යතුරුපැදි ණය පහසුවෙන් අඩු පොලියට

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    යතුරුපැදි ණය පහසුවෙන් අඩු පොලියට

    මේ ත්‍රෙඩ් එක දැම්මේ අලුතින් ඉන්දියන් බයික් එකක් ගන්න ඉන්න අයට පහසුවක් වෙන්න. විශේෂයෙන් අතේ සල්ලි ගොඩක් නැත්න්ම් සහ සාමාන්‍ය වානිජ බැංකු වලින් ණය ගන්න අපහසු අයට ලීසින්/ ෆිනෑන්ස් මාරයින්ගෙන් බේරිලා පහසුවෙන්, අඩු පොලියට, වාරික යටතේ බයික් එකක් ගන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරන්න.
    මම මේ දාන කරුණු ගැන මට වඩා දැනුමක් තියන අය ඕන තරම් කිරියේ ඇති. ඒ වගේම කලින් මේ විදියට ගත්ත අයත් ඇති. ඒ ගොල්ලොත් තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවනම් ගොඩක් වටිනවා. මම මේ නූල දාන්නේ මම බයික් එක ගනිද්දි මම ලබපු අත්දැකීම් වලින්.

    Rubank02.jpg

    sanasa.jpg

    හරි දැන් ගේමට බහිමු.

    මුලින්ම කියන්න ඕන මේක වැදගත් වෙන්නේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිවු බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙන අයට.
    ඒ ගොල්ලගෙනුත් ඔබ මේ පල්ලෙහා කොටසට වැටෙනවානම් තමයි ගොඩාක්ම වැදගත් වෙන්නෙ.
    විශේෂයෙන්ම,
    1) අලුතින් ජොබකට ගියපු තවමත් ස්ථිර පත්වීම් නැති අයට
    2) ට්‍රේනිං, ඉන්ටර්න් ඉන්න අයට
    3) අඩු වැටුපක් තියන රජයෙ නොවන ජොබ් කරන අයට

    අපි දැන් බලමු කොහොමද වැඩේ කෙරෙන්නේ කියලා.

    මෙ උඩින් කියපු කාණ්ඩයේ කෙනෙක් සාමන්‍යෙන් වානිජ බැන්කුවකින් වාහන ණයක් ගන්න ගියාම මතුවෙන ප්‍රශ්න කිහිපයක් තියනවා.
    එකක් බේසික් අඩුනම් ලෝන් එක පාස් වෙන්න තීයන ඉඩකඩ අඩුයි. ස්ථිර නැත්තම් බෑ වගේ තමයි. ඒ වගේම තමයි, ස්ථිර වෙලා බේසික් අඩු අයට, ඩිග්‍රී එකක් එහෙම නැත්තම් තමන්ට අවශ්‍ය මුදල ලබාගන්න අමරු වෙන්න පුලුවන්.
    කොහොමහරි අමාරුවෙන් ලෝන් එක ගත්තත් වාහන ලෝන් වලට පොලිය සාමාන්යෙන් පොඩ්ඩක් වැඩියි. ඒක 13% -17% අතර වගේ. කොහොමත් වෙන ලෝන් වලට වඩා වාහන ලෝන් වල පොලිය වැඩියි.
    මේකට හොඳම විසඳුම තමයි සණසින් හරි ග්‍රාමීය බැන්කුවකින් හරි ණයක් ගන්න එක.

    අපි දැන් බලමු මොකක්ද සාමාන්‍ය වානිජ බැංකුවකිනුයි, මේ වගේ බැන්කුවකිනුයි දෙන ණය වල තියන වෙනස්කම්.
    1) ග්‍රාමීය/ සණස බැන්ංකු වලින් දෙන ණය සාමාන්‍යෙන් අඩු පොලියට දෙන්නේ.
    2) ප්‍රමාද ගාස්තු ගොඩක් අඩුයි
    3) ඉක්මනින් ණය ගන්න පුලුවන්
    4) ආදායම් රැකියා ගැන ල්කුවට හොයන්නේ නෑ.
    5) ඇපකාරයොන්ට ඕනම දෙන්නෙක් පුලුවන් ඒ බැන්කුවේ ගිණුම් තියන
    මේ වගේ වාසි ගොඩාක් තියනවා. අවාසියක්නම් ඉතින් දන්නෙ නෑ.

    මේ බැංකු වල වාහන ණයක පොලියත් 8% ක් වගේ වෙන්නේ. බැන්කුවේ යාවජීව සාමාජිකයෙක්නම් පොලිය 5-6% වේකම් අඩු කරගන්නත් පුලුවන් කතා කරලා, හැබැයි එහෙම කරන්නනම් ඒවයින් කරන ශ්‍රමදාන, වැඩමූලු වලට සහභාගී වෙලා තියෙන්න ඕන. ගෙදර කෙනෙක් එහෙම සාමාජිකයෙක්නම් එයාගෙ නමට ගොඩාක් අඩුවට වැඩේ කරගන්න පුලුවන්.

    මුලින්ම බයික් එක ගන්න බලාපොරොත්තු වෙන තැනින් Quotation එකක් අරන් බැන්කුවට ගිහින් කතා කරන්න. මුලින් වාහනයේ වටිනාකමින් 25% ක් ගෙවන්න ඕන.
    ඇපකාරයොන්ට යාලුවෝ දෙන්නෙක් සෙට් කරගන්න. ඒ දෙන්න්නගේ නමට ගිණුම් දෙකක් හදන්න ඕන. එවෙලේ හැදුවම ඇති. පරන ගිණුම් වෙන්න ඕන නෑ. ගිණුම ඕපන් කරද්දි සාමාජික ගාස්තු ගෙවන්න ඕන.මේක සාමාන්යෙන් ගිණුමකට 1500 කට අඩුයි. ඒ වගේම මාස කිහිපයක් යනකම් ගිණුමේ තියෙන්න ඕන අවම මුදලක් තියන්වා. සාමාන්‍යෙන් 4000-5000ක් වගේ ගානක්. අදාල කාලය ඉවර උනාට පස්සෙ මේ සල්ලිත් වාරික වලට දාන්න පුලුවන්.

    හරි දැන් මේ ටික කරගත්තට පස්සේ ලෝන් එක හරි.
    හැබැයි මෙතනදි ඔයාට සල්ලි අතට හම්බෙන්නේ නෑ. බැංකුවේ කෙනෙක් එක්ක අදාල තැනට ගිහින් ගන්න ඕන.බැන්කුවෙන් එන සල්ලි ගෙවන්නේ බැන්කුවෙන් එන කෙනා.
    එච්චරයි කරන්න තියෙන්නෙ. සරලයි පහසුයි.
    හැබැයි මේ විදියට ලෝන් ගන්න පුලුවන් බයික්, ත්‍රී වීල්, ට්‍රැක්ටර් ලෑන්ඩ් මාස්ටර් වගේ වාහන වලට විතරයි. කාර් එහෙම ගන්න බෑ හොඳේ.
    අනික ණය දෙන උපරිම සීමාව ලක්ශ 5ක් වගේ. සාමාජිකත්වය පරණ නම් , පොදු වැඩ වලට දායක් වෙලා තියන්වනම් මීට වඩා පුලුවන් ඇති. මම මේ කියන්නේ කිසිම සම්බන්ධයක් නැතුව එවේලේ ණය ගන්න හැටි.

    මම දැන් උදාහරනයක් දෙන්නම් මම බයික් එක ගනිද්දී මට ගිය වියදම්:
    මම ගත්තෙ පල්සර් 135 LS එකක්. 2,60,000ක් වෙනවා.
    මුලින් 25%ක්, ඒ කියන්නේ 65,000ක් මගේ අතින් දෙන්න වුනා. ඉතිරිය තමා ලෝන් එක.
    ඊට පස්සේ ඇපකාරයොන්ට ගිණුම් හදලා දෙන්න 5000 ඒවා දෙකක්, ඒ කියන්නේ 10,000යි. මේකෙන් 8000ක් මාස 6 කට පස්සේ ආපහු ගන්න පුලුවන්.
    රෙගිස්ට්‍රෑශන් කට 8000 ගානක් යන්වා. තව ඉන්ශුරන්ස් එක 10000 ගානක් උනා. මුලින් අතින් වියදම් උනේ. අරවා මේවා ඔක්කොටම 98,000ක් වගේ ගියේ. වාරිකේ 6300 යි. අවුරුදු තුනට.

    ඒ වගේම තමයි, අතේ සල්ලි තිබුනත්, මේ විදියට ණයක් අරන් ගන්න එක ගොඩාක් ලේසියි, මොකද පොලියත් අඩු නිසා. සමහර සණස, ග්‍රාමීය බැන්කු තියන්වා ඒ ගොල්ලගෙම showroom තියන. එයින් එකක් සෙට් කරගත්තොත් තව ලේසියි. හබැයි, තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාමීය බැන්කුවකින් විතරයි මෙහෙම ගන්න පුලුවන්.

    මේ ගානට ලෝන් නම් කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ. බයික් එකක් ගන්න උවමනානම් ගිහින් ගන්න.

    ජයවේවා!
    මතක ඇතුව හිමින් යන්න. ඉන්දියන් bike වල බ්‍රේක් අවුල්.

    වටිනවා කියල හිතෙනවානම් සලකලා යන්න අමතක කරන්න එපා. මහන්සි වෙලා කෙටුවේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Mage yaluwek gatta. Heena wana sheshayata poliya hadanneth. Uge tbattai Mai thama spa sign kale. Kisi deyak beluwe ne. Gattu eka era api Account open kaleth ne. Eka wats salli thiyeddi gewala ikmanin nidahas wennath puluwan.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,776
    1
    11,100
    113
    බයික් රෙජිස්ටර් කරන ගනන් වැඩි කරලද...
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ

    මේ ත්‍රෙඩ් එක දැම්මේ අලුතින් ඉන්දියන් බයික් එකක් ගන්න ඉන්න අයට පහසුවක් වෙන්න. විශේෂයෙන් අතේ සල්ලි ගොඩක් නැත්න්ම් සහ සාමාන්‍ය වානිජ බැංකු වලින් ණය ගන්න අපහසු අයට ලීසින්/ ෆිනෑන්ස් මාරයින්ගෙන් බේරිලා පහසුවෙන්, අඩු පොලියට, වාරික යටතේ බයික් එකක් ගන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරන්න.
    මම මේ දාන කරුණු ගැන මට වඩා දැනුමක් තියන අය ඕන තරම් කිරියේ ඇති. ඒ වගේම කලින් මේ විදියට ගත්ත අයත් ඇති. ඒ ගොල්ලොත් තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවනම් ගොඩක් වටිනවා. මම මේ නූල දාන්නේ මම බයික් එක ගනිද්දි මම ලබපු අත්දැකීම් වලින්.

    Rubank02.jpg

    sanasa.jpg

    හරි දැන් ගේමට බහිමු.

    මුලින්ම කියන්න ඕන මේක වැදගත් වෙන්නේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිවු බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙන අයට.
    ඒ ගොල්ලගෙනුත් ඔබ මේ පල්ලෙහා කොටසට වැටෙනවානම් තමයි ගොඩාක්ම වැදගත් වෙන්නෙ.
    විශේෂයෙන්ම,
    1) අලුතින් ජොබකට ගියපු තවමත් ස්ථිර පත්වීම් නැති අයට
    2) ට්‍රේනිං, ඉන්ටර්න් ඉන්න අයට
    3) අඩු වැටුපක් තියන රජයෙ නොවන ජොබ් කරන අයට

    අපි දැන් බලමු කොහොමද වැඩේ කෙරෙන්නේ කියලා.

    මෙ උඩින් කියපු කාණ්ඩයේ කෙනෙක් සාමන්‍යෙන් වානිජ බැන්කුවකින් වාහන ණයක් ගන්න ගියාම මතුවෙන ප්‍රශ්න කිහිපයක් තියනවා.
    එකක් බේසික් අඩුනම් ලෝන් එක පාස් වෙන්න තීයන ඉඩකඩ අඩුයි. ස්ථිර නැත්තම් බෑ වගේ තමයි. ඒ වගේම තමයි, ස්ථිර වෙලා බේසික් අඩු අයට, ඩිග්‍රී එකක් එහෙම නැත්තම් තමන්ට අවශ්‍ය මුදල ලබාගන්න අමරු වෙන්න පුලුවන්.
    කොහොමහරි අමාරුවෙන් ලෝන් එක ගත්තත් වාහන ලෝන් වලට පොලිය සාමාන්යෙන් පොඩ්ඩක් වැඩියි. ඒක 13% -17% අතර වගේ. කොහොමත් වෙන ලෝන් වලට වඩා වාහන ලෝන් වල පොලිය වැඩියි.
    මේකට හොඳම විසඳුම තමයි සණසින් හරි ග්‍රාමීය බැන්කුවකින් හරි ණයක් ගන්න එක.

    අපි දැන් බලමු මොකක්ද සාමාන්‍ය වානිජ බැංකුවකිනුයි, මේ වගේ බැන්කුවකිනුයි දෙන ණය වල තියන වෙනස්කම්.
    1) ග්‍රාමීය/ සණස බැන්ංකු වලින් දෙන ණය සාමාන්‍යෙන් අඩු පොලියට දෙන්නේ.
    2) ප්‍රමාද ගාස්තු ගොඩක් අඩුයි
    3) ඉක්මනින් ණය ගන්න පුලුවන්
    4) ආදායම් රැකියා ගැන ල්කුවට හොයන්නේ නෑ.
    5) ඇපකාරයොන්ට ඕනම දෙන්නෙක් පුලුවන් ඒ බැන්කුවේ ගිණුම් තියන
    මේ වගේ වාසි ගොඩාක් තියනවා. අවාසියක්නම් ඉතින් දන්නෙ නෑ.

    මේ බැංකු වල වාහන ණයක පොලියත් 8% ක් වගේ වෙන්නේ. බැන්කුවේ යාවජීව සාමාජිකයෙක්නම් පොලිය 5-6% වේකම් අඩු කරගන්නත් පුලුවන් කතා කරලා, හැබැයි එහෙම කරන්නනම් ඒවයින් කරන ශ්‍රමදාන, වැඩමූලු වලට සහභාගී වෙලා තියෙන්න ඕන. ගෙදර කෙනෙක් එහෙම සාමාජිකයෙක්නම් එයාගෙ නමට ගොඩාක් අඩුවට වැඩේ කරගන්න පුලුවන්.

    මුලින්ම බයික් එක ගන්න බලාපොරොත්තු වෙන තැනින් Quotation එකක් අරන් බැන්කුවට ගිහින් කතා කරන්න. මුලින් වාහනයේ වටිනාකමින් 25% ක් ගෙවන්න ඕන.
    ඇපකාරයොන්ට යාලුවෝ දෙන්නෙක් සෙට් කරගන්න. ඒ දෙන්න්නගේ නමට ගිණුම් දෙකක් හදන්න ඕන. එවෙලේ හැදුවම ඇති. පරන ගිණුම් වෙන්න ඕන නෑ. ගිණුම ඕපන් කරද්දි සාමාජික ගාස්තු ගෙවන්න ඕන.මේක සාමාන්යෙන් ගිණුමකට 1500 කට අඩුයි. ඒ වගේම මාස කිහිපයක් යනකම් ගිණුමේ තියෙන්න ඕන අවම මුදලක් තියන්වා. සාමාන්‍යෙන් 4000-5000ක් වගේ ගානක්. අදාල කාලය ඉවර උනාට පස්සෙ මේ සල්ලිත් වාරික වලට දාන්න පුලුවන්.

    හරි දැන් මේ ටික කරගත්තට පස්සේ ලෝන් එක හරි.
    හැබැයි මෙතනදි ඔයාට සල්ලි අතට හම්බෙන්නේ නෑ. බැංකුවේ කෙනෙක් එක්ක අදාල තැනට ගිහින් ගන්න ඕන.බැන්කුවෙන් එන සල්ලි ගෙවන්නේ බැන්කුවෙන් එන කෙනා.
    එච්චරයි කරන්න තියෙන්නෙ. සරලයි පහසුයි.
    හැබැයි මේ විදියට ලෝන් ගන්න පුලුවන් බයික්, ත්‍රී වීල්, ට්‍රැක්ටර් ලෑන්ඩ් මාස්ටර් වගේ වාහන වලට විතරයි. කාර් එහෙම ගන්න බෑ හොඳේ.
    අනික ණය දෙන උපරිම සීමාව ලක්ශ 5ක් වගේ. සාමාජිකත්වය පරණ නම් , පොදු වැඩ වලට දායක් වෙලා තියන්වනම් මීට වඩා පුලුවන් ඇති. මම මේ කියන්නේ කිසිම සම්බන්ධයක් නැතුව එවේලේ ණය ගන්න හැටි.

    මම දැන් උදාහරනයක් දෙන්නම් මම බයික් එක ගනිද්දී මට ගිය වියදම්:
    මම ගත්තෙ පල්සර් 135 LS එකක්. 2,60,000ක් වෙනවා.
    මුලින් 25%ක්, ඒ කියන්නේ 65,000ක් මගේ අතින් දෙන්න වුනා. ඉතිරිය තමා ලෝන් එක.
    ඊට පස්සේ ඇපකාරයොන්ට ගිණුම් හදලා දෙන්න 5000 ඒවා දෙකක්, ඒ කියන්නේ 10,000යි. මේකෙන් 8000ක් මාස 6 කට පස්සේ ආපහු ගන්න පුලුවන්.
    රෙගිස්ට්‍රෑශන් කට 8000 ගානක් යන්වා. තව ඉන්ශුරන්ස් එක 10000 ගානක් උනා. මුලින් අතින් වියදම් උනේ. අරවා මේවා ඔක්කොටම 98,000ක් වගේ ගියේ. වාරිකේ 6300 යි. අවුරුදු තුනට.

    ඒ වගේම තමයි, අතේ සල්ලි තිබුනත්, මේ විදියට ණයක් අරන් ගන්න එක ගොඩාක් ලේසියි, මොකද පොලියත් අඩු නිසා. සමහර සණස, ග්‍රාමීය බැන්කු තියන්වා ඒ ගොල්ලගෙම showroom තියන. එයින් එකක් සෙට් කරගත්තොත් තව ලේසියි. හබැයි, තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාමීය බැන්කුවකින් විතරයි මෙහෙම ගන්න පුලුවන්.

    මේ ගානට ලෝන් නම් කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ. බයික් එකක් ගන්න උවමනානම් ගිහින් ගන්න.

    ජයවේවා!
    මතක ඇතුව හිමින් යන්න. ඉන්දියන් bike වල බ්‍රේක් අවුල්.

    වටිනවා කියල හිතෙනවානම් සලකලා යන්න අමතක කරන්න එපා. මහන්සි වෙලා කෙටුවේ.

    pavichi karapu japan ewata lon ganna barida????:baffled:

    rep+