරීම සදහා මොවුන් තිදෙනා වරද පිළිගන්න අතර ජීවීතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරිණි..
-----------------------------------------------------------------------------------------
***
06.Brenda Spencer
1962 අප්‍රේල් මස 3 වන දින ඇමෙරිකාවේ Californiaහිදී Brenda Spencer උපත ලබනවා... සිය පියා සමග Grover Cleveland Elementary පාසලේ ඉදිරිපස නිවසක වාසය කල අතර Brendaගේ මව දික්කසාද වී තිබුණි..චයරූපකරනය සදහා අති දක්ෂ බවක් පෙන්වූ Brenda තරග කිහිපයකින් ප්‍රථමයා වී තිබුණි..පාසලේදී සෑම විටම නිදිමත භාවයකින් සිටි අතර පාසැල ගමන කෙරෙහි දඩි අසතුටකින්ද පසු විය...
කුරුළු දඩයමේ යාමට ප්‍රිය කල Brenda ,තම පාසලේදී වීදුරුවක් තුලින් BB gun කින් වෙඩි තැබීම නිසා අත්අඩංගුවට පත් විය ..1978 වසරේදී සිය පියා විසින් Ruger 10/22 semi-automatic .22 caliber rifle තුවක්කුවක් සහ උන්ඩ 500 ක් නත්තල් තෑග්ග ලෙස ලැබුණු බව පවසා ඇත...
1979 ජනවාරි මස 29වන සදුදා උදැසන සිය නිවසේ සිට පාසලේ ගේට්ටුව අරින තෙක් බලා සිටි සිසුන්හට Brenda විසින් වෙඩි තබන ලදී. මෙයින් සිසුන් 8දෙනෙකුට තුවාල සිදු වූ අතර සිසුන් බෙර ගැනීමට පැමිණ පාසලේ විදුහල්පති වූ 53හැවිරිදි Burton Wragg ජීවිතක්ෂයට පත් විය...තවද පාසලේ සේවයේ නියත වූ 56හැවිරිදි Mike Suchar ද දරුවෙකු බෙර ගැනීමට තත් කිරීමේදී වෙඩි වැඩි ජීවිතක්ෂයට පත් උනි..
උණ්ඩ 30ක් පමණ තැබූ Brenda සිය නිවසේ පැය කිහිපයක් සිටි අතර එහිදී The San Diego Union Tribune මද්යවෙදියෙක් සමග දුරකථන සාකච්චාවක්ද සිදු කරන ලදී.. මාධ්‍යවේදිය අසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය කියා තිබුනේ "I don't like Mondays"මම සදුදා දිනයට කැමති නැති නිසා මෙය සිදු කල බවයි..
පසුව Brenda පොලිසියට යටත් වුනු අතර ජීවිත්නතය දක්වා සිර දඩුවම් නියම විය..
මෙම සිදුවීම අලලා 1979 පෙබරවාරි මසදී Bob Geldof විසින් "I Don't Like Mondays" නමින් ගීතයක්ද එලි දක්වන ලදී ...
එය එංගලන්තයේ ගීත දර්ශක වල සති 4ක කාලයක් ප්‍රථම ස්ථානය ගැනීමට සමත් උනි..
තවද මෙම සිදුවීම අලලා 2006දී වාර්තාමය චිත්‍රපටයද I Don't Like Mondays නමින්ම විකාශය උනි..



