පාරේ මිනිහෙක් ඇදුම් නොමැතිව ගමන් කරනවා ඔබ දුටුවහොත් ඔබ අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක්ද? බොහෝ කාලයක් අපට පුරුදු පුහුණු කල මානසික තත්වයන්ගෙන් ඔබ්බට ගොස් ඒ වෙනුවෙන් යමක් කිරිමේ සැබෑ උවමනාවක් ඔබට ඇති වේද? මෙය උදාහරණයක් පමණි. අප ජිවත් වන සමාජ රටාවට ගැතිව අදහස් ප්‍රකශ කිරීමට අප පෙලඹී නැතිද? මේ ලොකයේ හොද හෝ නරක යනුවෙන් දෙයක් වෙන් කරන්නේ එහි ප්‍රතිඵලයෙහි ඇති වාසි සහ අවාසි සහගත තත්වයන් සලකා බලා නොවේද. කෙනෙක් UNP නරක යැයි කියයි. එම පුද්ගලයාම UNP යේ සිට වෙනත් පක්ෂයකට පැන්න කල ඔහු හොඳ මිනිසෙකු වන සමාජයක් අපට ඇත. බුදුන් වහන්සේ දේශනා කල අනන්ථ ලක්ඛණ සූත්‍රය ඔබ දන්නවා නොවේද? එහෙත් ඔබ එයට අනුව කටයුතු කරන්නෙක්ද? සාපේක්ෂව නොසිතා නිරපේක්ෂව සිතා කටයුතු කරන්න.
මා මෙවැනි අදහසක් එක් කිරීමට මූලික පදනම වූයේ මෙයට නූල් අමුණන බොහෝ ඇත්තන් තමන් තනි තනිව කැපී පෙනීමේ උවමනාවෙන්ම තම අදහස් (දේශපාළනය පිළිබඳ) ඉතා උවමනාවෙන් තවත් අයෙකු පහත් කර ඉදිරිපත් කරයි . කෙනෙකු පහත් කිරීමෙන් ඔබට උසස් තැනත්තකු විය හැකිද.