යකා දත් විලිස්සන කොට මෝඩයාට පේන්නේ ඌ හිනා වෙනවා වගේ ලු..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු මහජනතාවට කාලෝචිත අවවාදයක් නිකුත් කළේ, ශාන්තිකර්මයක් ලෙස එක් රැයකින් පොල් වතුර අධික ලෙස පානය කළ බව කියන කාන්තාවක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙනි. කට්ටඩියන්ගේ කූට උපක්‍රමවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ඔහු, “ජප කළ”පොල් වතුර ආදියේ ලෙඩ සුව කිරීමේ ආශ්චර්යමත් බලයක් නොමැති බව අවධාරණය කර ඇත.

    මේ යහපත් වෛද්‍යවරයාගේ අනතුරු ඇඟවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙනු ඇතැයි ද, යාඥා-මන්ත්‍ර-ගුරුකම් ආදියෙන් ලෙඩ සුව කිරීමේ පිළිවෙත්වලට සහ වෙනත් හොර ජාවාරම්වලට හසු නොවී මහජනයා ඥාණවන්තව ක්‍රියා කරනු ඇතැයි ද යමෙකුට අපේක්ෂා කළ හැකිය.

    දැනට අර්බුදයට ලක්ව ඇති නමුත් ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතිය ගැන ආඩම්බරයෙන් කතා කළ හැකිය. එහෙත් මිනිසුන්ගේ නොදැනුවත්කමෙන් ධනය රැස් කර ගනිමින් තර වෙන හොර වෙදුන්ගේ සහ දිව්‍ය බලයෙන් ලෙඩ සනීප කරන්නන්ගේ පහසු ගොදුරු බවට බොහෝ දෙනෙකු පත් වීම කනගාටුවට කරුණකි.

    ගුප්ත විද්‍යාව පුළුල්ව පැතිරී ඇති රටකට ඉහළ සාක්ෂරතා ඥානයක් ඇතැයි ආඩම්බර විය නොහැක.

    පහසුවෙන් රැවටෙන සුළු මිනිසුන්ගේ ඔළුවලට තට්ටු කර කිසියම් තාර්කික චින්තනයක් ජනිත කිරීමට උත්සාහ කිරීම වෛද්‍ය ප්‍රවීනයන්ට ගෞරවයකි. නමුත් කපටි මන්ත්‍ර-ගුරුකම්කාරයන්ට දිගින් දිගටම මෙතරම් පහසුවෙන් රටේ මිනිසුන් බිල්ලට ගත හැකි වන්නේ නම් ප්‍රවීනයන්ගේ උත්සාහය නිෂ්ඵල වනු ඇත.

    නරකම තත්ත්වය නම්..​

    නරකම තත්ත්වය නම්, මෙම ස්වයං ප්‍රකාශිත තක්කඩි ගුරුකම්කාරයන්ගෙන් සමහරෙකුට උන්ගේ “සර්ප තෙල්” ප්‍රවර්ධනය කිරීමට පවා අනුග්‍රහය ලබා දෙන්නේ කැබිනට් අමාත්‍යකාරයන් වීමයි.

    කෝවිඩ් වසංගතයේ මුල් අවධියේ දී, වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස එක්තරා කට්ටඩි තක්කඩියෙකුගේ “මොකක් දෝ එකක්” ප්‍රවර්ධනය කිරීමට එවකට සිටි පවිත්‍රා වන්නිආරච්චි නමැති සෞඛ්‍ය අමාත්‍යකාරිය සාරිය කැහැපට ගසා ගෙන වැඩ කළ හැටි මතකය.

    තමන්ට රෑට රෑට හීනෙන් පෙනි පෙනී, එක්තරා ‘දෙවඟනක’ කියූ වට්ටෝරුවක් අනුව තම “බොන බේත” නිෂ්පාදනය කළ බව ඒ කට්ටඩියා පැවසීය.

    එවකට සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වීම සඳහා එම කට්ටඩියාට ආරාධනා කෙරිණ. එහි දී ලබා ගත් ඡායාරූප ඔහු එම බොරු බේත ප්‍රචාරණය කිරීම සඳහා යොදා ගත්තේය.

    පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යකාරිය සහ ඇගේ ඇතැම් අමාත්‍ය මණ්ඩල සගයන් විසින් සෞඛ්‍ය ගැටළුවලින් රට මුදවා ගැනීම සඳහා, “ගඟට මුට්ටි දැමීමේ” අමුතුම ආකාරයේ චාරිත්‍රයක් ද සිදු කෙරිණ.

    ජනාධිපතිකාරයන් පවා කට්ටඩි බලවේග තුලින් සැනසීම සොයන රටක..​

    මහා ව්‍යාපාරිකයන්, අමාත්‍යකාරයන් පමණක් නොව ජනාධිපතිකාරයන් පවා කට්ටඩි කට්ටකම්වලට හසු වී ගුප්ත බලවේග තුළින් සැනසීම සොයන රටක සාමාන්‍ය ජනතාවගෙන් ඊට වඩා වෙනසක් අපේක්ෂා කළ හැක්කේ කෙසේ ද? ජාතික ව්‍යවස්ථාදායකය [හෙවත් ශ්‍රී ලංකාවේ පාහරමේන්තුව] මිථ්‍යා දෘෂ්ටික වැඩවල ගුබ්බෑයම බවට පත්ව ඇති තරම ගැන කෙනෙකුට පුදුම සිතෙනු ඇත.

    1990 දශකයේ මුල් භාගයේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහුගේ හිතවතුන් මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙනස් කිරීමට මැතුරූ තෙල් රැගෙන විත් මන්ත්‍රීවරුන්ගේ පුටුවල ගෑවා ජනතාවට මතකය. එය දැන ගත් දෝෂාභියෝගයේ යෝජකයින් ඌරු තෙල් රැගෙන විත් පුටුවල ගෑවේ පෙර කී මැතුරූ තෙල්වල බලපෑම උදාසීන කිරීමටය!

    මිථ්‍යා විශ්වාස සහ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් අපේ පාහරමේන්තුවේ අදහස් උදහස්වල කිසිදු වෙනසක් වී නැති බව මුල් පෙළ මැති ඇමැති පාහරයන් විසින් ‘කෝවිඩ් බෙහෙත්’ සහ ගුප්ත පිළිවෙත් ප්‍රවර්ධනය කරනු ලැබීමෙන් රටට අනාවරණය විය. විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ ජාතික ප්‍රගතිය කරා රට ගෙන යාම එවැනි ගුබ්බෑයමකින් අපේක්ෂා කළ හැකි ද?

    මුල් පෙළේ ව්‍යාපාරිකයන්, උසස් හමුදාකාරයන් හා උසස් පොලිස්කාරයන්, රාජ්‍ය නිලධාරීන් සහ නායක දේශපාලුවන් වැනි බලගතු පුරවැසියන් මිත්‍යා විශ්වාසවල වහලුන් බවට පත් වූ විට, කට්ට කයිරාටික කට්ටඩියන්ගේ තෝතැන්නක් බවට රට පත්වීම ස්වාභාවිකය.

    මෝඩයන්ගෙන් හිඟයක් නැති රටක කෑදර යකැදුරන් පුද්ගලයින්ගේ මුදල් ගසා කනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතවලට පවා අනතුරු කිරීම වැළැක්වීම දුෂ්කර විය හැකිය. නමුත් මෙම හානිකර චරිත සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් මහජනතාව බේරා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම කිරීමේ අවශ්‍යතාවය බැහැර කළ නොහැකිය.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔය බටහිර ඩොක්කු දන්න පුකක් නෑ..:frown: පොඩි දරුවෙක් තියටර් එකට පැනලා ඔපරේෂන් එකක් කරලා ලෙඩා මලාම බටහිර වෙදකම මිත්යාවක් වෙනවද ? නෑනේ.. අන්න එහෙම සීන් එකක් තමයි මෙතන උනේ.. ශාන්තිකර්ම කියන්නේ මිත්යාව නෙමේ.. ඒවට තමයි ආවේෂවීම් හොඳටම ඉවත්කරන්න පුලුවන්.. :yes: :yes: :yes: