යාදෙක නොරත රත සමග පෑහීමක් නැත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාදෙක නොරත රත සමග පෑහීමක් නැත


    43MaithripalaSirisena.jpg.image_.975.568.jpg

    දැන් දෙන්නටම සනීප ඇති...
    හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති.

    මයිත්‍රීට කෙලවෙලා තියෙන හැටි දැක්කම මට සිහි උනේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්...:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1820782

    එක්තරා මීයෙක් සහ ගෙම්බෙක් හිතමිතුරු වී සිටියහ.
    මීයා ගොඩබිමේ ජීවත් වූ නිසාත්, ගෙම්බා ගොඩ බිමෙහි හා දියෙහි ජීවත් වන නිසාත්
    ඔවුන් දෙදෙනා කරට කර ගැලපුනේ නැත.
    ඔවුන් කිසි දිනක වෙන් නොවන ලෙස ගිවිස ගෙන, මීයාගේ පයක් ගෙම්බාගේ පයක ගැටගසනු ලැබිණ.
    ගොඩ බිමෙහි සිටින තාක් කල් ඔවුන්ගේ මේ පැවැත්මට බාධාවක් ඇති නොවීය.
    එහෙත් එක්තරා පොලුණක් සමීපයට පැමිණි විගසම ගෙම්බා සුපුරුදු ලෙස මීයාද ඇදගෙන
    පොකුණට පැන පීනන්නට වූයේ ප්‍රීතියෙන් බක බක ගාමිනි.
    අවාසනාවන්ත මීයා වතුරේ ගිලෙමින් දිය මතුපිට පාවුණි.
    මෙය දුටු උකුස්සෙක් හඹාවිත් ඌ ඩැහැගෙන ගියේය.
    ගෙම්බාට මීය එක් කොට ගැට ගසා තිබී ගැටය ලෙහාගැනීමට අසීරු වූයෙන්,
    ඉතා පහසුවෙන් දෙදෙනාම උකුස්සාට ගොදුරු වූහ.

    උපහැරණය:
    1. නොගැළපෙන අය එකට ජීවත් වීමෙන් දෙපාර්ශවයටම හානි සිදු වේ.
    2. යාදෙක නොරත රත සමග පෑහීමක් නැත

    “යා දෙක නොරත රත
    සමග පෑසීමෙක් නැත”
    මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.

    ගොවි පුතාට දිස්ත්‍රික්කෙ ඡන්ද පදනමක් වත් නැති උනේ නොගැලපෙන්නෙක් බව දැන දැනත් රනිල්ට යටත් වී සිටි මෝඩ පාලනට නිසාය.:yes:


     
    • Like
    Reactions: Dishta Didin

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අලගියවන්න මුකවෙටි කියන්නෙත් සිරා බුවෙක් බන්..
    උගෙ ජීවිත කතාවත් මරු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමිත ගුණ නුවණ යුතු උතුමෝ
    පබඳඅනත වෙහෙස ලදුවත් නොමැවෙති
    දුහදදිගත පතළ සුවඳැති සොද සඳුන්
    කඳසිඳත මඬිත එක ලෙස පැතිරෙයි

    සුවඳඅප‍්‍රමාණ වූ ගුණයෙන් හා ඥානයෙන් යුක්ත වූ උත්තමයෝ අනන්ත වෙහෙස ලද මුත් දුෂ්ට අදහස් ඇත්තෝ නොවෙති. දිශාන්තයෙහි පැතිර ගිය සුවඳින් යුක්ත යහපත් සඳුන් කඳ කපන කල්හිඳ තළන කල්හිද ඒකාකාරයෙන් සුවඳ විහිදුවන්නාක් මෙනි.:rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අමිත ගුණ නුවණ යුතු උතුමෝ
    පබඳඅනත වෙහෙස ලදුවත් නොමැවෙති
    දුහදදිගත පතළ සුවඳැති සොද සඳුන්
    කඳසිඳත මඬිත එක ලෙස පැතිරෙයි

    සුවඳඅප‍්‍රමාණ වූ ගුණයෙන් හා ඥානයෙන් යුක්ත වූ උත්තමයෝ අනන්ත වෙහෙස ලද මුත් දුෂ්ට අදහස් ඇත්තෝ නොවෙති. දිශාන්තයෙහි පැතිර ගිය සුවඳින් යුක්ත යහපත් සඳුන් කඳ කපන කල්හිඳ තළන කල්හිද ඒකාකාරයෙන් සුවඳ විහිදුවන්නාක් මෙනි.:rolleyes:

    :rolleyes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සුභාෂිතය පොරගෙ නෙ ?
    පොර සුභාශිතය ලියල රටේ ඉන්න එකාල හොඳට ඉන්න ඕනි හැටි ගැන ලියල මූ පෘතුගීසීන්ට ජොයින් උනා. ආගමටත් ගියා මම අහල තියෙන විදිහට.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොර සුභාශිතය ලියල රටේ ඉන්න එකාල හොඳට ඉන්න ඕනි හැටි ගැන ලියල මූ පෘතුගීසීන්ට ජොයින් උනා. ආගමටත් ගියා මම අහල තියෙන විදිහට.


    සැවුල් අස්තින් පසු අලගියවන්න පඬිවරයා විසින් ‘දහම්සොඬවග’ පැදියට නගා ‘දහම් ‍ෙසාඬ දා’ කව කරන ලදී. එය කරන ලද්දේ ‘ සමර දිවාකර මූකවෙට්ටි’ යා ගේ ආරාදනයෙන් බව එහි මැ සදහන් වෙයි. සැවුල් අස්නෙ දක්නට ලැබෙන වැනුමෙන් අමුතු වූ වෙක් එහි දක්නට නොලැබේ. සමරදිවාකර මූකවෙට්ටියා එ පොත කියවා වටහා ගැනීමට පමණ පැදි සිංහලය දැනැසිටියා ද යනු සැක සහිතයි. එ දවසේ පොත් කිරීමට ලබන ආරාදනය මෙ දවසේ පොත් පිළිගැන්වීමට සමයි.


    එයින් ඉක්බිති අලගියවන්න පඬිවරයා විසින් කරන ලද්දේ කුසදා කවයි. සග බෙදුමෙන් යුතු කොටැ මහ කවක් වනසේ ‍කරන ලද එ පබද මහ කවක් වන්නේ එ සග බෙදුමෙන් මැ පමණෙකි. එය කරන ලද්දේ අත්තනායක මැතිණියන් වූ ‘මැණික්සාමි’ නම් උවැසියන් ගේ ආරාදනයෙන් බව ‍එහි මැ සදහනි. ආරාදනයේ හැටි යෙනුත් පොතේ විදියෙනුත් පෙනෙන්නේ මෙ කිවියා සිරිරහල් හිමියනුත් කවිසේකරයත් සිතේ ගන්වා - ගෙනැ එය කළ බවයි. එ වුවත් මෙ කිවියාගේ කව‍ර පබඳිනුත් පෙනීයන්නේ ඔහු අන් ඇමට වැඩියෙන් කවිසිළුමිණි කුසදාවේ වැනුම් ගුරුකමට ගත් බවයි ( සැවුල් අසුන් පවත බලන්නැ). කුසදා කව මෙ පඬිවරයා ගේ අවසන් පබඳ හැටියට සැලැකියැ හැකි යි.


    අලගියවන්න පඬිවරයා පසු කලෙකැ පරංගි ආණ්ඩුව යටතේ ලේකම් මිටියක් (තෝම්බුවක්) සකස් කළ බවත්, එ වකට ඔහු දොම් යෙරනිමෝ අලගියවන්න යැ යි කතෝලික විසින් පළ වූ බවත්, එ දවස්හි දී පරංගිහටන , මහ හටන. කොස්තන්තිනු හටන ඈ පොත් කළ බවත් පරංගි ලතින ඈ බස්හිදු දැනුමක් ඇතිවැ සිටි බවත් පරංගි ලේකම් මිටිය අසරින් කරුණු දත් (S.J.) පෙරේරා (S.J.) පියතුමා කියයි. එ ලේකම් මිටියේ හැටියට ඔහුගේ උපත සිදුවුයේ කි.ව. 1552 ට පත් සඳයැයි ද පැවැසේ.


    රජසිහ රජු ගේ මරණින් මඳ කලකට පසු අරට්ටකි වෙණ්ඩු පෙරුමාල් මනම්පේරි මොහොට්ටාල ජයවීර බණ්ඩාර මුදලියා ගේ නො සැබි ක මි න් සීතාවක රට පරංගි දනන් නතු වූයේ යි. එ දවසේ මෙ පඬිවරයා ඔවුන් නතු වැ කතෝලිකයෙකු බවටbපත්වුණා ද නැද්ද යනු ඉඳුරා මට නො කියැ හැකියි. එහෙත් පරංගි හටන ඈ පොත් නම් ‍ෙම කිවියා ගේ පැබැඳුම් නො වන බව ඔහු ගේ සෙසු පොත් අඳුනන කාහටත් සැක හැරැ අඳුනා දත හැකියි. මොහු විසින් කුසදා කව කරන ලද්දේ කි. ව. 1610 වූ සද බව එහි මැ සදහන් වෙයි. එ විටැ රජසිහ රජු නැසී සතළොස් වසක් ඉක් මැ ගොස් යැ. සීතාවක රට පරංගි දනන් නතු වූයේ ද ඊට සොළොස්වසකට පෙරැයි. ඉදින් අලගියවන්න පඬිවරයා කතෝලිකයකු වුණා නම් ඒ වන්නට ඇත්තේ මීටත් නො වේ ද?


    ඔහු පරඃගි බස කතා කරන්නට දැනැ සිටියාට සැකෙක් නැති. එහෙත් ලතිනයක් ඔහු දත්තා නම් ඒ බයිබල ලතිනය මිසැ රෝම ගත් කරුවන් ගේ ලතිනය නොවියැ හැකි. මෙ පඬිවරයා ගේ සකුබස දැන්ම ‘ප්රතත්යී ශතකයේ’ සඳහන් සිලෝ වැනි උපදෙස් බස් සිලෝ කීපයකට පමණක් හිමිවන බවට ඔහු ගේ සියලු පබඳ දෙස් දෙයි. තමාහදාළ එළු පොතින් ඔහු කොතෙක් දුරට වැඩ ගත්තාද යනු දහම් සොඬදා කව, කුසදා කව, මෙ සැවුල් අස්න බැලීමෙන්වටහා ගත හැකි. එවන් සපන් කම් කැරැ පුරුදු කිවියකු ලතිනයත් දත් පසු ඔහු අතින් ‘පරංගි හටන’ වැනි පබඳක් කැරුණා නම් එය කෙ බඳු එකක් වන්නේ ද යනු සිතා ගැන්ම ඒ හැටි බැරි කරුණෙක් නො වේ. කිසි විටෙකැ මෙ පරංගි ලේකම් මිටියේ සදහන් වන දොම් යෙරනිමෝ අලගියවන්නයා කුමාරදාස කිවියා දක්නට ආ කාලිදාස කිවියා වැනි අනෙක් අලගියවන්නයකු වන්නට ද බැරි නැති. උපන් අවුරුද්ද ඒ මැ නම් අලගියවන්නයාත් මේ මැ නම් කුසදාව කරනවිටැ අට පනස් වියේ සිටි ඔහු කතෝලිකයකු වී ‍ලේකම් මිටිය සැපැයීමේ යෙදෙන්නට ද ඇතැයි සිතන්නට ද ඉඩ ඇති. එහෙත් පරංගි හටන ඔහු වන් මූ කළ කිවියාව ඇත්තකු ගේ පබදක් නම් නො වියැ හැක්කේයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනෙ අපි සමහර නෑයො ගෙදරට ආවාම කාමරෙන් එලියට එන්නැත්තෙ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත