යළි_සනාතයි_ඇන්කර්වල_ ඩයිසයන්ඩයිඒමයිඩ්[DCD]

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    යළි_සනාතයි_ඇන්කර්වල_ ඩයිසයන්ඩයිඒමයිඩ්[DCD]

    යළි සනාතයි.............ඇන්කර් වල ඩයිසයන්ඩයිඒමයිඩ්[DCD]




    f529.jpg


    කාර්මික තාක්ෂණ ආයතනය විසින් පාරිභෝගික ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide – DCD අන්තර්ගතද යන්න පිළිබඳව පර්යේෂණයක් සිදුකළ බවත් එම පර්යේෂණය සඳහා යොදාගත් ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම මිනිස් පරිභෝජනයට නුසුදුසු DCD රසායනිකය අන්තර්ගත බව සොයාගත් බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය කියයි.


    ඇන්කර්, ඇන්කර්1 ප්ලස්, ඩයමන්ඞ් සහ මැලිබන් නන්ෆැට් කිරිපිටි යන ආනයනික කිරිපිටි වර්ගවල මෙසේ DCD රසායනිකය ඇති බව තහවරු වී ඇත.
    ඒ අනුව ආනයනික කිරිපිටි වර්ග 04 ක සහ දේශීය කිරිපිටි වර්ග 02 ක සාම්පල විවිධ ප්‍රමාණයන්ගෙන් ගෙන මෙම පර්යේෂණය සිදු කර තිබේ.


    පර්යේෂණයට අනුව තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම DCD රසායනිකය අන්තර්ගත බවයි. එහෙත් හයිලන්ඩ් සහ පැලවත්ත දේශීය කිරිපිටි වර්ග 02 හි කිසිඳු DCD රසායනික තත්ත්වයක් අන්තර්ගත නොවන බව ද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත.
    ඩයිසයන්ඩයිඒමයිඩ් (DCD) රසායනිකය හරකුන් අනුභව කරන තණකොළ සඳහා යොදන අතර එය යෙදීමට ප්‍රධානතම හේතුව වන්නේ හරක් මුත්‍රා ආශ්‍රයෙන් නිෂ්පාදනය වන හරිතාගාර වායුව ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් එල්ල කරන නිසාවෙනි. DCD රසායනිකය යෙදීමත් සමග එම තත්ත්වය පහවී යයි. මෙම රසායනිකය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් කිරිපිටිවල DCD නැමැති රසායනිකය කිසිසේත් අන්තර්ගත විය නොහැකි බව ද ඔවුහු අනාවරණය කරති.


    DCD රසායනිකය කිරිපිටිවල අන්තර්ගත බවට රට පුරා පසුගිය කාලයේ මතයක් පැවතිණ. මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයත් පාරිභෝගික සේවා අධිකාරියත් පරීක්ෂණ සිදු කරයි. ඊට සමගාමීව සිදුකළ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණයන්හි අවසන් වාර්තාව අද අමාත්‍යාංශය මගින් එම ආයතන දෙකෙහි ප්‍රධානීන්ගේ අවධානයට සහ ශ්‍රී ලංකා රේගුව වෙත යොමු කළේය.
    ඉදිරියටත් මේ සම්බන්ධව අඛණ්ඩ පරීක්ෂණ සිදු කරමින් අවධානයෙන් සිටින බව කාර්මික තාක්ෂණ ආයතනය පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේත් පාරිභෝගික සේවා අධිකාරියේත් අධීක්ෂණයෙන් පසු ඉදිරි පියවර ගන්නා බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.
    මින් පෙරද අවස්ථා දෙකකදී මෙම කිරිපිටි වර්ගයේම විෂ ඇති බව තහවරු වූ අතර එය තවත් සොයාබැලීම සඳහා යළිත් පරීක්‍ෂණාගාර වෙත යොමු කෙරින.




    උපුටා ගැනීම >>>>>>>Click Here
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අහිංසක මිනිස්සුන්ට වසදෙන ඔය කම්පැනි කාරයන්ට හෙනම ගහන්න ඕනේ. CIC, Hayley's ඇතුළුව....
     
    • Like
    Reactions: kassa119