භග්ගව, ලෝකෝත්පත්තියේ මූලධර්මය මම දනිමි. මම එයත් දනිමි, එහි ඇති ධර්මයත් දනිමි. මෙසේ දැන සිටියත් එකී ධර්මයන් වැරදි ආකාරයට නොදනිමි. එකී ධර්මයන් මා විසින් වැරදි ආකාරයෙන් නොදනිනතාක් මා විසින් මා තුල ඇති කෙලෙස් නිවීම අත්විඳිනා ලද්දේය. මෙලෙසින් දන්නා තථාගතයන් වහන්සේ දුකට පත් නොවේ.
භග්ගව, ලෝකය මහා බ්‍රහ්මයා විසින් හෝ උසස් ශක්තියක් විසින් මවනු ලදැයි විශ්වාස කරන ගුරුවරුන් විසින් සාම්ප්‍රදායිකව ලබා දුන් ඉගැන්වීම උගන්වනු ලබන ශ්රමණයන් හා බ්‍රාහ්මණයන් සිටිති. ඔවුන් කෙරේ එළඹෙන මම යහළුවනි ඔබ විසින්, ඔබ වෙත සාම්ප්‍රදායිකව ලබාදුන් මහා බ්‍රහ්මයා විසින් හෝ උසස් ශක්තියක් විසින් මවනු ලැබූ ලෝකෝත්පත්තිය සම්බන්ධයෙන් උගන්වනු ලබන බව සැබෑදැයි ? අසමි. මෙවිට එය සැබෑ බව ඔවුන් කියයි. එවිට මා අසන්නේ ඔබලාට සාම්ප්‍රදායිකව මහා බ්‍රහ්මයා හෝ උසස් ශක්තියක් විසින් මවනු ලැබූ ලෝකෝත්පත්තිය පිළිබඳ ඉගැන්වීම උගන්වන්නේ කුමන පදනමකින්ද බවයි. ඔවුන්ට මගේ ප්‍රශ්නයට උත්තර ලබා දිය නොහැක. එසේ වන්නේ කෙසේදැයි ඔවුන් මගෙන් ඇසූ විට මා මෙසේ පිළිතුරු ලබා දෙමි.
මිතුරනි එක්තරා කාලයකදී කල්ප ගණනකට පසුව මෙම ලෝකය විනාශ වෙයි. එලෙස විනාශ වෙද්දී බොහෝ සත්වයෝ ආභස්සර බඹ ලොව ඉපදෙති. ධ්‍යාන චිත්තය නිසාවෙන් එහි උපදින මොවුන් ප්‍රීතිය අනුභවය නිසාවෙන් සිරුරෙන් ආලෝකය විහිදුවමින් කල්ප ගණනක් එහි වසති.
මිතුරනි කල්ප ගණනකට පසුව නැවතත් ලෝකය හටගන්නා කලක් එයි. එකල්හි ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයක් පහල වන්නේය. මෙකල්හි ආභස්සර බඹලොවේ ආයු ක්ෂය වූ බ්‍රහ්මයෙක් ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයේ උපදියි. ධ්‍යාන චිත්තය නිසාවෙන් මෙහි උපදින ඔහු ප්‍රීතිය අනුභවය නිසාවෙන් ශරීරයෙන් ආලෝකය විහිදුවමින් කල්ප ගණනක් වාසය කරයි.
කල්ප ගණනක් තනිව මෙහි වාසය කරන ඔහුට තනිකම ඇති ව තවත් සත්වයෝ මෙම ස්ථානයට පැමිණෙන්නේ නම් යහපත් බව සිතෙන්නේය. මෙවිට ආයු ක්ෂය වීමෙන් ආභස්සර බඹ ලොව මිය යන බ්‍රහ්මයෝ ශුන්‍ය බඹ තලයේ උපදිති. ඔවුන්ද ධ්‍යාන චිත්තය නිසාවෙන් ආලෝකය විහිදුවමින් කාලයක් ජීවත් වෙති. මෙසේ කල් ගතවෙද්දී ප්‍රථමයෙන් උපන් සත්වයාට මෙවන් සිතක් පහල වෙයි,
මහා බ්‍රහ්මයා මමයි. සියල්ල ඇති කරන්නේ, මැවුම්කරු මමයි. මා විසින් මේ සත්වයෝ මවන ලදහ. මන් එසේ කියන්නේ ඇයි? අතීතයේදී තවත් පිරිසක් මෙහි පැමිණෙන්නේ නම් යහපත් යැයි සිතුවෙමි. එසේ සිතීමෙන් මේ පිරිස මෙහි පැමිණියහ.
මේ සිතුවිල්ල පසුව ඉපදුන සතුන්ටත් ඇති වේ. එනම් මේ තැනැත්තා මහා බ්‍රහ්මයායි........ ඔහු මෙහි ප්‍රථමයෙන් පෙනී සිටි අතර අපි ඊට පසු මෙහි පැමිණියෙමු....
මිතුරනි මොවුන් අතර මුලින් හටගත්තෝ අන් අයට වඩා වර්ණවත්ව, බලවත්ව දිගු කාලයක් ජීවත් වෙති. පසුව හටගත්තෝ අන් අයට වඩා අඩු ප්‍රභවයක් ඇත්තෝ අඩු කාලයක් ආයු ඇත්තෝය. මෙකල්හි මෙවන් තත්වයක් ඇති විය හැක මිතුරනි.. බ්‍රහ්ම තලයෙන් ආයු ක්ෂය වන එක්තරා සත්වයෙක් මේ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබා ගිහිගෙයින් නික්ම පැවිදි වී සමාධිය අත් කරගෙන ඔහුගේ පෙරභවය දකී. නමුත් එයට පෙර භව දැක්මට අපොහොසත් වෙයි.
ඔහු මෙසේ කියයි, ඒ ගෞරවනීය තැනැත්තා මහා බ්‍රහ්මයායි.... ඔහු විසින් අප නිර්මිතය. ඒ බ්‍රහ්මයා නිත්‍යයි, සදාකාලිකයි. බ්‍රහ්මයා විසින් නිර්මිත අපි නිත්‍ය නොවන්නෙමු, සදාකාලික නොවන්නෙමු, මරණයට පත් වන්නෙමු. අපි මේ මනුෂ්‍ය ලෝකයට අවේ එලෙසිනි.
මිතුරනි ඔබ ලෝකෝත්පත්තිය ගැන මහා බ්‍රහ්මයා විසින් ලෝකය මැවූ බවට විශ්වාස කරන්නාවූ ඔබගේ ගුරුවරු විසින් සාම්ප්‍රදායිකව භාරකල මතය මෙලෙසින් උගන්වන්නේද ? ඔවුන් භවත් ගෞතමයෙනි ඔබ විසින් කී ආකාරයට අපි එය ඇසුවෙමුයි කියයි....
භග්ගව, ලෝකෝත්පත්තියේ මූලධර්මය මම දනිමි. මම එයත් දනිමි, එහි ඇති ධර්මයත් දනිමි. මෙසේ දැන සිටියත් එකී ධර්මයන් වැරදි ආකාරයට නොදනිමි. එකී ධර්මයන් මා විසින් වැරදි ආකාරයෙන් නොදනිනතාක් මා විසින් මා තුල ඇති කෙලෙස් නිවීම අත්විඳිනා ලද්දේය. මෙලෙසින් දන්නා තථාගතයන් වහන්සේ දුකට පත් නොවේ.
........
භග්ගව, මේ ආකාරයට වැරදි දේ දන්නා සහ උග්නවන සමහර ශ්‍රමණයෝ සහ බමුණෝ අසත්‍ය, පදනම් විරහිත, අභූත ලෙසින් මා වෙත චෝදනා කරති.
අපි අද කථා කරනවා අන්‍යාගමිකයෝ අපේ ධර්මයට කරන විනාශය ගැන. නමුත් ඒ හැමදේම පදනම් විරහිත නිෂ්ඵල කථා. බුදුහාමුදුරුවො ඒවා ගැන කථා කලේ අර්ථය දැනගෙන. උන්වහන්සේගේ පාරේ ගිය ආර්ය ශ්රාවකයොත් එහෙමයි. ක්‍රිස්තියානි ආගම වගේම ඉස්ලාම් ආගමෙත් ඔය මුලින් කියන්න යෙදුන දේ හැර වෙන අමුතු දෙයක් නෑ. හැම ශිෂ්ට සම්පන්න ආගමකම තියෙන ලක්ෂණ තියෙනවා ඇර. නමුත් අපි ඒවා දන්නේ නැතිව විශේෂයෙන්ම දැනගත යුතු දේ දන්නේ නැතිව බොරුවට ක්‍රිස්තියානුවෝ, ඉස්ලාම්වරු අපේ ආගම විනාශ කරනවා කියලා උඩ පනිනවා.
අපිට අද වෙනකම් මේ වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන් වුනේ ? ඇල් වතුර කාරයෝ අදත් වතුර බෙදනවා. ඉස්ලාම් භක්තිකයො අදත් ඒ කාර්යය කරගෙන යනවා. එක පිරිසක් නීති හදන තැනට ගියා සෝම හාමුදුරුවන්ව විකුණලා, පුළුවන් තරම් උන්වහන්සේට අගෞරව කරලා බුද්ධාගම රකින්න. මොකද්ද වුනේ? ඒ අය උත්සහ කලාලු අන්‍යාගමික කිරීම වැලැක්වීමේ පනතක් ගේන්න. අද කෝ ඒවා. අපේ බූරු බෞද්ධයි කියන බෞද්ධකම කියන්නේ මොකද්ද කියලාවත් නොදන්න මෝඩයෝ ඡන්දෙ දීලා යැවුවේ මොකටද මේ අයව ? ඇත්තටම බැලුවම බෙන්ස් එකෙන් නිවන් යන්න විතරයි නේද ? මේවා තාමත් නොතේරෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.
බුදුහාමුදුරුවෝ වෙනත් ආගමිකයෝ එක්ක ඒ අයගේ දුර්මත නැතිකරන්න කටයුතු කලේ ඒ ආගම්වල පදනම දැනගෙන ඒවායේ තියෙන මිථ්‍යාව පෙන්වලා දීලා. නමුත් කිසි වෙලාවක ඒ අයට තමුන් එතෙක් අදහන දහම අතහරින්නවත්, බුදුන්ගේ දහම පිලිගන්නවත් කීවේ නෑ.
භග්ගව, වෙනස් දෘෂ්ටියක් දරන, වෙනස් විශ්වාසයක් දරන, වෙනස් පුහුණුවක් ලබා ඇති, වෙනත් මතයක් දරන ගුරුවරයෙක්ගේ මතයක් හා විශ්වාසයක් ඇති කරගෙන සිටින්නාවූ ඔබට සුභ විමොක්ඛ ධ්‍යාන (වර්ණ කසිණ ආශ්‍රවයෙන් කෙලෙස් තැවීම) ඇති කරගැනීම අපහසුයි. භග්ගව එසේ හෙයින් මා කෙරේ ඹබගේ ප්‍රසාදයක් වේද ඒ ප්‍රසාදය රක්ෂා කරව...
මෙහෙමයි බුදුහාමුදුරුවො කථා කලේ. අපි යන්නත් ඕනා ඒ පාරේ. නමුත් අපි යන්නේ වෙන පාරක. ඒ බවනම් පැහැදිලියි. ඉතින් දැන්වත් අපි ප්‍රඥාවත් වෙන්න ඕනා. ධර්මය නියම විදියට හදාරන්න ඕනා. නැත්නම් ඉතින් හැමදාමත් සතුටක් නැතිව කිසිම ධ්‍යාන සුවයක්වත් විඳින්නේ නැතිව දුකෙන්ම කල් ගෙවන්නයි අපිට වෙන්නේ ........
පාඨික සූත්‍රය ඇසුරෙන්