යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්&
රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනයේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදියි.
කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අද (23) දහවල් 2.45ට පමණ මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින් ඇතුළත් කෙරුනේ යාපනය තෙලිප්පලේ රෝහලටයි.
පසුව පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි.
කෙසේ වෙතත් නෙත් නිවුස් යාපනය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී භවානන්ද රාජාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඔවුන් හදිසි අනතුරු එ්කකයේ ප්‍රතිකාර ලබන අතර එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.
යාපනය සහ චුන්නාක්කම් ප්‍රදේශයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කර තිබෙනවා.
http://nethnews.lk/article/22258