යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..

    යහපාලනය පිනා යයි විදේශ සේවය අනාථයි

    රටේ ජනතාව අගේට අන්දවමින් කන්දක්‌ විළිලා බිහිකළ යහපාලන කෙන්දට අදාළ කඩඉම් දින සියයෙන් තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. හරියටම කිවහොත් අද ඉරිදා දවස වන විට එකී දින සියයෙන් දින අනූහයක්‌ම ගෙවී ගොස්‌ අවසන්ය.

    මෙම යහපාලන දින සියය තුළ අපි අරක කරන්නම්, මේක කරන්නම් යෑයි කියමින් ආණ්‌ඩුව ජනතාවට දුන් පොරොන්දු බොහෝ විය. පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කර විධායක ජනපති ධුරය අහෝසි කර දමන්නේ යෑයි කීවේය. (එය අහෝසි කළ යුතුද නැද්ද යන්න වෙනම කල්පනා කළ යුතු කතාවකි) රටේ ජන ජීවිතය සු�ත මුදිත කරන්නේ යෑයිද කීවේය.

    පසුගිය රජයේ හොරු අල්ලා දඬුවම් කරන බවද පුන පුනා කීවේය. මෙසේ සියල්ල කර අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක්‌ පවත්වන බවද කීය. නමුත් ගෙවී ගිය දින අනූහයට යහපාලනය අටඅනූවක්‌ පිස්‌සු කෙළිමින් හොරු සමඟ හෙළුවෙන් සිටියා හැරෙන්නට සිදු කළ දෙයක්‌ නම් නොමැත.

    එසේ සිදු කළ දෙයක්‌ නොමැති වුවද සිදු වූ දේවල් කිහිපයක්‌ නම් තිබෙන්නේය. පරාජයන් මාලාවකට මුහුණ දී අසරණව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වාසනා ගුණය නිසාම පාර්ලිමේන්තු බලයක්‌ නොමැතිව නැවත රටේ අගමැති වීම ඉන් එකකි. හිටපු ජනාධිපතිනියට ජනබලයක්‌ නැතිව කැබිනට්‌ මණ්‌ඩලයටද ඉහළින් ඇතැයි කියන විධායක සභාවේ වාඩි වීමට ලැබීම තවෙකකි.

    ඒ අතරේ විදේශගත කොටි හිතවාදී හෙවත් ඊළම ඉල්ලන දෙමළ ඩයස්‌පෝරාවේ සහ බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයේ සිහින සැබෑ කරමින් සිදු වූ දේ ද බොහෝ ඇත. ජනාධිපතිවරයා රටින් රට යද්දී ඉබේටම පුටු හිමිවූ ඇතැම් පාවා දෙන්නන් "කොළේ වසා ගේම ගහන" අතරේ රට බේරා ගත් රණවිරුවා අසරණ කරමින් උතුරේ අධිආරක්‍ෂක කලාපවල දෙමළ ජනතාව යළි පදිංචි වූයේ ඒ සිහින අනුවය.

    අපේ රණවිරුවන්ට එරෙහිව මඩ චිත්‍රපට තැනූ කැලම් මැක්‌රේලා මෙන්ම ඩොනල්ඩ් ඥනකෝන් වැන්නවුන් පසුගිය දිනවල උතුරට ගොස්‌ පොරවල් සේ රඟන්නට වූයේද එකී පාවා දෙන්නන් නිසාය. මෙලෙස රටට එරෙහි බලවේග යහපාලනය තුළ සක්‍රීය වෙද්දී ආණ්‌ඩුව රටට කීවේ තමන් උතුරේ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කරන්නේ යෑයි කියාය.

    එහෙත් සාධාරණය කෙසේ වෙතත් ආණ්‌ඩුව මේ කරනුයේ අමුම අමු පිස්‌සු නැටීමක්‌ බව වටහා ගැනීමට ප්‍රභාකරන්ගේ බෝම්බවල රහ දන්නා ජනතාවට එතරම් අපහසු නොවන බවද මෙහිදී යහපාලනයට ඇසෙන්නට කිව යුතුය.

    දින සියයෙන් සියල්ල සිදු කර "ඩිස්‌නි ලන්තය කොළඹට ගෙන එන" අන්දමින් ජනතාවට කතා කරන්නට වූ යහපාලනයේ "හතර පූට්‌ටු" ඇතැම් අවස්‌ථාවල හතර අතට බෙදී මෙසේ පිස්‌සු නටන අතරේ පසුගිය දිනවල දේශපාලන වෛරයෙන් ඇස්‌ රතු කරගෙන ආතක්‌ පාතක්‌ නැතිවම නටන ලද එහෙත් මෙතෙක්‌ හරිහැටි කරළියට නොපැමිණි පිස්‌සුවක්‌ද තිබිණි.

    ඒ, රටේ විදේශ සේවය මුළුමනින්ම අරාජික කරමින් දේශපාලන පත්වීම් යෑයි පවසා ඉකුත් රාජපක්‍ෂ රජය සමයේ විදේශ තානාපති කාර්යාලවලට පත්කර යවා සිටි තානාපතිවරුන් විසිහත් දෙනකු හිටි හැටියේම යළි කැඳවීමට ආණ්‌ඩුව පියවර ගැනීමය.

    මෙය යහපාලනය ආරම්භයේදීම සිදු වූවකි. නමුත් එසේ කැඳවන ලද තානාපති නිලධාරින් වෙනුවට අදාළ තානාපති කාර්යාල සඳහා වෙනත් නිලධාරින් පත් කර යෑවීමට මාස තුනකට ආසන්න කාලයක්‌ ගත වීත් අදටත් ආණ්‌ඩුවට නොහැකිව ඇත. මෙසේ තානාපති නිලධාරින් ආතක්‌ පාතක්‌ නොමැතිව යළි කැඳවීම රටේ විදේශ සේවය අරාජික කරමින් ආණ්‌ඩුව කෙළින ලද පට්‌ට පිස්‌සුවක්‌ යෑයි අප කියන්නේද ඒ නිසාය.

    මෙසේ තානාපති නිලධාරින් විසිහත් දෙනකු හදිසියේ යළි කැඳවීමේදී යහපාලනය අතින් සිදු වූ බරපතළම සිදුවීම වන්නේ දැනට එල්ටීටීඊ සංවිධානයේ කටයුතු ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබෙන හෙවත් විදේශගත කොටිහිතවාදී ඩයස්‌පෝරාව සක්‍රීයව සිටින රාජ්‍යයන් අටකට අයත් තානාපතිවරුන් හත් දෙනකු හා කොන්සල් ජනරාල් නිලධාරින් දෙදෙනකුද නැවත කැඳවීමට කටයුතු කිරීමය.

    ඒ අනුව අද දවසේ එලAටීටීඊය සක්‍රීය කැනඩාවේ ඔටාවා නුවර ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට මහකොමසාරිස්‌වරයකු නැත. එසේම කැනඩාවේ ටොරොන්ටෝ නුවර ඇති කොන්සල් ජනරාල් කාර්යාලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාද නැත. එහි සිටි නිලධාරියාද යළි කැඳවීමට ආණ්‌ඩුව කටයුතු කළේය.

    එල්ටීටීඊ ක්‍රියාදාමය ප්‍රබල ලෙස පවතින ප්‍රංශය, නෙදර්ලන්තය, ස්‌වීඩනය, ඉතාලිය, නෝර්වේ, එක්‌සත් රාජධානිය සහ ඕස්‌ටේ්‍රලියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද ක්‍රියාත්මක වන්නේද යහපාලනයට අනුව තානාපතිවරුන් නොමැතිවය.

    අද දවසේ රට යන පැත්ත දෙස බැලීමේදී ඇතැම් විට එල්ටීටීඊය ක්‍රියාත්මක රටවලට ශ්‍රී ලංකා තානාපතිවරුන් අවැසි නැතැයි යන්න ආණ්‌ඩුවේ හැඟීම වී තිබේදැයි අප නොදන්නා කරුණකි. නමුත් එය රට අරබයා බරපතළ තත්ත්වයක්‌ බව නම් කිව යුතුය.

    මෙසේ යහපාලනය මගින් තානාපති නිලධාරින් යළි කැඳවීම හමුවේ මේ වන විට අපේ ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වන රටවල් ගණනාවකම තානාපති කාර්යාල ක්‍රියාත්මක වන්නේද තානාපතිවරුන් නොමැතිව බව විදේශ දූත මණ්‌ඩල වෙතින් වාර්තා වන්නේය.

    සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, එක්‌සත් රාජධානිය, ඕමානය, ලෙබනනය, ජෝර්දානය, සෞදි අරාබිය, කුවේටය, ඉරානය, ආදී රටවල් ඒ අතරින් ප්‍රධාන තැනක ඇත. එසේම යහපාලනයේ හදිසි කැඳවීම හේතුවෙන් අද දවසේ පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්‌නාමය, දකුණු අප්‍රිකාව, රුසියාව, බංගලාදේශය, මියන්මාරය, මාලදිවයින, සීෂේල්ස්‌, උගන්ඩාව, පෝලන්තය, බ්‍රසීලය, ජෙඩා නුවර, නිව්යෝර්ක්‌ සහ ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ආදී රටවල ඇති මහකොමසාරිස්‌ කාර්යාල, නිත්‍ය නියෝජිත කාර්යාල, කොන්සල් ජනරාල් කාර්යාල සහ තානාපති කාර්යාලද ඇත්තේ යහපාලනයේ ඉහත පරිදිම අරාජික වීය.

    කිසියම් රටක්‌ නියෝජනය කිරීමට සිටින තානාපතිවරයා නොමැතිව තානාපති කාර්යාලයක්‌ ක්‍රියාත්මක වීමේදී මතුවන ගැටලු රාශියක්‌ ඇත. ඉන් ප්‍රබලම තත්ත්වය වන්නේ අදාළ රටේ පුරවැසියකු අරබයා හෝ වෙනත් කරුණක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ මතුවූ කල ආදාළ රාජ්‍යයේ රජය සමඟ Rජුව කතාබහ කර කඩිනමින් ගැටලු විස¹ ගැනීමට ඇති අවස්‌ථාව අහිමි වී යැමය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ලොව පුරා පිහිටුවා තිබෙන තානාපති කාර්යාල, කොන්සල් ජෙනරාල් කාර්යාල, මහකොමසාරිස්‌ කාර්යාල සහ නිත්‍ය නියෝජිත කාර්යාල ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගතහොත් ගණනින් හැටහයක්‌ (66) වන්නේය. යහපාලනයේ හදිසි තීන්දුව හමුවේ ඉහත පරිදි මේ මොහොත වන විට අරාජික වී තිබෙන්නේ එකී කාර්යාල හැටහය අතරින් 27 කි.

    මෙසේ ලොව පුරා ඇති මෙරට තානාපති කාර්යාල විසිහතක්‌ තානාපතිවරුන් නොමැතිව අරාජික වී තිබියදී අද ඒ අරබයා කඩිනමින් විසඳුමක්‌ ලබා දීමට වත්මන් යහපාලනයට නොහැකි වී තිබෙන්නේ කුමක්‌ නිසාද? ඒ පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

    යහපාලන ආණ්‌ඩුව ඉහත තානාපති නිලධාරීන් හදිසියේම මෙරටට කැඳවීමට පියවර ගනු ලැබුවේ දේශපාලන පත්වීම් යන්න ඉදිරියට දමාය. එසේ කැඳවීමෙන් පසු එකී නිලධාරීන් වෙනුවට අදාළ තානාපති කාර්යාල සඳහා පත් කර යෑවීමට වෙනත් නිලධාරින් විසිහත් දෙනකු නම් කිරීමට මීට මාසයකට පමණ ඉහතදී යහපාලකයෝ කටයුතු කළහ.

    ඒ විදේශ සේවයේ නිලධාරින් 16 ක්‌ සහ දේශපාලන පත්වීම් මත නිලධාරින් 11 දෙනකු වශයෙනි. නමුත් එසේ නම් කළද විදේශ අමාත්‍යංශය තුළින් අද ඇසෙන්නේ එකී නම් කළ නිලධාරින් අතර තිබෙන දේශපාලන පත්වීම් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා යහපාලනයට ඇති වූ හදිසි අවශ්‍යතාවක්‌ මත මේ වන විට එම නාම ලේඛනය ඉවතට විසි වී තිබෙන බවය.

    අපූරුය. සියල්ල දේශපාලන පත්වීම් යෑයි කියමින් රටවල් විසිහතක තානාපතිවරුන් කැඳවූ ආණ්‌ඩුව, මේ මොහොත වන විට ඒ සඳහා කළ යුතු නැවත පත්කිරීම් ප්‍රමාද කරනුයේද යහපාලනයට අවශ්‍ය දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීම හමුවේය. ඒ අනුව බලන කල සිදු වන සියල්ල තුළ ඇති එහෙත් ඇතැම් විට රටට නොපෙනෙන යහපාලනයේ නිරුවත කොතරම් අපූරුද?

    තානාපති නිලධාරින් නැවත පත් නොකිරීම හමුවේ මේ මොහොත වන විට ලෝකය තුළ අභියෝගයට මුහුණ දී තිබෙන්නේ රටය. නමුත් රටට කුමක්‌ වුවද ආණ්‌ඩුවට ඇති ප්‍රශ්නය වී තිබෙන්නේ දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීමය.

    ආණ්‌ඩුවේ සැබෑ කෙරුවාව එසේ වෙද්දී තානාපති කාර්යාල විසිහතකට තානාපතිවරුන් පත් කිරීමට ප්‍රමාද වීම හමුවේ වෙනත් පැත්තකින් මතුවන ගැටලුවක්‌ද ඇත. ඒ සාමාන්‍ය ක්‍රමවේදය අනුව අදාළ කාර්යාලවලට තානාපතිවරුන් පත් කිරීම හෙට දවසේ ආරම්භ කළද තවත් මාස දෙකහමාරක්‌වත් ගත වන තුරු එම තානාපති කාර්යාල දිගටම අරාජිකව පැවතීමේ තත්ත්වයක්‌ නිර්මාණය වී තිබීමය.

    සාමාන්‍යයෙන් තානාපතිවරයකු පත් කිරීමේදී ඊට අදාළ පිළිගත් ක්‍රමවේදයක්‌ විදේශ සේවයේ ක්‍රියාත්මකය. තානාපතිවරයකු ලෙස රට නියෝජනය කිරීමට පත් කර යවන නිලධාරියා නම් කිරීමෙන් පසු ඔහු පිළිබඳ සියලු විස්‌තර මුලින්ම ඉදිරිපත් කෙරෙනුයේ උසස්‌ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතිය සඳහාය.

    එතැනින් අනුමැතිය හිමි වූ පසු අදාළ නිලධාරියා පිළිබඳ සියලු ජීව දත්ත තොරතුරු ඔහු පත් කර යෑවීමට නියමිත රටේ පවතින රජය වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුය. අදාළ රටේ අනුමැතිය ලබා ගැනීම සඳහාඑය අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි.

    මෙසේ තොරතුරු ඉදිරිපත් කෙරුණුද තානාපති නිලධාරියකු තර රටට පත් වී පැමිණීමේදී ලොව කිසිදු රටක්‌ එක්‌වරම එය අනුමත කිරිම සිදු නොකරන්නකි.

    පත්වීම් ලැබ පැමිණෙන නිලධාරියා පිළිබඳ ජිවදත්ත තොරතුරු ඉදිරිපත් වීමෙන් පසු මුලින්ම කෙරෙන්නේ එම නිලධාරියා අයත් රට තුළ තිබෙන ඔවුන්ගේ තානාපති කාර්යාලය ඔස්‌සේ තොරතුරු විමර්ශනයක යෙදීමය. එහිදී සිය බුද්ධි සේවාවන්හි සහාය ලබා ගැනීමටද ලොව බොහෝ රටවල් ක්‍රියා කරති.

    පැමිණෙන නිලධාරියාට තම රට තුළ තානාපතිවරයකු ලෙස කටයුතු කිරීමට විදේශ රාජයයන් අනුමැතිය දෙන්නේ එම සොයාබැලීම්වලින් අනතුරුවය. සාමාන්‍යයෙන් ඊට ගත වන කාලය මාස දෙකකට නොඅඩු වන්නකි. වත්මන් රජය නව තානාපතිවරුන් පත් කිරීම හෙට ආරම්භ කළද අදාළ තානාපති කාර්යාල තවත් මාස දෙකහමාරක්‌ පමණ අරාජිකවම පවතිනු ඇතැයි අප කියන්නේ යථාර්ථය එය නිසාය.

    එසේම මේ මොහොත වන විට රටේ දේශපාලනය තුළ පවතින අවිනිශ්චිත බව හමුවේ යම් ලෙසකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්‌ සිදු වුවහොත් මෙකී තත්ත්වය තවත් බරපතළ එකක්‌ බවට පත්වීම නොවැළැක්‌විය හැක්‌කක්‌ බවද මෙහිදී කිව යුතුය.

    මන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවද අහෝසි වී යන බැවින් යළි මැතිවරණයක්‌ තුළින් පාර්ලිමේන්තුව ස්‌ථාපිත කෙරෙන තුරු අදාළ තානාපති කාර්යාල සඳහා තානාපතිවරුන් පත් කර යෑවීමට නොහැකි වන බැවිනි. එහිදී ඇතැම් විට ඉදිරියට තවත් මාස හතක්‌ පමණ යන තුරුම ඉහත තානාපති කාර්යාල තානාපතිවරුන් නොමැතිව පවත්වාගෙන යැමට අපට සිදු වනු ඇත.

    එය යහපාලනය අද රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවේ පෙන්නුම් කර සිටින බරපතළ නොහැකියාවක්‌ නොවන්නේද? ආණ්‌ඩුවේ නොහැකියාව එසේ වුවද මෙකී තානාපති ගැටලුව ඉදිරියේ එක්‌ පුදුම සහගත තීරණයක්‌ ගෙන අපූරු පත් කිරීමක්‌ සිදු කිරීමටද මීට මාසයකට පමණ ඉහතදී රජය කටයුතු කරනු ලැබීය.

    ඒ ඉකුත් 2009 වසරේ සිට විදේශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව 124 වතාවක්‌ විදේශගත වුණ සහ විදේශ සේවයේ කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය හත් වතාවක්‌ අසමත් වූ විදේශ අමාත්‍යංශයේ නිලධාරියකු මැලේසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කර යෑවීට කටයුතු කිරීමය.

    මෙකී නිලධාරියා පිළිබඳ විදේශ අමාත්‍යංශය තුළ අදටත් කියෑවෙමින් තිබෙන කතා බොහෝමයකි. කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය අසමත් වූ වාර සඳහා පසුගිය රජයේ විදේශ අමාත්‍යංශ අධීක්‍ෂණ මන්ත්‍රිවරයා හරහා රුපියල් 36 ලක්‍ෂයක හිඟ වැටුප් ලබා ගැනීම ඉන් එක්‌ කතාවකි.

    .මෙරට තානාපති සේවය හා විදේශ අමාත්‍යංශය අරබයා රජයේ ක්‍රියාත්මකභාවය පිළිබඳ කතා කිරීමේදී අද යහපාලනයේ නොහැකියාව හෙවත් ආණ්‌ඩුවේ පාණ්‌ඩුකම ඇත්තේ එතැනය. මෙවන් පාණ්‌ඩුව හැදුණාක්‌ මෙන් හැකියාවක්‌ නැතිව සිටින වුන් දුටු කල අතීතයේ අපේ ගමේ ගොඩේ ආච්චි අම්මලා කී එක්‌ අපූරු කතාවක්‌ද තිබිණි. ඒ "තෝ වගේ උන් පොල්පිත්තකින් කපා ගත හැකි" යෑයි යටනුවෙනිs.

    මේ වන විට යහපාලනය දෙස බැලූ කල අපට සිහිවන්නේද ඒ කතාවම බව රටටම ඇසෙන්නට අවසන් වශයෙන් කිවයුතුව තිබේ.

    සමන් ගමගේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    අපූරුය. සියල්ල දේශපාලන පත්වීම් යෑයි කියමින් රටවල් විසිහතක තානාපතිවරුන් කැඳවූ ආණ්‌ඩුව, මේ මොහොත වන විට ඒ සඳහා කළ යුතු නැවත පත්කිරීම් ප්‍රමාද කරනුයේද යහපාලනයට අවශ්‍ය දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීම හමුවේය. ඒ අනුව බලන කල සිදු වන සියල්ල තුළ ඇති එහෙත් ඇතැම් විට රටට නොපෙනෙන යහපාලනයේ නිරුවත කොතරම් අපූරුද?

    මගුල තමයි මේකට හේතුව රාජ්ය්‍ය අංශයේ ඉන්න තරමක් ඉන්නෙ දේශපාලන පත්විම් වලින් ආපු ගමේ බයියෝ. විදේශ සේවයට සේවකයෝ ආවාට ගියාට දාන්නෙ කොහොමද? foreign diplomacy හරියට handle කරන්න ඕනෙ. පොන්න මහින්දගේ කාලේ වගේ නැතුව. කෝ මේකෙ GSP+ ගැන මුකුත් කියලා නෑනෙ. මේක ලියපු එකා නම් අනිවා මහින්දගේ කුක්කෙක් වෙන්න ඕනෙ.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොළී අනුපාත අඩු කිරීමේ ආර්ථික බලපෑම්!

    ආර්ථිකයේ පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත හදිසියේම අඩු කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉකුත් අප්‍රේල් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පදනම් අංක 50 කින් (එනම් සියයට 0.5 කින්) අඩුකර ඇත. එනම් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 සිට 6.00 දක්‌වා සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8.0 සිට සියයට 7.5 දක්‌වා, මේ අනුව අඩුකර තිබේ. මහ බැංකුව වහාම පොලී අනුපාත අඩු කිරීමට පියවර ගත්තේ ඇයි? එහි ආර්ථික බලපෑම් මොනවාද? සහ ආර්ථිකයේ හෙට දවස කෙබඳුද? යනාදී කරුණු කාරණා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

    මේ පොලී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකුව ප්‍රකාශ කළේ ආර්ථිකයේ පවතින වත්මන් වාතාවරණය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. එහෙත් එහිදී මතුවන ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ ඉමහත් ආන්දොaලනයට තුඩු දුන් 30 ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉතා ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගත්තේ මන්ද යන්නයි. වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්‌ටමේ තිබියදීත් එවැනි ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගැනීම හරහා රජයට සිදුව ඇති පාඩුව අති දැවැන්ත එකකි. එහි වාසිය වැඩියෙන්ම ලැබුණේ මහ බැංකු අධිපතිගේ බෑණා විසින් ඉහළ තනතුරක්‌ හොබවන සමාගමටය. ඒ අවස්‌ථාවේ අධික පොලියට බැඳුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් කළ ලංසු පිළිගෙන දැන් තවදුරටත් මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කිරීමේ පරස්‌පරයක්‌ පවතී. එසේම මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් ප්‍රකාශ කළේ චෝදනාවට ලක්‌වූ එම තිස්‌ අවුරුදු බැඳුම්කර මිලදී ගත් අයටද මේ පොලී අනුපාත අඩු කිරීම හරහා තවදුරටත් රුපියල් කෝටි ගණනක වාසියක්‌ අත්වන බවයි.

    මේ අතර රු. බිලියන 5 ක ණය ලබා ගැනීම සඳහා ඉකුත් 16 වැනි බ්‍රහස්‌පතින්දා පැවැති භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත්ව තිබූ සියලු ලංසු ප්‍රතික්‍ෂේප කිරීමට මහ බැංකුව කටයුතු කළේය. ඒ සඳහා මහ බැංකුව තවමත් හේතුවක්‌ දක්‌වා නැති බවද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ ආකාරයටම මහ බැංකුවට අවශ්‍ය නම් ප්‍රශ්නයට තුඩු දී තිබෙන 30ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉහළ පොලියට ඉදිරිපත් ව තිබූ ලංසු ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව හොඳටම තිබුණි. එහෙත් මහ බැංකුව එවැන්නක්‌ සිදු නොකළේ ඇයි? එසේ නොකළේ මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට වාසි සලසන්නට නොවේදැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ. මෙකී භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව ගැන පරීක්‍ෂණ කිරීමට පත් කළ කමිටුවේ වාර්තාවද තවමත් ඉදිරිපත්ව නැත. එම කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බවටත් විවේචන එල්ල වී තිබේ. ඒ නිසා අදාළ කමිටුව පත් කරනු ලැබුවේ චෝදනාවට ලක්‌වූවන් ආරක්‍ෂා කිරීම සඳහාමය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ. මේ සිදුවීම් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයද බරපතළ පළුදුවීමකට ලක්‌ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේවාට සහාය දෙන මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් ඒ බව ඉතිහාසය තුළ සටහන් වනු ඇති බවත් කිව යුතුව තිබේ.

    මේ වනවිට පොදු ජනතාවටද යහපාලන ආණ්‌ඩුවේ අයහපත් කල්කිරියාවේ අහිතකර ප්‍රතිඵල භුක්‌ති විඳින්නට සිදුව ඇත. කොටස්‌ වෙළෙඳපොළ පසුබෑමකට ලක්‌ව ඇත. විදෙස්‌ සංචිත සහ රුපියලද පිරිහෙමින් තිබේ. රටේ සංවර්ධන වැඩ නැවතී හෝ බොහෝ දුරට මන්දගාමී වී ඇත. ඒ නිසා මේ වසරේ (2015) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයද සියයට 6.9 දක්‌වා පසුබෑමට ලක්‌ වන බවට ද ලෝක බැංකුව විසින් පුරෝකථනය කර ඇත. රටේ වෙළෙ¹මද පහත වැටී ඇත. ඒ නිසා ඔවුන්ගේ ආදායම් මට්‌ටමද අඩුවී තිබේ. මේ නිසා ආර්ථිකය තුළ මේ වන විට කිසියම් අස්‌ථාවර තත්ත්වයක්‌ ගොඩනැඟී ඇත. රටේ දේශපාලන කරළිය තුළ ඇත්තේද දැඩි අස්‌ථාවර ස්‌වභාවයකි. පසුගිය මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලනයේ වැරදි නොතිබුණා නොවේ. එම පාලනය තුළද අසීමිතව වැරදි තිබුණු අතර ඒවා අපි නිරන්තරයෙන්ම විවේචනයට ද ලක්‌ කළෙමු. එහෙත් එම කාලයේ දී රටේ ආර්ථිකය තුළ කිසියම් ස්‌ථාවරත්වයක්‌ තිබුණි. බොහෝ අඩුපාඩු සහ වැරදි මධ්‍යයේ වුවත් රටද සංවර්ධනය විය. එහෙත් ඊට සාපේක්‍ෂව වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණය අතිශයින් දුර්වල බව හැම අතින්ම පෙනෙන්නට තිබෙන බවද කිව යුතුය.

    http://www.divaina.com/2015/04/19/economic.html
     
    ලොල්....:lol: කරන්නාගොඩ, ශවේන්ද්‍ර සිල්වා වගේ ගම් බයියෝ ගැනද ඔයා කියන්නේ?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මැලේසියාවේ දියත්වූ කොටි ඇල්ලීමේ මෙහෙයුම් බිඳවැටීම

    def1.jpg

    කොළන්නාව තෙල් ටැංකි සංකීර්ණයට සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ස්‌ලින් නමැති කොටි ගුවන් යානා දෙකකින් බෝම්බ දමා මහත් විනාශයක්‌ සිදුකළ මෙහෙයුම දියත් කළේ වාන්පුලිගාල් හෙවත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන් සුන්දරලිංගරාජා පිල්ලේයි.

    මුලතිව්හි ඕලුමඩු ගුවන් ධාවන පථය පවා ඉදිකරන ලද්දේ මොහුගේ සැලසුමක්‌ මතය.

    පසුගිය වසරේ මැයි මස දිනෙක ගුෂාන්තන් තම ගමන් බලපත්‍රය අලුත් කර දෙන ලෙස ක්‌වාලාම්පූර් නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයට ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ගමන් බලපත්‍රය හිමිකරු අන්තර්ජාතික පොලිසියට හා ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අවශ්‍ය වූවෙක්‌දැයි තානාපති කාර්යාල බලධාරීහු නිරීක්‍ෂණය කළේ නැත.

    එහෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහ බුද්ධි සේවා විමර්ශන කටයුතු භාරව සිටි නියෝජ්‍ය මහ කොමසාරිස්‌ සුමිත් මානවඩු මැලේසියාවේ සැඟවී සිටින කොටි ත්‍රස්‌තයන් කවුදැයි දැනසිටි අතර ඔවුන් අල්ලා ගැනීම සඳහා මැලේසියානු පොලිස්‌පති කාලිද් අබුබකර්ගේ සහාය පැතීය. එහි ප්‍රතිඵලය වූයේ ගුෂාන්තන් ඇතුළු තිදෙනකු අසුවීමයි. මෙලෙස අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තයන් අතර සෂි හෙවත් සිලන් 1999 වසරේදී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට උත්සාහ කළ බෝම්බකරු සඳහා වූ බෝම්බ කබාය එකලස්‌ කළ තැනැත්තා යෑයි හෙළිවිය.

    මේ කොටි සමඟ සිටි අනිත් තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළ සාන්ඡ් මොහමඩ් හෙවත් ඉන්දික සංජීවයි.

    මේජර් ජනරාල් පාරමී කුලතුංග, කර්නල් මුතාලිප් ඇතුළු හමුදා නායකයන් කීපදෙනකු ඝාතනය කිරීම සඳහා කොටින්ට තොරතුරු සැපයුවේ ඉන්දික සංජීවයි. මැලේසියාවට පැනගිය ඉන්දික සංජීව පසුව සාන්ඡ් මොහොමඩ් නමින් ශ්‍රී ලාංකික ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ද ලබාගෙන තිබුණි.

    මෙම හමුදා කපිතාන්වරයා කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියාවූ ගුෂාන්තන් සමඟද දැඩි සබඳකම් පවත්වා තිබුණි. මේ නිසා කොළඹට එල්ලවූ කොටි ගුවන් ප්‍රහාර සඳහා පොට්‌ටුඅම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට තොරතුරු සපයා ඇත්තේ මොහු බවද අනාවරණය විය.

    මැලේසියාවේ ප්ලැන් ජයා ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමේදී ඉන්දික සංජීව සමඟ අසුවූ ගුෂාන්තන් ළඟ තිබී පරිගණක හා විද්යුත් උපකරණ කීපයක්‌ද සොයාගැනිණි. එසේම කොටි ගුවන් ඒකකයේ තවත් ක්‍රියාකාරියකුවූ ඊසන් හෙවත් පුවනේශ්වරන් සොර්ගලිංගම් නමැති ත්‍රස්‌තයාද මැලේසියා ශ්‍රී ලංකා රහස්‌ මෙහෙයුමේදී අසුවිය.

    ඔහු ද්‍රවිඩ සරණාගතයන් සමඟ ඔස්‌ටේ්‍රලියාවට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලබාගැනීමට ක්‍රියාකර තිබුණි. මෙලෙස ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අවශ්‍ය හිටපු කොටි ත්‍රස්‌තයන්, වැට්‌ බදු වංචාකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක්‌ මැලේසියාවේ සිටින බව මේජර් ජනරාල් සුමිත් මානවඩු වෙත වාර්තාවී තිබුණි.

    කොටි ත්‍රස්‌තයන් අල්ලා ගැනීමට පෙර මීගමුවේ ස්‌වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ ඇපල් රුවන් අල්ලාගෙන ඔහු මෙරටට එවීමට මේජර් ජනරාල්වරයාට හැකිවිය. ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියාකරන්නකු වූ මැලේසියානු පොලිස්‌පති තාලිද් අබුබකර් සමඟ එක්‌ව මේජර් ජනරාල් මානවඩු රහස්‌ මෙහෙයුම්වල නිරතවීම ගැන ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ එක්‌තරා තානාපති නිලධාරියකුගේ උදහසට ලක්‌විය.

    ඔහු වඩාත්ම කෝපයට පත්වූයේ රුපියල් කෝටි 400 ක වැට්‌ බදු වංචාවේ ප්‍රධාන මොළකාරයන්වූ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා මේජර් ජනරාල්වරයාගේ මෙහෙයුමින් මැලේසියා පොලිසිය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම නිසාය.

    මේ වැට්‌ බදු වංචාකරුවන් සහ කොටි ත්‍රස්‌තයන් සැඟවී සිටියේ මැලේසියාවේ අතිවිශාල පාම් වතුවල බව වාර්තාවී තිබුණි. මේ වතුවල නිරීක්‍ෂණය කිරීමට සාමාන්‍ය මෝටර් රියකින් යැමට නොහැකිය. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යංශය මේජර් ජනරාල්වරයාට බිම නොගෑවෙන උස්‌ මෝටර් වාහනයක්‌ ලබාදීමට නියෝග කළත් ඉහත තානාපති නිලධාරියා එම වාහනය ලබාදීමට ක්‍රියා කළේ නැත. ඔහුගේ ඉලක්‌කය වූයේ මැලේසියාවේ සැඟවී සිටින ශ්‍රී ලාංකික වංචනිකයන් සහ ත්‍රස්‌තයන් අසුවීම ව්‍යර්ථ කිරීමයි. මේ වසරේ පෙබරවාරි 4 දා ශ්‍රී ලංකාවේ නිදහස්‌ දිනය යෙදී තිබූ දිනයේ මේජර් ජනරාල්වරයා වැට්‌බදු වංචාවේ ප්‍රධානීන් දෙදෙනා අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය. ඒ වනවිට තොරතුරු ලැබී තිබුණේ වැට්‌බදු වංචනිකයන් දෙදෙනා ඉන්දුනීසියාවට ගොස්‌ ආපසු පැමිණෙන බවටයි.

    මැලේසියානු පොලිසියේ සහායෙන් දියත්වූ මෙම අතිශයින් රහසිගත මෙහෙයුම ගැන ක්‌වාලාම්පූර් ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ කිසිවෙකු දැනසිටියේ නැත. පෙබරවාරි 4 දා නිදහස්‌ දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැත්වෙන උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවුඩය කියවීම තානාපති කාර්යාල නිලධාරින් මේජර් ජනරාල්වරයාට පවරනු ලැබූ අතර තමාගේ උගුරේ අමාරුවක්‌ යෑයි කියමින් ඔහු එම පණිවුඩය වෙනත් නිලධාරියකුට පවරන ලෙස කියා සිටියේය.

    ඊට හේතුව වූයේ එදින උදේ 8.30 ට වැට්‌ බදු වංචාකරුවන් දෙදෙනා අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් වීමට නියමිත වීමයි. මේජර් ජනරාල් මානවඩුගේ සියලු මෙහෙයුම් නතර කිරීමට අවස්‌ථාව පැමිණ ඇති බව අවබෝධ කරගත් තානාපති නිලධාරියා විගස ජනාධිපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යංශයට හදිසි සංදේශයක්‌ එවමින් මේජර් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ සංදේශය කියවීම ප්‍රතික්‍ෂේප කළ බවට දැනුම් දී ඇත.

    එසේම කොටි පරාජය කළ නොහැකි බව පැවසූ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක ආරක්‍ෂක වාර්තාකරුවකුටද ඒ බව දැනුම් දෙනු ලැබීය.

    එහෙත් මේජර් ජනරාල් මානවඩු පෙබරවාරි 4 දා තමා දියත් කළ රහස්‌ මෙහෙයුම ගැන රජයේ බලධාරීන්ට දැනුම් දීමට ක්‍රියා කළේය. මෙලෙස මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌a කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ වූ මේජර් ජනරාල් මානවඩු දියත් කළ රහස්‌ මෙහෙයුම් කඩාකප්පල් කිරීම සඳහා ඉහත තානාපති නිලධාරියා මේ වසරේ ජනවාරි 23 දා රජයේ ඇමැතිවරියකුටද සංදේශයක්‌ එවමින් මෙලෙස සඳහන් කර තිබුණි.

    මේජර් ජනරාල් මානවඩුගේ වැනි නිලධාරීන් සමඟ ඉතා පිරිසිදු සහ ගෞරවනීය සේවාවක්‌ ක්‍රියාත්මක කිරීම අතිශයින්ම අපහසුය. ඔහු ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකුගේ එකම අරමුණ ශ්‍රී ලංකා රජයට අවමන් කිරීමයි. විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්‍ෂක අමාත්‍යංශය විසින් මේජර් ජනරාල්වරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගන්නේ නම් මම ඒ ගැන කෘතඥතාව පළකරමි. මොහු හිටපු හමුදා බුද්ධි සේවා ප්‍රධානියා විසින් ආරක්‍ෂා කරන බවද කිව යුතුය.

    කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන් මෙන්ම කපිතාන් ඉන්දික සංජීව මෙන්ම වැට්‌බදු වංචනිකයන් දෙදෙනාගේ සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් 12 ක්‌ අල්ලා ගැනීමට මුල් වූ මේජර් ජනරාල්වරයාට එරෙහිව මෙලෙස ක්‍රියා කළ එකී තානාපති නිලධාරියා පසුගිය රජයේ විදේශ කටයුතු බලධාරියකුගේ සගයෙකි. ඔහු තම නිවස හොඳ නැති බව කියමින් දැන් රුපියල් ලක්‍ෂ ගණනක මහජන මුදල් වැය කරමින් පුද්ගලික නිවසක රැඳී සිටී. මැලේසියාවේ සැඟවී සිටි කිසිම කොටි ත්‍රස්‌තයකු හෝ වැට්‌බදු වංචාකරුවකු අල්ලා ගැනීමට එකී තානාපති නිලධාරියා ක්‍රියා කර නැත.

    මේජර් ජනරාල්වරයාගේ රහස්‌ මෙහෙයුම් බිඳ දැමීම සඳහා ඉහත කී තානාපති නිලධාරියා මුලින්ම ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් සැඟවී සිටින ප්‍රදේශ ගැන මනා දැනීමක්‌ ඇති රියෑදුරුව සේවයෙන් පහ කර දැමීය. එම රියෑදුරුට එල්ල කළ චෝදනාව වූයේ මිනිසුන්ගෙන් මුදල් ගන්නා බවයි. මෙයට මාස කිහිපයකට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිතරන් සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචJද්‍රන් ඇතුළු ඊළාම්වාදීන් මැලේසියාවේ පිනෑන් ප්‍රාන්තයේ පැවැත්වූ ඊළාම් සමුළුව නිරීක්‍ෂණය කිරීමට ද මේජර් ජනරාල්වරයා ක්‍රියා කළේය.

    මෙලෙස මැලේසියාවේ සැඟවී සිටි කොටි ත්‍රස්‌තයන් ද රටේ ජාතික ආරක්‍ෂාව උදෙසා හඹා ගිය මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ අතීතය කුමක්‌ද?

    වසර ගණනකට පෙර කොටි ත්‍රස්‌තයන් විසින් විදේශ කටයුතු ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටි ක්‍රියාකාරිකයකු වූ චාල්ස්‌ ඥානකෝන් දෙහිවල නැදිමාලේ නිවසක සිටියදී අත්අඩංගුවට ගැනීමට ද ඔහු ක්‍රියා කළේය. එකල ශ්‍රී ලංකාවේ පොලිසිය චාල්ස්‌ ඥානකෝන්ට කොතරම් බියක්‌ දැක්‌වූවාද කීවොත් ඥානකෝන් තමන්ට අවශ්‍ය නැති බව ද කියා සිටියේය. ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශවලටද දායක වූ මෙම මේජර් ජනරාල්වරයාගේ මැලේසියානු මෙහෙයුම් අප්‍රේල් 30 දා අවසන් වේ. වසර දෙකක්‌ තිස්‌සේ මැලේසියාවේ සිට දියත් වූ මෙම රහසිගත මෙහෙයුම් නිසා කොටින්ගේ අතිජාත මිත්‍රයෙක්‌ වූ පිනෑන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පී. රාමසාමි දැඩි ලෙස කෝපයට පත්විය.

    ගුෂාන්තන් ඇතුළු කොටි තිදෙනා කොටි යෑයි සනාථ කරන ලෙස මැලේසියානු පොලිසියට අභියෝග කළ රාමසාමි ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම ව්‍යර්ථ කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලවා අධිකරණ නියෝගයක්‌ ද ලබා ගත්තේය.

    ඒ වන විට මේජර් ජනරාල් මානවඩුගේ දැඩි උත්සාහය මත මැලේසියානු ආගමන බලධාරීහු ත්‍රස්‌තයන් තිදෙනා කඩිනමින් ශ්‍රී ලංකාවේ සිට පැමිණි පොලිස්‌ කණ්‌ඩායමට භාරදී තිබිණි.

    පිටුවහල් කිරීම නතර කරන නියෝගය ක්‌වාලාලම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන අංශයට ලැබෙන විට එහි ප්‍රධාන නිලධාරියා අසුනේ නොසිටි බව හෙළිවිය.

    රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එකී නියෝගය වෙනත් දුරකථන මාර්ගයන් ඔස්‌සේ ආගමන විගමන ප්‍රධානියාට දැනුම් දෙන අවස්‌ථාවේ කොටි තිදෙනා රැගත් ශ්‍රී ලංකන් යානාව ගුවන්ගතවී තිබිණි.

    මෙම පසුබිම මත කොටි සමග එකට ක්‍රියාකරන මැලේසියානු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් රැසක්‌ මේජර් ජනරාල් මානවඩු මැලේසියාවෙන් යෑවීම සඳහා පෙත්සම් ගැසීමට ක්‍රියා කළහ. ඊට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියාගේ ද සහාය ලැබී ඇත. 2013 වසරේ ජුලි මස ක්‌වාලාලම්පූර් සෙලන්ගෝර්කි චීන සමුළු ශාලාවේදී පුයම් නෝමාස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ මෙහෙයවීමෙන් චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ ශ්‍රී ලංකාවට එරෙහි නෝ µයර් සෝන් චිත්‍රපටය තිරගත කිරීම ව්‍යර්ථ කිරීමට ද ශ්‍රී ලංකා හමුදා නිලධාරියාට හැකි විය. මෙම චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කළ සංවිධායකයන් තිදෙනෙක්‌ ආගමන විගමන බලධාරීහු අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව මැලේසියාවේ සිට විවිධ පියවර ගත් කොටි හිතවාදීන්ගේ උපක්‍රම බිඳ දැමීමට කටයුතු කළ මේජර් ජනරාල් මානවඩුගෙන් පසු හමුදා බුද්ධි නිලධාරියකු පත් කිරිමට විදේශ කටයුතු බලධාරීහු ක්‍රියා කර නැත. මේ සතියේ දිනෙක විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියකු මේජර් ජනරාල්වරයාගේ සේවය අවසන් වී ඇති බව දන්වමින් ලිපියක්‌ යෑව්වේය. විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ වසර දෙකක්‌ තිස්‌සේ තම රට වෙනුවෙන් මහඟු සේවාවක්‌ කිරීම ගැන එම හමුදා නිලධාරියාගේ සේවය වචනයකින්වත් ඇගයීමට ලක්‌ කර නැති බවයි.

    මේ ලිපිය යෑවූ නිලධාරියා කවුද? ඒ ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය අලුත්වැඩියා කිරීම සඳහා සුරිච් නුවර සෙල්වාස්‌ නමැති කොටි හිතවාදියාට කොන්ත්‍රාත්තුව පැවරූ තැනැත්තායි. ඔහු අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත් වී ඇත. දෙවසරක්‌ තිස්‌සේ දියත් වූ මෙහෙයුම් අවසන් වීමේ ප්‍රතිඵලය කොටි ඩයස්‌පෝරාවේ ජයග්‍රහණයක්‌ නොවන්නේද? වත්මන් රජය දේශපාලන පත්වීම් ලැබූවන් යෑයි කියමින් පනහකට අධික පිරිසක්‌ ආපසු මෙරටට කැඳවනු ලැබීය. එහෙත් පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත පත් වූ තානාපතිවරු සහ නිලධාරීහු මෙතෙක්‌ කැඳවා නැත. ඇතමුන් විදේශ සේවයේ නිරත වූවන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ තොරතුරු වාර්තා වී නැතැයි කියති.

    එහෙත් ශ්‍රී ලංකාවට අවශ්‍ය කොටි හිතවාදීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 40 ක්‌ මැලේසියාවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත. අද මොවුන් පසුපස හඹායැම සඳහා බුද්ධි අංශ නිලධාරියකු නැත.

    මේ පසුබිම මත ක්‌වාලම්පුරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය අරක්‌ ගෙන සිටින බලවේග වහාම වෙනස්‌ කිරීමට කාලය පැමිණ ඇත.

    කීර්ති වර්ණකුලසූරිය
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :( ඒ වුනාට කොත්තමල්ලි අඩු කරානෙ... :rofl:

    ආයෙත් අහලා..... මේ රටේ මිනිස්සු අවුරුදු 10 ක් තිස්සේ ඉල්ලුවේ ඕකනේ....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපූරුය. සියල්ල දේශපාලන පත්වීම් යෑයි කියමින් රටවල් විසිහතක තානාපතිවරුන් කැඳවූ ආණ්‌ඩුව, මේ මොහොත වන විට ඒ සඳහා කළ යුතු නැවත පත්කිරීම් ප්‍රමාද කරනුයේද යහපාලනයට අවශ්‍ය දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීම හමුවේය. ඒ අනුව බලන කල සිදු වන සියල්ල තුළ ඇති එහෙත් ඇතැම් විට රටට නොපෙනෙන යහපාලනයේ නිරුවත කොතරම් අපූරුද?

    මගුල තමයි මේකට හේතුව රාජ්ය්‍ය අංශයේ ඉන්න තරමක් ඉන්නෙ දේශපාලන පත්විම් වලින් ආපු ගමේ බයියෝ. විදේශ සේවයට සේවකයෝ ආවාට ගියාට දාන්නෙ කොහොමද? foreign diplomacy හරියට handle කරන්න ඕනෙ. පොන්න මහින්දගේ කාලේ වගේ නැතුව. කෝ මේකෙ GSP+ ගැන මුකුත් කියලා නෑනෙ. මේක ලියපු එකා නම් අනිවා මහින්දගේ කුක්කෙක් වෙන්න ඕනෙ.

    foreign diplomacy හරියට handle කරන්න ඕනෙ.... :lol::lol::lol::lol:

    එය යහපාලනය අද රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවේ පෙන්නුම් කර සිටින බරපතළ නොහැකියාවක්‌ නොවන්නේද? ආණ්‌ඩුවේ නොහැකියාව එසේ වුවද මෙකී තානාපති ගැටලුව ඉදිරියේ එක්‌ පුදුම සහගත තීරණයක්‌ ගෙන අපූරු පත් කිරීමක්‌ සිදු කිරීමටද මීට මාසයකට පමණ ඉහතදී රජය කටයුතු කරනු ලැබීය.

    ඒ ඉකුත් 2009 වසරේ සිට විදේශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව 124 වතාවක්‌ විදේශගත වුණ සහ විදේශ සේවයේ කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය හත් වතාවක්‌ අසමත් වූ විදේශ අමාත්‍යංශයේ නිලධාරියකු මැලේසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කර යෑවීට කටයුතු කිරීමය.

    මෙකී නිලධාරියා පිළිබඳ විදේශ අමාත්‍යංශය තුළ අදටත් කියෑවෙමින් තිබෙන කතා බොහෝමයකි. කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය අසමත් වූ වාර සඳහා පසුගිය රජයේ විදේශ අමාත්‍යංශ අධීක්‍ෂණ මන්ත්‍රිවරයා හරහා රුපියල් 36 ලක්‍ෂයක හිඟ වැටුප් ලබා ගැනීම ඉන් එක්‌ කතාවකි.

    .මෙරට තානාපති සේවය හා විදේශ අමාත්‍යංශය අරබයා රජයේ ක්‍රියාත්මකභාවය පිළිබඳ කතා කිරීමේදී අද යහපාලනයේ නොහැකියාව හෙවත් ආණ්‌ඩුවේ පාණ්‌ඩුකම ඇත්තේ එතැනය. මෙවන් පාණ්‌ඩුව හැදුණාක්‌ මෙන් හැකියාවක්‌ නැතිව සිටින වුන් දුටු කල අතීතයේ අපේ ගමේ ගොඩේ ආච්චි අම්මලා කී එක්‌ අපූරු කතාවක්‌ද තිබිණි. ඒ "තෝ වගේ උන් පොල්පිත්තකින් කපා ගත හැකි" යෑයි යටනුවෙනිs.

    .

    සමන් ගමගේ

    මේ වගේ handle කිරීමක් ගැන වෙන්න ඇති ඔයා අදහස් කරන්නේ.... :lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්

    පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨභය රාජපක්‍ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි ඒ රටවල් කියන බවත් මෛත්‍රිපාල සංධාන නායකයන්ට පවසා ඇත. එමෙන් ම මීළඟ ඡන්දයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් ඇති බවත් මෛත්‍රිපාල පිළිගෙන ඇත. එයින් වක්‍රව කියැවෙන්නේ ලබන මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති කළ යුතු බවට බලපෑම් ඇති බව ය. මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරන්නේ ඇයි ද යන්න දැන් පැහැදිලි ය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී ද මේ බලපෑම් තිබුණු බව අපි සඳහන් කළෙමු. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස බටහිර රටවල් හා ඉන්දියාව විසින් පිළිගනු ලැබුයේ ඒ බලපෑම්වලට මෛත්‍රිපාල යට වූ බැවිනි. එසේ නොවන්නට මෛත්‍රිපාල කිසි දිනෙක ඊනියා පොදු අපේක්‍ෂකයා නොවනු ඇත. ඒ බලපෑම්වලට අමතර ව උතුරු හා නැගෙනහිර පළාත්වලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම ද විය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල බැඳී ඇත. එසේ ක්‍රියාත්මක කිරීම යනු පොලිස් හා ඉඩම් බලතල ද ලබාදීම ය. මෛත්‍රිපාල ජනාධිපති වූයේ ඒ සියළු පාවාදීම් මැද ය. ඒ සියල්ල වසා ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජය හා අතුරළියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙට ඇතුළත් ඊනියා යහපාලන කතාවලිනි.

    අද මෛත්‍රිපාල සංධාන නායකයන් ඉදිරියේ තමන්ට බටහිරයන්ගෙන් හා ඉන්දීයයන්ගෙන් ඇති බලපෑම් ගැන කියන විට අප නොරැවටිය යුතු ය. ඔහු සංධාන නායකයන්ට කියන්නේ තමන්ට බටහිරයන්ට හා ඉන්දියයන්ට මුහුණ දීමට ධෛර්ය ලබාදෙන ලෙස නොව ඔහුට කරදර නොකර සිටින ලෙස ය. එහෙත් ඒ නිසා ඔහුට රට ජාතිය ආගම පාවාදීමට සංධාන නායකයන් ඉඩ දිය යුතු ද? ඔහු මේ බලපෑම් ගැන හිත් වේදනාවෙන් කතාකරන්නේ නම් ඔහු කළ යුතුව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග වහාම සාකච්ඡා ඇරීම ය. මෛත්‍රිපාලට බටහිරයන් හා ඉන්දියයන් හමුවේ නොසැලී සිටීමට අවංක අවශ්‍යතාවක් වේ නම් ඔහු කළ යුත්තේ ඔහුට ඒ සඳහා ධෛර්ය ලබාදිය හැකි මහින්ද සමග එකතු වීම ය. එහෙත් ඔහු නොකරන්නේ ද එය ම ය.

    ජනවාරි 9 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම ඔහු නීති විරෝධීව රනිල් අගමැති ලෙස පත් කළේ ය. ඒ ඔහු බටහිරයන්ට හා ඉන්දියයන්ට ද ඔවුන්ගේ ඔත්තු සේවාවලට ද දෙන ලද පොරොන්දු අනුව ය. පසුව ඉතා වැදගත්් අධි ආරක්‍ෂිත කලාප ඉඩම් විශාල ප්‍රමාණයක් බෙදා දුන්නේ ය. සාම්පුර් කඳවුර ඉවත් කළේ ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් මාරු කළේ ය. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් කොටියකු ලෙස ගොරවයි. ඔහු උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා තුට්ටුවකටවත් මායිම් නො කරයි. විග්නේස්වරන්ට ඒ බලය හා ශක්තිය ලැබෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියයන්ගෙනි.

    අද කළ යුත්තේ මෛත්‍රිපාලගේ අඳෝනාවලට රැවටීම නොව ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීම ය. මෛත්‍රිපාල ජනාධිපති වී දින සියය තව දින කිහිපයකින් අවසන් වෙයි. එහෙත් ඔවුන් කළ දෙයක් නැත. නටපු තොවිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත. ජාතික හෙළ උරුමය තම ඓතිහාසික පාවාදීම කර අවසන් ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු ය. ව්‍යවස්ථා සම්පාදනයෙහි එ ජා ප නායක රනිල්ට උපදෙස් දෙන සමසමාජ ජයම්පති වික්‍රමරත්නට නොතේරුණාට විධායක බලතල දීමට සූදානම් වන්නේ ඕනෑම අගමැතිවරයකුට නොව රනිල් වික්‍රමසිංහට ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ ජයම්පතිට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති වීම සිංහල බෞද්ධ සංස්කෘතියට මරු පහරක් වනු ඇත. රනිල් අගමැති වීම බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ ජයග්‍රහණයකි. අප එය පරාජය කළ යුතු ය. මහින්ද රාජපක්‍ෂ දැන් කරළියට පැමිණිය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 18
     
    • Like
    Reactions: toi

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යහපාලනේ.. යහපාලනේ... හිකෙ$%& තියනවනෙ 100ට රටට කෙලවන පොනිල්ගෙ යහපාලනේ...

    පොහින්ද මැරුනනෙ :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොළී අනුපාත අඩු කිරීමේ ආර්ථික බලපෑම්!

    ආර්ථිකයේ පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත හදිසියේම අඩු කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉකුත් අප්‍රේල් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පදනම් අංක 50 කින් (එනම් සියයට 0.5 කින්) අඩුකර ඇත. එනම් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 සිට 6.00 දක්‌වා සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8.0 සිට සියයට 7.5 දක්‌වා, මේ අනුව අඩුකර තිබේ. මහ බැංකුව වහාම පොලී අනුපාත අඩු කිරීමට පියවර ගත්තේ ඇයි? එහි ආර්ථික බලපෑම් මොනවාද? සහ ආර්ථිකයේ හෙට දවස කෙබඳුද? යනාදී කරුණු කාරණා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

    මේ පොලී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකුව ප්‍රකාශ කළේ ආර්ථිකයේ පවතින වත්මන් වාතාවරණය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. එහෙත් එහිදී මතුවන ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ ඉමහත් ආන්දොaලනයට තුඩු දුන් 30 ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉතා ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගත්තේ මන්ද යන්නයි. වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්‌ටමේ තිබියදීත් එවැනි ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගැනීම හරහා රජයට සිදුව ඇති පාඩුව අති දැවැන්ත එකකි. එහි වාසිය වැඩියෙන්ම ලැබුණේ මහ බැංකු අධිපතිගේ බෑණා විසින් ඉහළ තනතුරක්‌ හොබවන සමාගමටය. ඒ අවස්‌ථාවේ අධික පොලියට බැඳුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් කළ ලංසු පිළිගෙන දැන් තවදුරටත් මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කිරීමේ පරස්‌පරයක්‌ පවතී. එසේම මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් ප්‍රකාශ කළේ චෝදනාවට ලක්‌වූ එම තිස්‌ අවුරුදු බැඳුම්කර මිලදී ගත් අයටද මේ පොලී අනුපාත අඩු කිරීම හරහා තවදුරටත් රුපියල් කෝටි ගණනක වාසියක්‌ අත්වන බවයි.

    මේ අතර රු. බිලියන 5 ක ණය ලබා ගැනීම සඳහා ඉකුත් 16 වැනි බ්‍රහස්‌පතින්දා පැවැති භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත්ව තිබූ සියලු ලංසු ප්‍රතික්‍ෂේප කිරීමට මහ බැංකුව කටයුතු කළේය. ඒ සඳහා මහ බැංකුව තවමත් හේතුවක්‌ දක්‌වා නැති බවද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ ආකාරයටම මහ බැංකුවට අවශ්‍ය නම් ප්‍රශ්නයට තුඩු දී තිබෙන 30ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉහළ පොලියට ඉදිරිපත් ව තිබූ ලංසු ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව හොඳටම තිබුණි. එහෙත් මහ බැංකුව එවැන්නක්‌ සිදු නොකළේ ඇයි? එසේ නොකළේ මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට වාසි සලසන්නට නොවේදැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ. මෙකී භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව ගැන පරීක්‍ෂණ කිරීමට පත් කළ කමිටුවේ වාර්තාවද තවමත් ඉදිරිපත්ව නැත. එම කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බවටත් විවේචන එල්ල වී තිබේ. ඒ නිසා අදාළ කමිටුව පත් කරනු ලැබුවේ චෝදනාවට ලක්‌වූවන් ආරක්‍ෂා කිරීම සඳහාමය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ. මේ සිදුවීම් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයද බරපතළ පළුදුවීමකට ලක්‌ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේවාට සහාය දෙන මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් ඒ බව ඉතිහාසය තුළ සටහන් වනු ඇති බවත් කිව යුතුව තිබේ.

    මේ වනවිට පොදු ජනතාවටද යහපාලන ආණ්‌ඩුවේ අයහපත් කල්කිරියාවේ අහිතකර ප්‍රතිඵල භුක්‌ති විඳින්නට සිදුව ඇත. කොටස්‌ වෙළෙඳපොළ පසුබෑමකට ලක්‌ව ඇත. විදෙස්‌ සංචිත සහ රුපියලද පිරිහෙමින් තිබේ. රටේ සංවර්ධන වැඩ නැවතී හෝ බොහෝ දුරට මන්දගාමී වී ඇත. ඒ නිසා මේ වසරේ (2015) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයද සියයට 6.9 දක්‌වා පසුබෑමට ලක්‌ වන බවට ද ලෝක බැංකුව විසින් පුරෝකථනය කර ඇත. රටේ වෙළෙ¹මද පහත වැටී ඇත. ඒ නිසා ඔවුන්ගේ ආදායම් මට්‌ටමද අඩුවී තිබේ. මේ නිසා ආර්ථිකය තුළ මේ වන විට කිසියම් අස්‌ථාවර තත්ත්වයක්‌ ගොඩනැඟී ඇත. රටේ දේශපාලන කරළිය තුළ ඇත්තේද දැඩි අස්‌ථාවර ස්‌වභාවයකි. පසුගිය මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලනයේ වැරදි නොතිබුණා නොවේ. එම පාලනය තුළද අසීමිතව වැරදි තිබුණු අතර ඒවා අපි නිරන්තරයෙන්ම විවේචනයට ද ලක්‌ කළෙමු. එහෙත් එම කාලයේ දී රටේ ආර්ථිකය තුළ කිසියම් ස්‌ථාවරත්වයක්‌ තිබුණි. බොහෝ අඩුපාඩු සහ වැරදි මධ්‍යයේ වුවත් රටද සංවර්ධනය විය. එහෙත් ඊට සාපේක්‍ෂව වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණය අතිශයින් දුර්වල බව හැම අතින්ම පෙනෙන්නට තිබෙන බවද කිව යුතුය.

    http://www.divaina.com/2015/04/19/economic.html
    meka ලියපු එකා ආර්ථික විද්‍යාව ගැන මෙලෝ සංසාරයක් දන්නා එකෙක් නෙමේ

    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය
    මේකට කියන්නේ වියවස්තාපිත සංචිත අනුපාතිකය ,
    මේක අඩු කරාම රටේ ණය සැපයුම වැඩි වෙලා මුදල් සැපයුම වැඩි වෙනවා ,
    එක ගැන මේකේ නැනේ ,එක තමයි ආර්ථික බලපෑම /

    නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8.0 සිට සියයට 7.5 දක්‌වා,

    මේකත් හරි අපැහැදිලි ,මේ කියන්නේ වාණිජ බැංකු වලට මහා බැංකුවෙන් ණය දෙන පොලිය ,ඕක අඩු කළා කියල බලපෑමක් නැහැ ,මොකෝ වාණිජ බැංකු දැන් මහා බැංකුවෙන් ණයට ගන්නේ නැ ..

    ඒ සඳහා මහ බැංකුව තවමත් හේතුවක්‌ දක්‌වා නැති බවද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

    කරන හැම දෙකටම උතර බදින්න මහා බැංකුව බැදිලා නැ ,
    අනික මේ විදිහට මුල්‍ය ප්‍රතිපතිය විවේචනය කරන එකේ බලපෑම ගැන ලියපු මෝඩයා දන්නේ නැ ,

    මේ මොනවද විවේචනය කරන්නේ කොහෙවත් තිබ්බ පලියට ලියන්න හොද නැ
    මොකද ආර්ථික විද්‍යාව දන්නා ඒකට ඕනේ විදිහට කරුණු කියන්න පුළුවන්

    කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බවටත් විවේචන එල්ල වී තිබේ.
    මේක අවුල් නම් ශේෂ්ටාදිකරන්යේ නඩු දාන්න පුළුවන් ,මොකද මේක රටේ ඉදිරි ගමනට ලොකු බාදාවක් නිසා ,වාර්තාවේ අහම මේ බන්ඩාගාර බැදුම්කර ගැන ලිපියක් දානම්
     
    ඔයා මේක ලියපු කෙනාට වඩා ආර්ථික විද්‍යාව දන්නවා ඇති... සමහරවිට බන්දුල ගුණවර්ධන, හර්ෂ ද සිල්වා ටත් වැඩිය දන්නවා ඇති...හැබැයි මං හිතන්නේ නෑ මේ රටේ ජාතික පුවත්පතකට ආර්ථිකය ගැන ලිපියක් ලියන්නේ ඔයා කියන විදිහට ආර්ථික විද්‍යාව ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැති මෝඩයෙක් කියල...අනික එකම දේ, එක එක විදිහට විග්‍රහ කරන්න බෑ නේද? මෙරට විදේශ සංචිත වත්කම බිලියන 8 ඉදල 7 වෙනකන් අඩු වෙලා තියෙනවා... ඒකත් ඔයාගේ තියරි එකට අනුව හොදයි ද? ඒ කාලේ කිව්වා කොටස් වෙළදපොල කෘත්‍රීමව පාලනය කරනවා කියල... දැන් එතකොට එහෙම වෙන්නේ නැද්ද?

    ඕන කෙනෙක්ට ඕනෑම දෙයක් තමන්ගේ දේශපාලන කෝණයෙන් විග්‍රහ කරන්න පුළුවන්... නමුත් ඒක රටට සහ පොදු මහජනතාවට බලපාන්නේ හොද විදිහටද , නරක විදිහටද කියන එකයි වැදගත් වෙන්නේ... උදාහරණෙකට ගත්තොත් සාම්පූර් කදවුර ඉවත්කරලා දෙමල මිනිස්සුන්ට ඒ භූමියේ පදිංචි වෙන්න දුන්න එක ගැන ඇමරිකාව ඇතුළු කොටි හිතවාදී සියලුදෙනා අගය කරන්නේ, මේ යහපාලන රජය, මූලික මිනිස් අයිතිවාසිකමක් අරන් දුන්නා වගේ... නමුත් ඒ දේ නිසා ඉදිරියට වෙන්න පුළුවන් විනාසය ගැන කතා කලොත් එතකොට කියන්නේ කොරහේ කිබුල්ලු දකින්න එපා කියල...
    ඔයා ඔයාගේ දේශපාලන කන්නාඩියෙන් එළිය ඇවිත් බලන්න, ඔය කියල තියෙන දේවල් වලින් මේ රටේ සහ පොදු මහජනතාවට (රවී කරුනන්නායකගේ සහ මහබැංකු අධිපතිගේ ගෝල බාලයන්ට නෙමෙයි) වෙන්නේ හොදක් ද නරකක් ද කියන එක...
    2002 දි මේ රටේ රාජ්‍ය අංශය පුද්ගලිකකරණය කළා... ඒ දවස් වල ආණ්ඩුව කිව්වේ ඒක දුෂණ වංචා නවත්තන්න කරපු දෙයක් කියල... ඒ වගේ ඕනෑම දෙයක් හොදයි කියල කෙස් පැලෙන තර්ක දාන්න පුළුවන්, ඒ ගැන බර වචන ටිකක් ඉස්සරහට දාගෙන... (අනුර කුමාර වගේ..:lol::lol:)
    නමුත් හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නෑ..අනික, ඔයාගේ වාර්තාව එනකන් මාත් බලන් ඉන්නවා..රු. බිලියන 30 කට වැඩි මුදලක් මේ රටට අහිමිවීම ඔයා සාධාරණීකරණය කරන්නේ කොහොමද කියල....

    keep tuch macan I put a artical
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔයා මේක ලියපු කෙනාට වඩා ආර්ථික විද්‍යාව දන්නවා ඇති... සමහරවිට බන්දුල ගුණවර්ධන, හර්ෂ ද සිල්වා ටත් වැඩිය දන්නවා ඇති...
    හර්ෂ ට නම් සබ්ජෙට් එක දන්නවා ,එත් බන්දුල නම් කතා කරන්න ගිහින් කාගත්තා 2500 කෙස් එකෙන් (මන් මේකේ අදහස් කලේ මේ ලිපිය ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක කරුණක් නැ කියන එක (,කොහෙන් හරි බලන් ලියපු එකක් .අලපාලු ආර්ථිකය වගේ )

    දෙන්නම පරණ අය බන් ,දැන් ලෝකේ වෙනස් වෙනවා ,අලුත් ආර්ථික විදි එනවා ,ලෝකේ යන්නේ අනෙක් පැත්තට අපි යන්නේ විරුද්ද පැත්තට ,එතින් අපිට කෙල වෙනවා
    එකේ දෙකක් නැ ,මුන් එකෙකුට වත් ඕනේ නැ රට හදන්න ,උන් ගේ බලේ ගැන විතරයි හිතන්නේ

    හැබැයි මං හිතන්නේ නෑ මේ රටේ ජාතික පුවත්පතකට ආර්ථිකය ගැන ලිපියක් ලියන්නේ ඔයා කියන විදිහට ආර්ථික විද්‍යාව ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැති මෝඩයෙක් කියල...අනික එකම දේ, එක එක විදිහට විග්‍රහ කරන්න බෑ නේද? මෙරට විදේශ සංචිත වත්කම බිලියන 8 ඉදල 7 වෙනකන් අඩු වෙලා තියෙනවා... ඒකත් ඔයාගේ තියරි එකට අනුව හොදයි ද? ඒ කාලේ කිව්වා කොටස් වෙළදපොල කෘත්‍රීමව පාලනය කරනවා කියල... දැන් එතකොට එහෙම වෙන්නේ නැද්ද?

    කොටස් වෙළද පල නටන්නේ දම්මික ට ඕනේ විදිහට එයාට මුකුත් කියන්න බැ ,ලංකාවේ මේ කාලේ ඉන්න හොදම වියවසායකයෙක් ,එයා වැඩ කරන්නේ මතක තියාගන්න පකිස්තානු ආර්ථික විශ්ලේෂක ක් එයට 2001 හදලා දුන්නු බිස්නස් plan එකකට එකට අනුව 2015 වෙනකොට කොටස් වෙළදපලේ ප්‍රධාන අංශ 13 න් 9 යක බහුතර හිමිකාරත්වය ගන්න තමා හදලා තිබුනේ ,දැනට එයට 8 ක බලය තිනවා ,මේ අවුරුද්දේ 9 යත් ගන්න ඔක්කොම වැඩ කරගෙන ගියේ ,එක නරක දෙයක් නෙමේ

    එත් එයා කලේ එකපාරට කොටස් වල සැපයුම වැඩි කරනවා ,එතකොට මිල අඩුවෙන නිසා මිනිස්සු විකුනනවා ,තව අඩුවෙයි කියලා ,ඊටපස්සේ එයාම ඒ අඩු මිල කොටස් ඊට අඩුවට අරගන්නවා ,අයිත් කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යනවා ,ඕකෙන් මාර ලාබයක් ගන්න පුළුවන්

    ඕක බලන් ඉන්න අනික් අයත් ඔහොම කළා ,
    එකෙන් කොටස් වෙළදපල වර්දනයක් වගේ තමයි පෙන්නන්නේ ,..දැන් එක අඩුයි ,බලේ නැතිනිසා ,එයට පුළුවන් කොටස් වෙළද පල පාලනය කරන්න ඕනේ විදිහකට

    ඔය වගේ කෙනෙක් හිටයා ,දකුණු කොරියාවේ 1997 අර්තික අවපාතයට හේතු උනේ එයා එකපාර කොටස් වෙලදපලින් සල්ලි ඉවත් කරගත්තා ,එක අනුගමනය කරපු අනික් අයත් එහෙම කළා ,අන්තිමට මුළු කොරිය්නු ආර්ථිකේ ම එවර්යි ,එත් එයාලා එක හදා ගත්තා ඉක්මනට
    අපිට නම් සදා අනාතයි එහෙම උනොත්
    එකයි මෙචර අවුල් යන්නේ ,

    එයට රජයේ අනුග්‍රහය තිබ්බ නිසා ,විනිමය කමිෂන් එකේ කෙනාට කට උතර නැ .කීදෙනෙක් එකේ ඉන්න බැ කියලා මාරු උනා ,,ඒ මදිවට ලෝකේ පලවෙනි වතාවට රාජ්ය කොටස් වෙළද පලේ ගනුදෙනුවක් කැන්සල් කළා

    විදේශ සංචිත පහල බහින්න හේතු එකක් මෙන්න මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1672372

    (පාරට එන වාහන වැඩිවෙයි)
    ඕන කෙනෙක්ට ඕනෑම දෙයක් තමන්ගේ දේශපාලන කෝණයෙන් විග්‍රහ කරන්න පුළුවන්... නමුත් ඒක රටට සහ පොදු මහජනතාවට බලපාන්නේ හොද විදිහටද , නරක විදිහටද කියන එකයි වැදගත් වෙන්නේ... උදාහරණෙකට ගත්තොත් සාම්පූර් කදවුර ඉවත්කරලා දෙමල මිනිස්සුන්ට ඒ භූමියේ පදිංචි වෙන්න දුන්න එක ගැන ඇමරිකාව ඇතුළු කොටි හිතවාදී සියලුදෙනා අගය කරන්නේ, මේ යහපාලන රජය, මූලික මිනිස් අයිතිවාසිකමක් අරන් දුන්නා වගේ... නමුත් ඒ දේ නිසා ඉදිරියට වෙන්න පුළුවන් විනාසය ගැන කතා කලොත් එතකොට කියන්නේ කොරහේ කිබුල්ලු දකින්න එපා කියල... (සාම්පුර් එක ගැන මන් ලොකු දෙයක් නොදනිමි ,තිබේනම් සන්පුර්ණ ලිපියක් එවන්න .ලින්ක් එකක් ,අයින් කළා කියලා විතරයි දන්නේ )
    ඔයා ඔයාගේ දේශපාලන කන්නාඩියෙන් එළිය ඇවිත් බලන්න, ඔය කියල තියෙන දේවල් වලින් මේ රටේ සහ පොදු මහජනතාවට (රවී කරුනන්නායකගේ සහ මහබැංකු අධිපතිගේ ගෝල බාලයන්ට නෙමෙයි) වෙන්නේ හොදක් ද නරකක් ද කියන එක...(මන් දේශපාලන කන්නාඩි නැ ,මන් එකෙකුට වත් වොට් කර්නේන්ත් නැ ,)
    2002 දි මේ රටේ රාජ්‍ය අංශය පුද්ගලිකකරණය කළා... ඒ දවස් වල ආණ්ඩුව කිව්වේ ඒක දුෂණ වංචා නවත්තන්න කරපු දෙයක් කියල... ඒ වගේ ඕනෑම දෙයක් හොදයි කියල කෙස් පැලෙන තර්ක දාන්න පුළුවන්, ඒ ගැන බර වචන ටිකක් ඉස්සරහට දාගෙන... (අනුර කුමාර වගේ..:lol::lol:)

    බතුමා පවුද්ගලිකරණය ගැන දන්නේ නැ ,අපේ රටේ කලේ සහමුලින්ම විකිණීම එක පවුද්ගලිකරන්යේ එක ක්‍රමයක් ,

    ඔබ තුමා දන්නේ නැති වුනාට ඔය හයිවේ ,වරාය ,ගුවන්තොටුපල වගේ ඒවත් පවුද්ගිල්කර්ණ ක්‍රම වෙදෙයට වැටෙන්නේ ,ඒවා සන්පුර්නයෙන් රජයේ ආයෝජන නෙමේ ,එකියන්නේ
    රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව වියාපෘති

    පුද්ගලිකරන්යේදී කලමනාකරනය දෙන්න පුළුවන් ,ශ්‍රී ලනකා එයා ලයින් ,එමරෙස්ට් එකට තිබ්බ ගිවිසුම ,(එක කඩලා මුළු ගුවන් සේවේම කෑවා )
    ශ්‍රී ලංකා ටෙලිකොම් (එකේ කොටස් තමා දුන්නේ ,එක අයිත් ඔය කියන දේශප්‍රේමියා අයිත් ඒ සමාගමට දුන්නා(ගිවිසුම එවරවෙනකොට ,එකට මන් එකයි ,එක හින්නදා තමා අපිට මෙචර හොද සේවාවක් තින්නේ ,ලංකාව ගොඩක් ඉස්සරහින් ඉන්නවා සන්නිවේදන අංශයෙන් )
    එකයි මචන් පොඩක් හොයපන් ,පවුද්ගලිකරණය ලෝකෙට හදුනවා දුන්නේ මාග්‍රට් තැචර් (යකඩ ගැහැණිය -එංගලනතේ )

    නමුත් හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නෑ..අනික, ඔයාගේ වාර්තාව එනකන් මාත් බලන් ඉන්නවා..රු. බිලියන 30 කට වැඩි මුදලක් මේ රටට අහිමිවීම ඔයා සාධාරණීකරණය කරන්නේ කොහොමද කියල....

    ඔය කියන පාඩුව එන්නේ කොහොමද කියාලා මන් තාම හොයනවා ,මොකෝ ඔකේ එක එක අය එක එක ගනන් කියනව

    man මෙතන දැම්මේ මේකේ ආර්ථික ප්‍රතිවිපාක ගැන කියල නැතිනිසා ,
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහ බැංකු බැදුම්කර සිද්ධියේ වාර්තාව එයි - නිර්දේශ මෙන්න. (Just in)
    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජේෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වඩාත් හොඳ පාලන යන්ත්‍රණයක් තහවුරු කිරීම සඳහා වන පුළුල් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කොට ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    මේ සඳහා අදාළ ත්‍රිපුද්ගල කමිටුව පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති අතර ඒ අතර මහ බැංකු අධිපතිවරයා ද,මහ බැංකුවේ නිලධාරිහු ද, ප්‍රාථමික ගනුදෙනුකරුවෝ ද, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ද වෙති.
    ශ්‍රී ලංකා රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් මෙහෙයවන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා බැඳුණු අඩුලුහුඬුකම් කිහිපයක් මෙම කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
    රජයේ අතිශයින්ම සංවේදී තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැවින් එම අංශයට අදාළව විධිමත් සුපරීක්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කළ යුතු බව ත්‍රිපුද්ගල කමිටුව පිටු 19 කින් සමන්විත සිය වාර්තාවේ සඳහන් කොට ඇත.
    කෙසේ වෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කොට ඇති පරිදි වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වැනිදා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වා ඇත.
    "මූල්‍ය මණ්ඩල ලඝු සටහන් 4/2015 යටතේ වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලියට අනුව එම කාර්යය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවේ" යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මහ බැංකු අධිපතුවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි.
    කෙසේ වෙතත් වසර තිහක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බව කමිටුව ප්‍රකාශ කොට තිබේ.
    පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කොට ඇත.
    වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chief Dealer) කරුණු විමසිය යුතු බවත් කමිටුව නිර්දේශ කොට තිබේ.
    බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය සිදු කළ ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වූයේ නීතිඥ ගාමිණි පිටිපන (සභාපති ), නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතිඥ චන්දිමාල් මෙන්ඩිස්, යන මහත්වරුන්ගෙනි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය කියන පාඩුව එන්නේ කොහොමද කියාලා මන් තාම හොයනවා ,මොකෝ ඔකේ එක එක අය එක එක ගනන් කියනව

    man මෙතන දැම්මේ මේකේ ආර්ථික ප්‍රතිවිපාක ගැන කියල නැතිනිසා ,

    thanks for good reply... im looking forward to see your explanation soon..