රන්ජන් විජේරත්න ගැන කාලෙන් කාලෙට ලංකාවේ දේශපාලනයේ කතා වෙනවා. වාමාංශික රැඩිකල් සමාජවාදී ත්‍රස්තවාදින් ඉල් මහා විරුවෝ විදිහට අද සමරද්දී එදා ඒ හිල් මහා මෙරුවො ටික හිටියේ රංජන් විජේරත්නට බයේ කැලේ පැනලා.
1931 අප්‍රේල් 4 වෙනිදා උපත ලබන රන්ජන් විජේරත්න ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත
තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා.
පසුව 1950 ඔක්තෝබර් 11 වන දින ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ කෙසෙල් වත්ත වතුයායේ වැවිලිකරුවෙකු ලෙස විටල්ස් වැවිලි සමාගම සමඟ සම්බන්ධ වී තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඉතා කෙටි කාලයක් තුළ වැවිලි ක්ෂේත්‍රයේ දක්ෂතා පෙන්වූ නිසා රංජන් 1968 දී එවකට ලංකාවේ විශාලතම තේ වගාව වන දෙමෝදර තේ සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්විය. ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා නිසා පසුව ඔහු ගෝඩන් ෆේසර් සමාගමේ සහ බෝසැන්කට් සමාගමේ ද අධ්‍යක්ෂකවරයා
ලෙස පත්විය.
1967 - 1968 අතර කාලය තුළ ඔහු වැවිලිකරුවන්ගේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර කොළඹ තේ වෙළදුන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලංකා රෝපණ ආයතනයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේය.
1984 දී රංජන් විජේරත්න ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බලකායේ ලුතිනල්
කර්නල් තනතුරට පත් වූ අතර ශ්‍රී ලංකා රයිෆල් බලකායේ දෙවන බල ඇනීයේ පළමු අනදෙන නිලධාරියා බවට පත් විය.මේ කාලය තුළ ඔහු රට වටා සිටි තරුණ පිරිස් මෙම බල ඇනිවලට එකතු කරගත් අතර මධ්‍යම කඳුකරය හා කඳුකරේ තරුණ පිරිස් ද ස්වේච්ඡා බලකා සඳහා එකතු කරගත්තේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඔහුව විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා බවට පත්කළේය.ඔහු ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කළේය. විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කිරීමේ දී ඔහු රජීව් ගාන්ධි සමග විවිධ වාද විවාදවලට පැටලුණු අතර එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය පුහුණු කරන්නේ ඉන්දියාව බවට ඡායාරූප සමග රජීව් ගාන්ධිට ඔප්පු කළ පෙන්නුවේය.
විජේරත්නගේ දැඩි ස්ථාවරය නිසා ඔහුට බොහෝ සතුරන් ඇති විය.ඔහුගේ ප්‍රධාන සතුරන් වූයේ ඔහුව ඝාතනය කිරීමට මාන බලමින් සිටි එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සහ ජවිපෙ යි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සහ ජවිපේ විසින් අවස්ථා කිහිපයකදී ඔහුව මරණයට පත් කිරීමට උත්සාහ කළේය.පළමුව ජවිපේ විසින් ඝාතනය කරේ රන්ජන් විජේරත්නගේ රියදුරුය.
එක් අවස්ථාවකදී රංජන් විජේරත්න කොල්ලුපිටියේ ඔබරෝයි හෝටලේ ආහාර ගනිමින් සිටින අවස්ථාවක දී ආහාර වලට විෂ දමා ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
ජවිපේ විසින් ආරම්භ කළ දෙවන කැරැල්ල නාය ගියේ රංජන් විජේරත්න ආරක්ෂක ඇමති ධූරය භාර ගැනීමෙන් පසුවය. ඔහු ජවිපේ සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට අනුගමනය කළේ දැඩි ප්‍රතිපත්තියකි. එක් අවස්ථාවක ත්‍රස්තවාදී ප්‍රභාකරන්ට ඔහු ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.
විශ්ව විද්‍යාල පද්ධතියේ තියෙන නවක වදය පිළිබඳ කතා කිරීමේදී උඩට එන්නෙත් රංජන් විජේරත්නගේ නමය.ඔහු විසින් එකල සියලු විශ්වවිද්‍යාලවලට වෙස්වලාගත් නිලධාරීන් ඇතුළු කර තිබුණේ නවක වදය ලබා දෙන රැඩිකල් සමාජවාදී වාමාංශිකයන් බෙල්ලෙන්ම අල්ලා ගැනීමටය.
කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩ ජවිපෙට සහ එල්ටීටීඊ සංවිධානයට ප්‍රචණ්ඩත්වයෙන්ම උත්තර දුන් රන්ජන් විජේරත්න 1991 මාර්තු 2 දින එල්ටීටීඊ සංවිධානය විසින් දුරස්ථ පාලක කාර් බෝම්බයක් භාවිතා කරමින් හැව්ලොක් පාරේ කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයට යමින් සිටියදී ඝාතනය කළේය.
පසු කාලයේ එනම් 2008 දී ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය චෝදනා කළේ 1990 සාම සාකච්ඡා ක්‍රියාවලියේ දී රන්ජන් විජේරත්න තම නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.
ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දිය යුත්තේ ප්‍රචණ්ඩත්වයෙනි.රංජන් විජේරත්න සිදු කළේ එයයි.