යතුරු අගුල ගැන කාටූන් පෙළක්
[FONT=Malithi_Web]යතුරු අගුල ගැන කාටූන් පෙළක්
[/FONT]
[FONT=Malithi_Web]නූතන ශිෂ්ටාචාරය ආරම්භයත් සමගම අපගේ මුතුන් මිත්තන්ට ඔවුන්ගේ දේපළ තමා වෙත තබාගැනීමට අවශ්‍යතාවක් ඇති විය. ආරම්භයේදී තම දේපළ ආරක්ෂා කිරීම සඳහා අගුලු දැමීමට කඹ හෝ වෙනත් ද්‍රව්‍යවලින් සෑදූ සරල නූල් වැනි දේවලින් ඒවා ගැටගසා තැබූහ.
කාලයත් සමග ලී හා ලෝහවලින් සාදා ඇති අගුලු ලොව පුරා භාවිතා විය. පුරාතන ශිෂ්ටාචාරයේ ඊජිප්තු, ග්‍රීක හා රෝමවරුන් එකිනෙකට වෙනස් දේවල් මේ සඳහා භාවිත කළහ.
මීට වසර 6000 කට පමණ ප්‍රථම මෙසපොතේමියාවේ ලී කණු අගුල් තිබූ බවට පුරාවිද්‍යා කැණීම් මඟින් සොයාගෙන ඇත. 12 වැනි ශත වර්ෂයේදී ඉන්දියාවේ "සාර්පූර්" වල භාවිත වූ යකඩ ලොක්, කැණීම් වලදී හමුවී තිබේ. 17 වැනි සියවසේ රුසියාවේ භාවිත වූ ඓතිහාසික අගුල් ද නේපාලයේ කත්මණ්ඩුවලදී මධ්‍යකාලීන යුගයේ භාවිත වූ අගුල් ද ඉන්දියාවේ කේරළයේ පැරැණි අගුල් ද හමුවී තිබේ.
18 වැනි සියවසේ අගභාගයේදී කාර්මික විප්ලවය ආරම්භයත් සමග ඉංජිනේරු ශිල්පය වර්ධනය වීමත් සමග ලෝහ - පිත්තල, යකඩ ආදිය උපයෝගී කරගනිමින් අගුලු නිෂ්පාදනය ඇරඹිණි. 1778 දී රොබට් බැරන් විසින් ලීවර කුලුනක් සහිතව හඳුන්වා දුන් ද්විත්ව ක්‍රියාකාරී අගුල අදටත් භාවිත වේ. වර්ෂ 1820 දී යෙරෙමියා තම සහෝදර චාල්ස් සමග එකතු වී තමන්ගේම අගුල් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 1847 දී ඔහුගේ යතුරු අගුල් සඳහා ලීවර හයක් යොදා ගත්තේය.
චාවාබ් සහෝදරයෝ පළමු වැනි බෙල්ලොර් ප්‍රතිරෝදක ආරක්ෂක අගුලක් නිෂ්පාදනය කළ අතර එයට පේටන්ට් බලපත්‍රයක් ද හිමිවිය. බැරන් හා චාවාබ්ගේ නිර්මාණයන් චලනය වන ලීවර්ස් මත පදනම් විය. එහෙත් ජෝසෆ් බ්‍රාමා විසින් 1784 දී විකල්ප ක්‍රමයක් නිර්මාණය කළේය. ඔහුගේ අගුල පෘෂ්ඨය ඔස්සේ නිශ්චිත දිසාවකට හැරවෙන සිලින්ඩරාකාර යතුරක් විය. 1805 දී එංගලන්තයේ විසූ ඇමෙරිකානු වෛද්‍යවරයකු වූ අබ්රහම් ඕ. ස්ටන්බර්ග්ගේ ද්විත්ව ක්‍රියාකාරී ස්මාර්ට් ටැබ්ලේටර් අගුලට මුල්ම පේටන්ට් බලපත්‍රය හිමි විය.
1848 දී ඇමෙරිකන් ජාතික ලීනස් යේල් (ජ්‍යෙෂ්ඨ) විසින් නිවැරදි යතුර නොමැතිව විවෘත කිරීමට නොහැකි විවිධ දිශා සහිත යතුරු අගුලක් හඳුන්වා දෙන ලදී. 1861 දී ලීනස් යේල් (කනිෂ්ඨ) ඔහුගේ පියා විසින් නිර්මාණය කරන ලද අගුල නවීකරණය කොට දොර සහිත පැතැලි යතුරක් සහිත අදටත් භාවිත වන Pin ටුම්ලර් අගුල හඳුන්වා දෙන ලදී.
1857 දී ඡේම්ස් සර්පන්ට් විසින් පළමු සාර්ථක ලෙස වෙනස් කළ හැකි සංයුක්ත අගුලක් (combination Lock) නිර්මාණය කළේය. 1916 දී සීගල් ලොක් සහ දෘඩාංග සමාගම (Segal Lock and Hardware Company) ජිමී රක්ෂිත අගුල (Jimmy Proof Lock) සොයාගත්තේය.
1975 දී පළමු ඉලෙක්ට්‍රොනික යතුරු පුවරුව සහිත අගුල ලෝකයට එක්විය. ඉන්පසු ඇඟිලි සලකුණු, ජෛවමිතික දත්ත සඳහා මුරපද භාවිත කර අගුල් දැමීම, ඇරීම යන ක්‍රම සොයාගත්තේය. ආරක්ෂිත ටෝකන් පත්, RFID ඩිජිටල් යතුරු මෙන්ම අධෝරක්ත ආලෝකයෙන් හෝ අක්ෂරවලින් දොරවල් විවෘත වන තරමට අද ලෝකයේ අගුලු නවීකරණය වී තිබේ. දැන් ඔබේ මුහුණ පෙන්වා ද දොරවල් විවෘත කළ හැකි අගුල් නිර්මාණය කිරීමට ද වැඩි කලක් ගත නොවනු ඇත. නුදුරේදීම මෙවැනි නවීන අගුල් ලෝකයට පැමිණෙනු ඇත.
මෙම අගුල් සහ යතුරු (Locks and Keys) පිළිබඳව කාටූන් චිත්‍ර තරගයක් හා ප්‍රදර්ශනයක් පැවැත්වීමට වර්ෂ 2007 දී බෙල්ජියමේ "Euro-kartoenale" ආයතනය පියවර ගත් අතර එය නම්කර තිබුණේ Euro-kartoenale kruishoutem 2007-Locks and Keys" යනුවෙනි. මෙයට ලොව පුරා රටවල් 84 ක කාටූන් ශිල්පීන් 989 දෙනකු කාටූන් 3500 ක් ඉදිරිපත් කර තිබුණු අතර ජූරිය විසින් ඉන් කාටූන් 200 ක් තෝරා ප්‍රදර්ශනයක් ද පවත්වා ඉන් තෝරාගත් කාටූන් එකතුකොට EURO-KARTOENALE 2007 LOCKS AND KEYS යනුවෙන් කාටූන් නිර්මාණ සහිත සමරු ග්රන්ථයක් ද එළිදක්වා තිබිණි. අද පළවෙන්නේ ඒ කාටූන් චිත්‍ර තරගයට ඉදිරිපත් කරන ලද සහ එම ග්‍රන්ථයේ පළ වී ඇති කාටූන් රාශියෙන් කිහිපයකි.
මෙම තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ චීන ජාතික කාටුන් ශිල්පියකු වූ ශැං ජියා එක්ස්යු (zhang jia xue) විසිනි. ඔහුගේ කාටුනයේ පෙන්වා දී අත්තේ ළමා ඇඳක (Cot) නිදා ගන්නා කුඩා දරුවෙකු හා පුටුවක වාඩිවී පොතක් මුහුණ මත තබාගෙන නිදා ගන්නා වැඩිහිටි පුද්ගලයෙකි. බිත්තියේ ඔරලෝසුවක් එල්ලා ඇත. එම ඔරලෝසුවේ පැයෙන් පැයට එහි ඇතුළත ඇති කුරුළු රුවක් එළියට පැමිණ ඔරලෝසු පැය හඬනගා ශබ්ද කරනු ලබයි. දරුවා නිදා සිටී. වැඩිහිටියා නිදා සිටී. පැයෙන් පැයට හඬ නඟනා විට දෙදෙනාම අවදි වේ. එම නිසා එම ඔරලෝසුවේ කුරල්ලා දොර ඇර පැමිණෙන තැනට ඉබ්බෙක් දමා වසා ඇත. යතුර වැඩිහිටියා නිදා සිටින පුටු ඇන්ද මත ඇත. ඔවුන් නින්දෙන් ඇහැරුණු පසු ඉබ්බා විවෘත කරනු ඇත.
රුමේනියාවේ කාටුන් ශිල්පී සිඕසු කොන්ස්තන්තීන් (ciosu constantion) විසින් නිර්මාණය කළ කාටුනයේ දැක්වෙන්නේ නිවසකි. එහි වහළක් නැත. බිත්ති කඩා වැටී ඇත. ජනෙල් නැත. දොරක් ඇත. නිවස තුළ ඇඳක් ඇත. දොර වසා ඇත. එයට ඉබි අගුල් තුනක් දමා ඇත. එසේ අගුල් දමා මිනිසෙකු ගෙයින් පිටවී යයි. ඔහුගේ වම් උරහිස මත ලීයක අග ඇති පොට්ටනිය තුළ ඇත්තේ ආහාර විය හැකිය. ඔහු රැකියාවට හෝ ඈත ගමනක් හෝ යන බව පෙනේ. ඒ නිසාම දොර අගුළු හොඳට දමා අගුළුවල යතුරු තුනක් දකුණතින් දරා ඔහු ගමන යයි. මේ නිවසට අඟුළු දැමීම සිනහවට කාරණයක් බව සිඕසු මෙම කාටුනයෙන් පෙන්වා දෙයි.
බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පී බාම්ප්ස් ජොස්ගේ (Bamps Jos) කාටුනයේ අරාබි ජාතිකයකු හා ඔටුවෙකු පෙන්නුම් කරයි. අරාබි ජාතිකයා ඔටුවාට දම්වැලකින් බැඳ දමා ඉබ්බෙකුද දමා යතුර එතැනම තබා ගොස් ආපසු පැමිණ ඇත. ඒ එන විට ඔටුවා ඉබි යතුර ගිල ඇත. දැන් මොකද කරන්නේ යෑයි අරාබි ජාතිකයා කල්පනා කරයි.
යුක්ක්‍රේන් ජාතික බොග්දානොප් වික්ටර් (Bogdanov Victor) ගේ කාටුන් නිර්මාණයේ දැක්වෙන්නේ මහ රෑක නිවසක දොරක් ඇරීමට තැත්කරන සොරෙකි. ඔහු ළඟ ඇති හොර යතුරු කීපයක්ම දොරගුලට දමා එය ඇරීමට උත්සාහ ගෙන ඇත. දොරේ දොරගුල ඇත්තේ සිංහ කටක් තුළය. සිංහ කට තුළට දැමූ සියලුම යතුරු සිංහකට විසින් කා දමා ඇත. සොරාට දොරට ඇරීමට නොහැකිය.
ඡේලර්වරයා පුටුව මත හි`දී. ඒ අතර සිරකරුවා සිර මැදිරියේ සිට සිර මැදිරිය අරින යතුර සොරකම් කිරීමට සිර මැදිරියේ එක් යකඩ කූරක් යකඩ කපන කියතකින් කපා එම කූර යකඩ කූරු අතරින් දමා යතුර ගැනීමට සැරසේ. එහෙත් සිරකරුට එසේ යතුර නොගෙනම සිර මැදිරියෙන් පැන යැමට අර කපා අස්කරන ලද යකඩ කූර තිබූ තැන ඇති විවරයෙන් හැකිය. මේ මෝඩ සිරකරුවා හා යතුර ගැන කාටූනය නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික කාටුන් ශිල්පී තොම්මස්සෙන් ජොස් (Thommassen Jos) විසිනි.
බ්‍රසීල ජාතික කාටුන් ශිල්පියෙකි එරිකෝ ජුන්කෙයාරා අයිරිස්. (Erico Junqu eira Ayres) ඔහුගේ කාටුනයේ දැක්වෙන්නේ අගුල් දමා ඇති වැසිකිළි දොරක් සහ එහි යතුර බිත්තියේ එල්ලා ඇති ආකාරයයි. වැසිකිළිය පාවිච්චි කිරීමට පැමිණෙන්නා බිත්තියේ එල්ලා ඇති යතුරක් ගෙන දොර ඇරගෙන ගොස් තම කාර්යය අවසන් වූ පසු නැවත යතුර නියමිත තැන එල්විය යුතුය. එහෙත් මේ අත් දෙකම නොමැති මිනිසාට ඒ කාර්යය කරන්නේ කෙසේද? එරිකෝගේ කාටුනයෙන් අසන පැනය එයයි.
පෘතුගාලයේ කාටුන් ශිල්පී ඩිමාටොස් රොඩ්රිගූ (Dematos Rodrigo) විසින් නිර්මාණය කර ඇති කාටුනයේ දැක්වෙන්නේ උපවිඥාන ප්‍රකාශ නොහොත් විකාරරූපී (Surreal) කාටුනයකි. කාටුනයේ පොතක් කියවන එක් පුද්ගලයකු විදහාපායි. පොත තුළින් පැමිණෙන අතක් සහ යතුරකි. යතුර පුද්ගලයාගේ නලලේ ඇති යතුරු කටට යතුර දමනු ඇත. එවිට පොතේ තියෙන කරුණු කාරණා එම අත දිගේ පැමිණ පුද්ගලයාගේ මොළයට ඇතුළු වෙනු ඇත.
ජර්මානු ජාතික කාටුන් ශිල්පී මොෆ්රි රොජර් (Mofrey Roger) ගේ කාටුනයේ දැක්වෙන්නේ ඉග්ලූ (Igloo හිමගෙය) නිවසක් සහ ඇස්කිමෝ ජාතිකයෙකි. ඔහු තම හිම නිවසේ දොර (එයද අයිස්වලින් සාදන ලද දොරකි.) ඇරීමට උත්සාහ ගනී. එහෙත් ඔහුගේ හිමවලින්ම සාදා ඇති යතුරේ දොර ඇරීමට උපයෝගීවන කොටස දියවී ඇත. එම නිසා ඔහුට දොර විවෘත කිරීමට නොහැක.
ඇලි ග්රී මර්ගරිටා (Allegri Margherita) යනු ඉතාලි ජාතික කාටුන් ශිල්පියෙකි. කාටුනයේ දැක්වෙන දේවදූතයා පිටරටකට ගොස් බොහෝ කලක සිට නැවත දිව්‍ය ලෝකයට පැමිණී බව පෙනෙන්නේ ඔහු ළඟ ඇති ඇඳුම් බෑගය නිසාය. එහි ගුවන් යානයකට නගින විට අලවනු ලබන ලේබලයක් ද ඇත. මෙසේ දිගු කලක් තම දේශයෙන් ඈත්වී සිටි ඔහු පැමිණ ඇතුළු වීමට දොර ඇරීමට ගොස් මහත් අකරතැබ්බයකට පත්වී ඇත. ඔහු අත ඇත්තේ පැරණි අගුල් යතුරකි. ඒ ඔහු දෙව්ලොවෙන් බැහැර යනවිට ගෙනගිය යතුරයි. එහෙත් දැන් දෙව්ලොව දොරට අලුත්ම අගුලක් සවිකර ඇත. එය ඉලොක්ට්‍රොනික කාඩ්පතක් ඇතුළුකර ඇරීමට හැකි අගුලකි. මේ නිසා දේවදූතයා අසරණවී ඇත.
කියුබාවේ කාටුන් ශිල්පී ලොපස් පලාසිඕස් ජොසි ලුවිස් (Lopes Palacios Jose Luis) ගේ කාටුනයෙන් නිරූපණය වෙන්නේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයෙකි. එම පුද්ගලයාට පොලිස් නිලධාරියා තම බැටන් පොල්ලෙන් හොඳ හැටියටම සලකා ඇති බව ද පෙනේ. එසේ කළ පොලිස් නිලධාරියා එම පුද්ගලයාගේ කටට ඉබි අගුලක් ද දමා එහි යතුර ගිලින ආකාරයද දක්වා ඇත. එවිට මේ ඉබිඅගුල විවෘත කරනනේ කෙසේද?
ඉරාන කාටුන් ශිල්පී මොහමඩ් සලාමි (Mohmood Salami) ගේ සරල කාටුනයේ දැක්වෙන්න් විශාල ඉබි අගුලක් මත සිටගෙන සිටින මිනිසෙකි. ඔහුගේ බෙල්ලට දමා ඇති තොණ්ඩුව අග ගැටගසා ඇත්තේ ඉබි අගුලේ කොක්කේය. ඉබි අගුල අගුල් දමා ඇත. කාටුනයේ තවත් පුද්ගලයෙක් ඉබි අගුලේ යතුර අතින් ගෙන සිටී. ඔහු තව ස්වල්ප වේලාවකින් ඉබි අගුලේ විවරයට යතුර දමා ඉබි අගුල අරිනු ඇත. එවිට ඉබි අගුලේ කොක්ක ක්ෂණිකව උඩට ඉස්සෙනු ඇත. එවිට අගුල් කොක්කේ ගැට ගසා ඇති ලණුව උඩට ඉස්සී බෙල්ලට තොණ්ඩුව හිරවෙනු ඇත. ඊට පසු සිදුවන දේ ගැන කිවයුතු නැත.
රුවන් තරස්වින්
[email protected]