යනවා නං පාරවල් මෙන්න

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    යනවා නං පාරවල් මෙන්න

    ලෝකයේ තියෙන භයානකම පාරවල්

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Halsema Highway-පිලිපීනය

    Dw571QK.jpg

    මෙය පිලිපීනයේ Baguio සිට Bontoc ප්‍රදේශය දක්වා වැටී ඇත ..
    මෙහි මුළු 150km වන අතර මුහුදු මට්ටමේ සිට 2300m ඉහලින් එහි උසම ස්ථානය පිහිටා තිබේ ..

    jWXptlH.jpg

    මෙහි පස් කදු නායයාම් ,ගල් ඇද වැටීම් ,බස් රථ අඩි 1000ක පමණ ප්‍රපාතයට ඇද වැටීම් සිදුවී තිබේ...
    මෙහි ඇති අධික මීදුම, වර්ෂාව හා පාර දෙපස ආරක්‍ෂිත බැමි හිග භාවය නිසා මෙය ඉතා අනතුරුදායක පාරක් ලෙස සැලකේ ..

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    North Yungas - බොලිවියාව

    OtIATfE.jpg

    North Yungas Road හෙවත් "මරණයේ මාවත " සෑම වසරකම 150කට වැඩි ජීවිත ප්‍රමාණයක් බිලි ගන්නවා.. ...

    SuQyFYt.jpg

    60km
    ක් දුරැති මෙම මාර්ගය La Paz සිට Coroico නගර යා කරයි...
    1930 දී සිරකරුවන් විසින් මෙහි කදුකර ප්‍රදේශය නිමවා ඇති බැවින් එහි පළල 3m ක් ද ආරක්‍ෂිත බැමි කිසිවක්ද යොදා නැති අතර
    සුළු අතපසු වීමකින් අඩි 600ක සුන්දර අත්දැකීමක් ලබාගත හැකියි.

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Taroko Gorge - තායිවානය

    kWfFtDT.jpg

    දැඩි බෑවුම් සහිත පෙදෙසක පිහිටා ඇති මෙම මාර්ගය තායිවානයේ ඉතා භයානක මාර්ගයක් ලෙස සලකයි ....

    hBeOWdY.jpg

    මෙහි ඇති පටු මාර්ගය නිසා මෙහි ධාවනය ඉතා අපහසු අතර මාර්ගයේ ලෙස්සා යාමකින් වුවද කන්දෙන් පහලට වැටීමේ අවධානමක් පවතී.
    C8KWfUW.jpg

    වංගු සහිත භාවය නිසා රියදුරන්ට ධාවනය දුෂ්කර වී තිබේ .. මෙහි නායයාම් ,භූමිකම්පා කිහිපයක්ද වාර්තා වී ඇත..

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Trollstigen - නෝර්වේ

    xicaEIM.jpg

    මෙය Rauma හි පිහිටා ඇති 55km කින් යුතු පටු මාර්ගයකි ..
    ඉතා දැඩි වංගු සහිත භාවය නිසා මෙහි ධාවනය අසීරු වී ඇත ..
    2005-2012 අතර කාලය තුල සමහරක් වංගු පළල කර ඇති අතර අඩි 40ට වැඩි දගින් යුතු වාහන මෙහි ධාවනය තහනම් කොට ඇත..

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Guoliang Tunnel - චීනය

    QPM0e4N.jpg

    චීනයේ මෙන්ම ලෝකයේද ප්‍රසිද්ද උමං සහිත 11kmක් දුරැති මාර්ගයක් වන මෙය Taihang Mountains වල පිහිටා ඇත .

    vwWuPI4.jpg

    මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා 1100ම ක් පමණ නැග්මක් ඇත . ..
    මෙහි හැඩ සහිත කොටස් 99ක් ඇති නමුත් අනික් මාර්ග හා සසදා බැලීමේදී ආනතිය ඉතා අඩුවේ ....

    xm16ev9.jpg

    මාර්ගයේ ඉදිරිය පෙනීමේ අඩු තැන් බොහොමයක්ද ඇත ..
    පරිසරයේ අලංකාරත්වය නරභාමින් ගමන් කිරීම ඉතා අවධානම් වන අතර ආරක්‍ෂිත බැමි නැති කොටස්ද තිබේ ..

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Atlantic Ocean Road - නෝර්වේ

    I5VqNLX.jpg

    ධාවනය කිරීමට ඉතා සුන්දර මාර්ගයක් ලෙස මෙය සලකන අතර 8kmක පමණ මාර්ග ප්‍රමාණයක් කුඩා දූපත් යා කරමින් නිමවා ඇත..

    n5kJmOj.jpg

    ප්‍රචණ්ඩ රල පහරවල් මැදින් ධාවනයද මෙහි ඇති විශේෂත්වයකි ...
    මුහුදු වතුර නිසා මාර්ගය දැඩි ලිස්සන බවකින් යුතු අතර රියදුරන් මුහුදට වැටීමේ ප්‍රවනතාවයක්ද ඇත

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Patiopoulo-Perdikaki Road-ග්‍රීසිය

    1wG9yO0.jpg

    23.5km දිගකින් යුතු මෙය ඊසාන දිග Aetolia-Acarnania පිහිටා ඇත..
    500m ක් පමණ ආරක්‍ෂිත බැමි රහිත මෙම මාර්ගයේ ත්‍රීව්‍ර වංගු භාවය නිසා බොහෝවිට රාත්‍රී කාලයේ මෙහි දාවනය ඉතා අවදානම් වේ ..
    දේශීය සතුන් සහ පදිකයන්ද මෙහි සුලබව දක්නට ලැබේ

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Los Caracoles Pass-ආර්ජෙන්ටිනාව

    LZRfHT0.jpg

    Andes
    කදුවැටියෙන් ,ආර්ජෙන්ටිනාව හා චිලි රාජ්‍යය ය කරමින් තමයි මේ පාර හදල .තියෙන්නේ..

    jtFxamJ.jpg

    U
    හැඩයේ වංගු 20කට අධික ප්‍රමානයක් මෙහි දකින්නට පුළුවන්...

    අවුරුද්ද පුරාම වගේ හිමෙන් පාර වැහිලා තමයි තියෙන්නේ...

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Sichuan-Tibet highway

    3oBg4T6.jpg

    මෙය 2100km ක පමණ දුරකින් යුක්ත වෙනවා..චිනය සහ ටිබෙටය යා කරමින් තමයි මේක හදල තියෙන්නේ...

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Stelvio Pass- ඉතාලිය

    bzphGt0.jpg

    YXmdYBE.jpg

    වසන්ත සමයේ පමනක මෙය විවුර්තව තැබෙනවා ...

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Skippers Canyon Road - නවසීලන්තය

    dBJS08I.jpg

    අවුරුදු 140කට පමණ පෙර පතල් කරුවන් විසින් තමයි මේ පාර හදල තියෙන්නේ...

    tT6yUl8.jpg

    26km
    ක් පමණ දුරකින් යුක්ත වෙනවා...එක වාහනයකට පමණක් මෙහි ගමන් කල හැකි තරමට පාර ඉතාමත් පටු වෙනවා...

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    James Dalton Highway

    xj2vKxV.jpg

    මෙය ඇලස්කාවේ පිහිටා තිබෙන 616km දිගින් යුතු පාරක් .. 1974දී තමයි මේක හදල තියෙන්නේ.
    .මේක ඉතාමත්ම පාලු පාරක් ලෙසයි සලකන්නේ...

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    Karakoram Highway - පාකිස්ථානය

    i5avaf6.jpg

    චීනය හා පාකිස්ථානය යා කරමින් 1300km ක් දුරකින් මෙම පාර යුක්ත වෙනවා...

    YyQ77Cs.jpg
    එකක් දාගෙන යන්න

    LpiTNL4.jpg