යට ඇඳුම් ඕනමද?

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    යට ඇඳුම් ඕනමද?
    ඔව්. යට ඇඳුම විතරක් නෙමේ හැම ඇඳුමක් ම පාවිච්චි කරන්න අයිතිය,හැකියාව මිනිස්සුන්ට තියෙන්න ඕන..

    👉
    අපිට හදන්න පුලුවන් ද?

    ඔව් ඉතින් අපි මේ ඇඳුම් මහන වැඩේට නම් දක්ෂයෝ..
    අපි USA UK වගේම China වලටත් අපේ ඇගලුම් යවනවා..
    මේකට සරලව ආර්ථික විද්‍යාවේ කියන්නේ විෂේශීකරණය..
    Quality, Unique Designs, Cost එක එක්ක
    විදේශ වෙළෙදාම රේස් එකේ, දිනුම තීරණය වෙනවා..
    එක රටක අමුද්‍රව්‍ය තියෙන්න පුලුවන්..
    තව රටක තාක්ෂණය, තවත් රටක ශ්‍රමයේ වියදම අඩු වෙන්න පුලුවන්... ඔහොම කාරණා වලටයි
    විශේෂීකරණයේ වාසිය කියන්නේ. Comparative Advantage !
    ඒකනේ 2019 ත් අපේ Export වලින් 47% ක්ම Textiles & Garments වලින් එන්නේ.
    අදටත් අපේ රට පණ ඇදගන දුවන්නේ
    මේ ඩොලර් මිලියන 5500 නිසා..

    👉
    ඉතින් ඇයි අපි රටින් ගේන්නේ?

    ඔව්. ගේන්න ඕන නෑ..
    හැබැයි රටක නිශ්පාදන හදනකොට
    ඒ රටේ Demand එකට ගැලපෙන්න හදන ඒවායි, Export market එකයි දෙකක්..
    Export Orders Reject උනත්
    විවිධ කරුණු නිසා
    local Market දාන්නෙ නැතුව විනාස කරන්නත් වෙනවා..

    👉
    අපි ස්වයංපෝෂිත ආර්ථිකයක් හදමු ද?

    USA වල කඩපිලක
    ටී ශර්ට් එකකුත් ඩොලර් 15ක් විතර ඇති.
    රු3000/=
    Zara වගේ Branded එකක් USD 50ක් වගේ..
    ඔව්.. රු.10,000ක්..
    USA වගේ රටක්, MAS එකෙනුත් ඇඳුම්
    ගෙන්න ගන්නේ හදන්න බැරි කමට නෙමෙයි..
    සීමිත සම්පත් වෙන භූමිය, ශ්‍රමය,ප්‍රාග්ධනය, මානව සම්පත පාවිච්චි කරල හදන්න පුලුවන් හොඳම ටිකයි එයාල
    හදන්නේ..
    ඉතින් 100%ක් "ස්වංපෝෂිත" කියන්නේ බලය තියාගන්න කියන
    ගැලරියට කතාවක්..

    👉
    රටේ හදන්න පුලුවන් ඒවල ආනයන නැවැත්තුවාම වැඩේ හරිද?

    කාලෙකට කලින් තහනම් කරපු අර හිනාවෙන ටයිල්මගමුකෝ..

    👉
    අපේ රටේ හදන්නෙ ලංකා ටයිල්, රොසෙල්, මැක් ටයිල්
    වගේ තමයි..
    01. අද වෙනකොට ටයිල් නැතුව ආර්ථිකයේ Major field එකක් වෙන Construction Field එක ඇණ හිටලා.
    450 සෙරමික් (බාල) ටයිල් එක දැන් 950 පැනලා.
    02. මොන ටයිල් එක ගන්නත් සල්ලි ගෙවලා මාස ගනන් ඉන්න පෝලිම් හැදිලා..
    03. පුවක් අරඹ එකක් හදනවා කිව්වට,
    තවමත් අලුත් Factory හදලා අලුත් ආයෝජකයෝ
    එකම නිශ්පානයක් වත් එළියට දාලා නෑ.
    මේ අය ඒකාධිකාරය නිසාම බිලියන 4ක අමතර ලාභයක්
    ලබලා මීඩියා එකට ඇවිත්, super gain tax ගැන නොකියා පාරිභෝගිකයට 2% ක් ටැක්ස් ගහමු කියන ගමන්
    "එක්ව ජයගමු" ලු..
    මේ ඒකාධිකාරය බිඳින්න ඕන..
    ⭐️
    ආනයන නැවතුන ඒ ඒ ක්ෂේත්‍ර වල අයම මේකට දිරිමත් කරන්න පුලුවන්..
    ⭐️
    තරඟකාරි වෙළෙදපොළ නිසා තමයි පාරිභෝගිකයාගේ
    පණ ගැහෙන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික
    රැකෙන්නේ..
    ⭐️
    නැත්තන් මහා පරිමාණ සල්ලි තියන අය විතරක්
    දිනයි..
    රටට ජය!!



    bump
    ------ Post added on Sep 13, 2021 at 8:18 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම නම් අඳින්නේ ලංකාවේ ඒවා.
    උනාට අඳින්න ඕන එකාට අඳින්න නිදහස තියෙන්න ඕනේ.
    වහල්කමට රචනා ලිව්වට වැඩක් නැ.