යහපාලනයේ හොද වැඩක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    යහපාලනයේ හොද වැඩක්






    කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

    ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ වාණිජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ (රින්ගින් ටෝන්) ලෙස භාවිත කරන විට ද එහි අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරා ගැනීම සඳහා පවත්වන ගීතමය තරගවලදී (රියලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිතා කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක්ද මෙම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ.
    2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.



    ලංකාදීප
     

    Similar threads