යටියන සිසිරගිරි වළව්ව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    යටියන සිසිරගිරි වළව්ව

    සුද්දන් පැරදවූ රෙදි කෝට්කාරයාගේ යටියන සිසිරගිරි වළව්ව වසර තිහකින් මිනිස් වාසයෙන් තොරයි.
    යටියන තවමත් නොදියුනු ගම්මානයක් වුවද යටියන යන නාමය දෙස් විදෙස්හි පවා පතල නමකි. යටියන නම ලොව පුරා පතල වූයේ එක් පුද්ගලයකු නිසාය. නැතහොත් යටියන මහත්තයා නමින් පතල මහ කළු සිංහලයා නිසාය.

    එංගලන්තයේ සුද්දන් හා තරඟ කොට සුදු වතු අධිරාජ්‍ය ශ්‍රී ලංකාවේ බිඳහෙළුවේ යටියන මහත්තයා නමින් සුදු වේටිය රෙද්දත් කෝට් එකත් අඳින ගැමියකු විසිනි. ඔහු සුදු ටුවිට් රෙද්දත් කර වැසූ කබායත් අඳින මූහුණට ගාම්භීර බවක් පෙන්වූ උඩු රැවුළක් ඇති උසේ හැටියට මහත ඇති හතර රියන් පුරුෂයකු විය.මෙයින් දශක අට නවයකට පෙර ලංකාවේ තේවතු රබර් වතු වැඩි බිම් ප්‍රමාණයක් තිබූ සමාගමක් නොවන පුදුගලයකු නම් ඒ යටියන මහත්තයා පමණි.ඔහුට ඉඩම් ධනය හිමි වූ වාසනාව මතු වූ කතාව ඉතාමත් රසවත් සිද්ධියකි. යටියන මහත්තයා එකළ පදිංචිව සිටියේ යටියන දැනට ඔහු තැනූ නිවස තිබූ ඉඩමේ ඉහළම කඳු ගැටය මත වූ කුඩා නිවසකය. එවකට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ජලය ගෙන් යන්නේ දැනට යටියන කැකණදුර පාරේ සමීපයේ ඉඩමේ පල්ලමේ ඇති ළිඳකිනි.

    දිනක් යටියන මහත්තයාගේ බිරිය කඹුරුපිටිය හාමිනේ සුපුරුදු පරිදි රෙද්දත් හැට්ටයත් හැඳ ගෙදර පහල ළිඳෙන් වතුර කළයක් පුරවාගෙන ඉනේ තබා ගෙන කන්ද උඩ ඇති තම ගෙදරට ගෙනයන්නීය. කන්ද පහල සිට කන්ද නැග කඳු ගැටේ අඩක් පමණ ඉහළට නගින විට ඇය හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් විය. ඇය ඉන තබා ගෙන සිටි වතුර කළය වහා බිම තබා රෙද්ද හැඳ ගැනීමට සැරසුනාය. වතුර කළය බිම තබා රෙද්ද තද කර අඳින කඹුරුපිටිය හාමිනේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයක් සිදු වන්නට විය. ඇය මහා හඬින් කෑගසා ගෙදර සිටින සැමියාට අඩ ගැසුවාය. යටියන් මහත්තයාද ඇඳ සිටි සරම තද කොට ඇඳ වහාම කඹුරුපිටිය හාමිනේ සිටි තැනට දුව ආවාය. සිය බිරිය වතුර කළය බිම තබාගෙන සිටින තැනට පැමිනෙන විට ඔහුට ඇස් අදහා ගත නොහිකි විය. සිය බිරිය බිම තැබූ වතුර කළය බුබුළු දමමින් උතුරා යමින් තිබුණි. වහා ගෙදර දුව ගොස් ලොකු රෙද්දක් ගෙනවිත් උතුරන වතුර කළය කිසිවෙකුට නොපෙනෙන සේ කෝටු හතරක් සිටුවා ඒ වටා සුදු රෙද්දෙන් ආවරණය කලේය. එයින් පස නිමිති කරුවෙකු හමුවී
    සිද්ධිය පැවසූ විට ඔවුන්ගේ උපදෙස් වූයේ කළය උතුරා ගිය ස්ථානය මැදිවන සේ නිවසක් තනා පදිංචි වන ලෙසය. යටිටන මහත්තයා එම ස්ථානයේ තැනූ නිවස සිසිරගිරි වළව්ව ලෙස හඳුන්වයි.

    යටියන ලක්දිව පමණක් නොව එතෙර රටවල පවා පතල නමක් ඇති වූයේ යටියන මහත්තයා නිසා බව මාතර සැවොම දනී. මහනුවර ක්වීන්ස්(රැජින) හෝටළය ඔහු මිළදී ගත් කතාවද රසවත්ය. මහනුවර ක්වීන්ස් හෝටල මිළදී ගන්නා අවස්ථාවේ යටියන මහත්තයා ටුවිට් රෙද්දත් හඳ සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වූ බලා සිටියේය. ක්වීන්ස් හෝටල විකිණිමට වෙන්දේසි කරන සුද්දා ලංසුව තියන විට යටියන ලංසුව වැඩිකර ඉල්ලුවේය. මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිළදී ගත හැකිදැය සුද්දා උපහාසය සිනාසුණි. වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිළදී ගෙන උපහාසයට සිනාසුනු සුද්දාගෙන් ඇසුවේ උඹට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද කියාය. ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්වය හරිහැටි දැනගත් සුද්දාට උපහාසයෙන් සිනාසීමට නොව පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවට පත් විය. ඒවන විට ඔහුට රටේ මාතර හැටන්, නුවර එලිය ආදී බොහෝ ප්‍රෙද්ශවල තේ, රබර් වගාවන් අක්කර දස දහසකට වඩාතනි අයිතියක් යටතේ තිබුණු බව කියවේ. මේ සැමට වාසනාව පෑදුනේ යටියන සිසිරගිරි වළව්වේ භූමි වාසනා බලයෙන් බව කියවේ.

    දිනක් යටියන මහතාට ආරංචියක් ලැබුණි ලංකාවට අළුත්ම වර්ගයේ බෙන්ස් රත තොගයක් ගෙන්වා ඇති බවට. ඔහු එම බෙන්ස් රත ගෙන්වා ඇති කොම්පැනිය වෙත ගොස් වාහන අතපත ගාමින් බලමින් සිටියේය. මේම නවීනම වර්ගයේ බෙන්ස් රථ එම කොම්පැනිය ගෙන්වා තිබුනේ තුනක් පමණි. එතන ජැන්ඩියට ඇඳ පැළඳ ටයි කෝට් දමා සිටි කළමනාකරුගෙන් මෙම බෙන්ස් එකක් කීයදැයි විමසවේය. රෙද්ද බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ අනේ තමුසෙ ගන්න බෙන්ස් යනුවෙනි. එකළ තිබූ මිළ අදිකම වාහනය වූ මෙම බෙන්ස් රථ තුනම එවලේම සල්ලි දී මිළදී ගත යටියන මහතා එය මාතර යටියන නිවසට රැගෙන ආවේය.

    ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතා පසුව නුවර එලිය මස්කෙළිය පාර්ලිමේන්තු මන්ත්‍රී විය. පසුව ටයිම්ස් පුවත්පත් ආයතනයේ සභාපති විය. යටියන මහතාගේ මුනුපුරන් කිහිප දෙනෙකු අකාලයේ ඇමරිකාවේදී හදිසි අනතුරකින් මිය ගියේය. යටියන මහතාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේද ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතාගේද මුණුපුරන්ගේද සෙහොන් කොත් යටියන නිවස ඉදිරිපිට සාදා ඇත. 1989 භීෂණ සමයේ මේ සුවිසල් සිසිරගිරි වළව්වට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් ගිනි තැබූවේය. ඒ වන විට මහා වැස්සක් පැමින ඒ ගිින්න නිවා දැමූ බව ගැමියෝ කියති. අද මේ සිසිර ගිරි වළව්ව පාව ස්ථානයකි. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු පදිංචියට පැමිණ නැත. දවල්ට පමණක් මුරකරුවෙකු සිටී. අඟුව දැමූ නිවසේ ප්‍රධාන ගේට්ටුවේ ඉබ්බා වසර 25කින් පමණ විවෘත කර නැත. වත්ත වටේටම වසර සීයයකට වඩා පැරණි අරලියා මල් ගස්ය. වත්තේ දුර්ලභ මූර්ති නිර්මාණයන්ගෙන්ද අලංකාරය . යටියන ගමේ කිසිවකු මෙම නිවසට හෝ වත්තට ඇතුළු නොවේ. ප්‍රතාපවත් තාප්පයකින් වටවී ඇති මේ වළව්ව හුදකලාව පවතී. ඇතමුන් පවසනුයේ මෙහි හොල්මන් ඇති බවකි. කඹුරුපිටිය හාමිනේ වතුර කළය බිම තැබූ විට බුබුළු දමමින් උතුරපු ස්ථානය හි ඇති වලව්වේ කාමරය අදද ආවරණය කර වසා දමා ඇති බව පැවසේ. මේ වලව්වට රහසිගතව ඇතුළුවූ තරුණයන් පිරිසක් මේ ඡායා රූප අන්තර් ජාලයට මුදා හැර තිබුණි.

    නන්දික බැද්දේගම



    67305970_2235398206772606_6199261443204841472_n.jpg

    66972449_2235398240105936_725187038743101440_n.jpg