යහපත් රටක් හදන්න 18 -19 සංශෝධන අවලංගු කළ යුතුය&#3538

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    යහපත් රටක් හදන්න 18 -19 සංශෝධන අවලංගු කළ යුතුය&#3538

    යහපත් රටක් හදන්න 18 -19 සංශෝධන අවලංගු කළ යුතුයි’
    (නිමල කොඩිතුවක්කු)

    රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය.

    පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන් අණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුණේ නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයට එක්වෙමිනි.

    මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

    ‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි.

    ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාල සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.

    මේ කාලය තුළ ආණ්ඩුව නරක්වීමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් වීමට ඉඩ තිබුණා.

    මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අඳිනවා කියලා. මේ දෙපැත්තට අඳින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි.

    18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

    ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අඳින ක‍්‍රමයක් ඇතිවුණා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා" යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

    Recommended Articles

    2019 ජුනි මස 01 පෙ.ව. 12:02 බැලුවෝ - 1141
    දියත
    කතෘ මණ්ඩලය
    2019 ජුනි මස 23
    ප.ව. 02:44
    බැලුවෝ
    2206
    අදහස්
    19




    Reply : 0 47
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ජනාධිපති වෙන්න තමුන්නාන්සේට කතිරේ ගැහුවේ වැඩි හරියක එජාප පාක්ෂිකයෝ, ශ්‍රීලනිප පාක්ෂිකයෝ කතිරේ ගැහුවේ මහින්ද මහත්මයාට.., ඊට පස්සේ තමුන් බලහත්කාරයෙන් ශ්‍රීලනිප සභාපතිකම අරන් එ්කත් අවුල් කරලා කෙහෙල්මල් ජාතික ආණ්ඩුවක් හැදුවා. තමන්ට විරුද්ධව ජනාධිපතිවරනේදී වැඩකළ පුද්ගලයින්ට අැමැති තනතුරු දීලා ඔවුන්ගෙන් උපදෙස් අරන් රට පාලනය කළා.. එ්කෙන් වුනේ ප්‍රභල විපක්ෂයක් නැතිකමින් සහ ආණ්ඩුවේ පාර්ශව අතර එකඟත්වයක් නොමැතිකමින් රට අවුලෙන් අවුලට පත් වීම, විනාඩි 20 තුළ සිවිල් වැසියෝ 300ක් විතර මැරිලා 200ක් විතර තුවාල ලබපු එක, යුද්දෙ කාලෙවත් එහෙම දෙයක් වුනේ නැහැ. ඔය 18, සම්මත කරන්න ඔබතුමා පාර්ලිමේන්තුවේදී ඡන්දෙ දුන්නා.. 19 සම්මත කරගන්න ජනාධිපති කෙනෙක් සහ ශ්‍රීලනිප සභාපති ලෙස උදව් කළා. එතකොට පුරවැසි අපිද වැරදි කාරයෝ? පසුගිය කාලේ කිව්වා තව අවුරුදු 5කින් රටේ වඩුමඩු සියල්ල සහ වඩු රස්සාව තහනම් කරනවා කියලා... වඩු රස්සාව සහ වඩුමඩු නැති රටක් ලෝකයේ කොහෙද තිබෙන්නේ? දැන් හොඳටම ඇති කරුණාකර විශ්‍රාම යන්න.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මඩේ හිටවපු ඉන්නක් වගේ කෙනෙක් පත්කර ගත්තේ ඕන ඕන විදිහට නටවන්න තමයි. මෙයාට ඒක තේරුම් ගන්නත් අවුරුදු 4ක් ගියා. හොඳම දේ නොදන්න රජකම් කරන්නේ නැතිව ගමට ගිහින් ඉන්න එක...
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක අතකින් වෙලාවට 19 තිබුනේ. නැත්තන් ඉතින් පිස්සු වැඩ මීට වඩා තව වැඩි වෙනවා තියන බලතල එක්ක. එහෙනම් මෙලහට ආණ්ඩුම 10ක්, 12ක් හදලා ලේකම්ලා මාරු කරපු ගාණත් එක්ක බලද්දී...
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අයින් කළයුත්තේ කුමක්දැයි කියා මහජනතාව හොඳින් පැහැදිලි ලෙස දන්නවා. අටුවා ටීකා ටිප්පනී අවශ්‍ය නැහැ.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අම්මපා ... පතෝල මුදලාලිට දැන්ද මතක් වුනේ? කෙසෙල් දල්ලකට අත්සන් කළා වගේ කියලා ගහපු හැම අත්සනක්ම... කොහොමද සූත්තර පුංචාගේ බටහිර මොලේ... සූත්තරයව තම්බන්න පතෝල මුදලාලිගේ ලුණු ගොරක මදි.. මෙය තමයි සත්‍ය..
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ජනාධිපතිතුමනි, කුඹුරු කෙටීම, ගොවිතැන වගේ දන්න දෙයක් කතාකරන්න. ව්‍යවස්ථාව ඔබ‍ට බර වැඩි විෂයයක්..
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඒ විතරක් නෙමෙයි, ලොකුම හෙනේ තමුන්නාන්සේ ජනාධිපති වුණු එක... මුල අමතක කිරීම.. තමන්ගේ හතුරාගෙන් උපදෙස් ගැනීම.. මහින්දගේ ජය පතා කඩේ ගිහින් පරාද වුණු අය ළංකරගැනීම. මුල ඉඳලාම ඒ අය කළේ යහපාලනය කකුලෙන් ඇදීමයි. තමුන්නාන්සේ ගෙදර ගියා නම් ඉවරයි නේද? රටට කරන ලොකුම සේවය ඒකයි.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    "කන්න දුන්නු අත සපා කාලා." ගෝත්‍රිකයින්ට සුදුසු කතාවක්. අඩුකලේට ගැලපෙයි කියලා හිතන්නේ නැහැ. දියුණුයි කියන රටවල සත්තුන්ටත් අයිතිවාසිකම් තියෙනවා.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සහතික ඇත්ත නුසුදුස්සට නුසුදුසු තැනක් ලැබුණාම වෙන විනාශය මෙතුමාගෙනුත් වුණා. එ්කටම හරියන සූත්තර පුංචෙකුත් සෙට් වුණු නිසා විනාශේ පරම්පරා ගණනකටම බලපාන එකක් වුණා.
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    MAYTHREE TA WITHARAK NEMEI UBALATATH WENNE AKULAGENA YANNA LASTHI WELA HITAPAN RATA KAPU KARIYO,,,,THOPILA THAWA HITIYOTH MULU RATAMA IWARAI WESA ALIYO THAWATH THOPILA KADE YANAWANE ME HUKANNONTA WAHALLU WAGE
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    MAYTHREE TA WITHARAK NEMEI UBALATATH WENNE AKULAGENA YANNA LASTHI WELA HITAPAN RATA KAPU KARIYO,,,,THOPILA THAWA HITIYOTH MULU RATAMA IWARAI WESA ALIYO THAWATH THOPILA KADE YANAWANE ME HUKANNONTA WAHALLU WAGE

    api yanne naha hutto.api 2030 venakam innava:yes: