යළිත් තෙල් හිඟයක්? - තෙල් සංස්ථාවේ වැඩ නවතී

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    යළිත් තෙල් හිඟයක්? - තෙල් සංස්ථාවේ වැඩ නවතී

    ඛණිජ තෙල් වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඊයේ (28) ඇති වූ සිදුවිම පාදක කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛණිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසයි.

    ඊයේ රාත්‍රීයේ සිට තෙල් බෙදාහැරීම නතර කිරීමට ද පියවර ගත් බව එම සංගමයේ උප සභාපති ප්‍රේමරත්න ගමගේ මහතා පැවසුවේය.

    මේ අතර ඊයේ පස්වරුවේ ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා අතරින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

    සෙසු තුවාකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වැඩිදුරටත් වාර්තා වේ.