යතුරු පැදි එකලස් කිරීමේ කම්හලක් ලංකාවට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
යතුරු පැදි එකලස් කිරීමේ කම්හලක් ලංකාවට

යතුරු පැදි එකලස් කිරීමේ කම්හලක් ලංකාවට

යතුරු පැදි එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ පිහිටුවීම සඳහා මැලේසියානු සමාගමක් මැලේසියානු රින්ගිට් මිලියන 20 ක මුදලක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ. මැලේසියානු මාධ්‍ය වාර්තා කරන්නේ DNC Asiatic Holdings Sdn Bhd නැමති මෙම සමාගම මැලේසියානු-චීන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස යතුරු පැදි එකලස් කිරීමේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන බවයි.

මෙම සමාගම 2012 වසරේදී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ මෙරට යතුරු පැදි එකලස් කිරීමේ පළමු ව්‍යාපාරය ලෙස වන අතර මේ වනවිට නිෂ්පාදන කටයුතු කරන්නේ කල්බදු පහසුකම් මත ලබාගත් කර්මාන්ත ශාලාවක බව සඳහන්ය. සමාගමේ සාමාන්‍යාධිකාරී, ලිම් බෝ හියොන්ග් සඳහන් කර තිබෙන්නේ කොළඹින් කිලෝ මීටර් 15 ක් දුරින් මෙම නව කර්මාන්ත ශාලාව ඉදිකරන බවත් එහි වසරකට යතුරු පැදි 80,000 ක් පමණ එකලස් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙහි ඉදිකිරීමේ කටයුතු තවත් මාස තුනකින් පමණ ආරම්භ කරන බවත් එහි පළමු අදියර වෙනුවෙන් මැලේසියානු රින්ගිට් මිලියන 10 ක් ආයෝජනය කරන බවත් වාර්තා වේ. පළමු අදියරේ ඉදිකිරීම් වසරකින් අවසන් කිරීමට සැලසුම් කර ඇත. Demak වෙළඳ නාමය යටතේ යතුරු පැදි එකලස් කරන මෙම සමාගම පවසා තිබෙන්නේ පසුගිය වසරේදී ලංකාවේ යතුරු පැදි 2000 ක් අලෙවිකළ බවත් මේ වසරේදී යතුරු පැදි 5000 ක් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවයි. සමාගම විසින් මෙරට වෙළඳ පොළේ Demak වෙළඳ නාමය යටතේ යතුරු පැදි මාදිලි 10 ක් පමණ අලෙවි කරන අතර එහි එන්ජින් ධාරිතාවය සී.සී. 80 සිට සී.සී. 200 ක් දක්වා විහිදේ.

මැලේසියාවේ මෙන් නොව ලංකාවේ ඛනිජ තෙල් මිල ඉහළ බැවින් ලාංකිකයින් වඩාත් කැමැත්තක් දක්වන්නේ හොඳින් ඉන්ධන කාර්යක්ෂමතාවය සහිත යතුරු පැදි මිලදීගැනීමට යැයි සමාගම සඳහන් කර තිබේ. යතුරු පැදි වලට අමතරව ලංකාවට ත්‍රී රෝද රථද සමාගම විසින් ගොඩ නගමින් සිටින බව සඳහන්ය. -

adaderanabiz .lk
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Aluthen launch karapu DEmak DZM 200


meke under seat ain karala enne mehemai..hoda beat can ekak wagema beat ekakuth thiyenawa



0c308.jpg


kfdv.jpg



me promote karapuwa..

qxf4.jpg


x3ie.jpg


wr576.jpg


o39p.jpg


6j39f.jpg


rdj5.jpg


wjlf.jpg


189u.jpg


8pwg.jpg


cw0q.jpg


a5hq.jpg


qhc17.jpg


tdtq.jpg


90ryd.jpg


en2t.jpg


ce79.jpg

:D
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොහොම කොහොම හරි අපිට ගන්න පුළුවන් ගානකට බය්ක් එකක් එනවනම් එළ!
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බජාජ් හිටන් මෙහේ නේද අටවන්නේ දැන්.....??

    බජාජ් දන්න කාලෙ ඉදන් අටවන්නෙ ඩෙවිඩ් පිරිස් එකෙනෙ බන්
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    TVS බයික් නම් කාඩ්බෝඩ් පෙට්ටියක කෑලි ටික එන්නේ.මෙහෙදි තමයි සෙට් කරන්නේ. ත්‍රීවීල් එක එන්නේ ලී පෙට්ටියක.ඒවත් පස්සේ තමයි සෙට් කරන්නේ. මම දැක්කේ කඩුවෙල පාලම ලගදී.ඉස්සර එතන TVS බයික්,ත්‍රීවීල් දාලා තිබුණා.......
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    අර බජාජ් අටවනව වගේ කෑලි හයිකරන තැනක්ද දන්නෙ නෑ නේ්? අපිට ඕන අනුබද්ධ සමාගමක් විදියට හරි අපේම සමාගමක්. ජපානෙ සුසුකි කම්පැනියෙ ආධාරයෙන් ඉන්දියාවෙ මරුටි හැදුව, හොණ්ඩා වල සහයෝගයෙන් හීරෝ හොණ්ඩා හැදුව, ඩයිහඩ්සු වල ආධාරයෙන් මැලේසියාව පෙරූඩා (වීවා එලයිට්) හැදුව. අපිටත් ඒ වගේ කම්පැනියක් හදන්න ඇත්නම් තමයි වැදගත් නැතුව මයික්‍රො වගේ වෙනරටවල වාහනයක් බොරුවට බැජ් එක ගහල අපේ දෙයක් කියල විකුණල වැඩක් නෑනෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    උඹලා නොදන්නවා වුණාට මෙහේ හුඟක් දේවල් එකලස් කරනවා බං..
    සමහර ඒවා හොර රහසෙ කරන්නෙ..
    :yes:

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    TVS බයික් නම් කාඩ්බෝඩ් පෙට්ටියක කෑලි ටික එන්නේ.මෙහෙදි තමයි සෙට් කරන්නේ. ත්‍රීවීල් එක එන්නේ ලී පෙට්ටියක.ඒවත් පස්සේ තමයි සෙට් කරන්නේ. මම දැක්කේ කඩුවෙල පාලම ලගදී.ඉස්සර එතන TVS බයික්,ත්‍රීවීල් දාලා තිබුණා.......

    ඔව් ඔව්. මමත් දැකලා ටියෙනවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl::rofl:
    උඹලා නොදන්නවා වුණාට මෙහේ හුඟක් දේවල් එකලස් කරනවා බං..
    සමහර ඒවා හොර රහසෙ කරන්නෙ..
    :yes:


    ඔව් බන්.. මන් දන්න එකෙක්ගෙ ගෙදර ජපන් බයික් එකලස් කරනවා.. ගොඩක් බයික් මෙහෙට එන්නෙ කැලි පිටින් තමයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    :rofl::rofl::rofl:
    උඹලා නොදන්නවා වුණාට මෙහේ හුඟක් දේවල් එකලස් කරනවා බං..
    සමහර ඒවා හොර රහසෙ කරන්නෙ..
    :yes:

    :shocked: