පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් කරගත් ආණ්ඩුවට මෙම අගෝස්තු මස 18 වෙනි දිනට වසරක් පිරෙන්නට විය. වර්ෂ පූර්ණය සැමරීම 2016 අගොස්තු මස 19 වෙනි දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්ට යෙදුනි. ‘‘යහපාලන‘‘ මූලධර්ම පෙරටු කරගත් වත්මන් ආණ්ඩුව ජනතාවට වඩාත් සමීප වීමට, රට දියුණු මාවතකට යොමුකිරීම උදෙසා යහපාලන සංකල්ප රටේ ජනතාවට ඉදිරිපත් කරන ලදී. යහපාලන මූලධර්ම තුල අන්තර්ගත වූ මූල්‍ය වංචා වලින් තොර, ව්‍යාපාරික ලෝකය දියුණුවන ක්‍රමවේදයන් ඇතුලත්, සෑම කටයුත්තක්ම ගණනය කල හැකි විනිවිදභාවයකින් යුතු, ජනතා සහභාගීත්වය සිහිත, අල්ලස් හා දූෂන වලින් තොර, සාධාරණ සමාජය ක්‍රමයක් ස්ථාපිත කිරීම යහපාලන ආණ්ඩුව බිහි කර ගැනීමේ පාලක සහ ජනතා අරමුණ විය. ඒ සඳහා ජනතාව තම ඡන්ද බලයෙන් පසුගිය වසරේ අවසර ලබාදුනි.
මේ රජය පත්කරගැනීමෙන් ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධානම කාර්්‍යයක් වූයේ හොරු ඇල්ලීමය. එය මේ වන විටත් සිදුවෙමින් පවතින අතර සමහර මූල්‍ය වංචා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් හෙලිකරගමින් සිටින අතර ඒ සඳහා තව කාලයක් ගතවණු ඇතැයි සිතිය හැකිය. රටේ ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් පසුගිය වකවානුව තුල බන්ධනාගාරගත කරනු අපට දක්නට ලැබුණි. ඉදිරියේදීත් මෙය අඛණ්ඩව සිදු වී රටට වින කල අයට දඩුවම් ලබාදෙනු ඇතැයි ජනතාව තවමත් විශ්වාසයෙන් බලා සිටිති. ඒ අතර බන්ධනාගාරගත වන සොරුන් පසුපස මාධ්‍ය දුවන අපූරුව දුටිමි. මේ මාධ්‍ය රට නැණවත් කරන්නට මහාචාර්්‍යවරයෙක්ගේ, උගතුන්ගේ පසුපස නොයන්නේ මන්දැයි මට අදටත් ප්‍රශ්ණයකි. ඔවුන්ගේ සාමාජීය කැපවීම අගයන්නට වැඩසටහන් වැඩි වැඩියෙන් නොකරන්නේ මන්දැයි පැනයකි. සොරුන්ගෙන් රටට සිදුවන්නේ අවැඩක්මය. නමුත් දැනුම දී තවත් කෙනෙකු දැනුවත් කිරීමෙන් රටද සමාජයද ඉදිරියට යා හැකිය. වරක් මා ජේෂ්ඨ විනිශ්ච්‍යකාරතුමෙකුගෙන් මෙසේ ඇසුවෙමි. “ඇයි මේ තරම් අපරාධ වැඩි“ එතුමාගේ පිලිතුර “අපි වැරදිකාරයෝ කරලා මංචු දාලා සමාජයෙන් ලැජ්ජාවෙන්න බන්ධනාගාරගත කරන තක්කඩි, මාංචු මාධ්‍යයට පෙන්නලා ජනතාව අතර වීරයෝ වෙනවා. එතකොට සමාජය එහෙම උනාම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් යැයි වැරදි මතයකට එනවා. ඒ මිනිස්සු හිරෙන් නිදහස් වෙලා ඇවිත් පිරිවර එක්ක තව තවත් ඉහළට යන එක වලක්වන්න අපිට බැරි වෙනවා“. එතුමා සෘජුව කියා සිටි දෙය සත්‍යය බව මට හැගේ.
ගිවී ගිය වසර තුල ඉතා ඉහල ජයග්‍රහණ රටට අත්කරගත් අතර ජාත්‍යන්තරව රට ආරාජිකව පැවතී සමය දුරු කරගැනීමට වත්මන් රජයට හැකිවිය. එමෙන්ම ජාත්‍යන්තර බලපෑම් මත පැවති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා වලින් සාදනීය මට්ටමකට ගොඩ ඒමට රජයට හැකිවී තිබේ. ජාත්‍යන්තර බලපෑම් මත තහනමට ලක්ව තිබූ යුරෝපීය මත්ස්‍ය සැපයුම නැවත ආරම්භ කිරීම, ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීමට කටයුතු කිරීම තුලින් රටේ අපනයන ආර්ථිකයට එල්ලවී තිබූ දැඩි බලපෑමෙන් මිදෙන්නට රටට හැකිව තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස මත්ස්‍ය අපනයනය කරන රටවල් අතරින් සය වන තැනට පත්වන්නට ඉතා ඉක්මණින් ශ්‍රි ලංකාව සමත් විය. එමෙන්ම අගමැතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය සහ දියුණු රටවල රාජ්‍ය නායකයන්ගේ සංචාර තුලින් මෙන්ම ජනාධිපතිතුමා විසින් ලෝක බලවත් නායකයන්ගේ සමුළුව ඇමතීම තුලින් රට පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩ නගන්නට මේ වසරක කාලය තුල හැකියාව ලැබී ඇත. එම නිසා රට තුලට සංචාරකයින්ගේ පැමීණීම පසුගිය වසර වලට සාපේක්ෂව දැවන්ත ඉහලයාමක් දක්නට ලැබේ. එය ප්‍රතිශතයක් ලෙස 19.1% ක ඉහළයාමකි. මෙය ඉතා හොද ප්‍රවණතාවක් වන අතර රට තුලට විදේශ විනිමය ගලා ඒමට ඉතා හොද පිම්මකි.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුලද ප්‍රතිසංස්කරණ රාශියක් සිදුවන අතර ලඟම පාසැල හොදම පාසැල සංකල්පය තුලින් ග්‍රාමීය මට්ටමින් පාසැල් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට දියත් වනු දක්නට ලැබේ. අධ්‍යාපනය තුලින් ලෝකය ජයගැනීමට දැයේ දරුවන් දිරිගැන්වීම අග්‍රාමාත්‍යතුමාගේ දේශන වලින් අපට දකින්නට ලැබුණි. පෙරට වඩා හොද අධ්‍යාපන ක්‍රමයක් ලබාදෙනු වස් අධ්‍යාපනය උදෙසා අයවැයෙන් 6% ප්‍රතිශතයක් ලබාදීම කදිම ආරම්භයකි. දුෂ්කර පාසැල් වල විද්‍යා ගණිත ගුරු හිඟය මඟ හරවා ගැනීමට අළුතින් ගුරුවරු 5000ක් බඳවා ගැනීමට රජය තීරණය කිරීම විද්‍යාව හා තාක්ෂණයෙන් නැණවතුන් බිහිකිරීමේ මුලික අඩිතාලම වේ. ශ්‍රී ලංකාව තුළ එම විෂය ධාරා හදාරනුයේ 30%ක් පමණ වන ශිෂ්‍ය ප්‍රතිශතයකි. අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ ලෝක රැකියා වෙළඳපොළ හා සැසඳීමේදී එම ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සිසුන් අතර ප්‍රචලිත කිරීමටත්, විද්‍යා හා තාක්ෂණ විෂයට අදාළ ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අනෙකුත් අමාත්‍යාංශවලද සහයෝගය ඇතිව පාසල්වල විද්‍යා,ගණිත,තාක්ෂණ, ඉංජිනේරු අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන දැනුම ඵලදායී අයුරින් පාසල් සිසුන් වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත .
ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්‍යාංශයක් ඇති කිරීම තුලින් අනාගත ලෝකය ජයගැනීමට පරිගණක තාක්ෂණය රට තුල දැනට වඩා ස්ථාපිත කොට ඩිජිටල්කරණය තුලින් එදිනෙදා කාර්්‍යයන් වඩාත් පහසු කොට ජනතාවට වඩාත් කාර්්‍යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් දැවන්ත වෙනස්කම් රාශියක් රටතුල මෙන්ම රාජ්‍ය සේවයේද සිදුවනු පෙරමඟ සලකුණු පහල වී ඇත. මෙමගින් ජනතා අපේක්ෂාවන් ඉතා කඩිනමින් මුදුන් පමුණුවා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරදීම රජයේ අපේක්ෂාව ලෙස දැකිය හැකිය. Google, Microsoft, Ericsson වැනි ආයතනවල සහයෝගය ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ විප්ලවීය වෙනසක් උදෙසා ලබාගැනීමට ඩිජටල් හා යටිතල පහසුකම් අමාත්‍යතුමා සංචාරය කරනු දක්නට ලැබුණු අතර මෙම ක්ෂේත්‍රය ඉහළ තලයකට ගෙන ඒමට එතුමාගේ කැපවීම බෙහෙවින් අගය කල යුතුය.
ජපානය, දැවැන්ත ආර්ථිකයකට හිමකම් කියන චීනය, යුරෝපා සංගමයේ රටවල් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැද අළුත් රටක් ක්‍රමානුකූලව නිර්මාණය කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම ජයග්‍රහණයකි. ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂ 10කට ඉදිරි වසර හතරක කාලය තුළදී රැකියා අවස්ථා බිහිකිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම වසර තුළදී ජාත්‍යන්තර ගිවිසුම් 7කට එළඹීමට රජය සැලසුම් කර ඇත. සිංගප්පූරුව සමග දැනටමත් නිදහස් වෙළෙඳ සහ මූල්‍ය ගිවිසුම් පහකට එළඹ ඇත. චීනය සමග වෙළඳ, අර්ථික හා සංස්කෘතික ගිවිසුමකටත්, යුරෝපා සංගමය සමග ජී.එස්.පී. ප්ලස් ගිවිසුමකටත් එළැඹීමට රජය අපේක්ෂා කරයි. ඊට අමතරව ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළැඹෙන අතර ඉරානය, තායිලන්තය හා මැලේසියාව සමගද ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට නියමිතය. මහනුවර, කොළඹ, හම්බන්තොට ප්‍රදේශත්, වයඹ, බස්නාහිර පළාතේ මහ නගර සැලැස්මත් පදනම් කරගනිමින් ඉහත ජාත්‍යන්තර ගිවිසුම්වලට රජය පැමිණෙනු ඇත. ඉන්දියාව සමඟ අර්ථික සහයෝගීතා ගිවිසුමට එළඹීම යෝජනාවීම ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් තුල තරමක කලහකාරී ස්වරූපයක් ගත් අතර මීට මූලික වූ කාරණය වූයේ ඉන්දියානුවන් ලංකාවේ පදිංචියට පැමිණි හෝ ශ්‍රී ලංකාවට පැමිණ වෘත්තීන් හි නියැලෙන්නට වුවහොත් එය සෘජුව තම රැකියා සඳහා බලපෑමක් එල්ලකරන නිසාවෙනි. මේ වන විට විවිධ කටයුතු සදහාද ඉන්දියානුවන් අප රට තුලට පැමිණ ආපසු යන බව නොරහසක් වන අතර. එවැනි අවදානමක් ඇති නොවන බව රජය විසින් තහවුරු කර සීටිම අපේ වෘත්තිකයන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. එහි සත්‍යතාවයක්ද ඇත බොහෝ ඉන්දියානුවන් ඉතා අසංවරශීලිව හැසිරෙන බව මා පුද්ගලිකව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙන විට අත්විද ඇත්තෙමි.
වෘත්තිකයන් හා රජය අතර ගැටීම පරස්පර විරෝධී මත පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණු අතර මේවා ඉතා පහසුවෙන් සාකච්ඡා කොට විසදාගත හැකි බව මගේ මතයයි. වෘත්තිකයන් යනු දැනුමක් තේරුමක් ඇති ඉගෙනුමක් ඇති පිරිසකි. ඔවුන්ට මතය ප්‍රකාශ කිරීමට සහ සාකච්ඡා කිරීමට අපි වැඩි වැඩියෙන් ඉඩදිය යුතුය. ඔවුන් සමඟ නිවැරදි කරුණු හුවමාරු කරගැනීම තුලින් අනවබෝධයන්ගෙන් ගොඩඒමට හැකිවේ. එමෙන්ම බුද්ධිගලනය තවමත් අප රටේ සිදුවන අතර මෙය නැවැත්වීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි. එයට ගත හැකි ප්‍රධානම ඉදිරි පියවර නම් සුදුස්සා සුදුසු තැන තැබීමයි. එමෙන්ම ඔවුනට අවශ්‍ය කරන දිරිගැන්වීම් සිදුකිරීම පිණිස දැවන්ත වැඩපිලිවෙලකට යායුතුව ඇත.
පසුගිය රජයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් මේ වනවිට රුපියල් ට්‍රිලියන 9.5ක ණය උගුලක සිර වී සිටින බවත් මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විමර්ශණය කර ලබාදෙන වාර්ථාව අනුව සම්පූර්ණ ණය ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව සඳහන් කළ හැකි බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. රජයේ බදු වැට් බදු ඉහළ දැමීම තුලින් රජයේ ණය වාරික හා අනෙකුත් වියදම් පියවාගැනීමට සිදුවී ඇති අතර එය රටේ මූල්‍ය ස්ථාවරත්වය රදාපවත්වා ගැනීමට ගත් පියවරකි. කෙසේ වුවද එම ඉහළ දැමම අධිකරණ තීන්දුවකින් අහෝසි විය. රජයේ බදු අදායම රුපියල් බිලියන 100කින් වැඩි වී ඇති බව රජය මාධ්‍ය වෙත පැවසූ අතර ඒ අනුව දේශීය බදු ආදායම 22%කින්, සුරා බදු අදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩිවී තිබෙන බවට සදහන් කෙරුණි.
මේ වසරේ මාසයක් ඇතුළත අස්සන් තැබූ වැඩිම නව ආයෝජන ගිවිසුම් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා කෙරිණි. එම මාසයේදී ගිවිසුම් 46ක් අස්සන් තැබු අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 982ක් වේ.මෙම නව ගිවිසුම් ක්‍රියාත්මක වීමත් සමඟ සෘජු රැකියා අවස්ථා 8000 ක් පමණ ජනිත වනු ඇතැයිද ගණන් බලා ඇත. මෙම ආයෝජන ගිවිසුම් අතර නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර සංවර්ධන, හෝටල්, කුඩා ජල විදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඳුම්, පැලඳුම්, පර්යේෂණ, සංවර්ධන, අධ්‍යාපනික හා සංචාරක, හෝටල් වැනි අංශ ක්ෂේත්‍රවල මෙම රැකියා උත්පාදනය වේ. ආයෝජකයින් සඳහා විශේෂිත වූ අනගිභවනීය සේවාවක් ලබාදීම වෙනුවෙන් ආයෝජන මණ්ඩලයීය කළමනාකාරිත්වය ගනු ලැබු ක්‍රියාදාම නිසා මේ ජයග්‍රහණ රටට හිමි වී තිබේ.
“රටම එළියයි - අදුර දුරලයි“ වැඩසටහන මගින් දිවයින පුරා සෑම නිවසකටම විදුලිය ලබාදීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය කටයුතු කිරීම අගය කල යුතුව ඇත. මේ වන විට නිවාස 142,000කට විදුලිය එම ව්‍යාපෘතිය මගින් අවුරුද්දක කාලයක් තුල ලබාදී ඇත. එමෙන්ම විකල්ප බලශක්ති මෙන්ම සූර්‍ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යමින් සිටින බව දකින්නට ඇත. මේ සියළු කටයුතු වෙනුවෙන් අමත්‍යවරුන් තම දේශපාලන මතය පසෙක ලා රට වෙනුවෙන් දිවා රාත්‍රී කරනු ලබන කැපකිරීම අප අගය කල යුතුව ඇත. පුද්ගලිකවම මට එක් අත්දැකීමක් පැවසිය හැකිය. වරක් මා වෙත විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මැතිතුමා කැදවීමක් කරන ලදී. එවිට වේලාව සවස 6 පසුවී විනාඩි 9ක් ගෙවී තිබුණි. අමාත්‍යංශ නිලධාරීන් පැවසූවේ බොහෝ අවස්ථාවල රාත්‍රී 9 – 10 වන තුරු ඒ මහතා අමාත්‍යංශයේ රැදී සිටින බවය. සියළු අමාත්‍යවරුන් මෙසේ වැඩ කරයි නම් රට දියුණු කිරීම සිහිනයක් නොවනු ඇත.
විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තුවට බලතල පැවරීමට මූලික පියවර ගැනීම යහපාලනයට යන ගමන තවත් තීව්‍ර කරන්නෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පිණිස රටේ ජනතාවගේ අදහස් හා යෝජනා ලිඛිතව හා සමාජ ජාල අඩවි ඔස්සේ ලබාගැනීම කැපී පෙනෙන ක්‍රියාවලියකි, එමෙන්ම යෝජිත මාධ්‍ය කොමිසම පිහිටුවීම හා නිදහස් මාධ්‍යයක් රට තුල ඇති කිරීම ඉතාවැදගත් මෙන්ම කාලෝචිතය. එපණක් ද නොව රජය විසින් මාධ්‍ය ඇකඩමියක් ආරම්භ කිරීමට යන අතර එය මාධ්‍යවේදීන්ට යහපත් මාධ්‍ය කලාවක් රට තුල ස්ථාපිත කිරීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට රුකුලක් වනු නොඅනුමානය. දියුණු මානව ප්‍රජාවක ඉදිරි ගමන් මඟ පෙළ ගැසී ඇත්තේ සමාජ සුරක්ෂිතතාව මත බව අග්‍රාමාත්‍යවරයා නිතර අවධාරණය කරයි. එමෙන්ම මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් රජය දැවැන්ත තීන්දු තීරණ ගෙන ඇති බවත් මානව සම්පත ශ්‍රී ලංකාවේ මුලික ශක්තීන්ගෙන් එකක් බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගියදා පැවති මානව ප්‍රාග්ධන සමුළුව අමතමින් අවධාරණය කරන ලදී.
පක්ෂ දේශපාලනය දෙසට හැරුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද පුද්ගල චරිත කිහිපයක් නැවත දේශපාලන කරලියට ගෙනවිත් ඇති අතර ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්ණ නිරාකරණය කිරීමට මේ තීන්දු ජනපතිතුමා විසින් ගෙන ඇති බව පෙනෙන්නට ඇත. නමුත් මෙය ජනතාව අතර නම් දැඩි විරෝධයට හේතු වී ඇත. එමෙන්ම තම පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකි සෑම අයුරකින්ම සලකන්නට හොදින් හෝ නරකින් ක්‍රියා කරන්නට සමහර හිටපු ඇමතිවරු අදූරදර්ශීව කටයුතු කරගෙන යන බව නම් දක්නට ඇත. මේවා නැවැත්වීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගත හොත් දැවැන්ත පරාජයන්ට මුහුණදීමට ඔවුනට සිදුවනු ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශව විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කටයුතු සදහා අකුල් හෙලන තත්වයක් පෙනෙන්නට ඇත. මේ තත්වයෙන් ගොඩ ඒම සදහා ජනාධිපතිතුමා අකමැත්තෙන් වුවද එම පාර්ශවයේ පිරිස් ලන්කරගන්නවා විය හැකිය. එක්සත් ජාතික පක්ෂය දෙසට හැරුණොත් ඉතා නිවුණු ස්වභාවයක් පෙන්නුම් කලද, පාක්ෂිකයන් තුල ඇත්තේ ඉතාමත් උදාසීන ස්වරූපයකි. ඊට හේතුව වසර පහලොවකට වැඩි කාලයක් තම ප්‍රශ්ණ එකතැන පල් වෙමින් තිබීම සහ කොටන් ඇදීමෙන් ඔවුන් ඉතා හෙම්බත්ව තම ප්‍රශ්ණ වලට පිලිතුරු නොමැතිව කාලය ගෙවන නිසාවෙනි. මෑතකදී දේශපාලනයට එක් වූ සමහරෙක් දඟ දැමීම මගින් සිදුකරගෙන යනු ලබන කැපිලි හේතුවෙන් බොහෝ යාවජීව කැපකිරීම් සිදුකල සමාජිකයන් කලකිරීම් වලට ලක්ව ඇත. නමුත් පක්ෂයක් ලෙස නව වැඩ පිලිවෙලක් මෙන්ම පියවර කිහිපයක් ඉදිරියට තබා ඇති වා සේම ඒවා සමහරක් ලෙස “ඉදිරියට යන්න හිතන අය එන්න“ දීපව්‍යාප්ත සාමාජික ප්‍රවර්ධන වැඩසටහන, පක්ෂයේ සියලු කටයුතු පරිගණකගත කිරීම, කාන්තාවන් දේශපාලනයට යොමු කරගැනීමේ ප්‍රවර්ධන ව්‍යාපෘති ගත හැකිය. තම ප්‍රශ්ණ වලට සංවේදී නායකයන්ට ජනතාව ඉතා ආදරය කරන බව දේශපාලනයේ නියතු අය තේරුම්ගත යුතුව ඇත. හේතුව ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි පිරිසි සංවේදී ජනතාව වීමය.