යාපනයේ දී පිළිගනී

Oct 4, 2017
231
13
0
යාපනයේ දී පිළිගනී

ලංකා ඊ නිව්ස් -2017.ඔක්.03,  ප.ව‍‍.11.30
 
Last edited:
  • Like
Reactions: Smartm

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    නැත්නම් කොහොමද මල්ලි දෙමල චන්ද ටික කඩා ගන්නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    පුදුමය නම් සරත් ෆොන්සේකා මරාගෙන කන්නට හැදූ එකෙකු වත් බැසිල් රාජපක්ෂ මරාගෙන කන්නට නොයෑමයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුදුමය නම් සරත් ෆොන්සේකා මරාගෙන කන්නට හැදූ එකෙකු වත් බැසිල් රාජපක්ෂ මරාගෙන කන්නට නොයෑමයි.


    ෆොන්සේකගේ ප්‍රකාශයේයි මේ ප්‍රකාශයෙයි වෙනසක් පේන්නේ නැද්ද්
     
    Oct 4, 2017
    231
    13
    0
    ෆොන්සේකගේ ප්‍රකාශයේයි මේ ප්‍රකාශයෙයි වෙනසක් පේන්නේ නැද්ද්

    මොකක්ද මහින්දගෙ වහලො වෙනස?
    ඔයාල වගේ කිසිම බුද්ධියක් නැති ගෝත්‍රික මිනිස්සු නිසා තමයි මේ රට හදන්න බැරි
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් කාටද මේකෙන් සතුටු... දෙමල ඩයස්පෝරාවේ එවුන්ට හිටු කියල තෑගී දෙනව දෙපෑත්තෙම සින්හලු. ඈත්තටම මේ කියන්නේ යුද අපරාද ගෑන නෙමේ. හමුදාවේ කොටසක් යම් යම් අපරාද වලට සම්බන්දයි කියල. ඒක කවුරුත් දන්නව. ඒවට නීතිය ක්‍රියාත්මක වෙනව. නමුත් ලන්කාවේ සින්හලයෝ දෙපෑත්තට බෙදිලා ඒවාට වෙන වෙන අර්ත කතන දෙනව. ඔයිට හොදයො පකයල ලෑට් වලක් හාරන් කෑවනම්.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Basil-02Oct2017-Jaffna-FB.jpg

    අහිමි වූ දෙමළ ජනතා මතය යලි දිනා ගැනීමේ අටියෙන් හෝ බැසිල් රාජපක්ෂ විසින් ඔවුන්ගේ පාලන කාලයේ දී අයියා සහ මල්ලී විසින් මෙහෙයවන ලද යුද හමුදාවේ පුද්ගලයන් විසින් ‘අපරාධ‘ සිදුකරන ලදැයි ප්‍රථම වතාවට පිළිගෙන තිබේ. 

    ඔහු මෙම පිළිගැනීම කරන ලද්දේ පසුගිය සතියේ තම නව දේශපාලන පක්ෂයේ සංවිධාන කටයුතු උතුරේ ආරම්භ කරමින් කරන ලද සංචාරය අවසානයේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. 

    එහිදී පසුගියදා සරත් ෆොන්සේකා විසින් යුද්දයෙන් පසුවත් හමුදාවේ සිටි රාජපක්ෂලාගේ යුද හමුදා නායකයන් විසින් යුද අපරාධ සිදුකරන ලදැයිද අවශ්‍ය වුවහොත් තමා ඒ පිලිබඳ සාක්කි දීමට සූදානම් කියාද කරන ලද ප්‍රකාශය පිලිබඳව ජනමාධ්‍ය වේදියෙකු බැසිල්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී පිළිතුරු ලෙස ඔහු තතනමින් මේ බව කියා සිටියේ ය. 

    “මට මේ කාරණය ගැන ප්‍රකාශයක් කරන්න වුවමනාවක් නෑ. ඒත් අපේ හමුදාව යුද අපරාධ කළැයි මා සිතන්නේ නෑ. නමුත් හමුදාවේ යම් යම් පුද්ගලයන් කරන්නට ඇති. ඒවා ‘යුද අපරාධ‘ නොවේ. නමුත් අපිට ඒවා ‘අපරාධ‘ යැයි කියන්න පුළුවන්. ඒවා මෑතකදී උතුරේ අධිකරණය විසින් තීන්දු කරන ලද ප්‍රසිද්ධ අපරාධය හා සමානයි. එම අවස්ථාවේ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දුන් පුද්ගලයා එවැනි ප්‍රකාශ නොකළ යුතුයි. මම හිතන්නේ ඒවා වගකිව යුතු වචන නොවෙයි. මට මේ ගැන වැඩිපුර කතා කරන්න අවශ්‍ය නෑ, මන්ද ඒවා විවේචනය කරන්න හෝ අනුමත කරන්න හෝ තරම් අවබෝධයක් මට නෑ.“   
     
    බැසිල් රාජපක්ෂ මෙහිදී ඔවුන්ගේ අනෙකුත් ජාතිවාදීන් කරන ප්‍රකාශ වලට විරුද්ධ තවත් ප්‍රකාශයක් කෙළේය.  එනම් යාපනයේ හමුදාවන් අත්පත්කරගෙන සිටින සියලු පෞද්ගලික ඉඩම් සියල්ලම නැවත එහි උරුමකාර ජනතාවට ලබා දිය යුතු යැයි බැසිල් පැවසීය. හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් හා දේපළ ද්‍රවිඩ හිමිකරුවන්ට නැවත ලබාදෙනු පමණක් නොව, ඉඩම් දේපළ නොමැතිව සිටිනා ජනතාවට රජයේ ඉඩම් ලබාදිය යුතු යැයිද බැසිල් කීවේ ය. 

    යුද්ධය පැවැති කාලය තුළ හා ඉන් පසුව අතුරුදහන් කරණ ලද ජනතාවගේ ගැටලුව ‘මානුෂික’ ආකාරයට විසඳාලිය යුතු බව ද ඉක්මන් විසඳුමක් ඒ සඳහා හැකි පළමු අවස්ථාවේදීම ලබාදිය යුතු බව ද බැසිල් රාජපක්ෂ පැවසීය.

    රාජපක්ෂලා උතුරට එකක් කියමින් දකුණට තවත් එකක් කියන බව පෙනී යන්නේ අද කොළඹ පැවැති ඒකාබද්ධ කල්ලියේ මාධ්‍ය හමුවේ දී ඩලස් අලහප්පෙරුම විසින් බැසිල් රාජපක්ෂ උතුරේ දී කළ ‘අපරාධ‘ කතාව ප්‍රතික්ෂේප කිරීම නිසා ය.  බැසිල් කියන්නේ ද සරත් ෆොන්සේකා කී කතාවම ය. පුදුමය නම් සරත් ෆොන්සේකා මරාගෙන කන්නට හැදූ එකෙකු වත් බැසිල් රාජපක්ෂ මරාගෙන කන්නට නොයෑමයි.  

    කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ කපටි කමට හෝ ජාතිවාදීන්ගෙන් ඉවතට යම් සාධනීය පියවරක් තබා ඇති බව පිළිගත යුතුය.  

    බැසිල්ගේ හඬ පටයෙන් කොටසක් පහත දැක්වේ. බැසිල්ගේ උතුරේ සංචාරයේදී උඩුකය නිරුවතින් ඔහු නල්ලූර් කෝවිලට ගිය අවස්ථාවේ සේයාරුවක් මෙහි දැක්වෙන අතර ඔහු සුර පොකුරක් බෙල්ලේ එල්ලා ගෙන සිටින බව ඉන් හෙළි වේ 


    ලංකා ඊ නිව්ස් -2017.ඔක්.03,  ප.ව‍‍.11.30

    අයියෝ එ නිව්ස් පව් බන් උබ :(:(