යන්නා රලගෙඩි ආපිට යන්නා අප දෙවි සාමිගෙ බල පෙන්නා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කෙළවරක් නැති වැස්ස. ඒ අස්සෙ මේ වගේ පරණ කතාත් මට මතක් වෙනවා.

    මදුරාවෙ ඉඳං ලංකාවට වැඩම කරපු අයියනායක දෙවියන්ගෙ ප්‍රධාන ම කටයුත්ත වුණේ වියලි කලාපයේ ඒ වෙද්දි විනාශ වෙලා ගියපු වැව් ටික පිළිසකර කරවන එකලු. ඕං ඔය විදියට අයියනායක බණ්ඩාර හාන්දුරෝ තබ්බෝව වැවත් පිළිසකර කරවමින් හිටියා. ඒත් වැඩේ හිතපු තරම් ලේසි වු⁣⁣ණේ නෑ. වැස්ස තද වුණා. වැව් බැම්මේ හදන හදන තැන් කඩාගෙන යන්න පටන් ගත්තා.

    වැවේ රාජකාරි කරාපු අය මේ ගැන අයියනායක දෙයියන්ට සැල කළා. උන්නාන්සේ මේකට හේතු හෙව්වා. අමනුෂ්‍යයො වැවේ රාජකාරි කෙළවරක් කරන්න දෙන්නෑ. අයියනායක හාන්දුරෝ කපුවට ඇහෙන්න මෙහෙම කීවලු.

    ජල වීරිය වැඩි වුණා
    කළ වීරිය මදි වුණා
    හක් බොන්දිය ගං කපුවේ
    වර කපුවේ වරෝ

    අයියනා බණ්ඩාර දෙයියන්ගෙ අණ තෙද සත්ත තියෙන දේවාභරණයක් තමයි හක් බොන්දිය. හක් බොන්දිය අරගෙන වැව හදන තැනට යන්ඩ කියල යි ඒ විදියට උන්නාන්සේ කීවෙ. කපු උන්නැහේ දෙයි හාන්දුරෝ කියාපු විදියට වැඩේ කළා. ආයෙ තබ්බෝව වැවට ආන්තරාවක් උනේ නැතිලු.

    වියලි කලා⁣පයේ වැව් ආශ්‍රිත කටයුතුවල දි අයියනායක දෙවියන්ට මුල් තැන දෙන්නෙ උන්නාන්සේ සම්බන්ධ ඉතිහාසය මේ විදියට වැව් එක්ක ම බැඳිලා තියෙන නිසා වෙන්න ඇති. එන්න එන්න ම වෙන වැස්සෙන් වැවකට හානියක් වෙන්න පුළුවන් බව තේරුණොත් හත්කෝරලේ, නුවරකලාවියෙ මිනිස්සු මෑතක් වන තුරු ම (ඇතැම්විට අදටත්) අයියනායක දෙවියන්ගෙ නම සිහි කරනවා. පූජා වෙඩිලි තියනවා. කවිවලින්, යාදිනිවලින් පිහිට බලාපොරොත්තු වෙනවා.

    එන්නා රළ කඳු අලි ඇතු වාගේ වෑ කඳු ජලයෙන් උතුරන්නා
    වෙන්නා කාරිය දන්නා හින්දා වෑ කඳු මුදුනට නගිමින්නා
    හුන්නාකඩ වෙඩි මුර තුන දුන්නා කානාකාරිය කියමින්නා
    යන්නා රලගෙඩි ආපිට යන්නා අප දෙවි සාමිගෙ බල පෙන්නා

    Shakila Rajakaruna

    - ඡායාරූපය ෆේස්බුක් මඟිනි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,111
    2,244
    113
    TFS

    Given the already established various feasible administration structures existed in the island, is it the island wide, Constitution (universal Law) the best thing colonizers established in SL..?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    රකිනා දිවි සිඟ වග වැලහින්නෙ
    පැමිනා කිරිපොවමින් උන් යන්නෙ
    වටිනා පෙර පින් ඇති බව දන්නෙ
    රැකුනා මේ ලෙස දිවි කුමරුන්ගේ

    සදා පුරය කරනෙමිනි කැලේයා
    කියා වැදුනි මහ සෙනග කැලේයා
    සදා සෙනග ගල් කරපු කැලේයා
    එදා පසිඳු විය දෙවියො කැලේයා

    මෙකත් ඔය වගේ එක්කෙනෙක්ට නේද කියන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    රකිනා දිවි සිඟ වග වැලහින්නෙ
    පැමිනා කිරිපොවමින් උන් යන්නෙ
    වටිනා පෙර පින් ඇති බව දන්නෙ
    රැකුනා මේ ලෙස දිවි කුමරුන්ගේ

    සදා පුරය කරනෙමිනි කැලේයා
    කියා වැදුනි මහ සෙනග කැලේයා
    සදා සෙනග ගල් කරපු කැලේයා
    එදා පසිඳු විය දෙවියො කැලේයා
    ඔය යක් කුමාරයෙක් ගැන.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    832
    1,151
    93
    රකිනා දිවි සිඟ වග වැලහින්නෙ
    පැමිනා කිරිපොවමින් උන් යන්නෙ
    වටිනා පෙර පින් ඇති බව දන්නෙ
    රැකුනා මේ ලෙස දිවි කුමරුන්ගේ

    සදා පුරය කරනෙමිනි කැලේයා
    කියා වැදුනි මහ සෙනග කැලේයා
    සදා සෙනග ගල් කරපු කැලේයා
    එදා පසිඳු විය දෙවියො කැලේයා

    මෙකත් ඔය වගේ එක්කෙනෙක්ට නේද කියන්නේ?
    pleseantly surprised on what Gemin had to say
    ඔව්, මම මෙය දනිමි. මෙය අතිශය ජනප්‍රිය වූ "දඬුබස්නාමානය" ටෙලිනාට්‍යයේ තේමා ගීතයේ කොටසකි.

    මෙම කාව්‍ය ඛණ්ඩය සහ එහි පසුබිම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:

    • ටෙලිනාට්‍යය: මෙය ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "දඬුබස්නාමානය" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.
    • සංගීතය: මෙහි සංගීත නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (කේමදාස මාස්ටර්) සූරීන් අතින් සිදුවිය. ගායනය අමරසිරි පීරිස් මහතා ඇතුළු පිරිස විසිනි.
    • පද මූලාශ්‍රය: මෙම පද "කෝල්මුර කවි" හෙවත් දේව පූජා විධික්‍රම ආශ්‍රිත පැරණි ජන කවි විශේෂයකින් උපුටා ගත් ඒවා බව පැවසේ. විශේෂයෙන්ම මෙය කැලේ බණ්ඩාර දෙවියන් වෙනුවෙන් ගැයෙන කවි පෙළකි.
    කවියේ අර්ථය: මෙම කවියෙන් කියැවෙන්නේ කුඩා කල කැලයේ අතරමං වූ කුමාරයෙකු (කැලේ බණ්ඩාර දෙවියන්ගේ මනුෂ්‍ය ආත්මය ලෙස විශ්වාස කෙරේ) වන සතුන් විසින් රැකබලා ගත් ආකාරයයි.

    • ව්‍යාඝ්‍රයින් සහ වැලහින්නියන් වැනි සතුන් පැමිණ කිරි පොවමින් කුමරුවා රැකගත් බවත්,
    • කුමරුවාට තිබූ පෙර පින් මහිමය නිසා මෙලෙස වන සතුන්ගේ ආරක්ෂාව ලැබුණු බවත් මෙයින් කියැවේ.
    මෙම ගීතය එහි ඇති ප්‍රබල සංගීතය සහ ගැඹුරු හඬ පාලනය නිසා ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ අමතක නොවන නිර්මාණයක් ලෙස සැලකේ
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City

    confidence ඇතුව බොරු කියන හැටි ඉගෙනගන්න නම් Gemini, ChatGPT හොඳයි 😅
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක කියවනකොට මතක් උනේ. ඊය රෑ මම අර අනුරාධ දේවගේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුව. එකේ පෙන්නුවා බුලත යෝඋදය විසින් හදපු වැවක තනි ගලකින් හදපු සොරොව්වක් බන්.. මම මේ සොරොව්ව දැක්කේ පලවෙනි පාරට.. උඹල දැකල හෝ අහල තියනවද මේ ගැන විස්තර..

    වීඩියෝ එක පටන් ගන්නේ එතැනින්..