වීගන් විදිහට ප්‍රෝටීන් වැඩි (කාබෝහයිඩ්රේට් වලට වඩා වැඩි) ලංකාවේ කරන්ඩ පුළුවන් ඩයට් ප්ලෑන් එකක් කියපන්කො සිරාවට අහන්නෙ
පොඩ්ඩක් හොයල බලල කියන්නම් මචං.
මේකෙදි හොඳටම දන්න කෙනෙක් උදවු කරනවා නං හොඳයි. ටෝෆු, පරිප්පු, කඩල, අල තමයි protein බහුල ලංකාවෙන් හොයා ගන්න පුළුවන් දේවල්. ඒ වගේම කස කසා ඇට(poppy seeds) එහෙමත් මික්ස් කරගන්නවා නම් හොඳයි. මහතයි නං ඇඟත් බහිනවා.
ලින්ක් එකකුත් දාන්නං අදහසක් ගන්න.
https://veggievagabonds.com/vegan-protein-sources
මම ලංකාවේ හිටපු කාලේ ගෙදර වත්තේ වවල තිබ්බ දේවල් අරං කිරි වෙනුවට කොළ කැඳ, මුරුංගා කොළ එහෙම බිව්වා.
oats අරන් වතුර දාල බ්ලෙන්ඩරේ මික්ස් කරලා oat milk හදා ගත්ත. පැණි හරි සීනි ටිකක් කලවම් කරාම සුපිරියි. oat මිල්ක් එක ලාබයි සහ කිරිපිටි වලට වඩා දීර්ග කලීනව හොඳයි.
ටෝෆු හදනකොට තෙතමනය යවල බැදලා කන්න, සෝයි සෝස් මික්ස් කරාම තවත් රහයි.
මම ළඟක් වෙනකන් මස් කෑවා. හැබැයි මස් කෑම නවත්තුවට පස්සේ තමයි දැන් රසටම කන්නේ. මම ඒ ගැන නං ඕන තැනක දිවුරනවා.