යට ඇදුමට වැටුනු අවංක කම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යට ඇදුමට වැටුනු අවංක කම

    යට ඇදුමට වැටුනු අවංක කම




    bihar.jpg


    විභාග වංචා මැඩලන්න යට ඇඳුමින්

    හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

    ඉහත කී අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කොට ඇත්තේ විභාග වංචා වැළැක්වීමේ අරමුණිනි.

    සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඡායාරූපවල දැක් වේ.


    image.jpg


    අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බැවින් වෙන් වෙන්ව ඔවුන් පරීක්ෂා නොකොට කාලය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි ඉන්දීය හමුදාව කියා සිටියේ.

    හමුදාව අයදුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ඉහත කී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් එක් විභාග අපේක්ෂකයකු 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට සිය නොසතුට පළ කොට ඇත.

    පැය කීපයක් පුරා පැවති ලිඛිත පරීක්ෂණය සඳහා විභාග අපේක්ෂකයන් 1,159 දෙනකු ඉදිරිපත් වී සිටි බව බලධාරීහු පවසති.

    බිහාර් ප්‍රාන්තය ඇතුළු උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ බොහොමයකින් විභාග වංචා හා සම්බන්ධ පුවත් නිතර වාර්තා වේ.

    විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය.

    1c40f00d-6ccd-45f1-9fc1-308bf0e8e5d9_16x9_788x442.jpg


    විභාග වංචාවලට තිත තැබීමේ අරමුණින් සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන බව බලධාරීන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදී.

    BBC
     
    • Like
    Reactions: prabaths

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අම්බෝ මීට පස්සේ මොන විභාගෙට ගියත් යටට ඇඳල යන්න ඕනේ, නැත්තං සොරි තමා.
    මචංලා ඩෝන්ට් ෆොගෙට් ටු වෙයාර් ඇන් අන්ඩර් වෙයාර්....:rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,797
    1
    58,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම විභාග ලියපු විසේසක්නියො ටික ලංකාවට ආවම ඇමරිකාවට දෙන්න පුලුවන් ගේමක්
    ~ මීට රනිල්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අම්බෝ මීට පස්සේ මොන විභාගෙට ගියත් යටට ඇඳල යන්න ඕනේ, නැත්තං සොරි තමා.
    මචංලා ඩෝන්ට් ෆොගෙට් ටු වෙයාර් ඇන් අන්ඩර් වෙයාර්....:rofl::rofl:

    :rofl::rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අම්බෝ මීට පස්සේ මොන විභාගෙට ගියත් යටට ඇඳල යන්න ඕනේ, නැත්තං සොරි තමා.
    මචංලා ඩෝන්ට් ෆොගෙට් ටු වෙයාර් ඇන් අන්ඩර් වෙයාර්....:rofl::rofl:

    :lol: