යහපාලන ආර්ථික විශේසඥයින්ගේ දුබල මානසිකත&
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF ) විසින් ලබා දීමට නියමිතව තිබූ ණය පසුගිය කාලයේ රටේ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නිසා තාවකාලිකව අත් හිටවා ඇති බවත් ඒ නිසා මේ වසරේ රජය විසින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක ණය ගෙවීම ගැටලුවක් වී ඇති බවත් පසුගිය සතියේ පැවති ආර්ථික විශේසඥයින්ගේ සමුලුවකදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා තිබුනි. ඔහුගේ ප්‍රකාශය අසා සිටින සාමාන්‍ය ජනතාවට සිතෙන්නේ රටේ ණය ගෙවීමට ඇති එකම ක්‍රමවේදය ජාත්‍යන්තර අරමුදලින් තව තවත් ණය ගෙන පරණ ණය ගෙවීම බවත් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල දින 51 කට අගමැති කම දැරීම නිසා මෙසේ ජාත්‍යන්තර අරමුදලින් යහපාලනය රජය ගැනීමට තිබුන අලුත් ණය මාස කිහිපයකින් ප්‍රමාද වී ඇති බවත්ය.
යහපාලන රජයේ හා එහි ආර්ථික විශේසඥයින්ගේ දුබල මානසිකත්වයට මීට වඩා හොඳ උදාහරණයක් නැත. මහ බැංකු අධිපතිවරයෙකුගෙන් ආර්ථික විශේසඥයින්ගේ සමුලුවකදී බලාපොරොත්තු වන්නේ ණය ගෙවීමට ණය ගැනීම ගැන කතා කිරීම නොව අලුතින් ණය නොවී පරණ ණය ගෙවන්නට වත්මන් හා පසුගිය රජයන් විසින් කල යුතුව තිබුන එහෙත් නොකල දේ පහදා දීමය. අවම වශයෙන් අනාගතයේදී වත් කල යුතු දේ පහදා දීමය.
ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිතයක් තිබෙනවානම් ණය ගෙවීම සඳහා අලුතින් ණය ගන්නට සිදු වන්නේ නැත. ඒ නිසා මහ බැංකු අධිපතිවරයා මුලින්ම පහැදිලි කල යුත්තේ ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිත මේ වන විට 2014 ජනවාරි මාසයේ තිබුන ඇමෙරිකානු ඩොලර් මිලියන 8300 ට වඩා බෙහෙවින් පහලට පැමින ඇත්තේ මන්ද කියායි.
පසු ගිය දින වල රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2018 ඔක්තෝබර් වල මහබැංකුව සතුව විදේශ සංචිත ඩොලර් මිලියන 7900 ක් තිබුන බවත් 2018 නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ක කෙටි පාලන කාලය තුල මේ සංචිත අඩු වී ඇති බවත්ය.
මෙයද හුදෙක්ම ජනතාව නොමග යැවීම සඳහා කල ප්‍රකාශයකි.
2015 ජනවාරි වල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්වන විටත් රජය සතු විදේශ සංචිත ඩොලර් මිලියන 8300 ක් තිබුනි. ඒ 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට එනවිට තිබුන ඩොලර් මිලියන 2,300 ක විදේශ සංචිත වසර 9 ක් තුල ඩොලර් මිලියන 6000 කින් වැඩි වීමකි.
2005 -2014 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි වසර 9යෙන් 4 1/2 ම මේ රටේ යුද්ධයක් තිබුනි. එසේ තිබියදීත් වසරකට ඩොලර් මිලියන 667 ක් පමන සාමාන්‍ය අගයකින් සංචිත වැඩි වී තිබුනි.
මේ අවම වේගයෙන් ගියත් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික කලමණාකරනය අතට නොගත්තානම් අද වන විට විදේශ සංචිතවම වශයෙන් ඩොලර් මිලියන 11,000 ක් වත් විය යුතුයි.
මීට අමතරව යහපාලන රජය පත් වූවට පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල විශාල වශයෙන් අඩු වීම නිසා රාජපක්ෂ මහතාගෙ අවසාන රාජ්‍ය පාලන වසරේ තෙල් වෙනුවෙන් වැය කල මුදලට වඩා ඉතා අඩු මිලකට තෙල් මිලදී ගැනීමට රජයට අවස්ථාව ලැබුනි. මේ නිසා පසුගිය වසර 4 තුල රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 කට වඩා ඉතුරු විය.
පසු ගිය වසර 4 තුල රජය විවිධ ආකාර වලින් ලබා ගත් ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 20,000 ට වඩා වැඩි බව පසුගියදා හිටපු මහ බැංකු අධිපති නිවාර්ඩ් කබ්‍රාල් මහතා රූපවාහිනී සාකච්චාකදී පෙන්වා දුන්නේය.
එසේ නම් වත්මන් මහබැංකු අධිපතිතුමා ආර්ථික විශේසඥයින්ගේ සමුලුවේදි පැහැදිලි කල යුතුව තිබුනේ යහපාලන රජයේ දුර්වල ආර්ථික කලමණාකරනය නිසා 2014 අවසන් වන විට තිබුන ඩොලර් මිලියන 8,300 වසර 4 ක් තුල ඉහල යනවා පහලට ආවේ කෙසේද කියායි. එසේ නොකොට මහින්ද රාජපක්ෂ දින 51 කට අගමැති වීම නිසා ජාත්‍යන්තර අරමුදල අමනාප වූවායැයි නෝක්කඩු කීම එතුමාට තරම් නොවේ.
-නාලක ගොඩහේවා