යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ

යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ

public_corruption1.jpg

යහපාලනය ඇති වී වසරක් ගෙවී ඇතත් රටේ දූෂණයේ සැලකිය යුතු අඩුවක් සිදු වී නොමැති බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව පවසන්නේ ලෝකයේ රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් ඒ ඒ රටවල දූෂණ හා වංචාවන් සිදු වන ප්‍රමාණය අනුව නිකුත් කර ඇති ලෝක දර්ශකය උපුටා දක්වමිනි.

2015 වසර වෙනුවෙන් නිකුත් වූ එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ අසූ තුන් වැනි ස්ථානයයි.

2014 වසරේ දී අසූ පස් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2015 දී පියවර දෙකකින් ඉහලට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය අඩු වී ඇති බවයි

ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග –
‘මෙවර අපි පියවර දෙකක් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අපිට ලැබී තියෙන ලකුණු ප්‍රමාණය 38 සිට 37 දක්වා පහත වැටී තියෙනවා. අපව වඩා පහලින් සිටි ඉන්දියාව අප පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.'

බලය එනතුරු පමණක් දූෂණය ගැන කතා කර, ඉන්පසු බලයෙන් උද්දාමයට පත්වී සුපුරුදු ලෙසම පැරණි අවලම් වැඩපිළිවලම ක්‍රියාත්මක කරන්නේ නම් මේ යහපාලනයෙනුත් රටට වන සෙතක් නොමැත. මුළු රටම බලාපොරොත්තු වුනු වෙනස මෙයද ?

– ඈන් ඉශාරා
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුෂණය අඩුවෙන්නේ කොහොමද ඉස්සෙලා හිටපු ඇමතිලා සෙට් එකමනේ දැනටත් ඉන්නේ...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔන්න හොරු, මෙන්න හොරු. අල්ලපියවු, හාරපියව්. අන්න අස්සය පැන්න, මෙන්න නිසාන් ලැම්බොගිනි :lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මිනිස්සු වැඩිපුරම මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ හිටපු හොරු ටිකයි කුඩ්ඩො ටිකයි ඔක්කොම පෝලිමට හිරේ යවන්න. එත් හොරු හිරේ ගියේ නැහැ. ගෙදර යවපු වාචාල කම්බ හොරු එවුනුත් උගත්තු ගන්න හිටිය ලිස්ට් එකෙන් අරගෙන නිකම් ඉන්නේ නැතුව උන්ට අමතිකමුත් දුන්නා. හිටපු හොරුන්ගෙන් බාගයක් අලුත් ආණ්ඩුවේ රෙදි හෝදනවා. අනික් උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතින් ආපු උන් ටික හොරා කන්න ලැස්ති වෙනවා. අන්තිමට කියන්න වෙලා තියෙන්නේ හිටපු ආණ්ඩුවේ හොරු කුඩ්ඩො ඉදලම නැහැ කියලා තමා. ලංකාවට ගොඩ ඒමක් පේන මානෙකවත් නැහැ. :(
    මොක්කු හරි අලුත්ම උන් ටිකක් කුමන්ත්‍රණයකින් හරි බලය අල්ල ගත්තොත් මිසක්.
    ඔය හොතම්බුවෝ සෙට් එක ඉන්නකම් රටට සෙතක් වෙන්නේ නම් නැහැ.
     
    Last edited:

    :yes: :(