යටිසිතේ බලය The power of subconscious mind
අපිට හිතාගන්න වත් බැරි තරම් දියුණු යන්ත්‍රයක් තමයි අපේ මනස. එහෙමත් නැත්තං මොළය. අද මම කියල දෙන්න යන්නෙ ඒ සුපිරි මනසින් වැඩ ගන්න හැටි. මේක කරන්න පුළුවන් හොඳට සිත දියුණු කරපු අයට විතරද? නෑ මේක අපි හැමෝටම කරන්න පුළුවන්. පොඩි පුහුණුවක් විතරයි අවශ්‍ය. මේකෙන් අරුම පුදුම සිතූපැතූ සම්පත් ලබාගන්න පුළුවන්. මේ කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.
හරි අපි කෙලින්ම කතාවට එමුකො. අපේ මොළය කියන්නෙ හරිම අපූරු උපකරණයක්. මොළය නිර්මාණය වෙලා තියෙන්නෙ නියුරෝන බිලියන 100ක් විතර එකතු වෙලා. අපේ මුළු මන්දාකිණියෙම තියෙන තරු ප්‍රමාණයත් බිලියන 100ක් විතර. ඉතින් හිතාගන්නකො කොච්චර ගොඩක් තියෙනවද කියලා. හැබැයි ඉතින් මේ ඔක්කොම එක පාර වැඩ කරන්නෙ නම් නෑ. මොකද මේ ඔක්කොම එක පාර ක්‍රියාත්මක කරන්න නම් ඉතා විශාල ශක්තියක් අවශ්‍යයි. එච්චර ශක්තියක් සපයන්න නම් න්‍යෂ්ටික බලාගාරයක් වත් ඕන වෙනවා. හිතාගන්න පුළුවන්නෙ?
හැබැයි ඉතින් අපේ මොළය තමන්ට අවශ්‍ය පරිදි බලශක්තිය කළමනාකරණය කරගන්නත් ගොඩක් හොඳට දන්නවා. අර මම කලින් කියපු නියුරෝන ටික එකකට එකක් සම්බන්ධ වෙලා ජාලයක් හැදිලා තියෙන්නෙ අපේ මොළයෙ තිබෙන Synaptic Connections කියන ජාතියකින්. මේ කොටසෙදි තමයි මොළය පුරා විද්‍යුත් ලෙස ගමන් කරන සංඥා ටික රසායනික සංඥා බවට පරිවර්තනය වෙන්නෙ. ඒකෙනුත් ලොකු energy saving එකක් කරගන්න අපේ මොළයට හැකියාව ලැබිලා තියෙනවා.
මේ ලිපියෙදි මම මොළයෙ ප්‍රධාන කොටස් 2ක් ගැන කතා කරනවා. ඒ තමයි preconscious mind එක (නැත්තං cortex එක) සහ subconscious mind එක. ඔය කොටස් 2 අපිට එදිනෙදා ව්‍යවහාරයෙදි උඩු සිත හා යටිසිත කියලා නම් කරන්නත් පුළුවන්. හැබැයි 'සිත' කියල මම මෙතනදි හඳුන්වන්නෙ ආගමික පොත පතේ හැඳින්වෙන 'සිත' නෙමෙයි මොළයටමයි කියලත් මතක තියාගන්න වෙනවා.
මොළය කියන්නෙ මරණය දක්වාම එකදිගට වැඩ කරන යන්ත්‍රයක්. හදවත පවා අඩු තරමේ කිවිසුමක් යවන වෙලාවට වත් තාවකාලිකව අක්‍රිය වෙනවා. හැබැයි මොළය එහෙම නෑ. අපි කතාවට කියන්නෙ විභාග ශාලාවෙදි මොළය ක්‍රියාවිරහිත වෙනවා කියලනෙ. හැබැයි මෙයා ඇත්තටම කළලයේ සිට මැරෙනතුරුම වැඩ.
එතකොට නිදාගත්තම???
නිදාගත්තම අර මුලින් කියපු cortex එක නැත්තං උඩුසිතත් අපි එක්කම නිදාගන්න යනවා. හැබැයි යටිසිත ඒ කියන්නෙ subconscious brain එක නම් ජීවිතේට නිදාගන්නෙ නෑ.
ඇත්තටම කවුද මේ Subconscious brain එක?
මෙයා හරියට නිකං අපේ ඇඟ ඇතුලෙ ජීවත් වෙන, අපිට වඩා ඉතාම බුද්ධිමත්, අපෙන් පරිබාහිර වෙනමම ජීවියෙක් වගේ. විහිළු නෙමෙයි. මෙයා මුළු ජීවිත කාලය පුරාවටම අවධියෙනුයි ඉන්නෙ. ඒ වගේම ඉතාම හොඳ අවධානයෙන්. අපි උපතේ සිට දකින, අහන, අත්දකින හැමදෙයක්ම මෙයා record කරගන්නවා. උඩුසිතට අද වෙන දේ හෙට අමතක වුණාට මෙයාට හැමදෙයක්ම හොඳටම මතකයි. අපේ හුස්මගැනීම පවා පාලනය කරන්නෙ මෙයා. අපේ මොළය හරියට පාවෙන අයිස් කන්දක් වගේ. මුහුදෙන් උඩට මතුවෙලා පේන සුළු ප්‍රමාණය තමයි අපි හොඳට අඳුරන අපේ උඩුසිත. වතුර යට තියෙන විශාල ප්‍රමාණය තමයි යටිසිත.
අපේ මොළයේ ක්‍රියාකාරිත්වයෙන් 90% - 95% අතර ප්‍රමාණයක් මේ යටිසිතටයි අයිති. අවාසනාවට අපිට මෙයත් එක්ක එච්චර ලඟ යාළුකමක් නෑ. ඉතින් අර ඉතුරු 5% 10% විතර පාවිච්චි කර කර මෝඩයො වගේ ඉන්නවා (ලිපිය ඉවර වෙනකන් කියෙව්වොත් ඔය 95%නුත් යම් ප්‍රතිශතයකින් වැඩ ගන්න හැටි දැනගන්න පුළුවන්).
මෙයා දළ වශයෙන් cortex එක වගේ 30,000 ගුණයේ සිට මිලියන ගුණයක් දක්වා බලසම්පන්නයි. ඒ වගේම මෙයාට එක වර උපරිම වැඩ ට්‍රිලියනයක් විතර කරන්නත් පුළුවන්. හැබැයි මෙයාට cortex එකෙන් ඒ කියන්නෙ උඩුසිතෙන් හරි කරදරයි. උඩුසිත තමයි මෙයාට ඔයාට ලං වෙන්න බාධා කරන්නෙ. ඉතින් මෙයා ගොඩක්ම active වෙන්නෙ උඩුසිත අකර්මණ්‍ය වෙන වෙලාවට. ඒ කියන්නෙ නින්දෙදි. නින්දෙදි මේ subconscious mind එකට අත්තටු ලැබුණා වගේ. ඕන සෙල්ලමක් පාඩුවෙ දාන්න පුළුවන්. අපිට මෙයාගෙන් වැඩ ගන්න ලේසිත් ඔය වෙලාවටම තමයි. හරි දැන් අපි බලමු ඒක කරන හැටි..
Subconscious brain එකෙන් වැඩ ගන්න හැටි..
මේක හරිගියොත් නිකං ඇලඩින්ගෙ පහන ලැබුණා වගේ තමයි. හිතන්න බැරි දේවල් කරන්න පුළුවන්.. හිතන්නකො ඔයාට ඕන ලස්සන සහ නිරෝගී වෙන්න. ඔයාට කරන්න තියෙන්නෙ "මම ලස්සනයි, මම නිරෝගීයි" කියන එක ඔයාගෙ යටිසිතට කාවද්දන්න විතරයි. පිළිකාවක් වුණත් සුව කරගන්න පුළුවන් වෙයි. අපි හිතමු ඔයා ආසයි අළුත්ම Audi A8 කළු පාට කාර් එකකට.
එතකොට කොහොමද මේක ගන්නෙ?
අර කලින් කිව්වා වගේ ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ අවශ්‍යතාවය යටිසිතට කාවද්දන එක. මොකද යටිසිත "යථාර්ථය" හා "imagination" අතර වෙනස දන්නෙ නෑ. අපි මේ ඒකෙනුයි ප්‍රයෝජනය ගන්න හදන්නෙ. ඉතින් ඔයා නිතරම හිතන්න ඕන ඔයාට Audi A8 කාර් එකක් "තියෙනවා" කියලා. මේක හොඳට මතක තියාගන්න. හැමදේම record කරගත්තට යටිසිතට අතීතය වර්තමානය අනාගතය ගැන ලොකු අවබෝධයක් නෑ. එයා හැමතිස්සෙම ඉන්නෙ වර්තමානයේ. ඉතින් එයාට දැනෙන විදියටයි අපි පණිවිඩය දෙන්න ඕන. ඉතින් "මට Audi එකක් තිබ්බා නම් හොඳයි", "මට දවසක Audi එකක් ගන්න පුළුවන් වෙයි", "අර Audi එක මගේ වුණා නම්" වගේ කතා කියල නම් කොහොමටවත් හරියන්නෙ නෑ. කියන්න ඕන එකම දේ "මට Audi එකක් තියෙනවා!" කියලයි..
ඔන්න දැන් subconscious mind එක මේක බලනවා. ඌට හිනා. ඇයි ඉතින් එයා හොඳටම දන්නවනෙ ඔයාට Audi එකක් තියා ලාන්සර් එකක් වත් නෑ කියලා. එයා ඉතින් උඩු සිතට කියනවා "අනේ මේ නිකං බොරු කරන්න එපා බං" කියලා. ඔන්න දැන් අපිට ඔප්ෂන්ස් 2ක් තියෙනවා. එකක් තමයි මේ කියපු දේ පිළිඅරන් අපේ හීනෙ අතඇරල දාන එක. අනික තමයි යටිසිතට අභියෝග කරන එක.
කොහොමද යටිසිතට අභියෝග කරන්නෙ?
අපිට දැන් තියෙන්නෙ subconscious brain එක කොච්චර නෑ කිව්වත් "නෑ මට Audi එකක් තියෙනවමයියියී..." කියල දිගටම හිතන්නයි. හිතල විතරක් මදි. මොකද subconscious mind එකට වාචික භාෂාවක් (verbal language) නෑ. ඉතින් මෙයාට දෙයක් තේරුම් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි Visualization නැත්තං මනසින් රූප මවා ගැනීම. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ කළු පාට Audi A8 එකේ නැගල ගමනක් යන හැටි, වලවල් තියෙන පාරක active suspension වලට පිං සිද්ධවෙන්න කිසිම ගැස්සීමක් නැතුව යන හැටි වගේ දේවල් හරිම positive විදියට මනසින් මවාගන්න එකයි හැබැයි මේක එක පාරක් කරල හරියන්නෙත් නෑ. යටිසිතට දැනෙන්න නිරන්තරයෙන්ම සතත අභ්‍යාසයේ යෙදෙන්නම වෙනවා. මොකද මෙයා දේවල් ඉගෙනගන්නෙ තර්කයෙන් නෙමෙයි repetition එකෙන්.
ඔන්න දැන් අපේ subconscious mind එක ආපහු ටිකක් වික්ෂිප්ත වෙනවා. ඇයි ඉතින් එයා දන්නවා ඔයාට ඔය ජාතියෙ කාර් එකක් නෑ කියලා. හැබැයි එයාට visuals ලැබෙනවා. යථාර්ථය හා මවාගැනීම අතර වෙනස නොදන්න එයා අසරණ වෙනවා. එයා පොඩ්ඩක්වත් කැමති නෑ මේ confusion එකට. ඉතින් එයා දිවා රෑ නොබලා මහන්සි වෙනවා මේ නොගැලපීම නැති කරන්න. ඔයාට audi එකක් නෑ කිව්වට ඔයා පිළිගන්නෙත් නෑනෙ. දැන් ඉතින් මේ නොගැලපීම නැති කරන්න එයාට කරන්න පුළුවන් එකම දේ තමයි ඔයාට මේ ජාතියෙ කාර් එකක් ඇත්තටම අරන් දෙන එක.
එයා මේකට ගොඩක් මහන්සි වෙනවා. ඔයා කාර්යාලයට ඇවිත් වැඩ කරන අතරෙත් එයා මේකට පිළියමක් හොයනවා. ඔයා බස් එකේ යද්දි, කන වෙලාවට, TV බලද්දි හැම හැබැයි ඔයා ඒ බව දන්නෙවත් නැහැ. එක අතකට එක පාර වැඩ ට්‍රිලියනයක් කරන්න පුළුවන් මනුස්සයට මේක මොකක්ද?
ඔහොම හොයද්දි මෙයාට පිළියමක් ලැබෙන්නත් පුළුවන්. සමහරවිට තවමත් දත්ත ප්‍රමාණවත් නොවෙන්නත් පුළුවන්. මෙයා දේවල් ඔයාට දැනුම්දෙන්න යොදාගන්න හොඳම අවස්ථාව තමයි හීන කියන්නෙ.
හීනෙන් මෙයා ඔයාට කියයි අහවල් බිස්නස් එක පටන්ගන්න, අහවල් වෙබ්සයිට් එකට ගිහින් තව තොරතුරු එකතු කරගන්න වගේ දේවල්. ඔයාට තියෙන්නෙ එයා කියන දේ කරන්නයි. මේක නින්දෙදි විතරක් නෙමෙයි අවදියෙන් ඉන්න වෙලාවටත් වෙනවා. අපේ හැඟීම්, පුරුදු කියන දේවල් තියෙන්නෙත් මෙයාගෙ භාරයේ. ඉතින් සමහරවිට ඔයාට අදාළම නැති වෙලාවක කිසිම හේතුවක් නැතුව එක පාරටම හිතෙන්න පුළුවන් BMICH එකට ගිහින් Colombo Motor Show ප්‍රදර්ශනය බලන්න. මේවා මනස්ගාත නෙමෙයි. මේවා ඔයාගෙ subconscious mind එක විසින් ඔයාට දෙන suggestions. ඔයාට තියෙන්නෙ ගිහින් බලන්නයි. එතනින් වැඩේ කෙරෙනවද? නැද්ද? කරනව නම් කොහොමද කරන්නෙ? මේ දේවල් ගැන ඔයා වද වෙන්න ඕන නෑ. අර ඔයාගෙ ඔළුව ඇතුලෙ ඉන්න බුද්ධිමත් ජීවියා ඒ ගැන ලස්සනට බලාගනියි.
ඔයා හීනය අත්නොහැරම හිටියොත් මෙයා කවදහරි ඔයාට ඔයාගෙ dream car එක අරන් දෙයි!!
මේකට කියන්නෙ Law of Attraction කියලා.
හැබැයි ඉතින් ඔයාගෙ හීනෙ බරපතල වැඩි නම් මෙයාට ඒ වැඩේ ඉවර කරගන්න ඔයාගෙ ජීවිත කාලය මදි වෙන්නත් පුළුවන්. අන්න එතකොට නම් ප්‍රශ්නයක්. ඔයා මෙයාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලලා එයාට ඒවා එක පාරටම දෙන්න බැරිවුණාම ඔයා තුල බලාපොරොත්තු බිඳවැටීමක් සිද්ධවෙනවා. ඒක මෙයාට හානිකරයි.
ඉතින් මගේ යෝජනාව තමයි මුලින් පොඩි පොඩි සරල දේවල් ඉල්ලන්න කියන එක. මොකද ඒ දේවල් ලැබුණම ඔයාටත් සතුටුයි ඔයාගෙ subconscious brain එකටත් සතුටුයි. ටික ටික පුළුවන් ලොකු දේවල් වලට යන්න. අමතක කරන්න එපා මේකෙදි
වර්තමාන කාලයෙන් කියන ධනාත්මක වාක්‍යයක්
මනසින් මවාගැනීම
සතත අභ්‍යසය
කියන දේවල් 3 තමයි key points. ඔය එකක්හරි නැතුව වැඩේ කරගන්න අමාරුයි.
යටිසිත පුහුණු කරන්න හොඳම වෙලාව තමයි නින්දට පෙර සහ අවදිවූ විගස. ඒ වෙලාවල් දෙකේදි ඔයාගෙ උඩුසිතෙන් ලොකු කරදරයක් නැති නිසා ඔයගෙ හීනය යටිසිතට බාරදෙන්න හොඳම වෙලාව තමයි ඒක. ඒ වගේම රට වටේ දුවන cortex එක පොඩ්ඩක් දමනය කරලා subconscious mind එකට ඉඩක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් විදියට "භාවනාව" පිළිගැනෙනවා
අවසන් වශයෙන් ගොඩාක් විශේෂම දෙයක් කියන්න තියෙනවා. අළුත උපන් දරුවෙකුගෙ brand new subconscious brain එක පිරෙන්න ගන්නෙ වයස අවුරුදු 2ත් 7ත් අතර කාලයෙදි. මේ වයසෙදි අපේ ඔළුවට වැටෙන දේවල් අනුව තමයි අපේ ගතිගුණ, පුරුදු, විශ්වාස වගේ ගොඩක් දේවල් ඇතිවෙන්නෙ. පසුකාලීනව අපි මොන වගේ චරිතයක් තියෙන පුද්ගලයෙක්ද කියන එක තීරණය වෙන්න පදනම තනිකරම වැටෙන්නෙ මේ වයසෙදි subconscious mind එකට ලැබෙන තොරතුරු අනුව. මේ කාලයෙදි යටිසිතට ලැබෙන තොරතුරු කොහොමටවත්ම අමතක වෙන්නෙ නෑ. ඒ හැමදෙයක්ම ස්ථිරයි ඒ දේවල් අපේ ජාන වල ඉතා දැඩිව බැඳී පවතිනවා. පසු කාලීනව මේ පුරුදු හා ගතිගුණ වෙනස් කරනවා කියන්නෙ බොහොම අමාරු වැඩක්. අවාසනාවට ලංකාවෙ ගුරුවරු නම් හරිම දක්ෂයි මේ වයසෙ ඉන්න දරුවන්ගෙ මොළයෙ synaptic connections කඩල දාලා මොට කරලා ගුරු අත්පොත හා විෂය නිර්දේශය කියන රාමුව ඇතුලෙ කොටුවුණ සංවෘත දරුවෙක් නිර්මාණය කරන්න.
ලංකාවෙන් එක උගතෙක් බිහිවෙද්දි ගිරාපෝතක පසුගාමී නූගතුන් 1000ක් බිහිවෙන්න ඕක ලොකු හේතුවක්. ඉතින් මේ වයසෙ දරුවෙකුට වැරදි දේවල්, බොරු දේවල් හා තමන් වත් හරිහැටි නොදන්නා දේවල් කියල නොදීමටත්, නරක පුරුදු ඇතිනොකිරීමට හා නරක ආදර්ශ සැපයීමෙන් වැළකී සිටීමටත් ගුරුවරු දෙමව්පියො වැඩිහිටියො හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන...
උ.ගැ.
▬▬▬▬▬▬ නිමි ▬▬▬▬▬▬

Last edited: