යළිත් ප්‍රදේශ රැසක ගෑස් හිඟයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.

    වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇතැයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසයි.

    ගෑස් අලෙවි නියෝජිතයින්,
    "අපි දැන් අහන්නෙත් නෑ... හොයන්නෙත් නෑ... ආවොත් විකුණනවා. නැත්නම් නිකන් ඉන්නවා."

    "මම ගෑස් කඩේ මුදලාලි වෙලා දැන් මට නෑ. මම ගියා කිලෝමීටර් 15ක් 20ක් හැරිලා ආවා ගෑස් එකක් නැතුව."

    "ගෑස් නැත්තටම නැති කරලා. අපි කඩවල් ඇරගෙන ඉන්නවා දවස් ගානක් ගෑස් එයි කියලා ගෑස් ආවේ නෑ."

    මෙම තත්ත්වය පිළිබඳව "අද දෙරණ" කළ සොයාබැලීමේදී ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවය.

    ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

    ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.

    මේ අතර ඉදිරි දින 3 තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී බේකරි 75% වසා දැමීමට සිදුවන බව කුඩා හා මහා පරිමාණ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    මේ අතර ගෑස් හිඟය ඇතුළු ගැටලු වහා විසඳන ලෙස රජයට බලකෙරෙන විරෝධතා කිහිපයක්ම ඊයේ සහ අද පැවැත්වුණි.

    උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් "අද දෙරණ" පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසය.

    ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ මෙය තමන්ට අදාළ නොවන බවය.


    @erozan ubata GAS thiyada???????
     
    • Like
    Reactions: Solo Rider