සුපිරිම කතාවක්. දෙන්නට දෙන්නට බයේ ඉඳල වැඩක් නෑ. මාත් දෙපාරක් සැර කරල තියෙනව. අදටත් දුකයි මතක් වෙනකොට.මම කලින් පුරුෂාධිප්යය තියෙන්න ඕනි වගේ මතයක හිටියේ ඒත් දෙන්න දෙන්නාගෙන් කාට බය වුණත් ඒ කසාදෙන් වැඩක් නෑ කියලා දැන් හිතෙන්නේ. මම මේ පිටස්තරයෙක්ගේ කොනෙකින් කියන්නේ තනිකඩ හින්දා.
ගරු කරන්න ගෑණු පිරිමි කියලා භේදයක් නෑ.
පුරුෂාධිපත්‍යය , කාන්තා ආධිපත්‍ය හරි තියෙන්න ඕනි නෑ. ඕවා යල් පැනපු දේවල්. මොලේ පාවිච්චි කරලා දෙන්නට දෙන්නා තේරුම් අරන් දේවල් කැපකරලා බෙදා හදාගෙන ජීවත් වෙන්න දැනගන්න ඕනි දෙගොල්ලොම.
කාන්තාවට හා පිරිමියාට කියලා බෙදලා පෙන්නන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් මුලිකම අවශ්‍යතා ගත්තාම එහෙම බෙදන්න බෑ නේ ද? ගරුත්වය, ආදරය , කරුණාවෙන් සලකනවා වගේ දේවල් ගැහැණු පිරිමි කියලා බෙදලා තියන්න පුළුවන් ද? ගැහැණු කියන්නෙත් මනුෂ්‍යය ජාතියේම තමයි ඉතින් අපිට වගේම හැගීම් දැනීම් තියෙනවා. සමහර අවුල් චාටර් කපටි ගති නම් තියෙනවා ඉතින් සමහරුන්ට නෑ කියන්නේ නෑ. ඒත් ඒක ඒ අයව පල්ලේහාට දාන්න හේතුවක් කරගන්න බෑ. මොකද සමහර පිරිමිත් අවුල් විදියට හැසිරෙනවා නේ.