යක්‍ෂයාට නමස්‌කාර කිරීම

shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    යක්‍ෂයාට නමස්‌කාර කිරීම

    Worship Satan. Ahamben dakapu deyak.Share karanna hithuna.Re post nam sorry.......Reps are welcome



    තමා කැමති ආගමක්‌ අදහන්නට නමස්‌කාර කරන්නට දේශනා කරන්නට හෝ ප්‍රවර්ධනය කරන්නට ඕනෑම අයකුට නිදහසක්‌ ඇත. එය මානව හිමිකමකි අප රාජ්‍ය ව්‍යවස්‌ථාවෙහිද මෙය පැහැදිලිව සඳහන් වෙයි.
    මෙම නිදහස උපරිමයෙන් භුක්‌ති විඳිමින් අප රටේ ජනයා තමා කැමති ආගම් නිදහසේ අදහති. ඉඳහිට කොහේ හෝ පල්ලියකට දේවාලයකට ගල් ගැසූ බවත් පිරිසක්‌ පැමිණ වටකර විරෝධය පෑ බවත් කෙනකුට දෙන්නකුට අතින් පයින් පහර දුන්නා කියා ඇහෙනවා ඇරෙන්නට පූජකයන් ගිනි තබා මරණ ගල් ගසා හිස පොඩි කරන අත පය කන් නාසා කපා දමන තරම් දරුණුවට අප රටේ ආගම් විරෝධී ක්‍රියා තාම ආරම්භ වී නොමැත. මෙම නිසා අපේ මිනිස්‌සු කැමති කැමති ලෙස තෝර තෝරා විවිධ ආගම් සහ දර්ශන පසුපස යමින් විවිධ වන්දනාමාන කටයුතු වල නිරත වෙති.
    ඉතා සුලබ නොවූවද සාතන් වන්දනාව හෙවත් යක්‍ෂයාට නමස්‌කාර කිරීමද දැන් දැන් අප සමාජයේ ඉතා රහසිගතව ක්‍රියාත්මක වෙයි. මෙම යක්‍ෂ වන්දනාව ඉතා අසාමාන්‍ය ක්‍රියාවලියකි. වරෙක ඒ දිහා බලා ඉන්නට පවා නොහැකිය. භයානකය, ජුගුප්සාජනකය, අශෝභනය. නමුත් මෙම යක්‍ෂ වන්දනාවට දිනෙන් දින නැඹූරු වන පිරිස්‌ දකින විට මේ ගැන කතා නොකර සිටීමට බැරිය. අද වැඩිපුරම මේ යක්‍ෂ නමස්‌කාරයට එකතුවන්නේ අපේ රටේ අනාගතය බාර ගැනීමට සිටිනා තරුණ තරුණියන් වීම අතිශය කනගාටුවට කරුණකි. ඔවුන් කියන පරිදි ඔවුනගේ නායකයා සාතන්ය.
    සාතන් යන ජාත්‍යන්තර යකෙකි. ඔහු දෙවියන්ගේ විරුද්ධකාරයා නිසා නිතරම උත්සාහ කරන්නේ යහපත් ලෙස ධර්මිෂ්ඨව දිවි ගෙවන මනුෂ්‍යයන්ව ආකර්ෂණයට සහ තම ග්‍රහණයට ගෙන ඔවුන්ව නරක නපුරු දෙයට ඇද දැමීමයි. සාතන් සොයන්නේ දෙවියන්ගේ අනුගාමිකයන් පමණක්‌ නොවේ ඔහුට කවුරු වුවද කම් නැත. එනිසා සිංහල, දෙමළ මුස්‌ලිම්, ලන්සි, බෞද්ධ, ඉස්‌ලාම්, කතෝලික, හින්දු, රුසියන්, තායි, චීන, කාපිරි, හින්දි, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, නෝර්වේ, ඇමරිකන් කියා වෙනසක්‌ නැත. ඌට අවශ්‍ය මනුෂ්‍යයාට තාවකාලික සැපක්‌ ලබා දී ඔවුන්ව වනසා දමන්නයි. සාතන්ට යක්‍ෂයා, ලුසිර්, සර්පයා, මෘගයා, ලෙවියාතන්, බොරුවේ පියා, නපුරා, දුෂ්ටයා සහ සොරා ආදී විවිධ පටබැඳි නම් තිබේ.
    “සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්‌ය. නමුත් මා ආවේ මනුෂ්‍යයාට ජීවනය දෙන්නටත් එය අධිකව දෙන්නටත්” බව ජනප්‍රිය ආගම් ශාස්‌ත්‍රDවරයකු වූ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ පවසා ඇත. කිතුනු විශ්වාසයට අනුව යේසුස්‌ විසින් කුරුසපත් වීම තුළින් සාතන්ගේ හිස පොඩිකර උගේ බලය බිඳ දමා ඇත. එනිසා අද සාතන් යනු කිසි බලයක්‌ නැති මෝඩ දුර්වලයන්ව බිලි බා ගන්නා නපුරු ආත්මයක්‌ පමණි.
    “ඔය කියන තරම් යකා කළු නැහැ.” කියා කියමනක්‌ අප සමාජයේ තිබුණද ඇත්තටම මේ සාතන් කියන යකා පොදක්‌වත් කළු නැත. දේව ලියවිල්ලට අනුව යක්‍ෂයා හෙවත් සාතන් බොහෝ කලකට පෙර ස්‌වර්ගයේ වෙසෙමින් දෙවියන්ගේ දකුණු පස හිඳිමින් එතුමන්ට වන්දනාමාන කළ ඉතා රූමත් දීප්තිමත් ලුසිµර් නම් වූ ගායනයට සහ සංගීතයට දක්‍ෂ නමස්‌කාර කණ්‌ඩායමට නායකත්වය දුන් ස්‌වර්ගීය ආත්මයකි, දේවදූතයෙකි. නමුත් ආඩම්බරකම සහ උඩඟුකම හිතට ගෙන දෙවියන්ට විරුද්ධව කැරලි ගැසූ නිසා දෙවියන් විසින් සාතන්ව සහ ඔහුගේ කෝටි තිස්‌තුනකට ආසන්න සහචරයන් රැල ස්‌වර්ගයෙන් පහළට නෙරපා දමා ඇත. ශුද්ධ ලියවිල්ලට අනුව දෙවියන් විසින් මහපොළව හදා එහි මිනිසුන් ද මවන්නේ මේ නිසාය. දෙවියන්ගේ හතුරා වන සාතන් මෙසේ මවන ලද පොළවට පැමිණ එහි සිටි අහිංසක ආදම් සහ ඒව වන මුල් යුවලට තහනම් ගස පෙන්වා එහි ගෙඩි කන්නට සලස්‌වන්නේ දෙවියන්ගෙන් පළිගැනීමේ දුෂ්ට අරමුණෙනි. එදා සිට අද දක්‌වාම මේ මෘගයා මනුෂ්‍යයන්ව පාපයට පොළඹවා ඔවුන්ව දෙවියන්ගෙන් හෙවත් යහපත් දෙයින් ඈත් කර තබයි.
    “ඇත්තටම සාතන් කියන්නේ නපුරු ආත්මයක්‌ ඌට අතක්‌ පයක්‌ ඔලුවක්‌ ශරීරයක්‌ නැහැ. ඒත් එයා ඉන්නේ ලෞකික ආසාවන්ගෙන් පිරිල නරක දේවල්වලින් සතුටුවෙන්න. තෘප්තිමත් වෙන්න බොහෝම කැමැත්තෙන්. ඉතින් මූට සිරුරක්‌ නැති නිසා මූ කවුරු හරි මිනිස්‌ සිරුරකට ඇතුළු වෙලා එයා තුළින් තමන්ගේ ආසාව ඉටු කර ගෙන තෘප්තිමත් වෙනවා. උදාහරණයක්‌ වශයෙන් සොරකම ප්‍රචණ්‌ඩත්වය මිනීමැරීම ආහාරයට ඇති ගිජුකම මත්පැන් මත්ද්‍රව්‍යයට ඇති ලොල්කම සල්ලාලකම වනචරකම කුපාඩිකම වගෙ දේවල් කරගන්න එයා කාගේ හරි ආත්මයක්‌ ඇතුළට රිංගලා එයා තුළින් ඒක ඉටුකර ගන්නවා වැඩේ තියෙන්නේ මෙයාගේ අරමුණ අභිප්‍රාය අපේ අය දන්නෙ නැහැ.”
    අපට මෙසේ කිව්වෙ ඉරේෂ් කාලයක්‌ ඔහු සාතන්ව වන්දනාමාන කළ අයෙක්‌. නමුත් ඔහුට ඇත්ත තේරිල ඉන් මිදිල දැන් සාතන්ට විරුද්ධව වැඩ කරනව. ඉරේෂ්ගේ එකම අරමුණ සාතන් පසුපස ගිහින් විනාශ වෙන්න යන තරුණ අයව ඉන් මුදවලා හරි මගට ගන්නයි. මට ඉරේෂ් විසින් අඳුන්වල දුන්න රිකී ගොඩක්‌ ගැඹුරට යක්‍ෂ වන්දනාව කරල දැන් ඉන් මිදෙන්නට උත්සාහ කරන අයෙක්‌ මේ ඔහුගේ අදහසයි.
    “මම අවුරුදු 12 ක්‌ සාතන් නමස්‌කාර කළා. දැන් මට වයස අවුරුදු විසි නවයයි. දාහතෙන් තමයි මම මුලින්ම කොළඹ ලොකු ගෙදරක තිබුණ සේටන් වර්ෂිප් මීටිමකට (සාතන් නමස්‌කාර රැස්‌වීමකට) ගියේ. මාව එක්‌කන් ගියේ නිනී කියල මගේ යාලු ලන්සි කෙල්ලක්‌. මට තාම මතකයි එදා ඒක මෙහෙයපු සෝල්ජර් අපිට කියපු දේවල් (සෝල්ජර් හෙවත් හේවායා යනු මෙම කණ්‌ඩායමේ නායකයාට කියන නමයි) තව අපේ වයසේ කෙල්ලො කොල්ලො විස්‌සක්‌ විතර හිටිය.
    සෝල්ජර් කිව්වා දෙවියන් බුදුන් නමස්‌කාර කරන අය කරන්නේ යහපත් දේවල් දෙවියන් වගේ අයව ප්‍රසන්න කරන්න නම් මල් පහන් පුදන්න ඕනි. සුවඳ දුම් අල්ලන්න ඕනි. දනට පිනට දෙන්න ඕනි. බණ භාවනා කරන්න ඕනි. දෙමාපියන් වැඩිහිටියන්ට සලකන්න ඕනි. ආචාරශීලි වෙන්න ඕනි. ධාර්මිකව ජීවත්වෙන්න ඕනි. ඒත් සාතන්ව සතුටු කරන්න ප්‍රසන්න කරන්න නමස්‌කාර කරන්න නම් අපි අන්තිම නරක ජඩ ජරා වැඩ කරන්න ඕනි. එහෙම බැරි අය ඉන්නවනං වහාම මෙතනින් යන්න කියල කවුරුවත්ම ගියේ නැහැ. ඊට පස්‌සේ සෝල්ජර් ඔක්‌කොටම බියර් බොන්න දුන්න. සමහරු ගංජා සුරුට්‌ටු ඉරුවා. තවත් අය කුඩු ගැහුවා. බිත්තියෙ ගහල තිබ්බා ලොකු බය හිතෙන පින්තූරයක්‌ ඒ සාතන්ගෙලු. සමහරු ඒ පින්තූරයට දුම් ඇල්ලුවා. සමහරු ඒකට මුත්‍රා කළා. තවත් අය ඒක වැළඳගෙන ඒකත් එක්‌ක අනඟ රැඟුම් පෑවා. සෝල්ජර් කැසට්‌ එකක්‌ දැම්මා. ඒකෙන් අමුතු සංගීතයක්‌ ආවා. කවුද කාමරේ ලයිට්‌ එක නිමල පොඩි රතු ලයිට්‌ එකක්‌ දැම්මා. මුළු කාමරේම අඳුරෙනුයි ගංජා දුමෙනුයි පිරුණා. එතැන හිටිය වැඩි දෙනෙක්‌ තමන්ගේ ඇඳුම් ගලෝල නිරුවත් වුණා දෙන්න දෙන්න විතරක්‌ නෙමෙයි හතර පස්‌දෙනාත් එක්‌ක අර අමුතු සිංදුවෙ තාලෙට සෙක්‌ස්‌ කරන්න ගත්තා. මාව කෙල්ලෙක්‌ එයා ගාවට ඇදල ගත්තා. නිනීව කොල්ලො දෙන්නෙක්‌ ඇදගෙන අයිනකට ගියා එදා ඉඳන් අද වෙනකං මාසෙකට සැරයක්‌ මං ඔය රැස්‌වීමට යනවා. හැමදාම කරන්නෙ ඔය වගේ දේවල් තමයි. ඉරේෂ් කරුණු පැහැදිලි කරල දුන්නට පස්‌සෙ මට දැන් ටිකක්‌ මේව එපා වෙලා තියෙන්නේ. ඒත් එක පාරටම දාලා එන්න බයයි සෝල්ජර්ලා කියන විදියට එහෙම ගියොත් සාතන් අපෙන් පලි ගන්නවලු.”
    මෙවැනි සාතන් නමස්‌කාර කරන රැස්‌වීම් හෙවත් මෙහෙයවල් අද අප සමාජයේ ඉතා සුලබ නැතත් අප දන්නා පරිදි කොළඹ නගරයේ කීප පොළකත් මොරටුවෙත් මහනුවරත් ගාල්ලෙත් ගම්පහත් ඉතා හොර රහසේ මාසෙකට දෙතුන් වතාවක්‌ සිදුවෙයි. සමහරදාට මෙවැනි රැස්‌වීම් පවත්වන්නේ කොළඹ නගරයේ ප්‍රසිද්ධ සුසාන භූමිවල ඇති පවුලේ අයට පමණක්‌ වෙන්වුණ සුවිශේෂී පොළව යට තැනූ බිම් මහල් අඳුරු කුටි තුළයි. එසේත් නැත්නම් පාලුවට ගිය සුවිසල් භයංකාර පැරණි බංගලාවල සොල්දර මතයි.
    K.I.S.S (Kids In Service of Satan සාතන්ට සේවය කරන ළමයි) AC/DC (Anti Christ Devil’s Childා අන්තු ක්‍රිස්‌තු යක්‍ෂ දරුවෝ) ENIGMA, HEAVY METAL යන නම්වලින් ඇමතෙන මෙවැනි සාතන් වන්දනාමාන කරන කණ්‌ඩායම් කීපයක්‌ම අප රට තුළ ද පසුගිය වසර තිහ හතළිහක කාලයත් තිස්‌සේ පවතී. මේවායේ සාමාජිකත්වය දරණ අය කීපදෙනෙක්‌ම අපගේ සමීප මිතුරන් නිසා අපට ද විටින් විට එහි ගොස්‌ සිදුවන්නේ මොනවා දැයි විමර්ශනය කරන්නට බාධාවක්‌ නැත. මේ සෑම තැනකම වාගේ දිනපතා සිදුවන්නේ අප මිතුරු රිකී විස්‌තර කළ අන්දමේ සමාජ විරෝධී අසම්මත දේව වචනයට සහ බුදු බණට පටහැනි අශිෂ්ට අශීලාචාර දේවල්ය. සමහර තැන් වල උගන්වන දේ ඇසෙන විට ඇඟ හිරිගඩු පිපී සිත කීරි ගැසෙයි. කිල් යෝ ෆාදර් ස්‌ටැබ් යෝ ප්‍රීස්‌ට්‌ රේප් යෝ සිස්‌ටර් කට්‌ ද නෙක්‌ ඇන්ඩ් සක්‌ යෝ සිස්‌ටර්ස්‌ බ්ලඩ් එනම් නුඹෙ පියාව මරපං, පූජකයාට පිහියෙන් ඇනපං, අක්‌කව දූෂණය කරපං, නංගිගෙ බෙල්ල කපල ලේ බීපං ආදී අණ පනත් මේ යක්‍ෂ වන්දනා සංකල්පයේ ව්‍යවස්‌ථාවට අයිතිය.
    මෙවැනි නපුරු වදන් අසා එවනි දේට යොමුවුණු නව යොවුන් තරුණ තරුණියන් ද අද අප සමාජයේ නැත්තේ නොවේ. මෙයට වසර විසි පහකට පමණ පෙර වැල්ලවත්ත පැත්තේ එක්‌තරා නව යොවුන් තරුණයෙක්‌ පොලිසියේ උසස්‌ නිලයක්‌ දැරූ තම පියාවත් මවත් පියාගේම ගිනි අවියෙන් නිවසේම මරා දමා සහ තවත් බොහෝ යක්‍ෂ ක්‍රියා කළ අන්දම ගැන සමහරුන්ට තාමත් මතක ඇතැයි සිතමි. ඔහු බොහෝ කාලයක්‌ සිරගතව සිටි අතර පසුව දේව අනුග්‍රහයෙන් පසුතැවිල්ලට පැමිණ පුනර්ජීවනයක්‌ ලැබ දැන් නිදහස්‌ සමාජයේ ඉතා යහපත්ව දිවි ගෙවන බව බොහෝ අයෙක්‌ නොදනී.
    යක්‍ෂ වන්දනාවට යොමු වූ අය කීප දෙනෙක්‌ සමගම කතා බස්‌ කරන්නට අපට අවස්‌ථාව උදා වුණු අතර ඉන් වැඩි දෙනෙකුම සමාජයේ ඉහළ ප්‍රභූ පන්තිය නියෝජනය කරන පවුල්වලින් පැවතෙන අයයි. නගරයේ උසස්‌ම පාසල්වලින් මද දුරක්‌ ඉහළට අධ්‍යාපනය ලැබ ඇති ඔවුන් තුළ මහ මෝඩකමේ ගති ලක්‍ෂණ උඩඟු උද්දච්ච බව මෙන්ම කුමක්‌ හෝ මානසික අසමතුලිතතාවයක්‌ ඇති බව අපට තේරුණි. කුමක්‌ හෝ මහත් හිස්‌ බවක්‌ මෙන්ම බලාපොරොත්තු බිඳගත් ඉච්ඡා භංගත්වයක ගති ලක්‍ෂණත් ඔවුන්ට ඇති බව අපි නිරීක්‍ෂණය කළෙමු.
    නුගේගොඩ පදිංචි ඩ්‍රැගන් යන අන්වර්ථ නාමයෙන් ඇමතෙන කොළඹ සුපිරි මහල් නිවාසයක උඩුමහල් කාමරයක සෑම පෝය දවසකම සේටන් වර්ෂිප් මීටිමක්‌ සංවිධානය කරන එහි සෝල්ජර් අප සමග තම අදහස්‌ මෙසේ බෙදා ගත්තේය.
    “මං ඉස්‌සර හරිම හොඳ ළමයෙක්‌. ඉස්‌කෝලේ හොඳම ක්‍රීඩකයෙක්‌. අපේ අම්මා අසනීප වුණා මැරෙන්න ලෙඩ ඇඳේ වැටිල හිටිද්දි මම දෙවියන්ගෙන් ඉල්ලුව අම්මව සනීප කරන්න කියල. ඒත් දෙවියො ඒක ඇහුවෙ නැහැ. තාත්තා බීලම මානසික ලෙඩෙක්‌ වුණා. මගේ අක්‌කල මට හොරෙන් මගේ ඉඩ කඩං විකුණල රට ගියා. මට කවුරුත් රස්‌සාවක්‌ දුන්නෙ නැහැ. සමාජයෙන් කොන් කළා. මාව පාරට වැටුණ මට කියන්න හිටියේ යකා විතරයි. මං එයාට කිව්ව මට දැන් ජීවිතයක්‌ නැහැ යකාට වැඳගෙන එයා සතුටු වෙන දේවල් කරගෙන මම ජීවත් වෙනව නයිට්‌ ක්‌ලබ්වලයි, කැරෝකේවලයි ඩාන්ස්‌ කරන්න එන කොල්ලන්ට කෙල්ලන්ට අයිස්‌ ටිකක්‌ විකුණල මම දවසට හොඳ ගාණක්‌ හොයා ගන්නවා, (අයිස්‌ යනු කොකේන් මත්ද්‍රව්‍යවලට කියන තවත් නමකි) යකා ගාවට තව තවත් සෙනඟ අරන් යන එක තමයි මගේ එකම අරමුණ”
    ඩ්‍රැගන් තෝරාගත් විකල්පය අපි කිසිසේත් අනුමත නොකරමු. ඒ ඔහු ගැටලුවලට මුහුණ දෙන ඔහුගේ දුර්වල පෞරුෂත්වයයි. අඳබාල මානසිකත්වයයි. නමුත් අපට හමුවූ බහුතරයක්‌ සාතන් නමස්‌කාර කරන්නන්ගේ අදහස්‌ වලට අනුව ඔවුන් මෙසේ එම අවර ක්‍රියාවට යොමුව ඇත්තේ තමන්ට සිදුවූ කුමන හෝ සමාජ අසාධාරණයක අතුරු පලයක්‌ ලෙසිනි. එය සමහරවිට පවුල තුළින්ම ආ ගැටලුවකි. නැතිනම් රැකියාව ආශ්‍රීත දෙයකි. එසේත් නැත්නම් කොන් වීමක්‌ හෝ පිළිනොගන්නා තත්ත්වයකි. එමෙන්ම කා සමග හෝ ඇතිවූ වෛරයක ක්‍රෝධයක අතුරු ඵලයකි.
    අස්‌වාමිකව සිව් වරක්‌ ගැබ් ගත් ඒ සෑම අවස්‌ථාවකදීම කලලය සෝදා හැරිය අධික ලෙස මරිජුවානා පානයට ඇබ්බැහිවුණු වර්ණවත් පච්චා කීපයකින් ඇඟ සරසා ගත් වෘත්තියෙන් රාත්‍රී සමාජ ශාලා නලඟනක්‌ වන බම්බලපිටියේ ෂානාස්‌ දැක්‌වූ අදහස්‌වලින් මෙම ලිපිය අවසන් කරමු.
    “ඇත්තටම අපි අනාථවෙලා කියල අපිට දැනෙනව. දැන් කරන්න දෙයක්‌ නැහැ. මං දන්න විදියට කොළඹම ඉන්නව සීයකට වඩා වැඩි සේටන් වර්ෂිපර්ස්‌ලා පිරිසක්‌ එන්න එන්නම අපිට එකතු වෙන අය වැඩි වෙනව. මේකට හේතුව විදියට මං දකින්නේ සමාජෙ ඇති අසාධාරණත්වය තියෙන එකාට විතරයි ඔක්‌කොම. දුර්වල තරුණ තරුණියන්ව අමතක කරල. අපිට එකතුවෙන සමහරු වහ බොන්න ගිය අය කෝච්චියට පනින්න ගිය අය සල්ලිකාර පවුල් වල කෙල්ලො කොල්ලො විතරක්‌ නෙමෙයි සාමාන්‍ය දුප්පත් පවුල් වල අයත් අද ඉන්නේ වේදනාවෙන්. රට කරන අය වැඩිදෙනෙක්‌ කරන බොරුව ප්‍රොaඩාව අපි දකිනවා. අපි මේවා කාට කියන්නද යකාට ඇරෙන්න. බේරෙන්න දාලා එන්න බැරි තරමට දැන් අපි සාතන්ට බද්ධ වෙලා ඉවරයි. ඒත් අපි බලං ඉන්නව කවුරු හරි ගැලවුම්කාරයෙක්‌ එයි කියල. අපිව මේකෙන් මුදවන්න
     
    • Like
    Reactions: sanjeewawga

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාතන් ඇදහීමට ඇති නිදහසට ගරු කරමු, සාතන් ගේ නීතියට අනුව මිනි මරණ සාතන් භක්තිකයන්ට සමාව දෙන නීති ඇති කරනු. සාතන් ඇදහීම ගැන කරුණු පාසල් විෂය නිර්දේශයට ඇතුල් කරනු ! සාතන්ට අපහාස කරන අවිශ්වාසවන්තයින්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කරනු :angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka godak famous une hard rock bands walin issara.. dan nan hard rock naha wadiya..

    Oya ke kello adan hukana ewa nan boru kathandara athin dapuwa..ohoma karanna pulwuan nan lankawe kollangen bagayak antichrist wei..
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    It seems a good idea to join these gangs. Free beer, free weed, free sex... wow. However I don't belive in this Satan or Tarzan or whatever the retard, it will be a good place to have some fun time
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    K.I.S.S (Kids In Service of Satan සාතන්ට සේවය කරන ළමයි) AC/DC (Anti Christ Devil’s Childා අන්තු ක්‍රිස්‌තු යක්‍ෂ දරුවෝ) ENIGMA, HEAVY METAL යන නම්වලින් ඇමතෙන මෙවැනි සාතන් වන්දනාමාන කරන කණ්‌ඩායම් කීපයක්‌ම අප රට තුළ ද පසුගිය වසර තිහ හතළිහක කාලයත් තිස්‌සේ පවතී.

    WTF is this? Heavy Metal kiyanne music ne ban? :angry: Munge mola kara welada koheda.. hapoi! :sorry::sorry::sorry:
     

    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    ayi hutto eka eka gon wahathu article genalla meke danne.. oka diwayine giya patti gon scene article ekak.. hoyalaa balapan danna kalin!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Mamam Yakshaya adahana ekka inna kenek. eya thamai mata jeewath wenna udau karanne. deyak hodin ho narakin labaganna eya mata udau karanawa.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    K.I.S.S (Kids In Service of Satan සාතන්ට සේවය කරන ළමයි) AC/DC (Anti Christ Devil’s Childා අන්තු ක්‍රිස්‌තු යක්‍ෂ දරුවෝ) ENIGMA, HEAVY METAL යන නම්වලින් ඇමතෙන මෙවැනි සාතන් වන්දනාමාන කරන කණ්‌ඩායම් කීපයක්‌ම අප රට තුළ ද පසුගිය වසර තිහ හතළිහක කාලයත් තිස්‌සේ පවතී. මේවායේ සාමාජිකත්වය දරණ අය කීපදෙනෙක්‌ම අපගේ සමීප මිතුරන් නිසා අපට ද විටින් විට එහි ගොස්‌ සිදුවන්නේ මොනවා දැයි විමර්ශනය කරන්නට බාධාවක්‌ නැත. මේ සෑම තැනකම වාගේ දිනපතා සිදුවන්නේ අප මිතුරු රිකී විස්‌තර කළ අන්දමේ සමාජ විරෝධී අසම්මත දේව වචනයට සහ බුදු බණට පටහැනි අශිෂ්ට අශීලාචාර දේවල්ය. සමහර තැන් වල උගන්වන දේ ඇසෙන විට ඇඟ හිරිගඩු පිපී සිත කීරි ගැසෙයි. කිල් යෝ ෆාදර් ස්‌ටැබ් යෝ ප්‍රීස්‌ට්‌ රේප් යෝ සිස්‌ටර් කට්‌ ද නෙක්‌ ඇන්ඩ් සක්‌ යෝ සිස්‌ටර්ස්‌ බ්ලඩ් එනම් නුඹෙ පියාව මරපං, පූජකයාට පිහියෙන් ඇනපං, අක්‌කව දූෂණය කරපං, නංගිගෙ බෙල්ල කපල ලේ බීපං ආදී අණ පනත් මේ යක්‍ෂ වන්දනා සංකල්පයේ ව්‍යවස්‌ථාවට අයිතිය.


    මේක ගියේ දිවයින පත්තරේද කොහෙද .. මේක ලියපු එකා බුරු පකයෙක් ..පත්තරේ විකුණා ගන්න කිසිම වගකීමක් නැති මෝඩ හිතළු ලියල ඔහේ දානවා .... උගේ අම්මගේ රෙද්ද තමයි .... කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු මේවා දැකපු ගමන් විස්වාස කරනවා ඉතින්

    ඇනිග්මා කියන සංගීත කණ්ඩායමට ක්‍රිස්තියානි පල්ලියෙන් කෙස් වැටෙන්නේ උන් පල්ලියේ නාද රටා පාවිච්චි කරනවා කියල එහෙම නැතුව සාතන්ගේ ලබ්බක් නැ .....පට්ටපල් බොරු ලියන ගොඩේ පකයෙක්නේ මු ..හේවි මෙටල් අහන්නේ සාතන් වර්ශිප් එවුන්ලු .....බලපන්කො ඉතින්




     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    anton-lavey-showmanship.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙයියො බර ගානක් ඉන්නවා.ඒ උනාට එක යකයි ඉන්නේ.හැම ආගමක්ම දෙයියො ගැන කියන්නේ විවිධ බයිලා.නමුත් හැම ආගමක්ම එකම යකෙක් ගැන කියන්නේ.ඒක නිසා යකා කියන්නේ ඇත්ත වගේ නේද?:rofl::rofl: