යාඥවක්‌ කළ ඛේදවාචකය....

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
යාඥවක්‌ කළ ඛේදවාචකය....

යාඥවක්‌ කළ ඛේදවාචකය.....
යාඥව මැද්දේ පිටිය මැද්දට දුව ආ පිරිස වෙනම
කූඩු දෙකකට දැම්මා : අපිට ළං වන්න දුන්නේ නෑ
කූඩුවල ඉන්නේ යක්‌කු කීවා

මියගිය ගුරුවරියගේ පියා කියයි

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

නොපෙනෙන දෙවියන් ඉදිරියේදී මානසික සහ කායික රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නට ගොස්‌ ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවන් දෙදෙනකුගේ මවක පිළිබඳ ශෝචනීය පුවතක්‌ මාතලේ පල්ලේපොල ප්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.

කොළඹ විහාරමහා දේවි එළිමහන් පීඨයේදී ඉකුත් 31 වැනිදා පැවැති දේව යාඥ මෙහෙයට සහභාගි වී දෙවියන්ගේ පිහිට පැතූ ඇය ජීවිතයෙන් සමුගත්තේ දෙවියන්ට ඇයගේ ඉල්ලීම නොපෙනීම හෝ ඉටු කිරීමට නොහැකි නිසාදැයි සිතේ.

මාතලේ පල්ලේපොල පදිංචි ප/මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව පන්ති සඳහා අධ්‍යාපනය ලබාදුන් පද්මා දමයන්ති සමරතුංග (41) දෙදරු මව ජීවිතයෙන් සමුගෙන සිටිති.

මියගිය ගුරුවරියගේ අනුරාධපුර ප්‍රදේශයේ ඥතිවරියකගේ මංගල සාදයට සහභාගි වූ ඇයට එහිදී සී.ඩී. පටයක්‌ මගින් දේව මෙහෙයෙන්, යාඥ කරමින් ලෙඩ රෝග සුවපත් කරන බව දැනගන්නට ඥතිවරිය සලසා දී ඇති අතර එම රූපරාමු දැකීමෙන් ඇයට තිබූ හිසරදය, කොන්දේ අමාරුව සහ සුළු සුළු රෝග සුවපත් කරගැනීම සඳහා අවශ්‍යතාව වූවාය. එA අනුව ඥතිවරියගේ මඟපෙන්වීම මත 31 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේ පැවැති දේව මෙහෙයට ඇය සහභාගිවීමට සූදානම් වූවාය. එA දෙමාපියන්ගේ, සැමියාගේ විරෝධතා හා අකමැත්ත ද නොතකාය.

මියගිය ගුරුවරියගේ සැමියා වන එA. එන්. සිරිවර්ධන මහතා -

අපි විවාහ වුණේ 1993 ජුලි 23 දා. දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා. පුතයි, දුවයි. බිරිඳට ඔළුවේ රදය, සෙම, බෙල්ලේ අමාරු තිබුණා. සිංහල/ඉංගී්‍රසි බෙහෙත් ගත්තා. ගිය 26 වැනිදා බිරිඳ අනුරාධපුරේ ඥතිවරියගේ නිවසේ මංගල සාදයකට සහභාගි වුණා. එහේදී දේව යාඥවෙන් ලෙඩ සුව කරන සී. ඩී. පටයක්‌ නරඹලා තියෙනවා. විල්ගමුව ප්‍රාදේශීය සභාවෙන් 30 වැනිදා ත්‍රිකුණාමලයට ගියා. එA සමග මමත් ගියා. 31 වැනිදා කන්තලේ සිට ත්‍රිකුණාමලය නරඹන්න ගියා. 01 වැනිදා උදේ 5.00 ට පමණ මට දුරකථන පණිවුඩයක්‌ ලැබුණා ඉක්‌මනට ගෙදර එන්න කියලා. මම ගෙදර ඇවිත් විස්‌තර දැනගත්තා.

මියගිය ගුරුවරියගේ මව පී. එස්‌. ලතා සමරතුංග (61) මහත්මිය -

31 වැනිදා උදේ පාන්දර 2.45 ට පමණ ඇහැරිලා දුව මූණ සෝදනවා ඇහුණා. දුව තනියම යවන්න බැරි නිසා දරුවෝ දෙන්නත් මමත් මහත්තයත් ගියා. උදේ 7.35 ට පිටකොටුවට ඇවිත් එතැන් සිට අනුරාධපුරේ ඥති දියණියගේ තොරතුරු අනුව විහාරමහාදේවි උද්‍යානයට ආවා. 11.10 ට විතර යාඥව පටන් ගත්තේ අපිට නැගිටලා, ඇස්‌ දෙක පියාගෙන දෙවියන්ට යාඥ කරන්න කියලා. "මේ සුදු මල් ඔබ වහන්සේට" කියලා තමයි ආරම්භ කළේ. මොනව කිවුවද? මන්දා මිනිස්‌සු නටන්න පටන් ගත්තා. මම ඇස්‌ ඇරලා බලනකොට දුව හිටියේ නැහැ. මම බැලුවා, අපි ඉදිරියේ කොටුවක්‌ තිබුණා. මම එතෙන්ට දිව්වා. අපිට යන්න දුන්නේ නැහැ.

මියගිය ගුරුවරියගේ පියා පියදාස සරත් සමරතුංග (67) මහතා -

මම දුවට මේ ගමන යන්න එපා කියලා බල කළා. අපි බුදුදහම අදහන්නේ. අපේ ආගමට අනුව අපි මොනවාහරි කරමු කියලත් කීවා. දුව කීවා කවුරු ආවේ නැතත් මම යනවා, කවුරුවත් එන්න එපා. දරුවෝ දෙන්නා හොඳින් බලාගන්න කියලා කීවා.

දුව යන්නම ඕනෑ කිව්ව නිසා අපි ගියා. ඇස්‌ වහන්න කීවාට මම ඇස්‌ වහගත්තේ නැහැ. උදේ 11.10 ට විතර යාඥව පටන් ගත්තා. යාඥව අතරතුර මිනිස්‌සු පිටිය මැදට දිව්වා. සමහරු නැටුවා. දුව එතැන වැටිලා හිටියා දැක්‌කා. දුවගෙන ආව මිනිස්‌සු කාන්තා/පිරිමි වෙන වෙනම වට කරලා තිබුණ කූඩු දෙකකට දැම්මා. කූඩු ඇතුළේ හිටිය උදවිය මහ හයියෙන් කෑගැහුවා. මම දුව හොයන්න ගියා. අපිට යන්න දුන්නේ නැහැ. කූඩුවල දැන් ඉන්නේ යක්‌කු යන්න එපා කීවා.

මම දුව දැක්‌කා වැටිලා හිටියා. මම උදව් ඉල්ලුවත් කවුරුවත් ආවේ නැහැ. හොඳ වෙයි කීවා. සවස වැස්‌සක්‌ ආවා. එA වෙලාවේ උදව් ඉල්ලුවාම දුව නොතමෙන තැනකට දැම්මා. මම උදව් ඉල්ලුවා රෝහලට අරගෙන යන්න කවුරුවත් ආවේ නැහැ. සවස 4.30 ට විතර තමයි රෝහලට අරන් ගියේ යෑයි පැවසීය.

"මේ මල් ඡේසුට පුදමි" කියමින් ආරම්භ කළ යාඥවෙන් සඳුනිකා මධුෂානි සිරිවර්ධන (15), ලසිඳු ගිහාන් අවිශ්ක සිරිවර්ධන (08) දරු දෙදෙනාට දයාබර මවක්‌, එA. එන්. සිරිවර්ධනට දයාබර බිරිඳක්‌, ලතා සමරතුංග සහ පියදාස සරත් සමරතුංග දෙදෙනාට දයාබර දියණියක්‌ මෙන්ම ප/මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට කීර්තිමත් ගුරුවරියක්‌ අහිමි කළ මේ ශෝචනීය බිලි පූජාව පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය අද යොමුවිය යුතුව ඇත.

මීට පෙර ද මෙවැනි සිදුවීම් ගණනාවක්‌ සිදුවුවත් වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම මෙම මරණයට ද මඟ හෙළි විය. ලෙඩ සුව කිරීමේ මුවාවෙන් පවත්වන මෙවැනි යාඥ මඩු හරහා තව කී දෙනෙක්‌ අනාගතයේදී ශෝචනීය ලෙස සමුගනු ඇද්ද? මේ සඳහා ප්‍රමාද නොවී නීතිමය පියවර ගැනීම වගකිවයුත්තන්ගේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇති බවට ජනතාව විශ්වාසයෙන් පසුවෙති.
 
  • Like
Reactions: CoolCartoon

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
BARABARIANS..... these people are MURDERERS.....

But why people believe in this kind of barbaric stuff... i mean yeah people get desperate sometimes... BUT this is not the first time... Everyone knows these are FAKE.

 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
එලිපිට මිනීමරනව කියන්නෙ මේකට...හොදවැඩෙ මැරුන්කන්න
යනවුන්ට..දැන් ඉතින් කාල වරෙන්කො
 

Napzter

Member
Nov 6, 2009
163
3
0
Hounslow, United Kingdom
BARABARIANS..... these people are MURDERERS.....

But why people believe in this kind of barbaric stuff... i mean yeah people get desperate sometimes... BUT this is not the first time... Everyone knows these are FAKE.


yeah. its true. those priests are f**** as* ****s.
 
May 17, 2006
3,632
90
0
එලියෙන් අදුරට යන මොඩ මිනිස්සු ඉන්න රටක්නේ බන් මේක........
 

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මුං නං කාලකන්නි යක්කු බං. අහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන ඒ මිනිස්සුන්ගෙ ජීවිත නැති කරන මේ වගේ මූලධර්මවාදී මානසික ආබාධ තියෙන උන් මේ සමාජයේ ඉන්න බෑ. මේ වගේ යක්කු මේ රටත් කාල මෙක කාලකන්නි දේශයක් කරනව. එකට ඉඩ දෙන්න බෑ.

    මචං siyalladath උඹ කලේ ලොකු දෙයක්. මේ වගේ සත්තු ගැන සමාජය දැන ගන්න ඕනෙ මුන්ට අහු නොවී ඉන්න.

    මචං අහිංසක මිනිස්සු දැනුවත් කරන්න උඹ මේ දැම්ම thread එකට පිං....
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මුං නං කාලකන්නි යක්කු බං. අහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන ඒ මිනිස්සුන්ගෙ ජීවිත නැති කරන මේ වගේ මූලධර්මවාදී මානසික ආබාධ තියෙන උන් මේ සමාජයේ ඉන්න බෑ. මේ වගේ යක්කු මේ රටත් කාල මෙක කාලකන්නි දේශයක් කරනව. එකට ඉඩ දෙන්න බෑ.

    මචං siyalladath උඹ කලේ ලොකු දෙයක්. මේ වගේ සත්තු ගැන සමාජය දැන ගන්න ඕනෙ මුන්ට අහු නොවී ඉන්න.

    මචං අහිංසක මිනිස්සු දැනුවත් කරන්න උඹ මේ දැම්ම thread එකට පිං....

    Ow machan api ma wena kristhiyaanu akkramayata wirudha wiyayuthi
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    යාඥා කරලා ලෙඩ හොද කොරන්න පුළුවන් නම් අහවල් එකකට යෑ ඉස්පිරිතාල කියල ජාතියක් තියෙන්නෙ :dull:මේ මිනිස්සුන්ට මොළයක් කියල එකක් නැද්ද :eek: