යහපතට මෙන්න අයහපතටද භාවිතා කරන කොඩිවින

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    යහපතට මෙන්න අයහපතටද භාවිතා කරන කොඩිවින

    n3.jpg


    ලංකාවේ පවත්නා සකලවිධ අභිචාරාත්මක ප්‍රතිකාර කරන්නා වූ භූත විද්‍යා ඇදුරන් මිනිසාගේ යහපත සඳහා මෙන්ම අයහපත සඳහාද මෙම ගුප්ත ශාස්‌ත්‍ර ක්‍රම භාවිත කරනු දැකිය හැකිය. ගුප්ත විද්‍යා ඇදුරන් විසින් කරනු ලබන අභිචාරාත්මක ප්‍රතිකාර කොටස්‌ 2 කට බෙදා දැක්‌විය හැකිය.

    එනම් සුදු අභිචාර සහ කළු අභිචාර වශයෙනි. සුදු අභිචාර වශයෙන් බෝධි පූජා, සෙත් කවි, තොවිල් වැනි මිනිසාට යහපත සඳහා කරනු ලබන ශාන්තිකර්ම දැක්‌විය හැකිය.

    කළු අභිචාර ලෙස කොඩිවින, හදි හූනියම්, පිල්ලි යෑවීම්, වස්‌කවි ආදී අන් අයගේ අයහපත උදාකිරීමේ බලාපොරොත්තුව ඇතිව කරනු ලබන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හැඳින්විය හැකිය.

    මේවා අතුරින් බොහෝ දෙනාට නම ඇසූ පමණින් බිය උපදවන මනස අවුල් කරවන මිනිසකු විසින් තවත් මිනිසකු වෙත ඊර්ෂියාව, ක්‍රෝධය, පලිගැනීමේ අරමුණින් එල්ල කරන්නා වූ ගුප්තමය බලවේගයක්‌ වූ කොඩිවින හදි හූනියම් හැඳින්විය හැකිය.

    නිවැරැදි ප්‍රාණ බල අක්‍ෂර ගණ සංයෝග කොට නියමිත ආකාරයට පිහිටුවීමෙන් තනන අධි ශක්‌තිජනක අයහපතට බර ආවේගයන් ඇතුළත් කොට සකස්‌ කරගන්නා මන්ත්‍ර වාර ගණනක්‌ මැතිරීම තුළින් මෙකී අරමුණු ඉෂ්ටකර ගනී.

    මිනිසා ස්‌පර්ෂ කළ පරිහරණය කළ දැ මෙන්ම හිස පීරා ඉවතලන කෙස්‌ ගස්‌ද යොදා ගෙන කරනු ලබන හූනියම හෝ කොඩිවිනය සඳහා මිනිස්‌ හිස්‌ කබල්, ගෙරි ඔලු, මිනී අලු, දෙහි, තැඹිලි, රත්මල් යන දැ යොදාගෙන කරනු ලබන විවිධ වූ හූනියම් වර්ග භාවිතයේ පවතී.

    කොඩිවින යනුවෙන් හඳුන්වනුයේ කෙනකුගේ මරණය අපේක්‍ෂාවෙන් කරන දෙයක්‌ මෙන්ම හූනියම් යනු ලෙඩ කිරීම්, අතපය කොර වීම්, වස්‌තූන් විනාශ වීම් අරමුණු කරගෙන කරනු ලබන ගුප්ත විද්‍යා ක්‍රමයක්‌ ලෙස හැඳින්විය හැකිය.

    රත් කිරීමෙන්, පැන්නීමෙන්, ආකර්ෂණය වීමෙන් කැපීමෙන් අදාළ පාර්ශ්වයට විපත් නොදීමට සමත් ප්‍රබලතම අනර්ථකාරී අභිචාරයන් ලෙස කොඩිවින, හදි හූනියම් හැඳින්වේ.

    රූප කටු ගැසීම්, රත් කිරීම්, අංගම්, පිල්ලි, භූමි පාලු, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, බිත්තර ජීවම් කිරීම්, සොහොන් අළු ආදී මෙකී නොකී බොහෝ ආකාරයන්ගෙන් මිනිසාට අයහපත උදා කිරීමට මෙම ශාස්‌ත්‍ර ක්‍රමය උපයෝගි කොට ගනී.

    අතීතයේදී කෙනකුගෙන් පලිගැනීම සහ වෛරය සඳහා බහුලවම භාවිත වූ කොඩිවින හදි හූනියම් වර්තමානයේදී නොයෙකුත් තැන්හිදී භාවිත වෙයි.

    අදාළ පුද්ගලයාගේ නම තහඩුවක ලියා ජීවම් කර හෝ නැතිනම් රූපයක්‌ ඇඳ ගිනියම් කිරීම මගින් අදාළ පුද්ගලයා රෝගී කරවීමට යොදා ගන්නා ගුප්ත ක්‍රම මෙන්ම, තඹ තහඩුවක්‌ හෝ ජීවම් කරන ලද ද්‍රව්‍යයක්‌ ලිපේ අළු යට වළ දැමීම තුළින් ලිප දල්වන වාරයක්‌ වාරයක්‌ පාසා අදාළ පුද්ගලයා රෝගී කරවීමට සමත් ගුරුකම්ද භාවිත වේ.

    බොහෝ අවස්‌ථාවන්වලදී තමන්ට සිදුවන අලාභය, විපත, රෝගය ආදී නොයෙකුත් විපත් කිසියම් කෙනකු විසින් (තමා සමග අමනාපයෙන් සිsටින අයකු, බොහෝ විට අසල්වැසියකු) කරන ලද හූනියමක ප්‍රතිsඵලයක්‌ ලෙස දැඩිව විශ්වාස කරන පිරිස්‌ අද සමාජයේ දක්‌නට ඇත.

    තමා ජීවත්වන වටපිටාවේ තමාට එරෙහිව කවරකු හෝ ක්‍රියාත්මක වේ නම් ඔහු විසින් හූනියමක්‌ කර ඇතැයි යන සංකල්පය මත මානසිකව සිතා ඒ තුළින් සියලු දේ අවුල් සහගත තත්ත්වයන් ඇතිවී තමා විසින්ම තමාටම හූනියමක්‌ කරගන්නා අවස්‌ථාවන්ද වෙයි.

    කෙනකුට අණවින බන්ධනයක්‌ කළ බවට ඉඟි ගැන්වීමට අදාළ දේවල් ඇස ගැටීමට සැලැස්‌වීම මගින් ඔවුන්ගේ මනස ලෙඩ කරවන අවස්‌ථාද සමාජයේ වෙයි. ඒවායේ කිසිදු ගුප්ත විද්‍යා බලයක්‌ නොතිබුණද හූනියමක්‌ කර ඇතැයි යන විශ්වාසය මත ඔවුන් මානසිකව ලෙඩ වෙයි. මෙසේ හූනියමක්‌ වින බන්ධනයක්‌ තමන්ට කරන්නට ඇතැයි සාධක සහිතව පිළිගනිද්දී ජීවිතය පිළිබඳ අවදානම, බිය, තැති ගැනීම යන හැඟීම් ඇතිවීම තුළින් තමන්ගේ ඉදිරි ගමන අඩාල වී මානසිකව බිඳ වැටීමකට ලක්‌වේ.

    පසුව නොයෙකුත් යකදුරන්, ශාස්‌ත්‍රකරුවන්, පේන බලන්නන් කරා ගොස්‌ නැති හූනියමක්‌ කැපීමට ගොස්‌ කරදරයට පත්වේ.

    මේ ආකාරයෙන් හූනියම් කොඩිවින ආශ්‍රිත ගුප්ත විද්‍යා කටයුතු දැඩිව විශ්වාස කළ පිරිස්‌ සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස හන්දි ගානේ හූනියම් කපන තැන්, වශී ගුරුකම් කරන තැන්, දේවාල බහුලවම දැකිය හැකිය.

    හූනියම් කරන ආකාර 31 ක්‌ ඇති බව ගුප්ත විද්‍යාවේ සඳහන් වේ. අතීතයේදී භාවිත වූ පැළඉනි ඇටයේ ගුරුකම භයානක, මරණය ගෙන දෙන ගුරුකමක්‌ ලෙස හැඳින්වේ. ජීවම් කරන ලද පැළ ඉනි ඇටයක්‌ අදාළ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට වළදමා එය රෝපණය වූ පසු ගසෙහි පත්‍ර වියළී වැටෙන වැටෙන අවස්‌ථාවන්වලදී එම නිවසේ මරණයක්‌ සිදුවන බවත් ශාස්‌ත්‍රය දත් ඇදුරන් පවසයි.

    සමහර අවස්‌ථාවන්වලදී කෙනකුට කරන ලද හූනියමක්‌ තමා කරා එන අවස්‌ථාද වෙයි. කරන ලද හූනියම නැවත එම පුද්ගලයාට බලපවත්වන ආකාරයේ ආපිට කැපීමේ ක්‍රමයක්‌ද ගුප්ත විද්‍යා ඇදුරන් විසින් කරනු ලබයි.

    යම්කිසි නිවසකට හූනියමක්‌, කොඩිවිනයන් කර ඇත්නම් එම නිවාස තුළ අඳුරු ස්‌වභාවය, පලදැරූ ගස්‌a පල නොදැරීම, නිතර රණ්‌ඩු දබර ඇතිවීම සිතෙහි පවත්නා නොරුස්‌සන ගතිය, කරන සියලු වැඩ අසාර්ථක වීම යන ආදී නොයෙකුත් බලපෑම් හූනියම් නිසා ඇතිවිය හැකිය.

    භූමියකට කොඩිවිනයක්‌ හූනියමක්‌ කර ඇත්දැයි සෙවීමට ඒ පිළිබඳ මනා දැනුමක්‌ ඇති භූතාචාර්යවරයකුට හැකියාව ඇත. එම භූමියේ දෙහි වළලා නැවත ගොඩගෙන කැපීම තුළින්ද මැතිරූ දෙහි ආතුරයා අතට දී ඔහුගේ ශරීරයේ සිදුවන වෙනස්‌කම් නිරීක්‍ෂණය තුළින් අංජනම් බැලීම, නැතිනම් ආරුඩයන් තුළින් නිවැරැදි වශයෙන් හූනියමක්‌ කර ඇත්ද යන්න අවබෝධ කර ගනී.

    කොඩිවිනයක්‌ ඇතැයි දැනගත හැකි වුවහොත් රහසිගතව කැපීම සිදුකරයි. ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්, සූනියම් යක්‍ෂ දෙවියන්, රීරි යක්‍ෂ සහ මහසෝන් දේවතාවා මුල්කොට ගෙන ශාන්තිකර්මය සිදුකරනු ලබයි.

    සවස පටන්ගෙන තුන්මං සමයකදී පසුදින අලුයම වනතුරු පැවැත්වීම මගින් කරන ලද හූනියම කපනු ලබයි.

    මාතර බඹරැන්දේ
    සරත් කුමාර යූ. වඩුගේ



     
    • Like
    Reactions: DangerMan119